මම ඔයාගේ ඩිවෝස් පේපර්ස් ටික මේල් කරන්නම්..!
ගුඩ් ලක්..!

 

ජීවිතය මොනතරම් කරුමයක්, මේ වගේ දෙයක් මේ ආත්ම භවයේම වන්නට.., කරන්නට උවමනාදැයි මම මගෙන් ම අසන්නට පටන්ගතිමි.., ඒ ඊමේල් පණිවුඩය නොබැලුවානම් කෙතරම් හොඳදැයි මට සිතේ.., මීට සුලු මොහොතකට කලින්  face book හී update කල relationship ස්ටේටසයට සුභ පැතුම් ඕසේට ගලා එන්නේ දැන් ය..,

 

මම සිගරට්‍ටුවක් පත්තු කරගත්තේ  ආයාසයෙනි.
“විවාහ” වූදා සිට සිගරට් වලට සමුදුන්නත් මේ අවස්ථාවේ හැටියට වෙනත් stress releasing tool එකක් හොයා ගැනීම උගහට විය.


අපි බඳිමු..,
මේ හදිස්සියේ?
ඔව්.., ඇයි? දැන් අපි දෙන්න එකතුවෙලා මාස 6කටත් වැඩීනේ..?
ඒත්........
ඇයි ඒත් මොකෝ?
මට..........ඔයාව....
ඉතින්
තාම තේරුම්ගන්න බැහැ..,කසූ.....

 

යෝජනාව මගේය.., ඒත් ප්‍රතීක්ෂේපය ඇයගේ ය.
කොහොමත් ගෙවුණු සය මස තුල ඇය මගේ තීරකයා විය.
මම ඒ පිළිපදින්නා වීමි..,මේ තීරණයේ හැරෙන්නට..,

 

මාව තේරුම් ගන්න බැහැ කියන්නේ මොන හේතුවක් නිසාද නිරූ..,
මන්දා.., මට..,මට.., හිතෙනවා ඔයා මා එක්කලා ඉන්නවා වගේම තව ගෑණියෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා කියලා...,


ඇය වචන දමා ගසන්නේ ආයාසයෙනි.., එහෙත් ඉලක්කයට ය..
මේ කැස කවන්නේ මගේ පලමු පෙම්වතියගේ මිණීවල ගොඩැලීමට ය.

 

ඔයා ඔය හදන්නේ සුරංගි ගැන අහන්න නම් නිරූ කරුණා කරලා නවත්ත ගන්න..!

ගිණි කන වැ‍ටුනු නෙතින් යුතුව මා දෙසට කාඩා පැන්නේ නිරූ ය..,


මේ ගෑණි  ගැන මම වචනයක් හරි කියනකොට තමුසෙට මරුවා ආවේස වෙන්නේ ඇයි කියලා මම දන්නවා කසුන්ක..,තමුසෙට උවමනා කරන්නේ මාව බඳින්න නම් ඉන්නවා මම හෙට එන්නම්.., අපි බඳිමු..,

ඔයා ඔය තරම් නපුරු වෙන්න එපා   මම ඔයාට කිව්වේ මගේ හිතේ තියෙන දේ.., ඒකයි.

හරි.., හෙට අපි බඳිමු.., මම හිටියේ මේ ප්‍රෂ්ණ ඔක්කොම  විසඳ ගත්තායින් පස්සේ මේ ගැන හිතන්න..,
කමක් නෑ.., ඕන දෙයක් වෙච්චාවේ.., අපි බඳිමු..!

 

කොහොමත් ඈ මගේ තීරකයා ය. මම කලේ අදහසක් දැමීම පමණි.., තීරණය ක්‍රියාත්මක කිරීම ඇය දැනටමත් පටන් ගෙන ඇත.


මට තමුසෙට බොරු කරන්න තිබුණා ඒත් මම ඇත්ත කිව්වේ.., රිද්දන්න උවමනාව තිබ්බා නම්  මම සද්ද නැතුව ඉන්නවා ඕන මගුලක් කරගන්න කියලා..,

 

කසාදය වූකලී ඉතම නිහඬවම කෙරුනු එකක් විය. කෙතරම් ද යත් අපේ සමීපතම යහලුවන්ට පවා මෙයට ඇරයුම් කෙරුණේ නැති. රෙජිස්ටාර් ලඟට ගිය අපට ඊළඟට ආ ගැහැට වූයේ සාක්ෂි කරුවන් ය.


කෝ සාක්කි කාරයෝ නැද්ද..?
---
මොකෝ ගෙදරි පැනල එන ගමන්ද?
නැහැ
හේනං..?
ලන්ච් අවර් එකේ ආවේ.., ඒ නිසා කවුරුවත් හොයාගන්න බැරු වුණා.
ඇහ්...?

 

හිස් වූ දැසින් අප දෙදෙනා දිහා බලා සිටි රෙජිස්ටාර් තැන යලිත් හිස හරවාගෙන පෝරමයේ හිස්තැන් පුරවන්නට විය.

 

ඕනෙනං සාක්කි කාරයෝ දෙන්න පුලුවන් හැබැයි එක්කෙනෙක් දාහයි.., මොකෝ කියන්නේ?

 

මට උවමනා වූයේ මේ මගුල ඉක්මනට අවසාන කරගන්න නිසා දෙදාහේ කොලයක් මේසේ මතට ඇද දැමීමි.

 

දෙන්නෙක්...?
ඔව්!

 

නිරූ ශබ්දයක් නැත. තව විනාඩි 10කින් අප දෙදෙනා පතී පතිනින් බවට පත් වන බව දැන දැන ම මේ ගැහැණිය නිනවු නැති සේ සිටියි..,

මුවේ ඇඳී ඇත්තේ සෝකයක්ද සිනහාවක්ද කියා හිතා ගැනීමට තරම් නිරවුල් මනසක් මා තුල නොවීය.

 

මොකෝ..?
නෑ මුකුත් නෑ.., මුකුත් තිබ්බත් දැන් කරන්නත් දෙයක් නෑනේ නේ..?
හ්ම්..

නිරූ ඔයාට ඕනෙ නම් යන්න.., මතකද මීට මාස 3කට කලින් ඒ දවස් වල  මම මේ කොම්පැණියේ  ට්‍රේනී ඉන්න දවස් වල ඔයා මට කිවා නිතරම බඳිමු කියලා..,
හරියට ම ඔයාගේ අප්පච්චී නැතිවෙලා මාසෙකට පස්සේ..,


කාටද ඔය පරණ  මගුල් මතක තියෙන්නේ..,
ඇරත්  ඒ දවස් වල උවමනාව තිබ්බට දැන් එහෙම එකක් නැහැනේ
හ්ම්..

 

ලිතේ හැටියට ඒ රාහු කාලය වුවත් අපේ අක්සාදයේ නැකත වූයේ ඊට විනාඩි 10 කට පසුව උදාවූ විනාඩියය..,

 

කොටින්කඩුව ආරච්චිලාගේ කසුන්ක නයනජිත් සම්පත් වන මම
කොටින්කඩුව ආරච්චිලාගේ කසුන්ක නයනජිත් සම්පත් වන මම

මෙහි සිටින
මෙහි සිටින

 

සුපුරුදු කියවීම අවසන කොලයේ අත්සන් කර තබා ලියාපදිංචි ගාස්තු ගෙවා අවසාන වූ පසුව.., රෙජිස්ටාර් තැන විසින් අපට තෑග්ග ලෙස ලබාදුන් බ්‍රවුන් පේපර කවරයේ එතූ පවුල් සැලසුම් පොතද ගෙන මම එලියට බැස්සෙමි.., නිරූද ඒ පස වූවාය..,


මොකද කරන්නේ?
හ්ම්...මොකද්ද?

දැන් මොකද කරන්නේ කියලා ඇහුවේ?
……..?


මම නෙත් යොමාගෙන සිටියේ නිරූ දිහාවට ය.., විවාහ ලියා පදිංචිය අවසන නිරූගේ මූණේ ‍රැඳී තිබූ ඉරියව්ව හස‍රැල්ලක් ද සෝ‍රැල්ලක් ද කියන්නට මම තවම මුහුකුරා ගොසි නැතිද යන්න මට තවමත් ප්‍රෙහේලිකාවකි.

 

මම යනවා ගෙදර.., මේ ගැන කාටවත් කියන්න ඕනේ නැහැ..,
මොනවා හරි කරලා ඉකමනට ගෙයක් ගන්න බලන්න..,
එතකල් මම අපේ ගෙදර ඉන්නං.

 

මම කිසිවක් කියන්නටත් ප්‍රථම.., කහ ඉරේ එහා පැත්තට පැන්න ඇය.., සිය දුරකතනය කන තබාගෙන පාරදිගේ යන්නට වූවා ය..


විවාහයට පසුව ගතවූ දින දෙකක කාලයක් පුරාවටම මා කාර්යාලයේ සිට නිරූ හට දුරකතන ඇමතුම් දෙන්නට තැනුවද ඈ ඒ කිසිවකට උත්තර දෙන්නට නොපැමිණීම ගැන මම පුදුම වූවේ නැත්තේ වෙනදාටත් ඈ මා හා උරණ වූ පසුව දුරකතනයට නොපැමිණීම සාමාන්‍ය වන නිසාය.

හදිසියේ නිරූගේ facebook පි‍ටුවේ දමා ඇති ස්ටේටසයක් වෙත් මගේ අවධානය යොමු විය..,

fbstory2
???
ඇය මේ ගැන තීරණයකට එළැඹියා වත්ද..?

 

අහ් එහෙනම් මමත් මැරීඩ් කියලා දැම්මා නම් හරි..!


මම ඒ බව සටහන් කර තත්පර දෙකක් යන්නටත් පෙර ගලන්නට පටන් ගත් සුභ පැතුම් ගොඩ තවමත් නැවතී නැති..,එක වරම මා හට ඊ මේල් පණිවුඩයක් ඇති බව පරිගණක තීරයෙන් පෙනෙන්න්ට විය.., එය නිරූගෙන් වුව.., ලිපිය මේ තරම් හිසරදයක් වන බව මම දැන සිටියේ නැත..,

 

කසූ,
මම රට යනවා.., මම ඔයව බඳින්න අකමැති වුනේ ඔයා ගොඩක් වෙලාවට මම අකමැතිදේම කරන නිසා..,ඉතින් හිතපු විදියට ම මාව ඔයා කසාද බැන්දා.., ඉතින් මීට කීප කාලෙකට කලින් අපේ තාත්තා නැතිවුනා ඔයාට මතක ඇති.., ඒ වෙලාවෙදී තාත්තාගේ අවසාන කැමැත්තේ හැටියට.., තාත්තාගේ මරණෙන් පස්සේ පවුලේ එකම දරුවා හැටියට දේපල ඔක්කොම මට ම තමා අයිති වෙන්නේ .., ඒ එක කොන්දේසියක් උඩ.., ඒ මම කාව හරි ගැලපෙන කෙනෙක් ව කසාද බැන්දොත් විතරක් කියන එක.., මම ඔයාව බැන්දාම අර කිව්ව විදියට ම මට ඒ ඔක්කොම ලැබුණා..,
ඒත් කසූ මම ඔයා එක්ක ඉන්න ඉස්සර ඉඳන් ම කැමැත්තකින් නෙවී හිටියේ.., මගේ පවුලේ හැටියට මගේ තත්ත්වෙට ගැලපෙන් කෙනෙක් මම බැන්දොත් මට එයා කියන විදියට ඉන්න වෙන නිසා.., තමා මම ඔයාව ‍තෝරගත්තේ.., මට මගේ වැඩ ටික කරගන්න හරිම පහසුවක් උනා.., ඒ වගේම ඔයා මම මොනවා කරත් වන්දියක් ඉල්ලන්න තරම් පහත් තත්ත්වෙට වැටෙන්නේ නැති බව මම හොඳට ම දන්නවා.., ඕ ලෙටර් එක එවන්නේ මම ට්‍රාන්සිට් පෝර්ට් එකක ඉඳන්.., මාව හොයන්න හදන්න එපා.., මම ඔයාගේ ඩිවෝස් පේපර්ස් ටික මේල් කරන්නම්..!
ගුඩ් ලක්..!

 

මම නිහඬව බලා සිටියෙමි.., facebook එක සුභ පැතුම් වලින් wallඑක එක දිගට පිරෙනවා පෙනෙන්නට විය....

මේසය මත තිබූ ස්කොච් බෝතලය ඉවරවෙන තුරු බිව්වත් සිතේ ඇති වූ ශෝකය දියකර ආමාශයට රහමෙර හා යවනවා විණා වෙන සිත් සනහාලීමේ ක්‍රියාවලියක් ලේඛකයා අත්හදා බලා නොතිබුණේය. සමාජය විසින් සාහිත චූඩාමණී ගෞරව උපාධියත්, සමස්ත ලංකා අමද්‍යප සංගමයේ "ගරු" උපදේශක තනතුරත් ලැබූදා පටන් සිය ප්‍රියත්ම විනෝදාංශය වූ ස්කොච් ජීවිතයෙන් ඈත්කර තිබුණේය..!

"අන්තිම පාරට මට කියපන් සුදේව උඹ මේ බොන්නේ හිතේ දුක නැතිකරගන්න නම් උඹට අන්තිමට වෙන්නේ මාව නැති වෙන එක විතරයි"

සිය හදවත මේ ආකාරයෙන් කොතෙක් ජීවයේ වටිනාකම, සම්මා සතියේ වන වටිනාකම ගැන මස්තිශ්කයට ඇඟිල්ලෙන් ඇන කීවත්.., රෙඩ් ලේබල් වීදුරුවට වැටි අයිස් කැටයක් මෙන් ඒවා මත්වූ සිතුවිලි අතරට මුහුවී තනුක විය.

බඩු ඉවරයි..,හික්

රාම තෙල් පිට කිරීමක් සමඟම පිටවූ ඉක්කාවක් හා පැමිණි වදන් දෙක එළියට පැන්නේ කෙළපිඩක්ද සමගිනි. පිටි අතින් ස්වකීය මුවෙන් පෙරෙන ඛේට වැල් පිහදාගත් සුදේව පුටුවෙන් නැගිටින්නට තනත් ම.., සිය අතට හසුවූ ලියා ගුලිකර විසිකරදමන්නට තැබූ කොළය මතට සිය සිත යොමුවිය.


සුලක්ඛණා,
මේ මම ලියන අන්තිම ලියුම. මහ මිනිස්සු මොනවා කීවත් මම ඔයාව මගේ වත්තල ගෙදරට අරගෙන ආපු හේතුව ඔයා හොඳටම මතක ඇති කියලා හිතනවා. ඒ උනත් ඔයාගේ අම්මලා අප්පොච්චිලා ඉස්සරහ ඔයා හැසිරුනේ ඒ වැරැද්ද මගේ අතින් ඔයාට උනා වගෙයි. ඒක මට ඉවසන්න පුලුවන් සූ.
ඒත් මෙට අවුරුදු දෙකකට කලින් මගේ යාලුවගේ පිහිටෙන් ඔයාගේ ගෙදර එන කාලේ ඔයා රඝුට වත් කියන්නේ නැතිව මට කෝල් කරල විස්තරේ කීවම, මම ඔයා කලින් යාලු වෙලා හිටි අර අහිංසක මනුස්සයා රඝුට වත් කියන්නේ නැතිව මම ඔයාව එහෙට අරන් ආවේ ඔයාවගේ සහෝදරියක මට පොඩි කාලේ හිටි නිසා වෙන්න ඇති. ඒත් උඹ මට මෙහෙම කරපු එක හරිද..? මම අද පිස්සෙක් වෙලා ඉවරයි. මට උඹත් නැහැ. අම්මලා අප්පච්චිලත් නැහැ.  සමහර විට මේ මගේ අන්තිම ලියුම වෙන්නත් පුලුවන්..! දුක්වෙන්න එපා මම උඹට වෛර කරන්නේ නැහැ.
ඔයාට දෙවි පිහිටියි
මෙයට
ආයිත් නොඑන
සුදේව.

මේක යවපන් ගුලි කරලා විසි කරන්නේ නැතුව.., එතකොට උඹේ හිතේ තියෙන බර බින්දුවක් හරි නැතිවෙලා යාවි. බීලම ජීවිතේ විනාස කරගන්න එපා දේව..,

සිය හිත කොතරම් කීවත් තව බෝතලයක් ගබඩාවෙන් ගන්නටම යටි හිත දෑත් දිගුකර ඉල්ලත්දීත් එයට අවැසි දේ මෙතෙක් කිසිම අවස්ථාවක ලබා නොදී නොතිබුණි. එහෙත් නැවත මේසයදෙසට හැරුණු ලේඛකයා වැනෙමින් මේසය දෙසට පැමිණ කැරෙකෙන පුටුවේ හිඳගති. වෙවුලන අතින් ගුලිකර තිබූ කොලය අතට ගෙන එහි රැළි ඉවත් කරන්නට කොළය තලයට තදකර ඇඟිළි වලින් පිරිමැදි ඔහු මේසය අසළ තිබූ රාක්කයෙන් ලියුම් කවරයක් ගන්නට සිතද්දී මස්තිශ්කය යලිත් හිතට තට්ටු කරන්නට විය..,


►මේ අහපන්

►මොකද්ද?

►මම කියන දේ..

►හා..!

►හා කියන්නේ මොකද්ද?

►උඹ කියන දේ අහන් ඉන්නව බව ඔප්පු වෙන්න මම දුන්න පිළිතුර

►හ්ම්..කියපන්..!

►මේකයි

►මොකද්ද..?

►ඔය ගෑණි උඹ යවන්න හදන ලියුම දැකලා කලබල වෙයි කියලා හිතන්වද?

►කියන්න බැහැ යවලම බලන්න ඕනේ..

►මම කියන්නේ මේකයි ඒ ගෑණිට උඹෙන් වැඩක් නැත්තම් ඇයි උඹ ඒකි පස්සේ යන්නේ

►ඒකනම් ඇත්ත තමා

►ඒකනේ..!

►ඒත් දුක එහෙම්මමයි බං..!

►ඒකට බීල හරියනවයැයි

►මම දන්නේ එච්චරයි

►එහෙම නොවේ උඹ ඒකිව අමතක වෙන්න හොඳට ලියපන්..!

►එතකොට ලියුම..?

►ඔය ආයි ලියුමක් ගැන කතා කරනවා!! ලියපන්!

►හ්ම්

►හුම් කියන්නේ?

