පසුවදන

/
12 Comments

මගේ නිවසට යන එන අය, මුලින් ම බලන්නේ මගේ පොත් රාක්කය දිහා ය. මහා අනර්ඝවත් වූ පොත් දහස් ගණනකින් සමන්විත පොත් රාක්කය දෙස බලන සමහරු..,

ඔයා හරිම පොත පතට ලැදි කියවන මනුස්සයෙක් නේ.., පිටින් බැලුවම හිතන්නවත් බෑ ඔයා මේ තරමට පොත් කියවනවද වත් කියලා.

කියද්දී මම කරන්නේ රාක්කයට පිටදීගෙන  සිහින් සිනහවෙන් යුතුව උපේක්ෂාවෙන් ඒ කීදේ අනුමත කිරීමයි. ඇත්ත වශයෙන් ම මේ තියෙන සියලුම පොත් මා විසින් කියවා නැති වුවත් මගේ විශය වූ ග්‍රන්ථකරණය ට අවැසිවෙන නිසාවෙන් ම මම සමහර පොත් මම ම මිලදී ගතිමි. බොහෝවිට මට විවිධ පොත් එළිදැක්වීමේ උළෙලවල් වලින් ආරාධනා පත් ලැබෙන විට මම කරන්නේ ඒ බව මගේ දින පොතෙ සටහනකර ගැනීමයි. එවිට ඒවා මගෙන් අත නොහැරෙන සුලු ය. තවද මම ඒවාට යන්නේ රචකයා ගැන වූ අවබෝදය නිසා ම නොව මට නොමිලයේ ම පොතක් මා සතු කර ගත හැකි එකම අවස්ථාව එයම පමණක් වන බැවිණි. අවංකවම කිවහොත් මම පොත් කියවන්නේ නැති වුව පොත් එකතු කිරීම මගේ එකම විනෝදාංශය යැයි කිවිය හැකිය.

ඔයා මේ තරම් පොත පතට අවංකව ම ආදරය කරනවා නම් ඇයි ඔයා මේ පොත් පත් ගැන විචාරයක් වත් ලියන්නේ නැත්තේ.., එහෙම කරන්න ඔයාට පුලුවන් කමක් තියෙනවා නම් ඔයාව ලේඛකයෙක් විදිහට විතරක් නෙවෙයි විචාරකයෙක් විදිහටත් ප්‍රසිද්ධ වේවි කියලා මට හිතෙනවා.

මගේ බිරිඳ මට මේ බැව් කීවේ වරක් දෙවරක් නොවේ. නවතම පොත් දොරට වැඩීමක ට සහභාගි වෙන්නට සැරසෙන හැමවිටෙක ම ය. ලියන්න කියන්නට ඇති හැකියාවක් ගැන නොදනිතත් පොතක් මතුපිටින් බලා එහි ගුණදොස් ටක්කෙට ම පැවසීමේ හැකියාව මගේ බිරිඳ ලැබුවේ කොහේන්දැයි අප විවාහය ට ඇතුලත් වී පහළොස් වසක් ගතවීත් මට සොයාගන්නට නොහැකිවීම මම පෞද්ගලිකව ම ලජ්ජාවට පත්විය යුතු කාරණාවක් වුවත් මගේ බිරිඳ මා තුල පවතිතැයි (ඇය) සිතන හැකියාවන් ඇය විසින් ම ස්වයං අධිනිෂ්චය කරගැනීමේ වාසනාව කරණකොට ගෙන මම කියන හැම දෙයක් ම ඇය පිලිගන්නේ හිස මුදුනෙන් තබාගන ය.

මව් පස හා පිය පසින් ලැබුණු දායාද වල බල මහිමයත් මගේ පෙර පිනට මගේ අතින් ලියැවී ඇතැයි මා අදටත් විශ්වාස කරන සාහිත්‍යම ය වටිනාකමක් ඇති පොත්පත් හා ලේඛන වලටත් පින් සිද්ද වෙන්නට, මසකට එකහමාරක ට වරක් නගරයේ ප්‍රකට පොත් මැඳුරු වලින් මම පොත් මිලදී ගන්න ට මා හුරුවී ඇත්තේ රුපියල් දහස් ගණන් මිල ගෙවාය. මේ නිසා ම මාව මේ පොත් මැඳුරු වල සේවකයන් ට හුරුපුරුදු ය.

අහ්..! සර් එන්න එන්න…, අලුත් පොත් වගයක් ගැන කතා කරගන්න ට අපේ මැනේජර් සර් ඔබතුමා එනකං බලා ඉන්නවා.

