හැරයාම..

මම ඔයාගේ ඩිවෝස් පේපර්ස් ටික මේල් කරන්නම්..!
ගුඩ් ලක්..!

 

ජීවිතය මොනතරම් කරුමයක්, මේ වගේ දෙයක් මේ ආත්ම භවයේම වන්නට.., කරන්නට උවමනාදැයි මම මගෙන් ම අසන්නට පටන්ගතිමි.., ඒ ඊමේල් පණිවුඩය නොබැලුවානම් කෙතරම් හොඳදැයි මට සිතේ.., මීට සුලු මොහොතකට කලින්  face book හී update කල relationship ස්ටේටසයට සුභ පැතුම් ඕසේට ගලා එන්නේ දැන් ය..,

 

මම සිගරට්‍ටුවක් පත්තු කරගත්තේ  ආයාසයෙනි.
“විවාහ” වූදා සිට සිගරට් වලට සමුදුන්නත් මේ අවස්ථාවේ හැටියට වෙනත් stress releasing tool එකක් හොයා ගැනීම උගහට විය.


අපි බඳිමු..,
මේ හදිස්සියේ?
ඔව්.., ඇයි? දැන් අපි දෙන්න එකතුවෙලා මාස 6කටත් වැඩීනේ..?
ඒත්........
ඇයි ඒත් මොකෝ?
මට..........ඔයාව....
ඉතින්
තාම තේරුම්ගන්න බැහැ..,කසූ.....

 

යෝජනාව මගේය.., ඒත් ප්‍රතීක්ෂේපය ඇයගේ ය.
කොහොමත් ගෙවුණු සය මස තුල ඇය මගේ තීරකයා විය.
මම ඒ පිළිපදින්නා වීමි..,මේ තීරණයේ හැරෙන්නට..,

 

මාව තේරුම් ගන්න බැහැ කියන්නේ මොන හේතුවක් නිසාද නිරූ..,
මන්දා.., මට..,මට.., හිතෙනවා ඔයා මා එක්කලා ඉන්නවා වගේම තව ගෑණියෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවා කියලා...,


ඇය වචන දමා ගසන්නේ ආයාසයෙනි.., එහෙත් ඉලක්කයට ය..
මේ කැස කවන්නේ මගේ පලමු පෙම්වතියගේ මිණීවල ගොඩැලීමට ය.

 

ඔයා ඔය හදන්නේ සුරංගි ගැන අහන්න නම් නිරූ කරුණා කරලා නවත්ත ගන්න..!

ගිණි කන වැ‍ටුනු නෙතින් යුතුව මා දෙසට කාඩා පැන්නේ නිරූ ය..,


මේ ගෑණි  ගැන මම වචනයක් හරි කියනකොට තමුසෙට මරුවා ආවේස වෙන්නේ ඇයි කියලා මම දන්නවා කසුන්ක..,තමුසෙට උවමනා කරන්නේ මාව බඳින්න නම් ඉන්නවා මම හෙට එන්නම්.., අපි බඳිමු..,

ඔයා ඔය තරම් නපුරු වෙන්න එපා   මම ඔයාට කිව්වේ මගේ හිතේ තියෙන දේ.., ඒකයි.

හරි.., හෙට අපි බඳිමු.., මම හිටියේ මේ ප්‍රෂ්ණ ඔක්කොම  විසඳ ගත්තායින් පස්සේ මේ ගැන හිතන්න..,
කමක් නෑ.., ඕන දෙයක් වෙච්චාවේ.., අපි බඳිමු..!

 

කොහොමත් ඈ මගේ තීරකයා ය. මම කලේ අදහසක් දැමීම පමණි.., තීරණය ක්‍රියාත්මක කිරීම ඇය දැනටමත් පටන් ගෙන ඇත.


