කූඹි ජෝඩුව, ශානි හා මම

/
20 Comments

Untitled-1 සුදූ මේ බලන්න...
ඇය අසලම රැඳෙමින් දිනපතා පත්තරය කියවමින් සිටි මගේ අවධානය කොයි මොහොතේ හෝ ලබා ගන්නා නියාවෙන් ඈ මේ මට කතා කරන්නේ තුන්වෙනි වරට ය.
"මේ බලන්න මේ බිත්තියේ යන කූඹියා තව එක අණ්ඩක් කැඩිච්ච කූඹියෙක් ව ඉස්සරහා ගාත් දෙකෙන් අරන් යනවා. අරන් යනවාමත් නෙවෙයි යන්නට වාරුව දෙනවා මේ...."
හිතට දැනුනේ මඳහසක් වුව පත්තරයෙන් මුව වසාගෙන සිටි නිසාදෝ ශානි හට මගේ මුවෙහි වූ සිනහව නොපෙනුනේ යැයි මම අදටත් සිතමි. කොළඹ එක්සත් ජාතීන්හේ කාර්යාලය ඉදිරිපිට මේ දිනවල කෙරෙමින් පවතින විසූකදස්සනය ගැන වූ ලංකාදීපයේ උපුල් ලියන ගුරුදාවිග්‍රහය කියවන්නට සිතේ තදබල උවමනාව තිබුනත් ක්ෂ්ණයකින් හිත තුලින් පැන නැඟ ආ මේ උවමනාවට මුල් තැනදෙන්නට මම සිතුවෙමි.
කෝ බලන්න..
මම එය බලන්නට සැරසෙන විටත් කූඹි ජෝඩුව ගුල ඇතුලට යන්නට තවත් ඉතිරිව තිබුනේ අඟල් තුනක පමණ දුරක් නිසා හරි හැටි බලාගන්නට හැකියාව නොතිබුණත් එක කූඹියෙකු තම ඉදිරිපස අඬු දෙකෙන් වත්තම් කරගෙන යන කූඹියාගේ ඉදිරි පාද[ ඒවාට අත් කියන්නද පාද කියන්නදැයි මම අදටත් නොදනිමි] දෙක අතර මඟින් කැපී හෝ අහිමිව ගොස් තිබෙන හැටි පෙනෙන්නට විය.
අහිංසක සත්තු.., කාගේ කියලා පිළිසරණක් ද, මනුස්සයින්ට වගේ නෑ පරපුරක් තියනව කියලැයි සලකන්න කරන්න..!
මම ශානි ට ඇහෙන්නට කීමි.
ශානි මට මොනවාදෝ කියන්නට උත්සහ දැරුවත් මම පත්තරයට මූණ ඔබාගත් නිසාදෝ ඇය කතාව නවත්තා ගත්තා විය හැකිය. 
ඔයා අද වැඩට යනවද..?
හ්ම්
එහෙනං මම අද නිශාලගේ ගෙදරට ගිහින් එන්නද..?
හ්ම්

මගේ හූමිටි තැබීම ම ඇය පිළිතුර බවට හරවාගෙන කනප්පුව මත වූ පානය කර අවසන් වූ තේ කෝප්පයේ රැඳි මණ්ඩි ටික මිදුලට විසිකරමින් යන්නට හැරුණාය.
අද මට වැඩට යන්න වෙන්න වෙයි වගේ..!
මම උස් හඬින් ශානිට ඇහෙන්න කිව්වේ ඇයගේ කුමක් හෝ ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනි..!
ඇයි ඔයා දැන් කීවේ ගෙදර ඉන්නවා කියල නේ..?
මම කිව්වේ හ්ම් කියලා විතරයි.., යනවද ඉන්නවද කියලා මම කිව්වේ නැහැනේ..?
කරන්නදෙයක් නැහැ මට නිශාලගේ ගෙදර යන්නම වෙනවා..!
එතකොට ගෙදර ඉන්නේ කවුද..?

මම ඇසීමි..!
අනේ ප්‍රියත් මම කියන දේ තේරුම් ගන්නකෝ..!ලබන සතියේ නිශාගේ නංගීගේ වෙඩින් එක මම එයාට ප්‍රොමිස් වුනා අද එනවාමයි කියලා ඒකයි..!