►හා

►එච්චරයි

 

ඔව් එක අතකට මම මොකටද මගේ ජීවිතේ කෙළ කරගෙන විනාස වෙන්නේ.., ඒත් මේ ලියුම දාන්න ඕනේ ඒකි බය කරන්නත් එක්කලා..!
ලේඛකයාගේ මුවේ නැඟුනේ මඳහසකි. කොලය තලය උඩ තබා ලියුම් කවරයක් ගන්නා පුටුවේ සිට ම රාක්කය වෙන නැවිණි.

එකවර ම, රාක්කය වෙත නැවුණ ආකාරයට පුටුවේ තිබූ තුලිත භාවය නැතිවී ගොස් ලිස්සාගිය පුටුවේ හිසැතපුම සිරුරේ වැදීම නිසා ඉදිරියට විසිවූ ලේඛකයා රාක්කයේ කොණ් වලට අල්ලා තිබූ පිත්තල උලට හිස ඇමිණෙනු දැනුණි.., නළලේ සිට ගලා ගිය උණු දියරය මුහුණපුරා ගලායත්දී ලේඛකයා බොඳවූ ඇස් අතරින් අවසාන වරට දුටුවේ මීට මොහොතකට පෙර තමා අතින් මේස තලයට තදකර රැළි ඇරි ලියුමේ සමුගැනීමේ සටහනයි....

 

මෙයට
ආයිත් නොඑන
සුදේව.

හෙප්පුව ලොකු අක්කා මගේ අතට ගෙනැල්ල දෙනකොට මද්දු හිටියේ මගේ ඔලුවේ මල් ඉත්ත කොණ්ඩ කටුවකින් කෙස්සට හා කරමින්..!

ආං ඇවිල්ලා..!
ඉන්ටකෝ පොඩිත්තක් මම මේ මල් ඉත්ත ගහනකං..!
හා මෙයාටනේ පොඩ්ඩිව හැඩකරන්න ඕනේ වෙලා තියෙන්නේ.., මේ ආවේ බලන්ට.., මගුළට තව කල් තියෙනවා..!


ලොක්කිට මද්දු සැර වුණාට.., හිත ඇතුලෙන් මොකද්දෝ සංතෝසයක් ඒ දෙන්නා හංගගෙන ඉන්න බව ඒ වෙන කොට මගේ හිතට දැනිලා ඉවරයි..!

”දොස්තර මහත්තයා.., උපාධිය අරන් ඉවර වෙනකොටම පත්වීම කොළඹට ම ලැබුණ කියන්නේ ඇත්තද?”

අප්පච්චී මේ අහන්නේ මනමාලයාගෙන් ද.., එහෙමත් නැතිනම් වෙන කාගෙන් හරිද කියලා මට හිතාගන්න බැරි වුනේ ඒ පැත්තෙන් වාහන දෙකක් ම  ඇවිල්ල තිබුණ නිසා..!

ඔව් මට වැඩකරන්න වුනේ අපේ නාරද ලොකු අයියා යටතේම නිසා ඒක මට වාසියකට ගියා..!
එතකොට පුතාගේ නම කොහොමද?
මගේ නම……………


අප්පච්චී ප්‍රෂ්ණේ අහලා ඉවර උණාම අනික් පැත්තෙන් ලැබුණ උත්තරෙයි ඒ උත්තරේ දීපු හඬයි නිසා මාව  නිසා මාව සීතල වෙලා ගියා. ඒ නම අයිති මනුස්සයෙක් ගෙන් මීට අවුරුදු 6කට කලියෙන් මට ලැබිච්චි ඒ ආදරේ මට නවත්තන්න සිද්ධ වුනේ ඒ ලෙවල් සිංහල පොතක් අස්සේ තිබිලා අපේ අම්මට එයාගෙන් මට ලැබිච්චී ලියුමක් දැකලා..!

මේක අපේ පවුලටම අවනම්බුවක්.., පොඩ්ඩී උඹ හදන්නේ අපිව නැති කරන්නද..? අපි ඒ කාලේ කොල්ලෙක් දිහා බලනවා නෙවී කතා කරන්න වත් හිතන්නේ නැහැ..!

එයාගේ ලියුම අතේ ගුලිකරගෙන අපේ අම්මා ලොක්කී මද්දූ අප්පච්චී ඉස්සරහා තියාන මට දේසනාව පටන් ගත්තේ එහෙම..!

ඔහොම හිටියනං අම්මා අප්පච්චී එක්ක යාලු උනේ හීනෙන්ද කියලා අහන්න මගේ කට කොකියනවා උන්ත් මම ඒක හිතේම තද කරගත්තේ ඒක කිව්වා නම් මට කනේ පාරවල් හත අටක් කන්න හොඳටම ඉඩ තුබුණ නිසා..!

ඒත් අප්පච්චී වෙනදා වගේම හාංසි පුටුවට වෙලා පොත දිහාම බලාගෙන නිස්සද්දව හිටපු එක මගේ හිතට හරිම ඉස්පාසුවක් වෙලා තිබ්බේ..!

ලියුම අම්මගේ අතට අහු වුනේ නැතත් මට ඒ සම්බන්දේ ඉස්සරහට පවත්තන්න ක්‍රමයක් තිබුණේ නැහැ..! අම්මා ඒ අතේ ගුලිකරගෙන බැන්නේ එයා මට දුන්නු අන්තිම ලියුම ඒක නිසා..! කේසිරි සර්ගේ පංතියේ අන්තිම දවසේ මගේ අතට ඒ ලියුම දීලා මට කියාපු දේවල් මට අදවගේ මතකයි..!

දිස්නා.., මේ මගේ අන්තිම ලියුම.., මා ඉස්සරහ කියවන්න හදන්න එපා.., මට ඒක දරගන්න බැරිවේවි..! ඒත් කවදා හරි මම මේ ලියුම අන්තිම ලියුම කියලා දුන්නේ ඇයි කියලා ඔයාම මේක කියෙව්වාම තේරේවි..!

මොන හේතුවක් ද මන්දා.., මට ඒක කියවන්න හිත දුන්නේම නෑ..! අම්මට අහු උනේ මම ලියුමේ කවරේ වත් කඩලා නැතුව තියෙනකොට. වෙන කෙල්ලෙක්ගේ ඇස් වලින් කඳුලු විදින හේතුවක් උනත් මගෙන් එක ඉකියක් වත් එක ඇඬුමක් වත් එලියට ආපු නැති එක මට හරිම පුදුමයක් උනා..! මට අඬන්න උවමනාව තිබ්බට හිත වේලිලා නිසා ද මන්දා මගේ ඇස් වලට කඳුලු ඉනුවේ නැති තරම්..!

හැමෝම විභාගෙන් පස්සේ ට්‍රිප් ගියාට මට යන්න ඇත්තටම උවමනාවක් තිබුන්නැහැ..! කොන්වන්ට් එකේ අපේ සෙට් එක මට ලියුම් පිට ලියුම් එව්වත් ඒ එකක් වත් මම කියෙව්වේ වත් නැත්තේ මට ඒකටවත් පිරියක් නොතිබ්බ නිසා..! ඇත්තටම මම අතීතේට වෛරකලා කීවොත් හරි..,
ඉස්සර නිතර නිතර මැසිම වගේ කතා කරපු මගේ වෙනස තේරිලාදෝ මන්දා අම්ම මට මගුල් හොයන්න පටන් ගත්තේ රිසාල්ට්ස් එන්නත් කාලෙකට කලින් ඉඳලමයි..!

මේ කෙල්ල මෙහෙම ගියොත් ගොලුවෙනවා..! කොල්ලෙක් ව වත් කතාකරල තිබ්බම ඕක ඇරිලා යයි...!

නාලිකා කෙල්ලට තාම වයස 20ක් වත් නැති එකේ දැම්ම මගුල් හොයන එක හරි නෑ නේද?

අනේ මේ ඔයා දන්න ඉටිගෙඩිය.., මම ඔයා එක්ක යාලුවෙනකොටත් මට වයස 19යි..! ඒකාලේ ඔයාට හරි කාරකමක් තිබ්බනම් මේ මහගෙදර බින්න බහීවියැයි..! මට ඕනේ මගේ කෙල්ලට මට වෙච්චි වැරැද්ද නොවෙන මිනිහෙක් ව හොයලා දෙන්න..!

කියන්න මොනතරම් දේවල් තිබ්බත් මග ගෙදරට බණ්ඩාර මැණිකේ වෙච්චී අපේ අම්ම සද්දයක් දැම්මම කටවගෙන යන පුරුද්ද අපේ අප්පච්චීට කාලෙක ඉඳලාම තිබිච්චි එකක්..! අපිට ඕව ඇහිලා ඇහිලාම ඒ තරම් වෙනසක් නොදැනුනත්.., මට පළවෙන පාරට අප්පච්චි මේ අම්මගෙන් බැණුම් අහන්නේ මං නිසා නේද කියලා දුකක් හිතට කාන්දු උනා..! එදා ඉඳලා මම ගෙදරින් කියන එකකට කැමති වෙනවා මම මගේ හිතටම  පොරොන්දු වුනදා ඉඳලා අවුරුදු 7 තිස්සේ මට මගුල් හොයනවා තාමත්…!
ආදරය කියන එක මට මේ වෙනකොට තිත්ත වෙලා තිබුණත් මට ඕනේ කලේ මම කැමති විදියට කාලා ඇඳලා ඉන්න පුලුවන් මිනිහෙක්ව හොයාගන්න එකයි..! ඒත් මිනිස්සු තෝරද්දී මම අම්මලාගේ කැමැත්තට ඉඩදීලා නිකං හිටියේ කවදා හරි මට හොයලා දෙන මිනිහගේ මොකක් හරි වැරැද්දක් තිබුණොත් මට බය නැතුව ඒ වගකීම අම්මලාහේ පැත්තට විතැන් කරන්න ඉඩ ලැබෙන හංදයි..!

කෝ පොඩ්ඩි ලැහැත්ති නැද්ද දැං මනමාල මහත්තයා ඇවිල්ලත් විනාඩි පහලොහක් විතර වෙන්න ආවා..!

අම්මා දොර රෙද්ද මෑත් කරගෙන මගේ පැත්තට ආවේ එහෙම කියාගෙන..!

වෙනදා නිකම්ම නිකම් මනමාලය කියලා එන මිනිහව හඳුනවන අපේ අම්මා අද මනමාලය අගට ගෞරවාර්ථයක් එක්කහු කලේ ඇයි කියලා මට නොහිතුනාමත් නෙවෙයි..!

මම හෙප්පුව අරන් එළියට යනකොටත් අප්පච්චී ආ අයත් එක්ක බරටම කදේ දාගෙන..! අමුත්තෝ ටික හිටියේ මං එන පැත්තට පිටුපාලා නිසා මට මනාලයාගේ මූණ ළඟට එනකල්ම බලාගන්න බැරි වුණා..!

මේ ඉන්නේ අපේ ගෙදර චූටි දුව දිස්නා.., අපි නම් කියන්නේ මෙයාට පොඩ්ඩී කියලා..!

අප්පච්චී මාව ආපු කට්ටියට අඳුන්වලා දුන්නේ එහෙම..!
එහෙම කියද්දිත් මාව බලන්න ආපු අපේ අම්ම කියන විදියට මනමාල මහත්තයා ගැස්සිලා මා දිහා ඔලු උස්සලා බලනවා මගේ ඇස් කොණට පෙණුනත් මම ගණන් ගත්තේ නැහැ. බිම බලාගෙනම මම හෙප්පුව අතට දෙනකොටම හෙප්පුව මගේ අතින් ගනිද්දී මගේ මාපොට ඇඟිල්ල හෙප්පුවට තියලා තදකලේ මාව කෙනිත්තෙන්නද කියලා හිතෙනකොටම, මට ආපු මතකයක් නිසා ඔලුව උස්සලා බැලුවත් මට මගේ ඇස්දෙක අදහන්න බැරි වුනේ මට හිතාගන්නත් බැරි විදියට..!

දෙයියනේ ඔයා..?
මට තප්පරයක්වත් හිතන්න ඉඩක් දෙන්නේ නැතුව හෙප්පු පැත්තකින් තිබ්බ එයා මට ආචාර කලා..!

ආයුබෝවන් දිස්නා...!!

ආයුබෝවන් කසංජිත්..!!

මනමාලයාව දැක්ක ගමන් මගේ මූණේ ඇඳුණු හිනාවේ තේරුම මොකද්ද කියලා දැනගෙන දෝ අම්මගෙයි අප්පච්චිගෙයි මූණ පිරිලා තිබුණේ අමුතුම සංතෝසෙකින්..!

Untitled-1 සුදූ මේ බලන්න...
ඇය අසලම රැඳෙමින් දිනපතා පත්තරය කියවමින් සිටි මගේ අවධානය කොයි මොහොතේ හෝ ලබා ගන්නා නියාවෙන් ඈ මේ මට කතා කරන්නේ තුන්වෙනි වරට ය.
"මේ බලන්න මේ බිත්තියේ යන කූඹියා තව එක අණ්ඩක් කැඩිච්ච කූඹියෙක් ව ඉස්සරහා ගාත් දෙකෙන් අරන් යනවා. අරන් යනවාමත් නෙවෙයි යන්නට වාරුව දෙනවා මේ...."
හිතට දැනුනේ මඳහසක් වුව පත්තරයෙන් මුව වසාගෙන සිටි නිසාදෝ ශානි හට මගේ මුවෙහි වූ සිනහව නොපෙනුනේ යැයි මම අදටත් සිතමි. කොළඹ එක්සත් ජාතීන්හේ කාර්යාලය ඉදිරිපිට මේ දිනවල කෙරෙමින් පවතින විසූකදස්සනය ගැන වූ ලංකාදීපයේ උපුල් ලියන ගුරුදාවිග්‍රහය කියවන්නට සිතේ තදබල උවමනාව තිබුනත් ක්ෂ්ණයකින් හිත තුලින් පැන නැඟ ආ මේ උවමනාවට මුල් තැනදෙන්නට මම සිතුවෙමි.
කෝ බලන්න..
මම එය බලන්නට සැරසෙන විටත් කූඹි ජෝඩුව ගුල ඇතුලට යන්නට තවත් ඉතිරිව තිබුනේ අඟල් තුනක පමණ දුරක් නිසා හරි හැටි බලාගන්නට හැකියාව නොතිබුණත් එක කූඹියෙකු තම ඉදිරිපස අඬු දෙකෙන් වත්තම් කරගෙන යන කූඹියාගේ ඉදිරි පාද[ ඒවාට අත් කියන්නද පාද කියන්නදැයි මම අදටත් නොදනිමි] දෙක අතර මඟින් කැපී හෝ අහිමිව ගොස් තිබෙන හැටි පෙනෙන්නට විය.
අහිංසක සත්තු.., කාගේ කියලා පිළිසරණක් ද, මනුස්සයින්ට වගේ නෑ පරපුරක් තියනව කියලැයි සලකන්න කරන්න..!
මම ශානි ට ඇහෙන්නට කීමි.
ශානි මට මොනවාදෝ කියන්නට උත්සහ දැරුවත් මම පත්තරයට මූණ ඔබාගත් නිසාදෝ ඇය කතාව නවත්තා ගත්තා විය හැකිය. 
ඔයා අද වැඩට යනවද..?
හ්ම්
එහෙනං මම අද නිශාලගේ ගෙදරට ගිහින් එන්නද..?
හ්ම්

මගේ හූමිටි තැබීම ම ඇය පිළිතුර බවට හරවාගෙන කනප්පුව මත වූ පානය කර අවසන් වූ තේ කෝප්පයේ රැඳි මණ්ඩි ටික මිදුලට විසිකරමින් යන්නට හැරුණාය.
අද මට වැඩට යන්න වෙන්න වෙයි වගේ..!
මම උස් හඬින් ශානිට ඇහෙන්න කිව්වේ ඇයගේ කුමක් හෝ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි..!
ඇයි ඔයා දැන් කීවේ ගෙදර ඉන්නවා කියල නේ..?
මම කිව්වේ හ්ම් කියලා විතරයි.., යනවද ඉන්නවද කියලා මම කිව්වේ නැහැනේ..?
කරන්නදෙයක් නැහැ මට නිශාලගේ ගෙදර යන්නම වෙනවා..!
එතකොට ගෙදර ඉන්නේ කවුද..?

මම ඇසීමි..!
අනේ ප්‍රියත් මම කියන දේ තේරුම් ගන්නකෝ..!ලබන සතියේ නිශාගේ නංගීගේ වෙඩින් එක මම එයාට ප්‍රොමිස් වුනා අද එනවාමයි කියලා ඒකයි..!

කෙල්ලෙකුගේ තරහාව මුහුණපුරා යන්නට වූ කල ඒ රත් පැහැති ගතිය කැපී ඉදිරියට එන්නේ මහත් පුදුමාකාර විදියට බව මට හිතුනේ වරක් දෙවරක් නොවේ..! විශේෂයෙන් ශානි වැනි කෙල්ලකගේ ඒ ගතිය හොඳින්ම පෙනේ..!
හරී හරී දැන් කූල්ඩවුන් වෙන්න මම කිව්වේ නැහැනේ ඔයාට යන්න එපා කියලා
මම ශානිගේ තරහ අඩුකිරීමේ අදහසින් කීමි..!
ඔයා ඔයවගේ මෝඩකතා කියනකොට මට කොහොමත් තරහ යනවා ප්‍රියත් අනික ඔයා හොඳටම දන්නවා ඒක..!
කෙල්ලන්ගේ අකමැතිම ගතිය තමයි මේක උන් හිතන්නේ උන් කියන හැමදේට ම පිරිමි අපි එකඟ විය යුතුයි කියා ය..! මම මට ම කියාගතිමි..!

එහෙනම් මෙහෙම කරමු.. මම වැඩට යනවා ඔයා ශානිලගේ ගෙදර යන්න මම හවසට ඔයාව පික් කරගන්නම්..! එපා මම කලින් එනවා..! යතුර සුමී ඇන්ටිලගේ ගෙදරින් තියන්න එහෙනම්..!
හ්ම්
මීට විනාඩි කිහිපයකට කලින් ඈ ඒ තනි අකුරේ පිළිතුරෙන් සෑහීමට පත් වුනලෙසම මටද ඒ ලෙසම සෑහීමට පත්වන්න ට සිදුවිය.
මොන තරම් හිත් කහට තිබුණත් ඔෆීසියේ සිට ගෙදරට දහවලට දිරකතන ඇමතුමක් දෙන පුරුද්ද ශානි හා දබරයක් වී දවසකට වත් අත හැරගත නොහැක්කේ ඈ ආදරය මා වෙත ලැබේදැයි නොදන්නවා උනත් එක්තර කලෙක මම ඇයට හදවතින්ම ආදරය කල බව හා දැනටත් මම ඇයට ඒ ආලය හිතේ කුමන කොණක හෝ තිබෙන බැව් දැනෙන්නට වූ බැවිණි...!
හලෝ...?
එහා කෙළවරින් තරමක ගෝසාවක් සමඟ බවලත් හඬක් ඇසෙන්නට වූ බැවින් මම ඒ ශානිගේ අම්මා බව අඳුණා ගතිමි.
අම්මේ කෝ ශානි..?
අනේ පුතේ ශා...ශානි ට..,
ඉතිං මොකෝ...,ශානිට මොකද..?
මගේ යකා අවුස්සන්නේ නැතුව කියනවද..?