මට තමුසෙට බොරු කරන්න තිබුණා ඒත් මම ඇත්ත කිව්වේ.., රිද්දන්න උවමනාව තිබ්බා නම්  මම සද්ද නැතුව ඉන්නවා ඕන මගුලක් කරගන්න කියලා..,

 

කසාදය වූකලී ඉතම නිහඬවම කෙරුනු එකක් විය. කෙතරම් ද යත් අපේ සමීපතම යහලුවන්ට පවා මෙයට ඇරයුම් කෙරුණේ නැති. රෙජිස්ටාර් ලඟට ගිය අපට ඊළඟට ආ ගැහැට වූයේ සාක්ෂි කරුවන් ය.


කෝ සාක්කි කාරයෝ නැද්ද..?
---
මොකෝ ගෙදරි පැනල එන ගමන්ද?
නැහැ
හේනං..?
ලන්ච් අවර් එකේ ආවේ.., ඒ නිසා කවුරුවත් හොයාගන්න බැරු වුණා.
ඇහ්...?

 

හිස් වූ දැසින් අප දෙදෙනා දිහා බලා සිටි රෙජිස්ටාර් තැන යලිත් හිස හරවාගෙන පෝරමයේ හිස්තැන් පුරවන්නට විය.

 

ඕනෙනං සාක්කි කාරයෝ දෙන්න පුලුවන් හැබැයි එක්කෙනෙක් දාහයි.., මොකෝ කියන්නේ?

 

මට උවමනා වූයේ මේ මගුල ඉක්මනට අවසාන කරගන්න නිසා දෙදාහේ කොලයක් මේසේ මතට ඇද දැමීමි.

 

දෙන්නෙක්...?
ඔව්!

 

නිරූ ශබ්දයක් නැත. තව විනාඩි 10කින් අප දෙදෙනා පතී පතිනින් බවට පත් වන බව දැන දැන ම මේ ගැහැණිය නිනවු නැති සේ සිටියි..,

මුවේ ඇඳී ඇත්තේ සෝකයක්ද සිනහාවක්ද කියා හිතා ගැනීමට තරම් නිරවුල් මනසක් මා තුල නොවීය.

 

මොකෝ..?
නෑ මුකුත් නෑ.., මුකුත් තිබ්බත් දැන් කරන්නත් දෙයක් නෑනේ නේ..?
හ්ම්..

නිරූ ඔයාට ඕනෙ නම් යන්න.., මතකද මීට මාස 3කට කලින් ඒ දවස් වල  මම මේ කොම්පැණියේ  ට්‍රේනී ඉන්න දවස් වල ඔයා මට කිවා නිතරම බඳිමු කියලා..,
හරියට ම ඔයාගේ අප්පච්චී නැතිවෙලා මාසෙකට පස්සේ..,


කාටද ඔය පරණ  මගුල් මතක තියෙන්නේ..,
ඇරත්  ඒ දවස් වල උවමනාව තිබ්බට දැන් එහෙම එකක් නැහැනේ
හ්ම්..

 

ලිතේ හැටියට ඒ රාහු කාලය වුවත් අපේ අක්සාදයේ නැකත වූයේ ඊට විනාඩි 10 කට පසුව උදාවූ විනාඩියය..,

 

කොටින්කඩුව ආරච්චිලාගේ කසුන්ක නයනජිත් සම්පත් වන මම
කොටින්කඩුව ආරච්චිලාගේ කසුන්ක නයනජිත් සම්පත් වන මම

මෙහි සිටින
මෙහි සිටින

 

සුපුරුදු කියවීම අවසන කොලයේ අත්සන් කර තබා ලියාපදිංචි ගාස්තු ගෙවා අවසාන වූ පසුව.., රෙජිස්ටාර් තැන විසින් අපට තෑග්ග ලෙස ලබාදුන් බ්‍රවුන් පේපර කවරයේ එතූ පවුල් සැලසුම් පොතද ගෙන මම එලියට බැස්සෙමි.., නිරූද ඒ පස වූවාය..,


මොකද කරන්නේ?
හ්ම්...මොකද්ද?

දැන් මොකද කරන්නේ කියලා ඇහුවේ?
……..?