දිනක් මා නැණස පොත් හලට ගොඩවැදුනු ක්ෂණයේ ම., මා හඳුනාගත් වෙලඳ සලේ සේවකයෙක් මා හමුවී කීවේය. අලුත් පොත් පිලිබඳව සොයා බැලීම පසෙකින් තබා මම සේවකයා පසුපසින් මැනේජර් ගේ කාර්යාලය පරිස්‍රය වෙත ගියෙමි.

ආයුබෝවන්. මට මේ ළමයා කිව්වා ඔබතුමාට මාව හමුවෙන්නට උවනාවක් තිබෙනවා කියලා.

මම වෙළඳ සල් සේවකයාව පෙන්වමින් කීවෙමි.
ආ...ඔව් සර්..,

මේකයි මම කෙලින් ම කාරණාවට බහින්නම්කෝ. අපේ සමාගමේ ම අනුබද්ධිත ව මුද්‍රණාලයක් පවත්වාගෙන යනවා කියලා ඔබතුමා දැනටමත් දන්නව ඇති මම හිතන්නේ...,

"මොකෝ මම නොදන්නේ මුලු රටම දන්නවා නේ නැණස ප්‍රින්ටර්ස් ගැන" කියා කියන්න ට සිතුනත්

අහලා තිබ්බ බවට මතකයක් නං නෑ කමක් නෑ කියමුකෝ බලන්න

හ්ම් ඒකත් එහෙමද..?

මදක් කෙස්ස අඩුතට්ටය කසාගත් මැනේජර් නැවත්ත් සුපුරුදු පරිදි කතාව පටන් ගත්තේ ය.

ඉතින් අපි තීරණය කරලා තිබෙනවා අලුතින් දොරට වඩින පොත් කිහිපයකට ඔබතුමා ලවා පසුවදන් කිහිපයක් ලියාගන්න ට. මම හිතනවා සාහිත්‍යට අපිරිමිතව ආදරය දක්වන ප්‍රසිද්ධ ලේඛකයෙක් විදිය ට, මේ පුංචි උපකාරය ඔබතුමා කරාවි කියලා. 

මොකද මේ පොත් අපි විශේෂයෙන් ම පුරා මාස තුනක් ඇතුලත ඉංග්‍රීසි ප්‍රබන්ධ අංශයෙන් ඔබතුමාගේ පෞද්ගලික පරිහරණය සඳහා මිලදීගත්තු පොත් අතුරින් තමා අපි මේ පොත් කිහිපය තෝරා ගත්තේ., මේ පොත් ඔබතුමා මීට පෙර කියවල ඇති බවට සැකයක් නෑ. ඒ නිසා ම මේ වැඩේනම් ඔබතුමාට කරන්න ට හැකිවෙන බව අපට සීයට දෙසීයක් ම විශ්වාසයි.

ඇඟේ හිරිගඩු පිපී සියොලඟ ම දහදිය ගලන තත්ත්වේ ට මාව පත්වී ඇති බව මට දැනෙන්නට වූයේ ඉටි ආලේප කර පසෙකට පීරාගත් කෙස්ස අතුරින් ගලා පිටුපසෙන් හැලෙන්නට වූ දහදිය ගඟ නිසා ය. දහස් ගණන් මිලදී පොත් ගත්තත් මම ඒවා තබන්නේ පෙණුමට පමණක් බව කෙසේ නම් කියන්නද?

ඇ…ඇයි සර් මම වැරදි දෙයක් වත් කිව්වද?

මම විනාඩි දෙක තුනක් කලමණාකරුවා දෙසම රුවාගත් ඇසින් යුතුව සිටි බව දැනුනේ පසුවය. යන්තමින් හෝ සිහි එලවාගත් මම,

හ්ම්.., මේකයි මම බාසගත්තු වැඩ ගොඩක් තියෙනවා. කමක් නෑ මම කරලා දෙන්නම්කෝ. හැබැයි මට ටිකක් කල් ඕනි. කමක් නෑනේ..?

අය්යෝ කමක් නෑ. ඔබ්තුමා මේ ටික මට මාස දෙකකින් දුන්නා ම ඇති.

යන්න කලින් එක දෙයක් අහන්න තියෙනවා..?

මොකද්ද..?

දැං ඔය පරිවර්ථනය කරන්න යන පොත් වල නම් ටිකයි එව්වා ලියපු ලේඛකයොයි මට කියලා දුන්නා නම් ලොකු උදව්වක් වේවි.

අහ්.., ඒ නව මම කල් තියාම දැනගෙන තමා මම මේ වගේ ලැයිස්තුක හදලා තිබ්බේ.


කලමණාකරු ගොණුවක් තුළින් ඇද දුන්නේ හාෆ්ශීට් කොලයකි.

අපි දන්නවා ඔබේ කාලය රන් හා සමාන වන බව.

කලමණාකරුවා ට සිහින් සිනහවකින් සංග්‍රහ කල මම වාහනයට නැගුනේ පොත් ගැනීම පසෙකින් තබා ය.