එහා කොණෙන් වූ ඉකිය නිසා කොතනක හෝ වැරදීමක් සිදුවීමක් ඇතිවී ඇති බව ඉවෙන් මෙන් ඔලුවට එන්න විය..! අන්තයේ වූ රිසිවරය තවත් අතකට මාරු වූ බවත් මතකය..,
පුතා මේ රත්න මාමා..,
දුවට පොඩ්ඩක් අසනීපයි වගේ.., නිශාලා ආසිරි සර්ජිකල් එකට අරන් ගිහින්..! අපිත් දැන් යන්න හදන්නේ ඔයා එතනට එන්න...!

රිසිවරය තැබිණි. මම රෝහල වෙත එනවිට ඇමතුමින් පෑ බාගෙකට වඩා ගෙවී තිබිණි. ඒත් ඒ අතර වූ දේ මට අදටත් හිස්තැනකි.

අම්මා, අයියා, අප්පච්චී, රත්න මාමා ආදී අය වාට්ටුවෙන් පිටතට වූ සිටිති..! මා දුටු විට ම හැමටම පෙර රත්න මාමා මා වෙතට පැමිණ මාව පැත්තකට පැමිණ යන්නට විය..,
මේකයි පුතා..,
මේක අහලා කලබල වෙනවා එහෙම නෙවී තේරුණාද..?
නියම පිරිමියෙක් වගේ මූණ දීපන් හරිය..?
ශානිව නිශාලගේ ගේ ගාවදී ඇක්සිඩන්ට් වෙලා.., පොඩ්ඩක් අමාරුයි..! එයාලා එහෙමම මෙහෙට අරන් ඇවිල්ලා..! කෙල්ල දැන් සර්ජරි එකේ..! හොඳ වෙලාවට මෙහේ නිශාලගේ මාමා ඉන්නේ..!
මේකට මූණ දීපන් හරිය..?
මම නිහඬවම ඔලුව වැනීමි. කරන්නට කිසීම දෙයක් ඉතුරු වී නැති. ඇත්තේ කුමකින් කුමක් වේදෝහෝයි බලා ඉඳීම පමණෙකි..
මිස්ටර් ප්‍රියත් ජයවර්ධන..?
ඔව් මම තමා..!!
කොහොමද ඩොක්ටර් ලෙඩාට..?
දැං තමා සර්ජරි එක ඉවර වුනේ..! පේශ්න්ට් ගේ කකුල ගොඩගන්න බැරි තරමට ඩැමේජ් වෙලා..!! පොඩි නැහැනේ ඇක්සිඩන්ට් එක..! ඉතින් අපිට දනහිසෙන් පහල කොටස අයින් කරන්න සිද්ධ වුනා..! නැතිනම් පේෂ්න්ට් ව අපිට බේරගන්න අමාරු වෙනවා..!
අයෑම් සෝ සොරි මිස්ටර්

මම දෑත් හිස ගසාන බිම ඉඳගතිමි.., දුක වේදනාව අතරම කම්පන වලට මුහුණ දීමට මම මේතරම් දුර්වල ඇයිද යන ගැටලුව එක වරම හිතට ඇති විය..!!!

................................................................................................

ශානිත් මමත් අතරින් කාලය ගලා යනවේගය ඉතා අඩු වුව.., මම ඇයට දක්වන සැලකිල්ල දස දහස් ගුණයකින් වැඩි වී ඇති වග මට හැඟේ..!
අනතුරත් සමඟ සිය පාදය අහිමිවීම නිසාවෙන් ශානි ගේ හැසිරීම් වල විශාල වෙනසක් වී ඇති වග කෙනෙකුට එක වරම නොදැනුණත් ඈ සිතැතුල වන් වෙනස වඩාත්ම දැනෙන්නේ මට ය...! වෙනදාට කෑගසා ගේතුල එහේ මෙහේ දුවන යුවතිය අද රෝදපුටුවකට වී ඉස්තෝප්පුව එපිටින් පෙනෙන කුරුවිට කඳු පෙළ දිහා නෙත් යොමාගෙන නිහඬව සිටියි.., වෙනදාට හරසුන් බොළඳ පෙම් කතා කියවන්නී අත අද නිතොර රැඳෙන්නේ බණ පොතකි නොඑසේනම් මැහුමකි..! මේ පාලුව මට තවත් දරාගන්නට හැකියාවක් තවදුරටත් ඇතිදැයි මම නොදනිමි..! ඒ සම්බන්ධයෙන් මම මාව පරික්ෂාවට ලක් කරගන්නට කුමනාකාරයක වත් උවමනාවක් නැති..! මා ශානි වෙනුවෙන් සිටිය යුතුයැ..! වෛද්‍ය වාර්ථාවලට අනුව ශානිගේ මානසිකත්වය නැංවීම පිළිබඳ උපදේශනය ලබා ගැනීම අනිවාර්යය වී තිබුණි. එහෙත් මම එයට විරුද්ධ වීමි..! මගේ බිරිඳට අවශ්‍ය මානසික සහනය ලබාදෙන්නට හැක්කේ මට පමණක් වග මම මුලුසිටම ඇදහුවෙමි. ඇය කැමති තැන් වලට ඇය එක්කගෙන යාම හා ඇය හා නිතරම රැඳීසිටීම තනිකම බෙදාගැනීම මම කලේ කැමැත්තෙනි.

............................................................................................

අනතුරින් මේ වෙනවිට මාස තුනකටත් වඩා ගෙවී ඇති.., මම මගේ ප්‍රියතම දිනපතා පත්‍ර අතර ආසාම කරන ලිපිය වූ ගුරුදාවිග්‍රහය කියවමින් සිටියෙමි.
සුදූ මේ බලන්න………….,
මොකද්ද ශා...?

මම පත්තරය පසෙක තබා ඇයවෙතට ගියෙමි.
මේ කූඹියා තව එක අණ්ඩක් කැඩිච්ච කූඹියෙක් ව ඉස්සරහා ගාත් දෙකෙන් අරන් යනවා.
අහිංසක සත්තු මම කීමි..!!!
තවත් වරක් ඒ දෙස බලන විට ඒ දෙස බලන විට මේ එදා ශානි පෙන්වූ යුවලම බව මට සපථ විය.
මගේ මුවට නැගුනේ මදහසකි..!
ඇයි හිනාවෙන්නේ..?
ඒ ශානි ය.
හරියට අපි දෙන්නා වගේ නේද..? ඇය නිහඬව ඇසුවා ය.
ඒ දෙන්නටත් ඒ දෙන්න විතරයි.., අපි දෙන්නටත් අපි දෙන්න විතරයි...! ඒත් මට බයක් නැහැ ප්‍රියත්.. මම දන්නවා ඔයා මාළඟ හැමදාම වග..! මේ කකුල නැති එක මට එක විදිහක වාසනාවක්..! මම ඇවිදින කොට මට ඔයාව හරියට දැනුනේ නැහැ..! ඒත් දැන් ඔයා සම්පූර්ණයෙන් ම මගේ. මට ඒක දැනෙනවා..!

හිත මහා නිදහසකින් පිරීයනවා දැනෙන්නට විය. ආදරය කරන අයෙකුගේ මුවෙන් පිට වන්නට හැකි ඉතාම අවංකම අදහස් පෙළ වදන් වලින් මම අසමින් සිටිමි..! අත් විඳිමි..! මිනිස් ලොව තුල අපි කූඹි යුවලක් වුව අප දෙදෙනාගේ ආදරය හිත් අතර මහමෙරකි..!

යුවතියගේ විඩාබර දෑස ඒ වනවිටත් පියවෙමින් තිබිණ. එහා මෙහා නොගොස් ඒකාකාරීව එක එල්ලයක් මත ම රැඳී පැය කිහිපයක් ම උන් ඇය ගේ නළලත ට පවා ඒ වනවිට ඩාදිය උනා අවසන් ය. යාර කිහිපයක් දුරින් වූ ඊසලයක් මත තබා ඇති  රාමුව මතම ඇද ඇන ගසා තනාගත් සිය අවසන් කැන්වසය ට දෑස් යොමුකරගෙනම භාවනාවක යෙදුනු යෝගියෙකු වැනි සිත්තරෙකි. ඔහු ඉසිඹුවක් ලැබීමට නම් යුවතියව තව වරුවක් වත් වෙහෙස කරවා එක එල්ලයේ තැබිය යුතු විය.
සිය රෝගී තත්ත්වය පසෙක ලා ඔහු මේ අඳින්නේ  කිසිවෙක් නොදන්නවා වූත්, එළිලන්නට ඉතා ආසන්න වූත්, නගරයේ රූමත් ම ගැහැණිය හෙවත් සිය බිරිඳ ගේ උඩුකය රුවයි.

" දැනට මේ ඇති නේද ඇන්ජලෝ...?

“මම කැමති නෑ ඔයාව මේ තරම් මහන්සි කරවන්න. බලන්න අද ගෙදර තිබුණු අන්තිම රූබල් කිහිපය ඔයා වියදම් කරලා අරන් ආපු කැන්වසය...?”
“මම හිතුවා ඔයා බෙහෙත් ගන්න සල්ලි හොයනවා කියලා. ඒකයි මම කැටේ කඩලා ඔයාට සල්ලි දෙන්න හිතුවේ.”
“අවාසනාව...,  ඒකෙත් රූබල් කීපයකට වඩා තිබුනේ නැති හැටි. "

උපතින් ම සුදුමැලි යුවතියක වූ වෙරෝනිකාට දුකකට හිත සැලුන විට එය මුහුනෙන් පෙන්වන්නට වැඩිවේලා යන්නේ නැත.
අතීතය සිහි වී දෑසින් දොඹ කැට තරම් කඳුලු කඩා හැලෙන්නේ ඇයටද නොදැනීම ය.

.............................................................

උපතින් ම ධනයෙන් ආඪ්‍ය පවුල පසුබිමක හැදුනු ඇන්ජලෝ වයස විසිපහ වන විට රූබලය යනු කුමක්ද යන්න වත් දැන නොසිටියේ ය. නගරයේ කුවේර සම්මත පවුල් පසුබිමකින් පැවත එන මේ තරුණ සිටුවරයා ට එයට ගැලපෙන රූපශ්‍රීයක් ද තිබිණ. ඔහු හා යහන් ගත වීමට ධනවත් තරුණියෝ පෝලිම් ගැසී සිටියෝය. දශකයකට ඉහතදී නගරයේ පැවැත් වුණු සෑම රාත්‍රී භෝජන සංග්‍රහයකම, සාදයක ම, බාල් නැටුමක ම ප්‍රධාන අමුත්තා වූයේ මේ අපූරු තරුණයා ය.

"ඇන්ජලෝ නැති සාද අපි පවත්වලා මොකටද? ඔහුනේ අපේ රැයේ දිලෙන තරුව....!"

සිය කෙටි එලු රැවුල කසමින් නගරාධිපතිවරයා ඇන්ජලෝව අමුත්තන්ට අඳුන්වා දෙන්නේ එලෙසය.

ඇන්ජලෝ ව ප්‍රජාව අතර ජනප්‍රිය වීමට මෙයට අමතරව තවත් එක කරුණක් හේතුවී තිබිණ ඒ.., ඔහු තුල වූ චිත්‍ර ශිල්පයට වන අද්විතීය දක්ෂතාවයි. කුඩාකල පටන් මේ තරුණයා අතට හසුවන හැම කොල කැබැල්ලක ම කුමක් හෝ කටු සටහනක් කරන්න ට යෙදුනේය. මේ හේතුව නිසාවෙන් ම තමාට මසන හැම කබායක ම ඇතුළතින් සිය පින්සල් ආම්පන්න සඳහා වෙනම පොකට්ටුවක් මසන්නට සිය නිල ඇඳුම් මසන්නන්ට නියම විය. පසුව නගරයේ ඇන්ජලෝගේ පොකැට්ටුව ලෙස පරසිදු වූයේ මෙයයි. තරුණියෝ සිය පෙම්වතුන් හා සැමියන් ට කබා මසන සෑම අවස්ථාවක ම මේ ආකාරයේ පොකට්ටුවක් මසන්නට නියම කරන්නේ එය හදිසියට කුමක් හෝ බහා තබාගන්නට අවැසි බව සඳහා කියමින් වුවත්, ඇත්ත තත්ත්වය නම් යටි හිතේ පවතින තරුණයා පිළිබඳ වූ හැඟීම විය හැකිය.

සෑම වසන්ත සෘතුවක ම ආරම්භය නගරයට විශේෂ වෙයි. ඒ ලෝ පසිඳු ඉවාන්ගේ සර්කස් කණ්ඩායමේ ආගමනය නිසාවෙනි. දෙබිඩි සහෝදරයෝ, නිහඬ මායාකරුවා, අත් හතරේ කොටා මේ ආදී එවකට රටේ ප්‍රසිද්ධව සිටි පුදුමාකාර හා මායාකාරී යැයි සැලකූ චරිත ඉවාන් ගේ සර්කස් කණ්ඩායමට අයත් විය. භීෂණයට හා කලහාකාරී ක්‍රියා වලට නමගිය මේ පුද්ගලයන් තම කණ්ඩායමට එක්කරගෙන සිටින අහිගුණ්ඨික රජා ලෙස විරුදාවලී ලත් ඉවාන් ට මායාකාරී ශක්තියක් ඇති පුද්ගලයෙක් වග නගරයේ සාමාන්‍ය ජනයා පමණක් නොව නගරයේ පළමු පුරවැසියා ලෙස එවකට සැලකුණු නගරාධිපති කෙප්ලර් උත්තමයාද ඉහ මුදුනින් විශ්වාස කරන්නට විය.

"අසව්.., අසව්.., අසව්.., අගනුවර කෙප්ලර් නගරාධිපති උත්තමයාගේ ප්‍රධානත්වයෙන් වෑන් ඩී ඇන්ජලෝ සිටු උත්තමයාගේ ධන පරිත්‍යාගයෙන් පවත්වන්නට යෙදෙන වාර්ෂික සැනකෙළිය, මෙවරත් සේන් ගං ඉවුරේ පවත්වන්නට යෙදේ. මායාකාර ලොවේ සක්විති ඉවාන් හා සේනාව පුරා සතියක් දිවා රෑ සේන් ගං ඉවුරේ විස්කම් පානු ඇත. සියල්ලෝම මීට සහභාගි වෙනවා හොඳයි. මෙන්න ඒ නිවේදනය නැවතත්.......,"

නගරාධිපති ගේ රාජකාරි පණිවුඩකරුවා එසේ කියමින් තම පණිවුඩ රාජකාරිය අවසාන කල බැව් සංඛේතවත් කරමින් සිය ට්‍රම්පටය පිඹින්නට විය.

"ඉවාන්ගේ නාඩගං මඩුවට අලුත් කෙල්ලෙක් ඇවිල්ලලු. රාජකුමාරියක් වගේ ලස්සන කෙල්ලෙක් ලු. පොල්කා තිත් වැටුනු ගවුම් ඇඳගෙන අස්සයන්ට කොල්ලු කවන්න ගිහිං නාඩගං මඩුවේ ඉස්තාලේ පැත්තෙන් එනකොට අපේ කොර්නේලියාගේ සහෝදරයා දැකලා තියෙන්නේ.
ආං මිනිහා කෙලීව දැක්ක වෙලේ ඉඳං ආලෙං අන්ධ වෙලා ලු.
අද පාන්දර ඉඳන් ඒ යස්සයා කෙල්ලගේ නම මුමුණ මුමුණා ඉන්නවලු."

නාඩගම් මඩුවට මෙවර එකවී සිටින අලුත්ම චරිතය ගැන වෑන් ඩී ඇන්ජලෝ සිටු තැන තම සමීපම සේවකයාගෙන් ඇහුම්කන් දුන්නේ මන්දිරයේ දකුණු උයනේ සුපුරුදු ලෙස පාතරාසය ගන්නා මේසය අසල ට වී තේ පානයට සහාභාගි වූ අවස්ථාවේ ය.

මොකද්ද ඔය කෙල්ලගේ නම එතකොට...?
ක්ෂණිකව ඇති වූ නිහඬ බව බිඳිමින් ඒ පැනය මතු වූයේ තරුණ ඇන්ජලෝගේ මුවෙනි.

වෙරෝනිකා ලු.

හ්ම්....!
වෙරෝනිකා....?

..........................................................

වරහැලි වී ක්ෂය වී යන්න ට ආසන්න වී ඇති සිය පොල්කා තිත් වැටි ගවුමේ වාටියෙන් දෑසේ තෙත මාත්තු කරගත් වෙරෝනිකා බැලුවේ ඇන්ජෙලෝ කොහේ දැයි දැන ගැනීමට ය. ඒ වන විටත් හිරු අවරට ගොස් අඳුර ගලන්නට වූ බැවින් තවදුරටත් සිය නිර්මාණයේ වැඩ කරගත නොහැකිවූ ඇන්ජලෝ අසලා තිබූ අබලන් වූ ඊසලයක් අල්ලාගෙන නළල මැද්දෑවේ වූ දහදිය පිස දමන්නට විය.

දන්නවා ඔයාට මහන්සී කියලා ඇන්ජලෝ…! ඇයි උණු චොකලට් කෝප්පයක් වත් බීල ඉන්නේ නැත්තේ..?
කරන්න දෙයක් නෑ වෙරෝනිකා..,  මට මේක ඉවර කරල දෙන්නම වෙනවා.
ඔයා අනික හොඳටම දන්නවා මට මේ චිත්‍රය දෙන්න වුනේ නැත්තං කැපකරන්න වෙන්නේ මොකද්ද කියලා.

මට තේරෙනවා. මාව ඔයාගේ ජීවිතේට සම්බන්ධ කරගත්ත එන මොන තරම් වැරැද්දක් ද කියලා තාම තේරෙන්නෙ නැද්ද ඇන්ජලෝ...? ඇත්තටම අපි ඒ දවස් වල මොන තරම් සැහැල්ලුවෙන් හිටියද නේද වෙරෝනිකා.…..?