මම නෙත් යොමාගෙන සිටියේ නිරූ දිහාවට ය.., විවාහ ලියා පදිංචිය අවසන නිරූගේ මූණේ ‍රැඳී තිබූ ඉරියව්ව හස‍රැල්ලක් ද සෝ‍රැල්ලක් ද කියන්නට මම තවම මුහුකුරා ගොසි නැතිද යන්න මට තවමත් ප්‍රෙහේලිකාවකි.

 

මම යනවා ගෙදර.., මේ ගැන කාටවත් කියන්න ඕනේ නැහැ..,
මොනවා හරි කරලා ඉකමනට ගෙයක් ගන්න බලන්න..,
එතකල් මම අපේ ගෙදර ඉන්නං.

 

මම කිසිවක් කියන්නටත් ප්‍රථම.., කහ ඉරේ එහා පැත්තට පැන්න ඇය.., සිය දුරකතනය කන තබාගෙන පාරදිගේ යන්නට වූවා ය..


විවාහයට පසුව ගතවූ දින දෙකක කාලයක් පුරාවටම මා කාර්යාලයේ සිට නිරූ හට දුරකතන ඇමතුම් දෙන්නට තැනුවද ඈ ඒ කිසිවකට උත්තර දෙන්නට නොපැමිණීම ගැන මම පුදුම වූවේ නැත්තේ වෙනදාටත් ඈ මා හා උරණ වූ පසුව දුරකතනයට නොපැමිණීම සාමාන්‍ය වන නිසාය.

හදිසියේ නිරූගේ facebook පි‍ටුවේ දමා ඇති ස්ටේටසයක් වෙත් මගේ අවධානය යොමු විය..,

In a complicated relationship

???
ඇය මේ ගැන තීරණයකට එළැඹියා වත්ද..?

 

අහ් එහෙනම් මමත් මැරීඩ් කියලා දැම්මා නම් හරි..!


මම ඒ බව සටහන් කර තත්පර දෙකක් යන්නටත් පෙර ගලන්නට පටන් ගත් සුභ පැතුම් ගොඩ තවමත් නැවතී නැති..,එක වරම මා හට ඊ මේල් පණිවුඩයක් ඇති බව පරිගණක තීරයෙන් පෙනෙන්න්ට විය.., එය නිරූගෙන් වුව.., ලිපිය මේ තරම් හිසරදයක් වන බව මම දැන සිටියේ නැත..,

 

කසූ,
මම රට යනවා.., මම ඔයව බඳින්න අකමැති වුනේ ඔයා ගොඩක් වෙලාවට මම අකමැතිදේම කරන නිසා..,ඉතින් හිතපු විදියට ම මාව ඔයා කසාද බැන්දා.., ඉතින් මීට කීප කාලෙකට කලින් අපේ තාත්තා නැතිවුනා ඔයාට මතක ඇති.., ඒ වෙලාවෙදී තාත්තාගේ අවසාන කැමැත්තේ හැටියට.., තාත්තාගේ මරණෙන් පස්සේ පවුලේ එකම දරුවා හැටියට දේපල ඔක්කොම මට ම තමා අයිති වෙන්නේ .., ඒ එක කොන්දේසියක් උඩ.., ඒ මම කාව හරි ගැලපෙන කෙනෙක් ව කසාද බැන්දොත් විතරක් කියන එක.., මම ඔයාව බැන්දාම අර කිව්ව විදියට ම මට ඒ ඔක්කොම ලැබුණා..,
ඒත් කසූ මම ඔයා එක්ක ඉන්න ඉස්සර ඉඳන් ම කැමැත්තකින් නෙවී හිටියේ.., මගේ පවුලේ හැටියට මගේ තත්ත්වෙට ගැලපෙන් කෙනෙක් මම බැන්දොත් මට එයා කියන විදියට ඉන්න වෙන නිසා.., තමා මම ඔයාව ‍තෝරගත්තේ.., මට මගේ වැඩ ටික කරගන්න හරිම පහසුවක් උනා.., ඒ වගේම ඔයා මම මොනවා කරත් වන්දියක් ඉල්ලන්න තරම් පහත් තත්ත්වෙට වැටෙන්නේ නැති බව මම හොඳට ම දන්නවා.., ඕ ලෙටර් එක එවන්නේ මම ට්‍රාන්සිට් පෝර්ට් එකක ඉඳන්.., මාව හොයන්න හදන්න එපා.., මම ඔයාගේ ඩිවෝස් පේපර්ස් ටික මේල් කරන්නම්..!
ගුඩ් ලක්..!