කෙල්ලෙකුගේ තරහාව මුහුණපුරා යන්නට වූ කල ඒ රත් පැහැති ගතිය කැපී ඉදිරියට එන්නේ මහත් පුදුමාකාර විදියට බව මට හිතුනේ වරක් දෙවරක් නොවේ..! විශේෂයෙන් ශානි වැනි කෙල්ලකගේ ඒ ගතිය හොඳින්ම පෙනේ..!
හරී හරී දැන් කූල්ඩවුන් වෙන්න මම කිව්වේ නැහැනේ ඔයාට යන්න එපා කියලා
මම ශානිගේ තරහ අඩුකිරීමේ අදහසින් කීමි..!
ඔයා ඔයවගේ මෝඩකතා කියනකොට මට කොහොමත් තරහ යනවා ප්‍රියත් අනික ඔයා හොඳටම දන්නවා ඒක..!
කෙල්ලන්ගේ අකමැතිම ගතිය තමයි මේක උන් හිතන්නේ උන් කියන හැමදේට ම පිරිමි අපි එකඟ විය යුතුයි කියා ය..! මම මට ම කියාගතිමි..!

එහෙනම් මෙහෙම කරමු.. මම වැඩට යනවා ඔයා ශානිලගේ ගෙදර යන්න මම හවසට ඔයාව පික් කරගන්නම්..! එපා මම කලින් එනවා..! යතුර සුමී ඇන්ටිලගේ ගෙදරින් තියන්න එහෙනම්..!
හ්ම්
මීට විනාඩි කිහිපයකට කලින් ඈ ඒ තනි අකුරේ පිළිතුරෙන් සෑහීමට පත් වුනලෙසම මටද ඒ ලෙසම සෑහීමට පත්වන්න ට සිදුවිය.
මොන තරම් හිත් කහට තිබුණත් ඔෆීසියේ සිට ගෙදරට දහවලට දිරකතන ඇමතුමක් දෙන පුරුද්ද ශානි හා දබරයක් වී දවසකට වත් අත හැරගත නොහැක්කේ ඈ ආදරය මා වෙත ලැබේදැයි නොදන්නවා උනත් එක්තර කලෙක මම ඇයට හදවතින්ම ආදරය කල බව හා දැනටත් මම ඇයට ඒ ආලය හිතේ කුමන කොණක හෝ තිබෙන බැව් දැනෙන්නට වූ බැවිණි...!
හලෝ...?
එහා කෙළවරින් තරමක ගෝසාවක් සමඟ බවලත් හඬක් ඇසෙන්නට වූ බැවින් මම ඒ ශානිගේ අම්මා බව අඳුණා ගතිමි.
අම්මේ කෝ ශානි..?
අනේ පුතේ ශා...ශානි ට..,
ඉතිං මොකෝ...,ශානිට මොකද..?
මගේ යකා අවුස්සන්නේ නැතුව කියනවද..?

එහා කොණෙන් වූ ඉකිය නිසා කොතනක හෝ වැරදීමක් සිදුවීමක් ඇතිවී ඇති බව ඉවෙන් මෙන් ඔලුවට එන්න විය..! අන්තයේ වූ රිසිවරය තවත් අතකට මාරු වූ බවත් මතකය..,
පුතා මේ රත්න මාමා..,
දුවට පොඩ්ඩක් අසනීපයි වගේ.., නිශාලා ආසිරි සර්ජිකල් එකට අරන් ගිහින්..! අපිත් දැන් යන්න හදන්නේ ඔයා එතනට එන්න...!

රිසිවරය තැබිණි. මම රෝහල වෙත එනවිට ඇමතුමින් පෑ බාගෙකට වඩා ගෙවී තිබිණි. ඒත් ඒ අතර වූ දේ මට අදටත් හිස්තැනකි.