මම නිවෙසට යන විටත් රසාදරී [මගේ බිරිඳ] මිතුරියක හා සංවාදයේ යෙදෙමින් සිටියා ය. ප්‍රමාද වී විවාහ වීමේ ප්‍රතිඵලයක් ලෙස ට අපට දරුසුරතල් බලන්නට තිබූ වරම අහිමි වුවත් වාසනාවක ට හෝ අවාසනාවක ට දෝ අපගේ නිවහන පාලුවට නොගියේ කලාලොවේ සාහිත්‍ය කලාවේ තරු චරිත අපේ නිවසට නිතරම ආව ගිය නිසා ය. ආලින්දයේ සිටි මිතුරියන් දෙදෙනා දුටු මම ඔවුන් වෙත සිනහවකින් ආචාර කර උඩුමහලේ පිහිටි මගේ අධ්‍යයන කාමරය වෙත වැදගතිමි.
නිවසෙන් යන හා එන විට සුපුරුදු ලෙස බිරිඳට සිපාචාර දක්වන මගේ ඉරියව්වල වෙනස දැනි දෝ මා කාමරයට වැදී මඳ වේලාවකින් ඇයද පැමිණියා ය.

මට හිතුන මට කිස් එකක් වත් දෙන්නේ නැතුව උඩට ආවම ඔයා මොකක් හරි ප්‍රශ්ණේක තමා ඉන්නේ කියලා. ඔයා ඔය ටයි එක බුරුල් කරගන්න, මම බොන්න මොනව හරි අරන් එන්නම්.

හරි කියන්න බලන්න දැං මොකද උනේ කියලා..?

බිරිඳ මවෙත ට දොඩම් වීදුරුවක් පාමින් පැවසුවා ය.

තම කසාද සැමියා නොසන්සුන් ව සිටින විටෙක ඔහුව කුමන අයුරින් හෝ සැනසීම සුවච බිරිඳ ක ගේ හැකියාවක් විය යුතු ය. එවැන්නියන් ගැන වූ මගේ හිතේ  මා පාදපරිචාරිකාව වූ රසාදරිය ට වූයේ අද්විතීය ස්ථානය කි.

මේකයි උනේ.., මම පොත් ගන්න ගියා පුරුදු විදිය ට ම..., ඉතින්...,

මම පූර්ණ කතාව ම ඇය ඉදිරිපිට දිග හලෙමි. එහෙත් එක ඌණතාවයක් සහිතව ය.  ඒ මම ගන්නා පොත් කියවන්නේ වෙසෙසින් ම ඉංග්‍රීසි පොත් නොකියවන බව අත හැර ය. මගේ නිවස තුල පවතින ආධිපත්‍යය මේ මුලාව නිසා මගේ ගිලිහී යතැයි සිතීම ය. මේ සියල්ල රසාදරී අසා සිටියේ නිසල වූ විලසිනි. අවසන ඈ තම මුව විවර කලේය.ඈ මදෙසට විසි කලේ එකම පශ්ණය කි; ඒ..?

ඉතින් ඇත්තට ම ඇයි ඔයාට ඔය පසුවදන ලියන එක කරන්න බැරි...?

මේකයි මම බාර ගත්ත වැඩ කීපයක් තියෙනවා එකයි මම කල්පනාකලේ...?

මට මෙහෙම උදව්වක් කරන්න පුලුවන්..!

කොහොමද? මම ඇසීමි.

ඔයා කැමතිනම් මම ඔය වෙනුවෙන් පසුවදන් ටික ලියලා දෙන්නම්. කැමතිද?
 

ඔයා කොහොමද ඔය වගේ ලොකු පොත් ගැන පසුවදන් ලියන්නේ.., අනික ඔයා කියවලත් නැති කොට.

මගේ බිරිඳ මගෙන් මෝඩ ප්‍රශ්ණයක් ඇසූ විට මා මුවේ වන උපහාසවත් මඳහස අද රැඳුනේ ඈ මුවේය.

ඔයා හිතනවාද මම මේ ඔයාව බැඳපු අවුරුදු පහළොව ට ම ඔයා නැතිවෙලාවට මම ගෙදර හිටියේ  කුස්සියට වෙලා හරි.., අර ටීවී එකේ යන සෝප් ඔපෙරා ටිකේ පිහිටෙන් කියලා...?

ඔයාට වැරදිලා රැලෙක්ස්. මම සමහර වෙලාවට ඔයා ගෙන් ප්‍රශ්ණ අහන්නේ ඔයා දන්නවද කියලා බලන්න. මම දන්නවා ඔයා මට තරහෙන් උත්තර දෙනවා නම් ඒ ඔයා ඒ ගැන මෙලෝදෙයක් දන්නේ නැතිනිසා කියලත්. මොකද මම සමහර වෙලාවට ඔය ගේන පොත් ඔයා කියවන්නේ නැති බව දන්නේ ඒපොත් වල තීන්ත සුවඳ පවා ගිහින් නැති නිසා. 