සිත්තරා අවසන් පද පෙළ පිට කලේ කිසිවක් සිතාබලා නොවුවත් වෙරෝනිකාට එය මරු පහරක් විය..,

කඳුලින් දිලෙන දෑසින් කවුලුව ළඟට වී පායාඑන තරු වලට සිය දුක බාර කරන්නට දෝ ඈ අසල වූ කවුලු ආවරණයට හිස තබාගෙන දෑස් පියන්නට වූවාය.

..........................................................

සිය ප්‍රථම ඉදිරිපත් කිරීම සේන් ගං ඉවුරේ කරන්නට වීම තරුණියට, එක අතකට පුදුමයක් විය. ඒ තම වරිගයේ වයස්ගතම තැනැත්තිය වූ මීශා අත්තම්මා ගේ කල එලි බැසීම ද සිදුවී ඇත්තේ සේන් ගං ඉවුර අසබඩ වූ මේ බිමේ දීම වීම ය. තව පෑ දෙකකින් තමාට ලැබෙන්නට නියමිත ඒ මහඟු වරය ගැන සිතත්ම තරුණියගේ හද ගැස්ම උත්සන්න උනේ ඇයටද නොදැනීමය.

" අද සැනකෙළිය විවෘත කරන්නේ කවුද කියලා දන්නවද..,
ඒ තමා වෑන් ඩි ඇන්ජලෝ සිටුතුමාගේ එකම පුත්‍රයා කණිෂ්ඨ ඇන්ජලෝ තරුණයා. එයාට කෙල්ලො තම ජීවිතය පුදන තරම් ලස්සනක් ලු තියෙන්නෙ. ඒත් මිනිහා නෙවී ලු ඒ ගැන ඇහැක් වත් ඇරල බලන්නෙ..,මට නං වෙලාවකට හිතෙනවා මිනිහා අරවැයින් එකෙක්ද කියලත්.., ”

සුපුරුදු ලෙස සැනකෙළියේ පලමු ඉදිරිපත් කිරීම කරන්නට නියමිත මෝසී කණ්නාඩිය ඉදිරියේ සිට තම කම්මුල් වලට රෝස පවුඩර් උලා ගන්නා ගමන් වෙරෝනිකා දෙසට ඇසක් ඉඟිමරා කියන්නට විය.

මොසීගේ ඉඟියේ යටි අදහස තේරුම් ගත් වෙරෝනිකාගේ හිතට නැගුනේ තරහවකි.

 

"මෝඩයා මිනිස්සුන්ට අපහස කරන්න එපා. අනිත් එක ඒ එකෙකුට අපි මේ කතා වෙන එක බැරිවෙලාවත් ඇහුනොත් අපි ඉඳලා ඉවරයි. "

පුලුටු කරගත් මුව සඟවා ගත් මොසී තනිව මුමුණමින් තනිවම වෙස් ගන්වා ගන්නායුරු දුටු වෙරෝනිකා තම ආම්පන්න ලැහැත්ති කරගන්නට යන්නට විය.

" නෝනාවරුනී මහත්වරුනී.., ඔබ සියලුදෙනාවම ඉවාන්ගේ රඟලොවට සාදරයෙන් පිළිගන්නවා. මම ඉවාන් පවුලුශ්කා. පුදුම කරවන මායා බල ඇතුලු සිත් සතුටු කරවන බලු කරණම් හා ප්‍රථම වතාව ට ලොව වඩාත් ම රූමත් ම යුවතියගේ විශේෂ ඉදිරිපත් කිරීම ඔබව පුදුමයට හා මන්දානන්දයට පත් කරවනවාට කිසිම සැකයක් නෑ.
ඉදින් ආරම්භ කරන්නට අවසරයි..., ”


"ඉවාන්ගේ රඟ සොභා....!!!!"

විකටයින් පිරිවරාගෙන සබයට පැමිණි මොසී තමා අත ඇති පන්දම් උඩදමමින් අගනා රංගනයක නිරත වන්නට විය. සෑම වසරකම මේ සැනෙකෙළි හල මේ ආකාරයෙන්ම පැවැත්වුවත් ,මංගල ඉදිරිපත් කිරීම කරන්නේ මොසී වුවත්, ජනයාට සිය ජීවිතයේ පළමුවතාවට ඉදිරිපත් කරන්න බලන නියාවෙන් මේ රැඟුම රසවිඳින්නට විය.

කෝ අර කෙල්ල...?
පටන් අටගෙන පෑ කාලක් විතර ගෙවුනා තාම නෑනේ...?

අන්ජලෝ සිය හිස හැරෙව්වේ අතවැසියකු වෙතය.
ඊළඟ ඉදිරිපත් කිරීම ඇත්තේ ඇයටයි උතුමාණෙනී...
අතවැසියා උත්තර දුන්නේ ය.

සියලු දෙනාගේ අත්පොලසන් හඬ මැද ඉවාන් නැවත සබයට පැමිණියේය.

“මායාකාරී ලොවේ රැජිණගේ මරණින් පසුව ඒ කිරුළට කෙනෙකු සොයමින් ලොවපුරා කරක් ගහන වේලාවේ. කිරිල්ලියක් හා කතා කරමින් නිදිගත් සිංහයෙකුගේ හිස උකුල මත තබාගෙන සුව සදන්නට තනන මේ තරුණියව මට මුණගැහුනේ සයිබීරියාවේ අත් අටේ ගෝත්‍ර පතියාගේ සාදයට සහභාගිවන්නට ගිය වෙලාවේ...,”

ඉවාන්ගේ කතාව අවස්ථාවට කෙතරම් නොගැලපෙන්නක් උවත් ප්‍රේක්ෂකයින් දෑස් අයාන සිටියේ මේ තරුණියගේ රූ සිරිය දකිනු රිසියෙනි.

ඕයි  තමුෂේගේ ඔය මල වැල්වටාරම නවත්තලා කෙල්ලව එලියට දානවා....!

පදමට වෙරි වූ රම් බෝතලයක් අතින් ගත් බීමත් වැසියෙකුගේ හඬින් සභාව ඇළලී ගියෙ එකවරම ය.

එසේනම් පිළිගන්න,

වෙරෝනිකා....!!!!!

ඉඳිකට්ටක් බිමට වැටිනි නම් ඒවෙලාවේ මහා හඬින් දෝංකාර දෙන්නට තරුණිය කළ එළි බසින වෙලාවේ දී හොඳටම ඉඩ තිබිණි. හාත්පස එතරම් නිශ්ශබ්දතාවයෙන් ඇළලී යන්නට විය. වේදිකාව මඟුල් දොරාටුව අස්සෙන් ගෙජ්ජි හඬක් ඇසී සියලු දෙනාගේ දෑස් ඒ දෙසට යොමුවිය. එළියට බැස සිටියෙ මිහිබට මේ තාක් කාලයකට දක්නට ලැබුණු ඉතාමත් අලංකෘත ම කාන්තා ප්‍රාණියාවයි. ඈ එතරම්ම ලස්සන විය. හදිසියේ තරුණියගේ ආගමනය වූ පසු මේ නිහඬ බව තවත් දරාගත නොහුණු ඇන්ජලෝ එකවරම නැගිට තරුණිය දෙසට හැරී අත්පොලසන් දෙන්නට විය. ජනයාගේ දැහැන එකවරම මේ අත්පොලසමින් බිඳීගිය හෙයින් ඔවුන්ද තරුණ සිටුවරයා අනුගමනය කරමින් අත්තල නද දෙන්නට විය.

--------------------------

මොනවද කල්පනා කරන්නේ වෙරෝනිකා ඔයාගේ පරණ දිනපොතකුත් අතේ තියාගෙන..?

මාපියන්ගේ අකමැත්ත පිට විවාහ වී සිය ජීවිතය සරි කරගන්නට  නිතර ම බර වැඩ වල යෙදුනත් තවමත් අත් තලයේ වූ සුමුදු බව ගිලිහී නොගොසින් තිබූ හෙයින්,වියැකී යමින් තිබෙන සුමුදු බවක් සහිත ඒ හස්ත ස්පර්ෂයයෙන් කල්පනා ලොවේ ගිලී සිටි වෙරෝනිකා තිගැස්සී ගියේ ය.

නෑ.. මම මේ කල්පනා කලේ අපි දෙන්නා හම්බවෙච්චි හැටි. ඒ පුදුමාකාර බව තාම මගේ හිතේ තියෙනවා ඇන්ජලෝ. ඔයාව ලබා ගන්න කෙල්ලෝ තමන්ගේ ඕන ජීවිතයක් පුදදෙන්න ඉන්නැද්දිත් මට තේරුම් ගන්න බැරි ඇයි ඔයා මාව තෝරගත්තේ කියලා...???

ඇන්ජලෝගේ මුවේ වූයේ මදහසකි..,

දැනගන්නම ඕනෙද..?
හ්ම්ම්...!

එන්න මා එක්ක...!

ඇන්ජලෝගේ පිටුපසින් වෙරෝනිකා ඇදුනේ කාන්දමක් විලසිනි. දෙදෙනා අවසන නතර වූයේ හරි මැදින් ඉරිතලාගිය කැඩපතක් අසල ය.
අසල වූ පුටුවේ වෙරෝනිකා ඉන්දවූ ඇන්ජලෝ උරහිසට තම සුරත ම තබා ඈ උවනත කැඩපත් දෙසට හැරවුවේ ය.

බලන්න පොඩ්ඩක් මේ දිහා. කැඩපත දෙසට අත දිගුකරමිනි.
ඔව් ඉතින් මේ මම නේ..? ඉතිං..?

මම වහවැටුනේ ඔන්න ඔය රූපෙට නිසා. දැං තේරුනාද? අනික එදා සංදර්ශනය ඉවරවෙලා තිබ්බ බාල් නැටුම මම කොහොමද අමතක කරන්නේ..?

---------------------

ඇන්ජලෝ සිටුතුමාගේ දක්ශිණ අංගනය සෙනඟින් පිරී තිබිනි. එහෙත් ආ සියල්ලගේම අවධානය යොමුවී තිබුනේ එක් යොවුන් යුවලක් වෙතය. ඒ සංගීතයේ තාලයට අනුව පාදතබන තරුණ ඇන්ජලෝ සිටුතැන හා ඉවාන්ගේ සර්කස් බලමුලුවේ දවසේ තරුව වූ වෙරෝනිකා වෙතය.  තරුණයින්ගේ ආශීර්වාදය ද තරුණියන්ගේ ඊර්ශ්‍යාව ද මේ දෙපළ හට නොඅඩුව ම ලැබිණි.

දෙන්නා නම් හරිහරියට කැපෙන ජෝඩුව නේද?
ඒකනම් එහෙම තමා ඒත් එක කවදාවත් වෙන්නේ නැති දෙයක් නිසා අපි එහෙම බලාපොරොත්තු තියාගෙන වැඩක් තියෙනවා යැයි..?

කෙප්ලර් නගරාධිපතිතුමා සිය බිරිඳට කනට කර පැවසුවත් ඈ තම සැමියාට පිළිතුරු දුන්නේ එසේ ය.

සියලුම දෙනාගේ මහත් අත්පොලසන් නාදය මැද බාල් නැටුම අවසන් වූයේ සභාවේ ආකර්ශ්නීය ම යුවල වූ ඇන්ජලෝ වෙරෝනිකා දෙදෙනා දෙසට  සබයේ

අවදානය හරවමිනි.

---------------------

අද හරිම අහඹු සිදුවීමක් නේද වුනේ..?
මොකද්ද?
ඇයි අපි දෙදෙනාම එකට නටන්න ට ඉඩලැබුනු එක..,

ඒත්..,
ඇයි ඒත්..?
මම ඔබෙන් බලා පොරොත්තු උනා මට නටන්නට ආරාධානය කරාවි කියලා..,

වෙරෝනිකා ඇන්ජලෝට පැවසුවේ බිම බලාගෙනය..,
මමත් බලාපොරොත්තු උනා ඔබ මා එක්ක මගේ ආරාධනය පිලිගෙන නැටුමට ඒවි කියලා.
එහෙනම් අපි දෙන්නාගේ ම බලපොරොත්තු ඉටු උනා නේ?

තරුණිය අත තිබූ වයින් වීදුරුව විල අසල තිබූ බැම්ම උඩ තැබූ තරුණිය සිටු කුමරා දෙස ට හැරුනා ය.

මම ඔබෙන් ප්‍රශ්ණයක් අහන්නද?
හා අහන්න ඕනෙම දෙයක්..,

මේ තරම් ලස්සන තරුණයෙකු වෙලත් ඇයි තරුණියකට ආදරේ කරන්නේ නැත්තේ...?

මම එක්කෙනෙකුට ආදරේ කරනවා වෙරෝනිකා ඒ බව කවුරුවත් දැක්කෙ නැහැ. මම කියන්න ගියෙත් නැහැ.
කාටද..? යුවතිය ඇසුවේ බිඳුනු හඬිනි..,
කාටද ඔබ ආදරය කරන්නේ..?
දැනගන්න ම උවමනා ද?  ඇන්ජලෝ ඇසුවේ තරුණියගේ ඇස් දෙස සෘජුව බලාගෙන ය.

ඔව්...!
එහෙනම් එන්න යන්න.  ඇය ඉන්නේ මගේ කාමරයේ..,
තරුණියගේ හද ගැහෙන්නට විය.. තමා යන්නේ කොහාටද කියා සිතන්නට පටන් ගන්න විටත් තරුණයා වෙරෝනිකාව අදින් ගෙන උඩුමහලට පා නගන්නට පටන් ගෙන අවසාන ය.

විසාල කාමරයකට පැමිණි තරුණයා එහි දොර වසා දමන්නට විය..,
සාදරයෙන් පිළිගන්නවා මගේ චිත්‍ර කාමරයට.

මම දන්නේ නැහැනේ ඔබ චිත්‍ර අඳින්නට දක්ෂ බව..?
පුදුමයි මුලු නගරෙම දන්නවා මම සිත්තරෙක් බව..,

අහ් ඔව් ඔව් මම හිතන්නේ මම අසා තිබෙනවා ඇන්ජලෝගේ පොකැට්ටුව ගැන.., ඒත් ඔබ කවදා හෝ අහන්න තියා සිතන්නවත් බලාපොරොත්තුව නැති දෙයක් තියෙනවා ඔබ නොදන්න.., මේ නගරයේ කිසිවෙකුත් නොදන්න..,

ඒ මොකද්ද?

කවදා හෝ අසා තිබෙනවාද රූපර්ට් ඩී ලූනේ කියල චිත්‍ර ශිල්පියෙක් ව..,නැතුව ඔහු නේ අර ප්‍රසිද්ධ කන්‍යා කිඳුරිය ප්‍රතිමාව මහ රජතුමාට පිළිගැන්නුවේ..,  ඇන්ජලෝගේ මුවේ වූයේ මඳහාසයෙකි..,

එහෙනම් මේ රූපය ඇන්දේ කවුද කියා බලන්න හැකිනම්.., කියමින් තරුණයා තමා අසල තිබූ ඊසලය මත වූ රුව වසා තිබූ සලුව ඉවත් කරන්නට විය..,

මරිය මවු තුමියනී.., මේ මම නේද?
තරුණියට සිය දෙඇස් අදහා ගත නොහැකි විය. ඈ ඉදිරිපිට තිබුනේ ජීවමාන ප්‍රමාණයේ ඇයගේ රුව ඇඳි ආලේඛය චිත්‍රයකි.

දැන් බලන්න කවුද මේ රූපය ඇඳලා තියෙන්නේ කියලා..,
ඇන්ජලෝ වෙරෝනිකාගේ අවධානය යොමු කලේ පහත් දකුණු කොනේ ගසා තිබූ සිත්‍තරාගේ අත්සන වෙතය.
"රූපර්ට් ඩී ලූනේ..? "
දෙවියනේ එතුමා?

වෙරෝනිකා මේ අහන්න.., රූපර්ට් ඩී ලූනේ කියන්නේ මම චිත්‍ර වල ට දමන ආරූඪ නම.
ඒ කියන්නේ..ඔ..?
ඔව් රූපර්ට් ඩී ලූනේ කියන්නේත් මට ම තමා.

තරුණිය උන්නේ දෙලොවක් අතර ය.
දරන්නට බැරි තරම් පුදුම වීම් තුලින් ඈ හෙම්බත් වී උන්නා ය.මේ රූපය මම ඇන්දේ මීටවසර 5 කට කලින් ඒ වෙනකොට මම ඔබ ගැන අසාවත් නැහැ වෙරෝනිකා. ඒත් මම කවදා හරි හිතුවා මම කසාද බඳිනවා නම් බඳින්නේ මේ තරුණිය ව ම යි කියලා. ඒ සිතුවිල්ල තාමත් එහෙමමයි., මුල් වරට ඔබව දකින විට මම ගොලු උනා මේ අර සිතුවමේ ඉන්න කෙල්ල නේද කියලත්. මට හරි සතුටක් දැනුනා මගේ තීරණය කිසිම අයුරකින් වැරදී නැති බව දැනගත්තම..,

ඉතින්..,
මා ආදර වෙරෝනිකා ඔබ කැමතිද මා හා විවාහ වෙන්න..?

තරුණිය සිටියේ මඳක් කම්පනය වූ ස්වරූපයෙනි..!
ඒත් ඇන්ජලෝ..!
ඔව්..?
තේරෙන්නේ නැද්ද මෙතන ගැටලුවක් තියෙන විත්තිය..?
මොකද්ද..? ඒ මගේ අඩුපාඩුවක් නම් මට තියෙන්නේ ඇනවුම් කරන්න විතරයි.., සියල්ල මා අතේයි සැනෙකින්..!
මා කියන්නේ ඒ ගැන නොවෙයි තේරුම් ගන්න උත්සහ කරන්න..!
එහෙනම්..?
අපි දෙදෙනාගේ සමාජ තත්ත්වය..?

ආදරයට සමාජ තත්ත්වය බලපානවැයි කියන්නේ මොන පොතේද? මම නම් අසා නැහැ කවදාවත්..!
මට පපා ට කියන්න විතරයි තියෙන්නේ..? ඔහු මට දක්වන්නේ පුදුම ආදරයක් වෙරෝනිකා..! මම හඳ තරු ඉල්ලුවොත් මට ඒකත් ගෙනත් දේවී..! ආදරෙයි ඒ තරමට..!

වෙරෝනිකා උන්නේ ගැහැටකට මැදිවීය.., ජීවිතය සුරංගනා කතාවක් ලෙස දකිනා ළමා සිතැති සොඳුරු කුමරෙකුට සිත ලියාදීමට වඩා පොලොවේ පය ගසා සිටිනා මැදිවියැයියෙකු හා විවාපත් වීම මැනවැයි වෙරෝනිකාට නොසිතුනාද නොවේ.., එහෙත් ඒ ක්ෂණයේම තමා කුඩා කලදී සිය හස්තයේ ළදරු රේඛා බලා මීෂා අත්තම්මා කියූ අනාවැකිය ඈ සිතට තට්ටු කරන්නට විය..,

පුතේ ඔයා කවදා හරි කසාද බඳින්නේ රාජ කුමාරයෙක් වගේ එක්කෙනෙක්..,ඒත් ඒ ආදරේ ඔයා අතට ලබා ගන්න විඳින්න වෙන ගැහැට බොහොමයි..! ඔව් බොහොමයි..!