අම්මා, අයියා, අප්පච්චී, රත්න මාමා ආදී අය වාට්ටුවෙන් පිටතට වූ සිටිති..! මා දුටු විට ම හැමටම පෙර රත්න මාමා මා වෙතට පැමිණ මාව පැත්තකට පැමිණ යන්නට විය..,
මේකයි පුතා..,
මේක අහලා කලබල වෙනවා එහෙම නෙවී තේරුණාද..?
නියම පිරිමියෙක් වගේ මූණ දීපන් හරිය..?
ශානිව නිශාලගේ ගේ ගාවදී ඇක්සිඩන්ට් වෙලා.., පොඩ්ඩක් අමාරුයි..! එයාලා එහෙමම මෙහෙට අරන් ඇවිල්ලා..! කෙල්ල දැන් සර්ජරි එකේ..! හොඳ වෙලාවට මෙහේ නිශාලගේ මාමා ඉන්නේ..!
මේකට මූණ දීපන් හරිය..?
මම නිහඬවම ඔලුව වැනීමි. කරන්නට කිසීම දෙයක් ඉතුරු වී නැති. ඇත්තේ කුමකින් කුමක් වේදෝහෝයි බලා ඉඳීම පමණෙකි..
මිස්ටර් ප්‍රියත් ජයවර්ධන..?
ඔව් මම තමා..!!
කොහොමද ඩොක්ටර් ලෙඩාට..?
දැං තමා සර්ජරි එක ඉවර වුනේ..! පේශ්න්ට් ගේ කකුල ගොඩගන්න බැරි තරමට ඩැමේජ් වෙලා..!! පොඩි නැහැනේ ඇක්සිඩන්ට් එක..! ඉතින් අපිට දනහිසෙන් පහල කොටස අයින් කරන්න සිද්ධ වුනා..! නැතිනම් පේෂ්න්ට් ව අපිට බේරගන්න අමාරු වෙනවා..!
අයෑම් සෝ සොරි මිස්ටර්

මම දෑත් හිස ගසාන බිම ඉඳගතිමි.., දුක වේදනාව අතරම කම්පන වලට මුහුණ දීමට මම මේතරම් දුර්වල ඇයිද යන ගැටලුව එක වරම හිතට ඇති විය..!!!

................................................................................................

ශානිත් මමත් අතරින් කාලය ගලා යනවේගය ඉතා අඩු වුව.., මම ඇයට දක්වන සැලකිල්ල දස දහස් ගුණයකින් වැඩි වී ඇති වග මට හැඟේ..!
අනතුරත් සමඟ සිය පාදය අහිමිවීම නිසාවෙන් ශානි ගේ හැසිරීම් වල විශාල වෙනසක් වී ඇති වග කෙනෙකුට එක වරම නොදැනුණත් ඈ සිතැතුල වන් වෙනස වඩාත්ම දැනෙන්නේ මට ය...! වෙනදාට කෑගසා ගේතුල එහේ මෙහේ දුවන යුවතිය අද රෝදපුටුවකට වී ඉස්තෝප්පුව එපිටින් පෙනෙන කුරුවිට කඳු පෙළ දිහා නෙත් යොමාගෙන නිහඬව සිටියි.., වෙනදාට හරසුන් බොළඳ පෙම් කතා කියවන්නී අත අද නිතොර රැඳෙන්නේ බණ පොතකි නොඑසේනම් මැහුමකි..! මේ පාලුව මට තවත් දරාගන්නට හැකියාවක් තවදුරටත් ඇතිදැයි මම නොදනිමි..! ඒ සම්බන්ධයෙන් මම මාව පරික්ෂාවට ලක් කරගන්නට කුමනාකාරයක වත් උවමනාවක් නැති..! මා ශානි වෙනුවෙන් සිටිය යුතුයැ..! වෛද්‍ය වාර්ථාවලට අනුව ශානිගේ මානසිකත්වය නැංවීම පිළිබඳ උපදේශනය ලබා ගැනීම අනිවාර්යය වී තිබුණි. එහෙත් මම එයට විරුද්ධ වීමි..! මගේ බිරිඳට අවශ්‍ය මානසික සහනය ලබාදෙන්නට හැක්කේ මට පමණක් වග මම මුලුසිටම ඇදහුවෙමි. ඇය කැමති තැන් වලට ඇය එක්කගෙන යාම හා ඇය හා නිතරම රැඳීසිටීම තනිකම බෙදාගැනීම මම කලේ කැමැත්තෙනි.

............................................................................................

අනතුරින් මේ වෙනවිට මාස තුනකටත් වඩා ගෙවී ඇති.., මම මගේ ප්‍රියතම දිනපතා පත්‍ර අතර ආසාම කරන ලිපිය වූ ගුරුදාවිග්‍රහය කියවමින් සිටියෙමි.
සුදූ මේ බලන්න………….,
මොකද්ද ශා...?