ඔයා පොත් ගැන කවුරු හරි ඇහුවාම පස්සේ කියන්නම් කියලා විකීපීඩියා එක අවුස්සලා උත්තර හොයලා දෙනවා මම දන්නේ නෑ කියලා හිතන්න එපා. මරියා කැරේ කියපු සින්දුවක් සිංහලට හරවලා කවි තරඟෙක ට ඉදිරිපත් කරලා පළවෙනි තැන ගත්තු එකත් මම නොදන්නව හිතන්නත් එපා..!

මගේ හිස බමන්නට විය පොත් වෙනුවට විස්කි බෝතල් එකතුවක් නිවසේ තබා ගත්තානම් කෙතරම් අගනේදැයි සිතෙන්න ට විය.
මම හිස මේසයේ ගසා ගත්තෙමි.



You may also like

12 comments:

  1. හක් හක් හා...........
    මං ඒ කතාවට ආසයි ලිෂ්..

    මාත් ඔය කියන ලේඛකයා වගේ සමහර වෙලාවට.... අළුත්ම Research papers එකතු කරනවා.. ඒවා මේසේ පුරාම දාලා තියෙනවා.. ඒවා දැක්කාම මට චූන්.. ඒත් කියවන්නේ මට ඕනේ ඒවා විතරයි.. ඔක්කොම කියවන්නේ නෑ..

    කවුරු හරි ඔයින් එකක් ගැන ප්‍රශ්නයක් ඇහුවාම 'හබක්' තමා... මයිල් ඔක්කොම කෙළින් වෙනවා.. ඒත් ඉතිං කොහොම හරි, පස්සේ ඒවා කියවලා උත්තර දෙනවා...

    ReplyDelete
  2. පිස්සු හැදෙනවා ලිෂ් . . . .

    ජීවිතයක තිත්ත ඇත්තක් මේ තරම් තාත්විකව ලියන්න උඹට මොන තරම් නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනද බං . ..

    මගේ ගෙදර ඔය වගේ උසස් එකතුවක් තියෙනවා . . . චිත්‍රපටි . . ඩීවීඩී . . සමහර ඒවා මම බලලත් නෑ . . සමහර ඒවා බැලුවත් තේරෙන්නේ නෑ . . ඒත් මම ආසයි ඒවා ගෙදරට එන අයට පේන්න තියලා තියන්න . . එතකොට එයාල "අම්මෝ මේ මනුස්සයා මාර කලා නිර්මාන නේ බලන්නේ . . " කියලා හිතයි කියන එක මට මාර මෝඩ චූන් එකක් බං . .

    තවදෙයක් මතක් වුනා මගේ මිතුරෙකුගේ ගෙදර හම් බැම්මෙන් බැඳපු ලොකු එන්සයික්ලෝපීඩියා එකක් තිබුනා . .. මම ඒක ගැන ඇහුවාම මිත්‍රයා දුන්නෙත් "ඔව් ඔව් ගෙදරට එන අය මම මේවා බලන කෙනෙක් කියලා හිතයි කියන එක මාර ජොලියක්" කියන පිලිතුරයි . . .

    ReplyDelete
  3. අඩේ පිස්සෝ උඹයි මායි එකම වෙලවේ කමෙන්ට් කලේ . . හික් හික්

    ReplyDelete
  4. ඔය තියෙන්නේ!! හරි අපූරුයි නෙ.

    ReplyDelete
  5. හරිම ෙෂා්ක්.

    ReplyDelete
  6. මම ආසයි කතාවට..හොද නිර්මාණයක්..

    ReplyDelete
  7. ගොඩක් හොඳ නිර්මාණයක්. හරිම අපුරුයි. :)

    ReplyDelete
  8. එකක් ෂුවර්, මේක පරිවර්තනයක් හෝ කෙහේවත් එකක් නෙමේ කියලා! ;)

    නියමයි අති විශ්ෂඨයි මේක නම්!!!

    ReplyDelete
  9. හැබෑට මාත් පොත් සේරම අයින් කරලා, බෝතල් එකතු කරන්න පටන් ගන්නවා එතකොට අඩුම ගානේ කවුරු හරි ඇහුවම ඒකේ රසවත් කියන්න බැරියෑ

    ReplyDelete
  10. මරු, විස්කි ගබඩාවක් තිබ්බ එහෙම නම්,

    ඔය හිතනවද අනේ ඔය වැඩට ගියම මම තේ කහට බිබී ඉන්නව කියලා...
    එළ සහෝ

    ReplyDelete