අත්දෙක එක උඩ එකතියාගෙන කලපනා කරන්නේ අපි දෙන්නාගේ විවාහය ගැනද වෙරෝනිකා..? දුක්වෙන්න එපා හැමදේම හොඳින් සිද්ධවෙයි..! වෙරෝනිකා හට සිය ඉහලට ගත් සුසුම පහලට අතහැර දමනවා හැරෙන්නට වෙන දෙයක් කරන්නට තිබුනේ නැත..! ඒ තරමටම ඇන්ජලෝ දෙදෙනාගේ විවාහය ගැන සිහින මවමින් සිටියේය..!!!


----------------------------


වෙරෝනිකා තමා අත වූ පොතේ පිටු පෙරළන්නට වූයේ නිනවුවක් නැතිවම ය..!

අප්‍රියෙල් 15

හැමදේම වෙනස් වෙනවා.., මොනවද වෙන්නේ කියලා හිතා ගන්නත් බැහැ. ඊයේ මාළිගාවේ සෙබලු ඇවිත් අයියාගේ සැනකෙළියේ සියලුදෙනාම හිරභාරයට

ගත්තා. ඉවාන්ට හොඳටම පහරදීලා ඔහුවත් කුදලගෙන ගිය වග මට කිව්වේ ලේ පෙරාගෙන මගේ කූඩාරමට දුවගෙන ආපු මොසී. ඔහුටත් සෙබලෙක් ගෙන බයිනෙත්තු පාරක් වැදිලා ඇහැක් රතු චෙරිගෙඩියක් වගේ වෙලා..! අයියා මට දෙන්න කියලා කොල කෑල්ලක් ඔහු අතේ එවලා තිබුනා..!

වෙරෝ.., මේ හැමදේම වෙන්න හේතුව ඔය දෙන්නාගේ ආදරේනම් කරුණාකරලා ඇන්ජලෝ එක්ක වහාම නගරයෙන් පිටට පැනලා යන්න.., අදම මේ දැන ම..,

ගඟ ගාව ඕක්* ගහ යට මම පෙට්ටියක් වළලා ඇති..! ඒකත් අරන් යන්න.., මාස කිහිපය ජීවත් වෙන්න ඒ පෙට්ටියේ තියෙන සල්ලි සෑහේවි..!
තව අ..,

මේක ලියනකොටමයි සෙබලු ඇවිල්ලා ඉවාන් ට ගහලා කුදලාන ගියේ.., ඈත ඉඳන් ම මට මොසී මොසී කියලා කෑගහපු ඉවාන් මට මේ කොල කෑල්ල ඇහෙන් පෙන්නන කොට ම තමා මට අර යමපල්ලා ඇවිත් බයිනෙත්තු කඳෙන් ගැහුවේ.., ගානක් නෑ..! මම කොල කෑල්ල අරන් කාගෙන ආවා..., මට එහෙම කිව්වත් මගේ ඇහෙන වැටෙන කඳුලු වලට තිත තියන්න ඒවා සමත් උනේ නැහැ.., මම යා යුතුයි ඇන්ජලෝ ව මුණ ගැහෙන්න..!

අප්‍රියෙල් 21

වෙච්චි කරදර නිසා මට දින පොත ලියන්නත් වෙලාව හොයාගන්නත් බැරි උනා.., අපි උතුරට යන ගමන් මොසී කරත්තය පදවන්නේ පුදුම වේගෙකින්..! මේ වගේ තෙහෙට්ටුවක් කවදාවත් විඳලා නැති නිසාදෝ ඇන්ජලෝ මගේ උරහිසට ඔලුව තියාගෙන නිදි කරනවා.., මීට සතියකට පෙර සියලු දෙයින් අගතැන්පත් වුනු කුමරෙක් වෙච්චි ඔහු අද මගේ ආදරය විතරක් හිමි දිළින්දෙක්.., මේ තත්ත්වෙට පත් වෙන්න හේතු උනේ මමද..? ඇන්ජලෝගේ හිතුවක්කාර කමද නැතිනම් අපි දෙන්නම ද? මොකද්ද කියලා තේරුම ගන්නවත් මගේ හිත නිස්කාංසුවක් නැහැ..!

ලියූ දේට වඩා නොලියු දේ බොහෝ ය..!වෙරෝනිකා ආදරයේ නාමයෙන් සියල්ල විඳ දරාගත්තේ ඇන්ජලෝ නිසා ය..! හිත උපන් සංවේගය නිසාදෝ ඇන්ජලෝ තුලින් වෙනදා මතුවන තරම් සිනහවක් කෙලිලොල් බවක් දිස්වූවේ නැත..! අතදිග හැර තමා වැළඳ ගත් ආදරය එය විතරක් හිමිකර දී අන් සියල්ල අහිමි කල නිසාවෙන්.., රූපර්ට් ඩී ලූනේ ආරූඪ නමින් ඇඳෙන සිතුවම් වලද වූයේ අඳුරු දුක් සහිත බවක් නිසා ඔහුන් එවකට ජීවත් වූ කුඩා නගරය තුලද ඒ සිතුවම් වලට එතරම් ඉල්ලුමක් පැවතියේ නැත. 

ඒ ජනවාරි මාසයයි. අසල වූ දේවස්ථානයේ තව දිනකින් එනම් ජනවාරි දහතුන හෙවත් හෙට පැවැත්වෙන පල්ලියේ මංගල්‍යය ට සියල්ලෝ ලහි ලහියේ ලැහැස්ති වෙන්නට වූහ..! නගර අලංකරණය උද්‍යාන කටයුතු හා විවිධ විසිතුරු අලංකරණ ක්‍රමවේදයන් එහිදී භාවිතාකර සැනකෙළියේ නුවරුන්ගේ වඩාත් ම ආකර්ෂණයට හසුවෙන නිර්මාණය තෝරා එය පල්ලියට ගෘහිත වූ ශාන්තුවරියගේ නාමයෙන් පුදදීම මේ නගරයේ අනාදිමත් කාලයක පටන් ම සිදුවිය..!

විවාහයෙන් වසර දහයකට පසුව වුව අලෙවියක් නැතත් කලා නිර්මාණයක් කරන්නට නොතිත් ආශාවෙන් පසුවූ ඇන්ජලෝට නිමිත්තක් වූයේ මේ ඉහත කී තොරතුරයි..! සීමාවක් නොමැතිව ගොවිපල වල බැරිමරගාතේ වැඩ කරමින් ඒ අපද්‍රව්‍ය ආග්‍රහණය වීම නිසා නිතර පවතින කැස්ස හා වරක් වූවොත් දවස් කිහිපයක් යනතුරු නොනවතින වේදනාකරී ඉක්කාව නිසාවෙන් නිතර නිතර ලෙඩ රෝග වලට කාන්දමක් වැනි වූ සිය දුබල සිරුර නිසා ඇන්ජලෝට නිවසට වී

කල හැකිව තිබූ එකම දේනම් සිත්තර වෘත්තිය විය.

ඉදින් මේ ඇන්ජලෝ තනන්නේ සිය කලකට පසුව කරන සිතුවමේ අවසාන පින්සල් පහර කැන්වසය මත තැබීම ය. සංගීත අදියුරුවෙකුට සිය ගීතයේ අවසාන ස්වර කිහිපය කොතරම් ම වැදගත් වනවාද.., ඒ ආකාරයෙන් ම සිත්තරෙකුට සිය කලා නිර්මාණයේ අවසාන පින්සල් පහර වැදගත් වේ. 


--------------------


ගීතිකා කණ්ඩායමේ ආසිරි ගීත මැද්දෑවෙන් ශාන්තුවරියගේ රුව සහිත ප්‍රතිමාව පල්ලියේ ඉදිරියේ වූ එළිමහන් රංග පීඨිකාවේ ස්ථානගත වූයේ දිනය පුරාවටම ඒ සුවිශේෂ කලා නිපැයුම් ප්‍රදර්ශනය පැවැත්වෙන බවු නොකියා කියන්නට මෙනි..!
වෙරෝනිකාට ඉවසුම් නැත විසි වසරකට පසුව බිනැස්කෝ පල්ලියේ ශාන්තුවර ප්‍රතිමාවේ උවනත නිරාවරණය කරන නිසාවෙනි.., ඒ වසරේ ප්‍රදර්ශනයට තබන යම් කලා නිපැයුමක් ජයග්‍රහණය කලහොත් ඒ කලා නිපැයුමේ නිර්මාණකරුවාට ප්‍රතිමාවේ වුවනත වසාතිබෙන සේද සලුව නිරාවරණය කරන්නට වාසනාව ලැබෙන බැවිනි..!
වසර ගණනාවකට පසුව සිය දිගට වැවුණු රැවුල බා හිසකේ පිටුපසට කර බැඳ තමා සන්තක වූ එකම එක හිස්වැස්ම පැලඳ.., සිටීම නිසා ඇන්ජලෝගේ මුහුණට ආරූඪ වී තිබුනේ උගත් කඩවසම් බවෙකි..!

වෙරෝනිකා මට මේ ටයි පටිය දමාගන්නට උදවු වෙන්න..,
ඉන්න මේ එන ගමන්.., ඒක නොවේ මේ ඇඳුම හොඳද කියලා මට කියන්න...,

ඇන්ජලෝ පිටුපසට හැරී දුටු දෙයින් පුදුමයට පත්විය.., තමා මේ දකින්නේ හීනයක් දැයි නිච්චි නැතිවෙන තරමට ඒ දසුන මනස්කාන්ත විය..! මේ තමා ඉදිරියට එන්නේ තමා දසවසරකට පෙර දුටු ඒ වෙරෝනිකා ගේ ප්‍රතිරුවයැ..,

වෙරෝ.., මේ .., ඔයා...?
ඔව් මම ඇයි..?
මම මගේ මහත්තයාට දෙවැනි නොවෙන්න නොඅඳින්න නොකක් හරි හේතුවක් තියෙන්න ඕනෙද?
නෑ නෑ එහෙම නෙවේ.., ඔයා මට මේ මතක් කරන්නේ මීට අවුරුදු දහයකට කලින් මම දැකපු වෙරොනිකාව පණ..!
ම්ම් ඉතිං නරකද?
නැහැ හොඳයි මොනතරම් දෙයක් ද ඒක..,
ඔන්න මම කරපටිය දැම්මා දැං මේ වේල් එක වහන්න..,

දම්පාට වර්ණිත සේද ගවුමට ම ගැලපෙන කලු වේල් කඩෙන් ඈ වුවනත වසන්නට තමාට ලැබීම ඔහුතුල ඇතිකලේ අහිංසක ආඩම්බරයකි..,


-------------------------


දෙවියන් වහන්සේගේ ආශීර්වාදයේ බලයෙන් වරම් ගෙන මේ භක්තිමත් නිර්මාණ කරන ලද නිර්මාණකරුවනි.., ඔබ සියලු දෙනාවම දේව මවුතුමියන් විසින් ඉතසිතින් පිළිගන්නවා ඇති.., අද ජනවාරි දහතුන් වැනිදා.., අද අපේ දේවස්ථානයට ගෘහිත වූ ශාන්ත වෙරෝනිකා මෑණියන් ගේ මංගල්‍ය දිනයයි..,

ශාන්ත වෙරෝනිකා..?

ඇන්ජලෝ එකවරම හැරී බැලුවේ තමා අසල වූ වෙරෝනිකා දිහාවයි.., කාන වර්ණිත වේල්පට නිසාවෙන් ඈ මුව නොපෙනුනද.., ඈ සිටියේද සැලී බව සිය අත් තබාගෙන ඇති අයුරින් කියන්නට පුලුවන් විය..,

සෑම වසර විස්සකට වරක් ම අප මෑණියන්ගේ ප්‍රතිමාව නිරාවරණය කර නුවරුන් හට පෙන්වන මේ අති සුවිශේෂ අවස්ථාවේ.., අනාදිමත් කාලයක සිට පැවත ආ ලෙස මේ වර ද ඒ වරම හිමිවන්නේ හොඳම නිපැයුම කලාවූ නිපැයුම් කරුවාට යැ.., ඉදින් මෙවර ඒ අවස්ථාව ලැබී තිබෙන්නේ සුවිශේෂී අයෙකුටයි.., ඒ මීට වසර දහයකට පෙර මේ නගරයට පැමිණ ඉතා අපහසුවෙන් ජීවිකාව කරගත් අයෙකුටයි.., කලක් ඉතා පරසිදු නිපැයුම් කරමින් රට පුවා සිය යශෝරාවය පැතිරූ මේ කලාවේදියා ගැන ඉතා සමෘදිමත් කලා ඉතිහාසයකට හිමිකම් කියන බිනැස්කෝ ගමේ වැසියන් හැටියට අප දැනගත යුතුවීම අවශ්‍යයෙන් ම විය යුතුදෙයකි.., එසේනම් "බිරිඳ" නම් තේමාව යටතේ සිය නිර්මාණය ඉදිරිපත් කල මේ අනර්ඝ සිත්තරා පිළිගන්න රූපර්ට් ඩී ලූනේ...!!!

අත්පොලසන්නාදය මත ලේ උණුසුම් වනු දැනුනු ඇන්ජලෝ හිස් මනසින් යුතුව නැගිට්ටේ වෙරෝනිකාගේ අතින් අල්ලාගෙන ම ය..! නුවරුන්ගේ අත්පොලසන්නාදය මත සිය ජයග්‍රාහී රන්පින්සල සම්මානයෙන් පිදුම් ලද ඇන්ජලෝ ට ඊ ළඟට උදාවූයේ ස්තූතියි කතාවයි..,
මම මේ සම්මානයට ඇත්තටම හිමිකරුවද නැද්ද යන්නට තවමත් මගේ හිතේ දෙගිඩියාවක් තිබුනත් මේ සම්මානය ගන්නට පිටුපස සිට උදවුකල ඒ චරිතය ගැන මම කියන්න මම අමතක නලා නම් මම ගුණ මකුවෙක් වෙනවා.., ඇත්ත වගයෙන් ම මිත්‍රවරුනී මම මේ ආලේඛය රුව නිර්මාණය කලේ මගේ බිරිඳවයි..,

මේ මේ ලොව කිසිවකට වඩා මගේ ආදරය මට වටින නිසාවෙන්..,

පුදා චිත්‍රය විවෘත කලානම්.., නරඹන්නෝ බලා ඉන්නවා නෙව..,
දේවගැති තුමා ඇන්ජලෝගේ කනට කර  මිමිනුවේ සිහින් ස්වරයෙනි..,

ශාන්තුවරියගේ ප්‍රතුමාවට දකුණු පසින් වූ සිතුවම වසා තිබූ පීත්ත පටිය ඇදනිරාවරණය කරේ අත්පොලස්න්නාදයෙන් මත්වීමට සූදනම්ව සිය දෑසද පියාගෙනය.., චිත්‍රය නිරාවරණය කර විනාඩියකට වඩාගත වුව එකදු අත්පොලසන්නාදයකුදු නොලැබීම නිසා සියදෑස හැරි ඇන්ජලෝද තමා ඉදිර්යේ වූ දසුනින් පුදුමයට පත්විය..,
ඒ සියල්ලෝම රුව දිහා දෑස් අයා සිටින අන්දමයි.., අනි කිසිවකු නොව දේව ගැති තුමාද එසේම විය.
දේවමෑනියන්ට පින් සිදුවෙන්න පුතා උඹේ බිරිඳද මේ..?
ඔව්..? ඇයි ෆාදරේ..,
පුතා මේ උඹ ඇඳලා තියෙන්නේ කාවද දන්නවාද?
වෙරෝනිකා ශාන්තුවරියව..,
මීට වසර විස්සකට උඩදී මම දැක්ක ඒ රූපය මට තාම මතකයි.., පුතා මේ එක්කම ශාන්තුවරියගේ ප්‍රතිමාවත් නිරාවරණය කරන්න දරුවා.., ඇන්ජලෝ සිටියේ කම්පනයකට පත්වී ය.., නිහඬවම පිළිමය වසා තුබූ සේලය ඉවත් කරන්නට විය.., ඇන්ජලෝගේද ඇස් අදහන්නට නොහැකි විය.., තමා මේ සිටින්නේ රනින් නිම කරන ලද සිය බිරිඳගේ ජීවමාන ප්‍රතිරුවක් අසල යැයි සිතන්නට විය. එය එතරම්ම ම ජීව මාන ය.


තමා මීට දශකයකට පෙර ගත් ඒ තීරණය කෙතරම් නිවැරදි දැයි සිතන්නට විය..,

"ආදරය රනින් නෙලලා පින්සලෙන් ඇන්දාම මෙහෙම පේනවා ඇති"
සෙනග ගොඩේ වූ කවුදෝ කියනවා ඇන්ජලෝට ඇසෙන්නට විය..!

දඩාං...!

ඉබේ ඇරෙන වැහෙන දොර දෙපලු කරං ආව සද්දෙට පුන්සිරි රාළහාමි උඩ ගිහින් බිම වැටුනා.

මොකද යෝදියේ අහස පොලොව දෙදෙරවා ගෙන..,

පුන්සිරි රාළහාමි ඇහුවේ තරහින්. සේවාකාලය අවුරුදු 15 වෙලත් ගම්මු බොහොම ගෞරව සම්ප්‍රයුත්තව සලකන ග්‍රාම සේවක  රාළහාමි වෙච්චි තමාට බවලතෙක් එක පාරට කඩා පැනගෙන ආ එක ගැන තිබුනේ සාධාරණ තරහක්.

ඉතිං මොකද කියපංකෝ...!

පුන්සිරි රාළහාමි කිව්වේ ආයිත් තම ලිපිගොනුවට ඇස් යොමු කරමින්.

රාළහාමි මම පොලට යන්න ඒදණ්ඩෙන් එගොඩ වෙලා කහ වැට වදුල අස්සෙන් යනකොට එකපාරට ම..,

ඔව් එකපාරටම...,

මිනිහෙක් මගේ මූණෙන් අල්ල්ගෙන එකපාරට ම ඉඹගෙන ඉඹගෙන යන්න ගත්ත නෙව.

මොකාක්..?

ඉද්ද ගැහුවා වගේ පුටුවෙන් නැගිට්ටුනේ රාළාහාමිට ත් නොදැනිම.