මම පත්තරය පසෙක තබා ඇයවෙතට ගියෙමි.
මේ කූඹියා තව එක අණ්ඩක් කැඩිච්ච කූඹියෙක් ව ඉස්සරහා ගාත් දෙකෙන් අරන් යනවා.
අහිංසක සත්තු මම කීමි..!!!
තවත් වරක් ඒ දෙස බලන විට ඒ දෙස බලන විට මේ එදා ශානි පෙන්වූ යුවලම බව මට සපථ විය.
මගේ මුවට නැගුනේ මදහසකි..!
ඇයි හිනාවෙන්නේ..?
ඒ ශානි ය.
හරියට අපි දෙන්නා වගේ නේද..? ඇය නිහඬව ඇසුවා ය.
ඒ දෙන්නටත් ඒ දෙන්න විතරයි.., අපි දෙන්නටත් අපි දෙන්න විතරයි...! ඒත් මට බයක් නැහැ ප්‍රියත්.. මම දන්නවා ඔයා මාළඟ හැමදාම වග..! මේ කකුල නැති එක මට එක විදිහක වාසනාවක්..! මම ඇවිදින කොට මට ඔයාව හරියට දැනුනේ නැහැ..! ඒත් දැන් ඔයා සම්පූර්ණයෙන් ම මගේ. මට ඒක දැනෙනවා..!

හිත මහා නිදහසකින් පිරීයනවා දැනෙන්නට විය. ආදරය කරන අයෙකුගේ මුවෙන් පිට වන්නට හැකි ඉතාම අවංකම අදහස් පෙළ වදන් වලින් මම අසමින් සිටිමි..! අත් විඳිමි..! මිනිස් ලොව තුල අපි කූඹි යුවලක් වුව අප දෙදෙනාගේ ආදරය හිත් අතර මහමෙරකි..!



You may also like

20 comments:

  1. අඩේ ලිශා...
    පට්ට...
    හදවතට දැනුනා හොඳටෝම...

    ReplyDelete
  2. මරු ලියැවිල්ලක්....

    ReplyDelete
  3. හරිම අපූරුයි ලිශ්!!!

    ReplyDelete
  4. ඇත්තටම මචං සරළයි.. හැබැයි ලස්සනයි.!

    ReplyDelete
  5. මචං..... කෙසේ වෙතත් විශිෂ්ඨයි....මේ ආදරයට මම හරිම කැමතියි.

    ReplyDelete
  6. හ්හ්ම්ම්ම්ම්ම්...
    එක්සලන්ට් කියලා කිව්වැකි.
    :)

    ReplyDelete
  7. wonderful...this is love...<3

    ReplyDelete
  8. දුක්බරයි ඒත් හැඟීම් බරයි

    ReplyDelete
  9. කියන්න වචන නෑ, මුකුත් නොකිය ගියොත්‌ හරි නෑ.

    ReplyDelete
  10. මේක කියවද්දි මට මතක් උනා මේ ළඟඳි අපේ නෑදැවෙන අයියා කෙනෙක් බඳින්න හිටිය ගෑණු ළමයා වෙඩින් කාර්ඩ්ස් බෙදන්න බයික් එකේ යන කොට ඇක්සිඩන්ට් වෙලා කකුල කපන්න උනා.. මෙච්චර කල් මට ඒක ආරන්චියක් විතරයි.. ඒත් මේ කතාව කියවද්දි ඒ දෙන්නගේ හිත කොයිවගේද කියලා මට මොහොතකට දැනුනා.. නියමයි ලිෂ්..!

    ReplyDelete
  11. මල්ලියා . . මේක හරිඅම් අපූරුයි . . . බ්ලොග් අවකාශේ අපිට විතරක් නෙවෙයි සියළුම දෙනාට රසවිඳින්න ඇහැක් වෙන්න පත්තර දෙක තුනක කෙටි කතා සංග්‍රහ වල පල කරන්න කියලා යවන්න බැරිද . . .

    ReplyDelete
  12. කියල වැඩක් නෑ මලේ... ආදරේ ගැන අළුත් විදියකට හිතන්න උගන්නනවා වගේ.

    ඇත්තටම දැනුනා ඒකනං..

    -ජය

    ReplyDelete
  13. සිරා කතාව...

    ReplyDelete
  14. හරිම හැඟීම්බරයි මල්ලි ඒ කතාව... ඔයා ලියන, දකින අමුතුයි කියන්නත් බැරි, ඒත් විශේෂ විදිහ ඒ කතාව පුරාම තියෙනව...

    ReplyDelete
  15. ම‍ට කියන්න දෙයක් මතක් වුනොත් නැවත් කියන්නම් දැනට නම් කියාගන්න බෑ...

    ReplyDelete
  16. ... ඈ ආදරය මා වෙත ලැබේදැයි නොදන්නවා උනත් එක්තර කලෙක මම ඇයට හදවතින්ම ආදරය කල බව හා දැනටත් මම ඇයට ඒ ආලය හිතේ කුමන කොණක හෝ තිබෙන බැව් දැනෙන්නට වූ බැවිණි...!

    ReplyDelete