ඔව් ඔව්..,

ගංගොඩට ඇවිල්ලත් අවුරුදු 15 වසමේ රාජකාරි කරපු තමාට මේ වගේ පැමිණිල්ලක් ආපු පළවෙනි වතාව.

මොන විලිසංගේ නැති හරුපයක් ද ඒ..?

පුන්සිරි රාළහාමි හිතන්නට උනා.

මෙහෙම ගියොත් මගේ දරුවෙක් වත් පාරතොටක යවාගන්ට බැරිවෙනවා.

පුන්සිරි රාළහාමි තනියම කල්පනාවකට වැටුනා.

රාළහාම්...රාළහාමි...,මොකද බයවෙලා වගේ..?

අර බවලත් ඇත්තා තමංගේ මේසේ ඉස්සරහ බව මතක් උනේ එතකොට...,

උඹට වෙන මොනවත් වින්නැහියක් එහෙම උනේ නෑ නේද උලව්වේ..?

නෑ නෑ  හත් දෙය්යනේ..! මම මේ කියන්ට ආවේ ගෑණියෙක් ට මොකක් හරි වින්නැහියක් උනාම ගමේ ගිරාමසෙවක ඇත්තො දැනං ඉන්න ඕනේ නිසා වෙන  එහෙමකට එහෙම නෙවී.

අපිට එහෙම හදි කොරන්න.., එහෙම තැන තැන කොල්ලො තැග්ගැහුන කාලෙකුත් තිබ්බා.., ඒ අපේ හොඳ තෙල් බේරෙන වයස.

උඹ මා එක්ක මගුල් කොරන්න එනවද බොල..?

උන්සිරි රාළහාමි අර බවලතාගේ ඇඟට කඩා පැන්නේ එකපාර ට ම.

නෑ මම එහෙම කිව්වේ ...,

ඇති ඇති.., කියනව බලන්ට තමුන්ගේ නම ගම වයස එහෙම..,

චී චී රාළහාමි එහෙමත් ලැජ්ජ බය නැතුව ගැණියෙක් ගේන් වයස අහනවද අප්පා...,
ඔන්නං නම නං කියන්නං..,

මං කතිරිනා.., අවුරුදු පාළහ කට කලින් වැලිගම්පිටි ගිය මයේ මනුස්සයා නං කීවේ  තිරිනා කියාල.

හ්ම් ඒකත් එහෙමද..,

පුන්සිරි රාළහාමි මේසේ දකුණු පැත්තේ තිබ්බ පැමිණිලි පොත් ගත්තේ අලුත් පිටුවක් පෙරළලා මේ සංතෑසිය ලියන්ට හිතාන.

හරි ඒකගේ විස්තර එහෙම කියමු බලන්න..,

කාගෙද..?

වෙන මොකාගෙද බොල අර මනුස්සයගේ..,

මොන..?

ඇයි යකෝ අර තෝ පොලේ යනකොට උඹ මූණ කන්න ආවැයි කීවේ.., අර උඹ මෙහෙට වැළහින්නක් වඩේ කඩා පාත් උනේ..,

ඉතිං..?

ආන්න ඒ සංතෑසිය කොරපු එකාගේ තොරතුරු..,

ගෑණි එක්ක තරහින් රාළහාමිට වෙවුලන තරමට කේන්තිය දැනෙන්න ගත්තා..,

අනේ රාළගාමි මම කොහොමැයි ඒ යකා ගේ හැඩ රුව කියන්නේ...?

ඒ මොකෝ බොල තෝනේ දන්නේ...! නැත්තං මම ද දන්නේ....?

අනේ රාළහමි මම හැඩරුවක් කියලා කොහොමැයි හරියට ම කියන්නේ.., ඒ යකා මූණ ඉඹගෙන ඉඹගෙන යන කොට මගේ ඇස් ඉබේටම පියෙවුනා නෙව...,

හපොයි

පුන්සිරි රාළහාමි ට උඩ තිබ්බ පංකාව එක තැන තියෙද්දී තමංව කැරකෙනවා වගේ දැනෙන්න උනා

              තිසුරි ගේ අත මා නැගිටින විටත් මගේ හිස මත ය. යුවතියට නින්ද ගොස් ඇත. උස්පහත් වන පිරුණු ලැමත්, මුහුනේ වූ සදා නොවෙනස් වේයැයි මා හිතැතුලින් ම අදහන්නට පටන්ගෙන තුබූ ඒ සිනහවත් ඒ නිද්‍රාව මධ්‍යයේ වුව වෙනස් නොවී තිබිණි. ඈ උකුලෙන් මා හිස සෙමෙන් ඉවතට ගන්නේ මේසය මත වූ කැමරාව ගන්නට ය. කෙල්ලන් ගේ නියම ලස්සන මතු වී පෙනෙන්නේ නිදන විටදීත් රවන විටදීත් ය කතාව සත්‍යක් වග මගේ හිතට මෝදු වී සිනහවක් ලෙස පිටව යාමට ගතවූයේ ක්ෂණයකි. මම කැමරාව මානා කාචයට හසුකර ගන්නා විටත් ඈ ඇහැරී හමාරය.

ඇයි මටත් නොකියා උකුලෙන් නැගිටලා ගියේ...?

ගැහැණු සතුන් හුරතලයට විරුද්ධත්වය පාන ආකාරය ඉතා මනහර ය. කෙල්ලගේ මූණේ නෝක්කාඩුවකි.

ජනතාවට සත්‍ය පැවසීම තමා මගේ රස්සාව. ඒ නිසා අපි පෑ විසි හතර ම අවදියෙන්...! එකම ප්‍රාර්ථනය තමා පියවි ඇස නොගටෙන රූ පෙළහරවල් කැමරා කාචයට හසු කරගැනීම..!
ඒ දඟකාර මුවේ තවත් එක මොහොතක් කැමරාවේ සටහන් කරගන්නා අතර ම මම පැවසීමි.
ආ.....එහෙමද? එන්නයි කිව්වේ මගේ ළඟට තව දඬුවමක් දෙන්න.

මේ තනන්නේ හාදුවක් නැතිනම් තේරෙන සිංහලෙන් කිවහොත් liplock එකකට මා හසුකර ගැනීමට ය. මේ සොඳුරු දඬුවමට කවද මා කැමති බැව් දන්න ඈ මේ ආදරණීය වදකාරියගේ චරිතය රඟන්නේ බොහෝ කැමැත්තෙනි.

අප විවාපත් වී මේ ගෙවෙන්නේ දෙවෙනි වසරයි. සමහර පිංවත් පෙම්වත්තු පෙම් කර විවාහ වුවත් මාත් තිසුරීත් විවාහ වූයේ යෝජනාවක ප්‍රතිඵලයක් ලෙසට ය. ඉදින් අපි එදා සිට පෙම් කරන්නට පටන් ගතිමු.

යකෝ අපි ලව් කරලා බැන්දා. දැං ළමයි බලනවා. උඹලා දැං ද ලව් කරන්නේ...?

විවාහයෙන් පසුව රැකියාවට ගිය පළමු දිනයේම දහවල් බත් පත අතගාමින් දුරකතයෙන් තිසුරී හා සංවාදයේ යෙදෙනු දුටු මගේ සගයන් ගෙන් ලැබුනු පළමු කොමෙන්ටුව එය විය.

ඉතිං මම බොලාට ලව් කරන්න එපා කිව්වායෑ..! මට මොකෝ... උඹලා ලව් බැරිනම් ඕන මගුලක් කරගත්තට...!

මම පිළිවදන් දෙන්නේ සිනා පිරි මුවෙනි.
සමහරු විවහා දිවිය විඳිනවාට විඳවනවා කීවත් මම ජීවිතයේ නියම මිහිර විඳින්නේ දැන් ය. ඒ මම අත්දැකීමෙන් දනිමි. තිසුරි හා වූ ජීවිතය මට ස්වර්ගයකි. මම එය විඳිමි.

අද පෙබරවාරි දහතුන් වෙනිදා ය. නො එසේනම් පෙම්වතුන්ගේ දිනය උදාවීමට ඇත්තේ තව පෑ ගණනෙකි. විවාහයෙන් පසුව අපි දෙදෙනාගේ ම මනාපය මත අප දෙදෙනා පෙම්වතුන්ගේ දිනය සමරන්නට කතිකා කරගත්තෙමු. කවුරුන් කුමක් කිව්වද විදෙශයෙන් අපට ලැබුණු තවත් එක යහපත් සැමරුමක් වන වැලන්ටයින් දිනය නොහොත් පෙම්වතුන්ගේ දිනය මගේ ජීවිතයේ විශේෂ කුමක් හෝ සනිටුහන් වන්නෙකි. අපේ සරණ බන්ධනයෙන් පසුව උදාවූ පළමු පෙම්වතුන්ගේ දිනයේ තිසුරිට මගෙන් ලැබුණු ත්‍යාගය නම් රෝසමල් පොකුරක් හා රාත්‍රී භෝජනයකි. විශේෂත්වය නම් මේ භෝජන සංග්‍රහය ට අවැසි සියලුම දේ සකසන ලද්දේ මගේ දෑතින් ම වීමයි.

මම දන්නේ නෑ තේජ ඔයාට මේ තරම් රහට උයන්න පුලුවන් කියලා..., මට මං ගැන ලැජ්ජත් හිතෙනවා අනේ...!
එහෙම හිතන්න එපා සුදූ..,
ඔයා මං වෙනුවෙන් හැමදාම හදල දෙන කෑම එක මම මොනතරම් ආසාවෙන්ද කන්නේ කියල ඔයා දන්නවනම් ඔහොම කියන්නේ නෑ කවදාවත්..!

මම මෙසේ පවසන්නේ ඈව උඩ තබන්නට නොවේ. අප එක ගෙදරකට වූදා සිට මා වෙනුවෙන් වෙහෙස වන්නී, මුවින් එකදු චෝදනාවකුදු නොදොඩාය. එනිසා මම යලිත් කියමි.., මේ ගැහැණිය මට ස්වර්ගයකි.

ටික් ටික් හඬින් ගතවෙන ඔරලෝසුවේ මැදියම් දොලහ කණිසම වදින්නට තව ඇත්තේ මිනිත්තු කිහිපයකි.
සාලය දෙස බැලූ මට සෝපාවේ ගුලිවී රූපවාහිණිය බලන තිසුරී දුටු විට මට ඇති උනේ සැකයකි.  මගේ හිත පෙබරවාරි දා හතර ගෙවෙන තුරු වලි කන්නට හේතුව නම් පෙරේදා තිසුරි ගේ මුවින් පිටවූ දෙයකි.

දා හතර වෙනිදාට මට ඔයාට දෙන්න ලොකූ තෑග්ගක් තියෙනවා.ඒක මගේ ජීවිතේ මට දෙන්න පුලුවන් ලොකු ම තෑග්ග වෙන්නත් පුලුවන්. හරියටම රෑ 12ට දා හතර ලබද්දී මම ඒක ඔයාට දෙනවා. ඒක ඔයාටත් ජීවිතේ ලබන ලොකුම තෑග්ග වේවිද දන්නෙත් නෑ සමහර විට...?

......................................................

රෝසපාට කම්මුල් දෙකට අත තබාන රූපවාහිනිය දෙස නරඹන ඈ සිටින්නේ නිසොල්මන්ව ය.

කෙල්ලට වැලන්ටයින් ගිෆ්ට් එක අමතක වෙලාවත් ද..?
? ? ? ? ?

ගෙල පිටුපසින් තැවරෙන සිහින් හාදුවක ට සංවේදී වූ මා ඇහරුනේ ක්ෂණිකව ය.

සුදූ...?
හ්ම්...?
ඔයා හිතුවද මට අද දවස අමතක වෙලා කියලා...?

කෝ මගේ තෑග්ග....?
මම මවන්නේ බොරු තරහවකි. වෙලාවකට මට ම පුදුමය... ආදරය අද්දර මේ තරම් බොළඳ වෙන්නේ මම ම ද කියලත්...?

තෑග්ග...?
ඔව්...?
මේ තියෙන්නේ...!
කෝ...?


ඈ මා හිස සිය උදරයට තබා ගන්න විට මට සියල්ල අවබෝධ විය. මම තෑග්ගට කතා කරන්නට ඉඩදී නිහඬ වූයෙමි.

ඔයාට මතකද සුදූ මම කිව්වා, ඔයාට ලෝකෙ මට දෙන්න පුලුවන් ලොකු ම තෑග්ග මම දෙනවා කියලා...?

ඔව්..?

ඉතින් ඒ මම කියපු තෑග්ග තමා මේක ඇතුලේ ඉන්නේ...!

කියන්නට වදන් මා සතු නැත.., ඈ කුස තුල මේ ඇගේ අප දෙදෙනා ගේ ආදරය මැදින් පිළිසිඳි මේ ජීවියා ගැන වූ ඒ සුභාරංචිය පවසන්නට ඈ පෙම්වතුන්ගේ දිනය ම තෝරා ගැනීම කෙතරම් අරුමැසි ද?

තිසුරිගේ කුස මත හොවාගත් මුහුණ කෙළවරකින් තෙත දහරක් ගලා යනු දැනෙන්නට විය. මටත් හොරා මේ ගලන්නේ සතුටු කඳුලු ය.

සත්තකට ම.., මගේ ජීවිතය තුල ලැබූ වටිනා ම ත්‍යාගය එය විය.

මම තිසුරිව තවත් තුරුළු කර ගතිමි.

අන්න තමුසේගේ යාලුවා ව සංගමෙන් කපපු එකට කේස් එක ඇදිලා.යන්නේ නැද්ද උදවු කරන්න...!
ඊයේ රෑ මා එක්ක කට ගහං ආවේ..,

මැහුම් පංති ගොසින් ආ විගසම අක්කා මේ පවසන්නේ පියසිරි ගැන ය. වයසින් අපේ අක්කාටත් වඩා වයසින් වැඩිමලු වුවත් මිතුරන් අතරේ බබා යන නමින් ප්‍රසිද්ධ වී සිටි පියසිරි ව මෙසේ අහේතුක ව සංගමයෙන් ඉවත් කිරීම අප කාටත් ඉවසුම් නොදෙන්නක් විය.

මම කතා කරන්න ඕනේ නෑ හලෝ මටත් එක්ක සිසිර ලා නදීශ ලා එහෙම කතා කරනව.

ඒවුනාට තමංගේ යාලුවා ගැන කැක්කුමක් තියෙන කෙනෙක් හැටියට කතා කරන්න යන්න එපෑය...?

මේ එන්නේ ආයිත් පෙරදා ඇදගත් කෙහෙවලු පටලවා ගැනීමේ දෙවෙනි කොටස පටන් ගන්න ට ය. ඒ බව මට ඉවෙන් මෙන් දැනේ.

මම හරක් එක්ක ගහ ගන්න බයයි. මොකද මම දන්නවා උන්ගේ අං ඇනිලා තුවාල වෙන්නෑ මටමයි කියලා.

ඒ පිළිවදන මගේ ය. නෝක්කාඩුවක් නොඇදෙන ලෙස කතා කරන්න ට කොපමන උත්සාහ කලත් ඒ වන විටත් මගේ ලේ රත්වෙමින් තිබූ බැවින් මගෙන් පිටවූ වදන් වැල ඇයට මරු පහරක් වූ බව පෙණින.

ආ එහෙමද? මට හිතෙන්නෙ මලයෝ ඔයාලට තමා අං තියෙන්නෙ. එහෙම නැත්තං මේ වගේ තප්පුලන්නේ නෑනේ...!!!

වදන් එන්න එන්න ම කර්කශ ය. හිටිවණ ම අකුණු සරක් සේ වදින්නෙ ද මට ම ය.

කොහොමත් මම තමා සංගමෙන් අයින් කරපු ගමන් පියසිරි එක්ක කතාකලේ. මොකද මිනිහ මට කෝල් කරල කිව්ව.

ඒ බූරුව අයිං කරපු එකමයි හොඳ.

පියසිරි ට බූරුව කියන්න එයා තමුසෙට කරපු වැරැද්ද මොකද්ද මොකද්ද? අනික ඔහොම දෙන්න යන්න එපා ඕයි සංගමේට කියලා. මොකද ඒකෙන් පේන්නේ තමං ගේ ගොන් ගතිය..!

ඔව් ඔව් අපි මෝඩයි නෙව.., අනික අයනේ මහ උගත්තු.

ආන්න පිළිගත්ත තමං ගොනා කියල. එකෙන් පේන්නේ තමං ගේ නිහතමානි කම.

මේක මළ වදයක් උනානෙ. කටවහගෙන ඉන්නවකො ඕයි.

මොනවාදෝ මුමුණමින් බුම්මා ගත් මුහුණින් ඈ යුතුව කාමරය ට වැදුනා ය.

මම මුව පියා ගත්තෙමි. පියසිරි ට විරුද්ධව කියන්න ආවොත් මගේ මුවතුළ තව මීට වඩා  විවර කළ හැකි වුවත් මම ඉවසා වැදෑරුවෙමි. ඒ සහෝදර කම ගැන සිතා ය. කොහොමටත් මම කට හොඳ නැති එකෙකු වසයෙන් හංවඩු ගැසී තිබුනේ අද ඊයෙක් නොවේ. මීට වසර ගණනාවක් පෙර සිටය. ඇත්ත කියන්නත් බිම ඉඳ ගන්නත් බියක් වන්නට කිසිම හේතුවක් නැති බව කුඩා කල සිටම ඇදහූ මට එයට කමටහන් ලැබුනේ.., අපේ ගෙදර ඉස්සරහ කාමරයේ පදිංචිව සිටි විමල් මාමාගෙනි. හේ හැත්තෑව දශකයේ රජයේ සේවකයෙකු ව සිට කොමියුනිස්ට් කාරයෙකු ලෙස සලකා  රැකියාව අහිමිවූවෙක් විය.

උඹ කිසිදෙයක් ගැන උඹට හඟින විදිය කියාපාන්න යන්න එක පොඩි එකෝ.., වැරැද්දක් කියලා කවදාවත් හිතන්න එපා. ජනතාව ජනතාව වෙනුවෙන් පෙනීසිටින්න ඕනි. ඒක තමා විදිය. තේරුනැයි...?

මම හිසවනා එය අනුමත කලෙමි. යටිහිත බයගුලු වූ තරමට ම උඩුහිත ඒ අඩුව වසා ගැනීමට තරමට නිර්භීත විය. මා වටා මිතුරු කැලක් ගොඩ නැගුනේ ඒනිසායැයි මම අදටත් විශ්වාස කරමි.
අප්පච්චීගේ නැන්දා හෙවත් සුදු අත්තම්මාගේ කොප්පරාවත්තේගෙදර මට නවතින්නට වූයේ කුඩාකල සිටම වූ මගේ හිතුවක්කාර කමත්.., ඒ හිතුවක්කාර කමට හේතුව මගේ වේලාපත්කඩයෙන් අප්පච්චීට මරණීය අපල ඇතිවේයැයි සාත්තර කරුවෙකු යැයි කියාගත්තෙකු ඔහුට ගතූ කීමත් ය. විමල් මාමාගේ හා මගේ වෙන්වීමට හේතුව අර නල්ලමලේ සාත්තර කරුවාගේ අනාගත වැකිය ය. මට අදටත් විමල් මාමා නැති අඩුව දැනේ . ඒ මීට ටික වේලාවකට පෙර මා හා එල්ලෙන්න ට ආ නිරු අක්කාගේ සිද්ධිය නිසා ය.

ඇත්ත වශයෙන් ම නිරූ මා හට අක්කා වූවා ට ඈ නෑදෑකම අනුව මට වෙන්නේ නැන්දා ය. එනයින් සුදු ආත්තම්මා නිරූ අක්කාගේ අම්මා ය. හතලිස් ඇඳිරියට ඔන්න මෙන්න තියෙද්දී අත්තාගේ මළගමින් වසර දෙකක් ගෙවුණ තැන සුදුඅත්තම්මාට නිරූ අක්කා ලැබුන බවට ගමේ කසුකුසුවක් පැවතිණ. තවද, මම මේ වනවිට ජීවත්වන නිවස හෙවත් කොප්පරාවත්තේ පොල්වෙළඳාමේ අපේ අත්තාගේ එකම හවුල් කරු වූ ජෝන් මුදලාලි තම යුතුකම් කොටස මැනෙවින් ඉටුකරමින් අත්තාගේ මරණින් පසුවත් අත්තම්මාගේ පවුලේ සුවදුක් විමසා ඇති බවට ගම්මුන්ගේ කතා ඔස්සේ ඉඟි ලැබුනද මට එතරම් බලපෑමක් කරන්නට එව්වා සමත් නොවුනේ එවකට අප අතර වයස් පරතරය වසර දෙක තුනක ට නොවැඩි වීමත්.., ඇයත් මම ත් කුඩා කල සිටම එකම පාසලේ ඉගෙනුම ලැබීමත් යැයි මට සිතේ.
එහෙයින් මම ඇයට අක්කා කියන අතර මට ඈ..,  ඕයි කියයි, මල්ලී කියාද නොඅමතන්නේ නොවේ.., ඒ වැඩිමණක් ම වාසියකට ය. කුඩා කල සිට ම ඈ මාහා  එකටම සෙල්ලම කර හැදීවැඩී උන්නත් ඈගේ මේ වෙනස් වෙන්න ට ආරම්භය තැබුවේ ඈ ජම්බු ගහෙන් වැටුන* පසුය. දින දෙක තුනක් කාමරය ක ගතකර නමෝ විත්තියෙන් නැකතට එලියට බට ඈ අපව එතැන් සිට සැලකුවේ ස්ත්‍රී දූෂණයකට අවැසි උපකරණ සතුව තිබෙනා මහා අපරාධකරුවන් පිරිසක් ලෙසය.

මොකෝ බං අරකිට වෙලා තියෙන්නේ..?

මගේ මිතුරන් මගෙන් විමසුවේ වරක් දෙවරක් නොවේ.

අනේ කවුද දන්නේ බං..., ඒකිට අපිව එපා නං අපිට මොකෝ...?
ඔන්නොහේ  ඉමු බං.
මම කියමි..,
මම මිතුරන් හා ටින්කඩමින්, රොබින් හුඩ් සෙල්ලම් කරමින් ප්‍රීතිවෙනු ඈ තමාට ලැබුනු අලුත් කාමරයේ සිට ජනෙල් රෙද්ද මෑත් කර හොරෙන් බලනවා දකින්නට ලැබුනත්.., අපේ රැලේ එකෙකු හෝ කර උස්සා ඒ දෙස බැලුවහොත් ඇය ගස්සා එතැනින් ඉවතට යන්නේ මොනවාදෝ මුමුණමිනි. අතීතයේ එසේ වුවත් අප වයසින් මුහුකුරා යනවිට මේ “මලසමයං” නවත්වන්නට උවමනාවක් තිබුනත්.., ඇයගේ ක්‍රියාකලාපය ඈ පවත්වාගෙන යන්නේ හිතුමනාපයට නිසා මමද මගේ මතු ආරක්ෂාව පතා මගේ දඩබ්බර ප්‍රතිරූපයද පවත්වාගෙන යන්නට පටන් ගතිමි. අප දෙදෙනාගේ වර්තමානයේ ගැටුම් වල ඇරඹුම එතැන ය.

වයසින් උස්මහත් වෙනවාත් සමඟ ම මා පිළිබඳ වූ අමුතුම ආකාරයේ ඉරිසියාවකින් නිරූ අක්කා පෙලෙන්නට වූ වග මට මුලින් ම කීවේ සුදු අත්තම්මා ය.


පොඩි එකෝ ඔය අපේ නිරූ කෙල්ලෙ එක්ක ඉන්නකොට පොඩ්ඩක් ඒකිගැන හොයල බලපං තේරුනැයි..,පරිස්සමට.., ඒකිගේ මේ දවස් වල සිකුරු දසාව.., මම පෙරේදා වෙලාව බැලෙව්වා. ගමේ එකාලා අපේ කෙල්ලගේ ඔලුවට එක එක බහුබූත දාලා., උඹලැයි සහෝදරකං බින්න කොරන්න.

ඒ මොනව කියාලාද අත්තම්මා..?

ඔය කෙල්ලව වැදුවට පස්සේ රට්ටු මට කියාපු කතා එහෙම උඹලැයි අප්පච්චිලා එහෙම දන්නවා නම් මේ කොප්පරාවත්තේ ගෙදර පැත්තේ පස් පාගනවා බොරු. ඒ කතා අහං තමා මම ඔය කෙල්ලව හැදුවේ. මම ඇසූ ප්‍රශ්ණය ට පෙරලා පිළිතුරු දෙනවා වෙනුවට කාලයේ වැලිතලාවලින් වැසීගත් ඒ අපුල රහස ගැන මුල්ම ඉඟිය සුදුආත්තම්මා මා හමුවේ තැබුවේ එලෙස ය. සමහර විට මෙවැනි සබඳතා ගැන අවබෝදයක් නොමැති නිරූ අක්කා හා පවසනවාට වඩා නිතර මිතුරන් හා වල බහින මා වැනි කාඩයෙකු ( මා ඇතුලු මිතුරු නඩය අක්කා හඳුන්වන්නේ එසේය.) ට කීමෙන් ඈ හිත හෑල්ලු කරගන්න ට සිතුවා විය හැකිය.

මල්ලී....

ඈ...?

මේ ඕයි මෙහෙ බලනවාකෝ...?

මොකෝ..ඒ පාර...?

මොකවත් නෙවෙයි.

එහෙනං …?

අර තමුසෙලැගේ ක්‍රීඩා සමාජයෙන් අයින් උන යාලුවා….?

ඔව්..ඉතිං..?

ඉතිං නෙවෙයි එයා ගැන මොකද කරන්නේ ..?

මොනවා කරන්නද..? අම්මලා උන්ට කසාද හොයන වෙලේ ඌ ඇවිත් අපි එක්ක සෙල්ලං කරනවා එච්චරයි. තමුසෙට මොකෝ එකපාරට ම මගේ යාලුවෝ ගැන සත්තකරුණාවක් ආවේ...?

අනේ යනව ඕයි යන්න.., සත්තකරුණාවට වැඩේමයි.
"මලසමයං, මටනං පේන්න බෑ ඕකව."
ඈ ගස්සගෙන කාමරයට ගියේ තවත් මොනවදෝ මුමුණමිනි. නෑකමට නැන්දා වෙන භාශනයට අක්කාවෙන සහෝදරියක සිටීමේදී මොනතරම් ප්‍රවේසම් විය යුතුද යන්න ට මීට වඩා උපහැරණ අවැසිනැත. යමක් වහරන විටදී සැලකිලිමත් විය යුතු ය.

වල් බොන්ඩී තෝ එක එකාට ලියුං කරදහි ලියන්න ගන්න වග දන්න ව නං මම තෝව ඉස්කෝලෙකට වත් අරින්නේ නෑ බොල.
මීටවඩා හොඳයි මම මීදෙනක් හදාගත්තානං. මේ වෙනකොට තුං මුරයක් පැටවු ගහලා කිරිත් ගන්නවා.

අත්තම්මා මේ තරං පරල වී සිටිනු කවදාවත් දැක නැත. මගේ කන අසල පිපිරූ හෙණයක් මෙන් මේ ගෝසාව මට ඇසෙන්නට විය. මම කාමරයෙන් හිස යොමා බැලූ කල දකින්නට ලැබුනේ.., එක අතක මිටිකරගත් ලියුමකුත් අනෙක් අතින් නිරූ අක්කා දෙසට උලුක් කරගත් ඉලපොතත් සමඟින් සුදු අත්තම්මා කෑ මොර දෙන විට අනෙක් පස හිටියේ අවුල් වූ කෙස්සෙන් යුතු වූ නිරූ අක්කා ය.

අම්ම දන්නේ නෑ. මම එයාට මොනතරං කැමතිද කියලා. මම එයා වෙනුවෙං ජීවිතේ උනත් දෙන්න ලැහැත්තියි.

අම්ම හිතාන ඉන්නේ මම කාට ලියුං ලිව්වැයි කියලය..?

මට මොකා උනත් පලක් නෑ බොල උඹලා මෙහෙම වැඩ කටයුතු කොරද්දී අපි කොහොමැයි රට්ටුන්ට මුහුණ දෙන්නේ..?
හා කියහං බලන්න උබ ඔය ලියුං කරදහිය ලිව්වේ කාටද කියලා..?

ජෝන් මුදලාලිගේ පුතා පියසිරි ට...!

නිරූ අක්කා පැවසුවේ බිම බලා ගෙන ය.

මොනවා හපෝයි.., ම.. මගේ...ඔලුව..!!!!

ක්ලාන්ත වූ සුදු ආත්තම්මාව මම වත්තම් කරගත්තේ ආයාසයෙනි.


 

මගේ නිවසට යන එන අය, මුලින් ම බලන්නේ මගේ පොත් රාක්කය දිහා ය. මහා අනර්ඝවත් වූ පොත් දහස් ගණනකින් සමන්විත පොත් රාක්කය දෙස බලන සමහරු..,

ඔයා හරිම පොත පතට ලැදි කියවන මනුස්සයෙක් නේ.., පිටින් බැලුවම හිතන්නවත් බෑ ඔයා මේ තරමට පොත් කියවනවද වත් කියලා.

කියද්දී මම කරන්නේ රාක්කයට පිටදීගෙන  සිහින් සිනහවෙන් යුතුව උපේක්ෂාවෙන් ඒ කීදේ අනුමත කිරීමයි. ඇත්ත වශයෙන් ම මේ තියෙන සියලුම පොත් මා විසින් කියවා නැති වුවත් මගේ විශය වූ ග්‍රන්ථකරණය ට අවැසිවෙන නිසාවෙන් ම මම සමහර පොත් මම ම මිලදී ගතිමි. බොහෝවිට මට විවිධ පොත් එළිදැක්වීමේ උළෙලවල් වලින් ආරාධනා පත් ලැබෙන විට මම කරන්නේ ඒ බව මගේ දින පොතෙ සටහනකර ගැනීමයි. එවිට ඒවා මගෙන් අත නොහැරෙන සුලු ය. තවද මම ඒවාට යන්නේ රචකයා ගැන වූ අවබෝදය නිසා ම නොව මට නොමිලයේ ම පොතක් මා සතු කර ගත හැකි එකම අවස්ථාව එයම පමණක් වන බැවිණි. අවංකවම කිවහොත් මම පොත් කියවන්නේ නැති වුව පොත් එකතු කිරීම මගේ එකම විනෝදාංශය යැයි කිවිය හැකිය.

ඔයා මේ තරම් පොත පතට අවංකව ම ආදරය කරනවා නම් ඇයි ඔයා මේ පොත් පත් ගැන විචාරයක් වත් ලියන්නේ නැත්තේ.., එහෙම කරන්න ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් ඔයාව ලේඛකයෙක් විදිහට විතරක් නෙවෙයි විචාරකයෙක් විදිහටත් ප්‍රසිද්ධ වේවි කියලා මට හිතෙනවා.

මගේ බිරිඳ මට මේ බැව් කීවේ වරක් දෙවරක් නොවේ. නවතම පොත් දොරට වැඩීමක ට සහභාගි වෙන්නට සැරසෙන හැමවිටෙක ම ය. ලියන්න කියන්නට ඇති හැකියාවක් ගැන නොදනිතත් පොතක් මතුපිටින් බලා එහි ගුණදොස් ටක්කෙට ම පැවසීමේ හැකියාව මගේ බිරිඳ ලැබුවේ කොහේන්දැයි අප විවාහය ට ඇතුලත් වී පහළොස් වසක් ගතවීත් මට සොයාගන්නට නොහැකිවීම මම පෞද්ගලිකව ම ලජ්ජාවට පත්විය යුතු කාරණාවක් වුවත් මගේ බිරිඳ මා තුල පවතිතැයි (ඇය) සිතන හැකියාවන් ඇය විසින් ම ස්වයං අධිනිෂ්චය කරගැනීමේ වාසනාව කරණකොට ගෙන මම කියන හැම දෙයක් ම ඇය පිලිගන්නේ හිස මුදුනෙන් තබාගන ය.

මව් පස හා පිය පසින් ලැබුණු දායාද වල බල මහිමයත් මගේ පෙර පිනට මගේ අතින් ලියැවී ඇතැයි මා අදටත් විශ්වාස කරන සාහිත්‍යම ය වටිනාකමක් ඇති පොත්පත් හා ලේඛන වලටත් පින් සිද්ද වෙන්නට, මසකට එකහමාරක ට වරක් නගරයේ ප්‍රකට පොත් මැඳුරු වලින් මම පොත් මිලදී ගන්න ට මා හුරුවී ඇත්තේ රුපියල් දහස් ගණන් මිල ගෙවාය. මේ නිසා ම මාව මේ පොත් මැඳුරු වල සේවකයන් ට හුරුපුරුදු ය.

අහ්..! සර් එන්න එන්න…, අලුත් පොත් වගයක් ගැන කතා කරගන්න ට අපේ මැනේජර් සර් ඔබතුමා එනකං බලා ඉන්නවා.

දිනක් මා නැණස පොත් හලට ගොඩවැදුනු ක්ෂණයේ ම., මා හඳුනාගත් වෙලඳ සලේ සේවකයෙක් මා හමුවී කීවේය. අලුත් පොත් පිලිබඳව සොයා බැලීම පසෙකින් තබා මම සේවකයා පසුපසින් මැනේජර් ගේ කාර්යාලය පරිස්‍රය වෙත ගියෙමි.

ආයුබෝවන්. මට මේ ළමයා කිව්වා ඔබතුමාට මාව හමුවෙන්නට උවනාවක් තිබෙනවා කියලා.

මම වෙළඳ සල් සේවකයාව පෙන්වමින් කීවෙමි.
ආ...ඔව් සර්..,

මේකයි මම කෙලින් ම කාරණාවට බහින්නම්කෝ. අපේ සමාගමේ ම අනුබද්ධිත ව මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා කියලා ඔබතුමා දැනටමත් දන්නව ඇති මම හිතන්නේ...,

"මොකෝ මම නොදන්නේ මුලු රටම දන්නවා නේ නැණස ප්‍රින්ටර්ස් ගැන" කියා කියන්න ට සිතුනත්

අහලා තිබ්බ බවට මතකයක් නං නෑ කමක් නෑ කියමුකෝ බලන්න

හ්ම් ඒකත් එහෙමද..?

මදක් කෙස්ස අඩුතට්ටය කසාගත් මැනේජර් නැවත්ත් සුපුරුදු පරිදි කතාව පටන් ගත්තේ ය.

ඉතින් අපි තීරණය කරලා තිබෙනවා අලුතින් දොරට වඩින පොත් කිහිපයකට ඔබතුමා ලවා පසුවදන් කිහිපයක් ලියාගන්න ට. මම හිතනවා සාහිත්‍යට අපිරිමිතව ආදරය දක්වන ප්‍රසිද්ධ ලේඛකයෙක් විදිය ට, මේ පුංචි උපකාරය ඔබතුමා කරාවි කියලා. 

මොකද මේ පොත් අපි විශේෂයෙන් ම පුරා මාස තුනක් ඇතුලත ඉංග්‍රීසි ප්‍රබන්ධ අංශයෙන් ඔබතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා මිලදීගත්තු පොත් අතුරින් තමා අපි මේ පොත් කිහිපය තෝරා ගත්තේ., මේ පොත් ඔබතුමා මීට පෙර කියවල ඇති බවට සැකයක් නෑ. ඒ නිසා ම මේ වැඩේනම් ඔබතුමාට කරන්න ට හැකිවෙන බව අපට සීයට දෙසීයක් ම විශ්වාසයි.

ඇඟේ හිරිගඩු පිපී සියොලඟ ම දහදිය ගලන තත්ත්වේ ට මාව පත්වී ඇති බව මට දැනෙන්නට වූයේ ඉටි ආලේප කර පසෙකට පීරාගත් කෙස්ස අතුරින් ගලා පිටුපසෙන් හැලෙන්නට වූ දහදිය ගඟ නිසා ය. දහස් ගණන් මිලදී පොත් ගත්තත් මම ඒවා තබන්නේ පෙණුමට පමණක් බව කෙසේ නම් කියන්නද?

ඇ…ඇයි සර් මම වැරදි දෙයක් වත් කිව්වද?

මම විනාඩි දෙක තුනක් කලමණාකරුවා දෙසම රුවාගත් ඇසින් යුතුව සිටි බව දැනුනේ පසුවය. යන්තමින් හෝ සිහි එලවාගත් මම,

හ්ම්.., මේකයි මම බාසගත්තු වැඩ ගොඩක් තියෙනවා. කමක් නෑ මම කරලා දෙන්නම්කෝ. හැබැයි මට ටිකක් කල් ඕනි. කමක් නෑනේ..?

අය්යෝ කමක් නෑ. ඔබ්තුමා මේ ටික මට මාස දෙකකින් දුන්නා ම ඇති.

යන්න කලින් එක දෙයක් අහන්න තියෙනවා..?

මොකද්ද..?

දැං ඔය පරිවර්ථනය කරන්න යන පොත් වල නම් ටිකයි එව්වා ලියපු ලේඛකයොයි මට කියලා දුන්නා නම් ලොකු උදව්වක් වේවි.

අහ්.., ඒ නව මම කල් තියාම දැනගෙන තමා මම මේ වගේ ලැයිස්තුක හදලා තිබ්බේ.


කලමණාකරු ගොණුවක් තුළින් ඇද දුන්නේ හාෆ්ශීට් කොලයකි.

අපි දන්නවා ඔබේ කාලය රන් හා සමාන වන බව.

කලමණාකරුවා ට සිහින් සිනහවකින් සංග්‍රහ කල මම වාහනයට නැගුනේ පොත් ගැනීම පසෙකින් තබා ය.

මම නිවෙසට යන විටත් රසාදරී [මගේ බිරිඳ] මිතුරියක හා සංවාදයේ යෙදෙමින් සිටියා ය. ප්‍රමාද වී විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස ට අපට දරුසුරතල් බලන්නට තිබූ වරම අහිමි වුවත් වාසනාවක ට හෝ අවාසනාවක ට දෝ අපගේ නිවහන පාලුවට නොගියේ කලාලොවේ සාහිත්‍ය කලාවේ තරු චරිත අපේ නිවසට නිතරම ආව ගිය නිසා ය. ආලින්දයේ සිටි මිතුරියන් දෙදෙනා දුටු මම ඔවුන් වෙත සිනහවකින් ආචාර කර උඩුමහලේ පිහිටි මගේ අධ්‍යයන කාමරය වෙත වැදගතිමි.
නිවසෙන් යන හා එන විට සුපුරුදු ලෙස බිරිඳට සිපාචාර දක්වන මගේ ඉරියව්වල වෙනස දැනි දෝ මා කාමරයට වැදී මඳ වේලාවකින් ඇයද පැමිණියා ය.

මට හිතුන මට කිස් එකක් වත් දෙන්නේ නැතුව උඩට ආවම ඔයා මොකක් හරි ප්‍රශ්ණේක තමා ඉන්නේ කියලා. ඔයා ඔය ටයි එක බුරුල් කරගන්න, මම බොන්න මොනව හරි අරන් එන්නම්.

හරි කියන්න බලන්න දැං මොකද උනේ කියලා..?

බිරිඳ මවෙත ට දොඩම් වීදුරුවක් පාමින් පැවසුවා ය.

තම කසාද සැමියා නොසන්සුන් ව සිටින විටෙක ඔහුව කුමන අයුරින් හෝ සැනසීම සුවච බිරිඳ ක ගේ හැකියාවක් විය යුතු ය. එවැන්නියන් ගැන වූ මගේ හිතේ  මා පාදපරිචාරිකාව වූ රසාදරිය ට වූයේ අද්විතීය ස්ථානය කි.

මේකයි උනේ.., මම පොත් ගන්න ගියා පුරුදු විදිය ට ම..., ඉතින්...,

මම පූර්ණ කතාව ම ඇය ඉදිරිපිට දිග හලෙමි. එහෙත් එක ඌණතාවයක් සහිතව ය.  ඒ මම ගන්නා පොත් කියවන්නේ වෙසෙසින් ම ඉංග්‍රීසි පොත් නොකියවන බව අත හැර ය. මගේ නිවස තුල පවතින ආධිපත්‍යය මේ මුලාව නිසා මගේ ගිලිහී යතැයි සිතීම ය. මේ සියල්ල රසාදරී අසා සිටියේ නිසල වූ විලසිනි. අවසන ඈ තම මුව විවර කලේය.ඈ මදෙසට විසි කලේ එකම පශ්ණය කි; ඒ..?

ඉතින් ඇත්තට ම ඇයි ඔයාට ඔය පසුවදන ලියන එක කරන්න බැරි...?

මේකයි මම බාර ගත්ත වැඩ කීපයක් තියෙනවා එකයි මම කල්පනාකලේ...?

මට මෙහෙම උදව්වක් කරන්න පුලුවන්..!

කොහොමද? මම ඇසීමි.

ඔයා කැමතිනම් මම ඔය වෙනුවෙන් පසුවදන් ටික ලියලා දෙන්නම්. කැමතිද?
 

ඔයා කොහොමද ඔය වගේ ලොකු පොත් ගැන පසුවදන් ලියන්නේ.., අනික ඔයා කියවලත් නැති කොට.

මගේ බිරිඳ මගෙන් මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට මා මුවේ වන උපහාසවත් මඳහස අද රැඳුනේ ඈ මුවේය.

ඔයා හිතනවාද මම මේ ඔයාව බැඳපු අවුරුදු පහළොව ට ම ඔයා නැතිවෙලාවට මම ගෙදර හිටියේ  කුස්සියට වෙලා හරි.., අර ටීවී එකේ යන සෝප් ඔපෙරා ටිකේ පිහිටෙන් කියලා...?

ඔයාට වැරදිලා රැලෙක්ස්. මම සමහර වෙලාවට ඔයා ගෙන් ප්‍රශ්ණ අහන්නේ ඔයා දන්නවද කියලා බලන්න. මම දන්නවා ඔයා මට තරහෙන් උත්තර දෙනවා නම් ඒ ඔයා ඒ ගැන මෙලෝදෙයක් දන්නේ නැතිනිසා කියලත්. මොකද මම සමහර වෙලාවට ඔය ගේන පොත් ඔයා කියවන්නේ නැති බව දන්නේ ඒපොත් වල තීන්ත සුවඳ පවා ගිහින් නැති නිසා. 

ඔයා පොත් ගැන කවුරු හරි ඇහුවාම පස්සේ කියන්නම් කියලා විකීපීඩියා එක අවුස්සලා උත්තර හොයලා දෙනවා මම දන්නේ නෑ කියලා හිතන්න එපා. මරියා කැරේ කියපු සින්දුවක් සිංහලට හරවලා කවි තරඟෙක ට ඉදිරිපත් කරලා පළවෙනි තැන ගත්තු එකත් මම නොදන්නව හිතන්නත් එපා..!

මගේ හිස බමන්නට විය පොත් වෙනුවට විස්කි බෝතල් එකතුවක් නිවසේ තබා ගත්තානම් කෙතරම් අගනේදැයි සිතෙන්න ට විය.
මම හිස මේසයේ ගසා ගත්තෙමි.

"ජනපතිවරණය ට ඇත්තේ දින කිහිපයකි. ආණ්ඩුපක්ෂය මෙන්ම විපක්ෂය ද සුපුරුදු පරිදි මඩ ගසාගනිමින් සිටිති. ඡන්දය දවසට ඉතුරු වන්නේ ගොමරිටි දෙකක් උවත් මේ බව නොදත් සුවච පාක්ෂිකයෝ ගෙයින් ගෙට ගොස් මනාප හිඟති."

විශ්‍රාමික මහැදුරුතුමෙකු වූ මගේ අප්පච්චී විකල්ප පත්තරයකට ලියන්නට ගෙන අතරමඟ නවතා ලූ මේ පත්‍රිකා කැබැල්ල දකින මගේ ඇඟේ ලේ රත්වෙන්නට පටන් ගන්නේ නොදැනුවත්ව ම ය.

"ඇයි මිනිස්සු මේ වගේ දේශපාලනී කරණය වෙලා තියෙන්නේ...?"

මම මගේ හිතටම තට්ටුකරගෙන නිතොර ම අසා ගන්නා සරිලන පිළිතුරක් මට තවමත් ලැබී නැතිවා මෙන් ම මේ ගැටලුව ඉදිරිපත් කරන්න ට සුදුසු මානසිකත්වය පවතින මනුස්ස්යෙකුද තවමත් මට මුණ නොගැසුනු බැවින් මම මගේ ප්‍රෂ්ණය හිත ලාගෙන සිටිමි. අවංකව ම කියනව නම් මම දන්නා හඳුනන මේ පිළිබඳව විචික්ෂණ බුද්ධියක් තිබෙන එක අයෙකු මට මේ දැන් වුවත් හඳුනා ගන්නට පිළිවණ. ඒ මගේ අප්පච්චී ය. තවමත් අතේ තියාගෙන සිටින පත්‍රිකාව හිත බල කරන්නේ අප්පච්චී ගෙන් මේ ගැන විමසා සිටින ලෙසය. එහෙත් මේ ගැන කිසිත් නොදත් අප්පච්චී සුපුරුදු පරිදි බුදුන් වඳින්නට ප්‍රථමයෙන් මිදුල අමදිමින් සිටියි. අප ඉපදින්නටත් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දිනවල සමසමාජ මානසිකත්වය ක සිටි ඔහු තම ආචාර්ය උපාධිය නිමකිරීමෙන් පසු දේශපාලනය කරන්නට අවතීර්ණ වුවත් ඒ අවස්ථාවේදී ඔහු විශ්වාසය තැබුවේ විවෘත ආර්ථිකය මෙරට ට හඳුන්වාදුන් පක්ෂය වෙතය. වයස් ගතවන විට මගේ හිතට ආ සිතුවිල්ල නම් විවාහයෙන් පසුව වගකීම් හා යුතුකම ඔහුවටා එක් රැස් වන විට සමසමාජ මතිමතාන්තර පසුකර මනසවටා මුදල් පසුබිම්කරගත් ගැටලු රොද බඳින්නට වීම දැයි මට නිතර සිතෙයි. එහෙත් මෙතුවක්කාලයක් හරිතයට පෙම් බැඳි ඔහු හිටි වනම විකල්ප පත්තරේක ට මධ්‍යස්ත මතධාරියෙකු ලෙස ලිපි යවන්නට පෙළඹවෙන්නේ ඇයිදැයි මට ගැටලුවක් විය. අවසානයේ මම අප්පච්චී ගෙන් මේ ගැන අසන්නට ඉටා ගත්තෙමි.

ටක් ටක් ටක්...!

කවුදෝ දොරට ගසනු ඇසී කියවමින් සිටි පත්තරය පසෙකින් තබා උපැස් යුවල අතට ගත් මම සාලය පසුකර දොර අසලට යනවිටත් අප්පච්චී පමිණි පිරිස හා කතාවට වැටී අවසානය.

ලොකු මහත්තයා නන්දන මහත්තයා ඉන්නවද දන්නෑ. අපි මේ සහෝදරයෝ පිරිසක් එක්ක ආවේ මේ ළඟ එන ඡන්දෙන් අපේ අපේක්ෂක තුමා ව දිනවන්න කියලා යන්න.

මේ ළමයි ඈඳිගත්ත නං.
අපේ පුතානං ගෙදර නෑ. කමක් නෑ කියන්නටකෝ බලන්න මේ ළමයි ගේ උවමනාව මොකද්ද කියලා.
හැකියාවක් තියෙනවා නං මටත් පුලුවනි තම පමණින් උදව්වක් කොරන්න.

ලොකු මතත්තයා අපි මේ ආවේ මේ පවතින සමාජ ක්‍රමය තුලදී අපේ රට තුල අද ඇතිවෙලා තිබෙන මේ සූරකෑම මේ බඩවඩා ගැනීමේ දේශපාලනය වෙනස් කරල යහ පාලනයක් ඇති කරන රට දිනන මඟ ගැන පහදා දීල අපේ අපේක්ෂක තුමාව දිනවන කියලා ඔබතුමන් ලා වගේ ගමේ ඉන්න ප්‍රභූවරුන් ව දැනුවත් කරන්න.

පිරිස අතුරින් යටි රැවුල හා උඩුරැවුල පමණක් යහමින් වඩාගත් තරුණයෙකු ඉදිරියට පැමිණ පැවසීය. වාමාංශික දේශපාලනය ආත්මගතව කරන්නෙකුගේ ස්වරූපයට සමානව සැරසුනු ඔහුගේ අතේ මැතිවරණ පත්‍රිකා මිටියකි.

ඔය අතේ මොනවද ළමයෝ කොල මිටියක් තියෙන්නේ.

අප්පච්චී අසන්නේද උවමනාවක් නැතු ප්‍රශ්ණ ම ය. කෙලින්ම මාව හමුවුනා නම් මෙලහකටත් මාව හමුවන්නට ආ ඔවුන්ව පිටත්කර යවා අවසන් ය.

අපේ අප්පච්චී ගම කනවා අප්පා. ශිහ් මම හිටියේ නෑනේ එලියේ.

තනිවම හිතට බැනගත්තත්  අප්පච්චී මේ කරන්නට යන්නේ කුමක්දැයි මට අදහසක් නොතිබුණු බැවින් මම දොර රෙද්ද අභියසට වී අසාගෙන සිටින්නට තීරණය කලෙමි.

මූලිකවම ලොකු මහත්තයා අපි මේ ව්‍යාපෘතිය තුලින් ඉලක්ක වෙන්නේ නිර්ධන පංතියේ කම්කරුවාගේ පටන් අහස උසට මන්දිර අටවගෙන ඉන්න ධනවතා දක්වා මේ වික්ටෝරියානු ආදායම් ලැබීමේ ක්‍රියාපටිපාටිය වෙනස් කරන්න.

පත්‍රිකා මිටිය අතින් ගත් තරුණයා කතාව පටන්ගත්තේ ය.

මොකද මේ පවතින ක්‍රමය වෙන කලෙ නැත්නං අපේ දරුවන් ට වෙන්නේ ධන්වතුන්ගේ අතකොලුවක් වෙන්න. ලොකුමහත්තයා නියෝජනය කරන මධ්‍යම පන්තියත්, මම ඇතුලු මේ අපේ සහෝදර පිරිසෙන් වැඩිහරියක් ජීවත් වෙන නිර්ධන පන්තියත් යන මේ දෙකම පාගාගෙන අපේ ශ්‍රමය සූරාකන මේ ධනවාදී යකඩ සපත්තුව ගෙදර යවන්න යි අපි මේ නියෝජනය කරන කණ්ඩාවයේ මූලිකම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ.

නිකමට හිතන්න ඔබතුමා අද ඇයි මේ වගේ තමන්ගේ ජීවිතේ අවසාන කාලය මේ වගේ කිසිම වැඩක් කරන්න ට හැකියාවක් නැතුව ගෙවන්නට වෙලා තියෙන්නේ..?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

අනික අපි ගංගොඩ ආසේන් එන කොට දැක්ක ඔබතුමාගේ සහෝදරයාට අයිති ඉඩම් බොහොමයක් ම වල් බිහිවෙලා තිඑනවා මේ කට හේතුව මහත්තයා මහත්තයද ..? නෑ....!
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

දැන් බලන්න අක්කර පහේ කෑල්ලේ හදන්න යන ගෙදර විසාලත්වේ. මහත්තයාල ඉන්න මේ ගෙදරට වඩා හතරපස් ගුණයක් විතර විසාලයි.හිතන්න, මහත්තයාලට නැති වෙන්නත්ත් ඒ ගේ හදන ගොය්යට තියෙන්නත් හේතුව මොකද්ද මහත්තයා...?
පවතින ක්‍රමයේ වැරැද්ද මහත්තයා පවතින ක්‍රමයේ වැරැද්ද.

ඒක නිසා අපි මේ ගෙදරින් මේ පවතින ක්‍රමයවෙනස් කරන්න ඔබතුමාගෙන් පුංචිම පුංචි මූල්‍යමය ආධාරයක් බලාපොරොත්තු වෙනවා.

කියන දේට සංවේදී වෙමින් අපේ අප්පච්චී තවමත් දෑස වසාගෙන ධ්‍යානයක ට සමවැදුනා මෙනි.

ලොකුමහත්තයා.............?

අහ් මම මේ ළමයි කියපු දේවල් ගැන මම මේ පොඩි කල්පනාවක යෙදිලා හිටියේ. ඔය ළමයි කියපු දේවල් එක්ක අපේ ජීවිත ගැන කල්පනා කරල බැලුවා ම  ඔය ළමයි කියපු දේ කිසිම වැරැද්දක් නෑ. කොහොමත් මේ වගේ සමාජ ශෝදනයක ට ලක ලෑස්තිවෙලා තියෙන හින්දා මම මේ ළමයින් ගෙන මේ පිළිබඳව වැඩිහුර විස්තර දැන ගන්නත් එක්කම පොඩි ප්‍රෂ්ණයක් අහන්න හිතුවා. කමක් නෑ නේද..?

කිසි ගැටලුවක් නෑ මහත්තයා අහන්න. අපි ඉන්නේ ඔබ තුමන්ලා වගෙ අයට උපදේශනය හරහා උදවු කරන්න. අහන්න...?

මේකයි..,

අප්පච්චී තම ගැටලුව අහන්නට පටන් ගත්තේ ය.

ඔය ළමයි හිතන විදියට විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 4ක් ගත්වෙලත් විශ්‍රාම පඩිය ලැබුනේ නැති කෙනෙක් විදියට, වසර 30ක් පුරාවට ම නොමිලයේ දරුවන් ට සිංහල පංති පවත්වන දුප්පත් ගුරෙක් විදියට.., අද මේ වෙලාවේ ඔය ළමයි මේ ඇවිල්ලා ආධාර මුදලක් දෙන්න වත් වත්කමක් නැති නාකි මනුස්සයෙක් වෙන්නට තරම් තත්ත්වෙකට පත්වෙන්නට ඔය ළමයි හිතන විදියට හේතුව මොකක් වෙන්න බැරිද...?

එකිනෙකාගේ මුහුණට මුහුණ බලාගත් පාක්ෂිකයන් පිරිස එය ඔවුන් නොදන්නේ යැයි පැවසුවේ අප්පච්චිගෙන් පිළිතුර බලා පොරොත්තුවෙනි.

පවතින ක්‍රමයේ වැරැද්ද ළමයිනේ පවතින ක්‍රමයේ වැරැද්ද. ඔය ක්‍රමය වෙනස් වෙන තුරා මට ඔය ළමයින් ට ආධාරයක් වත් දෙන්න වෙන්නේ නෑ. ඉස්සෙල්ල අපි මේ තියෙන ක්‍රමය ට අනුගතවෙලා මුලින් ඒක හදාරමු. පස්සේ පවතින ක්‍රමය වෙස් කරන්න බලමු නේද ළමයිනේ...?

අ..අපි එහෙනම් ගිහිල්ල එන්නම් ලොකු මහත්තයා.

හා හොඳයි දෙවියන්ගේ ම පිහිටයි.

මා එළියට යනවිටත් පිරිස ගේට්ටුවෙන් එළියට යමින් සිටියේ නිසොල්මනේ ය. අප්පච්චී තවමත් නිසොල්මනේ කවිච්චිය උඩට වී වාමාංශික තරුණයා විසින් ලබා දෙන ලද පත්‍රිකාව කියවමින් සිටියේ මුවේ රැඳුනු සිහින් සිනහාවෙන් යුතුව ය.