 

මම නිහඬව බලා සිටියෙමි.., facebook එක සුභ පැතුම් වලින් wallඑක එක දිගට පිරෙනවා පෙනෙන්නට විය....

Comments

  1. හප්පා උඹ කොහොමද බන් මේවා ලියන්නෙ?

    අන්තිම වෙනකන් කතාවේ සාරය අල්ලගෙන හිටපු එක එච්චරම සාධාරණ නැහැ වගේ හිතුනා. ටිකක් මැදදි ඉඟියක් හරි ලැබුනානම් එක පාරටම වදින්නේ නැතුව ටිකක් නිවී සැනසිල්ලේ ගන්න තිබුනා. හැබැයි කතාවෙන් දෙන්න බලාපොරොත්තු වුනේ එක පාරට දෙන ගරිල්ලා පාරක් නම් මගේ යෝජනාව වැඩක් නැහැ.

    නියමයි. පංකාදු පහයි.

    ReplyDelete
  2. මේක ඇත්ත කතාවක් ද .... නැත්නම් ... ????
    ලස්සනට ලියලා..එත් කොල්ලා නම් මාරයි.. ඔහොම ඉන්න කොල්ලෝ ඉන්නවද.. එක මාර මැරි එකක් නේ... මෙතන කෙල්ල කොල්ල වෙලා කොල්ලා කෙල්ල වෙලා.. කතාවේ රසය නම් උපරිමයි..ගති.. දිගටම ලියන්න..

    ReplyDelete
  3. ඉතිරි කොටස..
    කොල්ලා : ශැහ් අපරාදේ දේපල..

    මාරයි බං..

    ReplyDelete
  4. ඈ...මාර කෙල්ලෙක්නේ...

    සිරාවට ලිෂ් විෂ් අයියා සුපිරියට පද ගලපනවානේ...

    ReplyDelete
  5. @නිම්ශා: කෙල්ලා කොල්ලා වීමේ අදහසට සම්පූර්ණ විරුද්ධත්වය මෙයින් ප්‍රකාශ කර සිටිමි!

    @ලියන්නා: තනි වචනයේ comment වලට වැඩි අකමැත්තක් ඇති නිසා වචන ගොඩකින් comment කරමි.
    බ්ලොග් ලියන කොල්ලන් කිහිප දෙනෙක්ගෙ කතාව මේකමද මන්ද! :P

    ReplyDelete
  6. ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
  7. @පිටස්තරයා► ස්තූතියි මචන්.., අන්තිම වෙනකල් කතාවේ සාරේ තියාගෙන හිටියේ නැහැ බන්.., මම උඩින් ම නිරූ කසූට ලියපු ලියුමේ අන්තිම පේලි දෙක [කතාවේ වැදගත් ම කොටස] දැම්මේ කියවන අයට නිමිත්තක් විදියට ගන්න..!

    @නිම්ශා► ඇයි පරමාදර්ෂී චරිත ඉන්නේ කෙල්ලෝ විතරද..? :P කොල්ලෝ ඉන්න බැරිද? කෙල්ල කොල්ල වෙලා නෙවී නිම්z එයාගේ[කෙල්ලගේ] ජීවිත ඇතුලේ.., එයා අසීමිත විදියට [සමහර වෙලාවට අනිත් අයගේ නිදහස නැතිවෙන තරමට ම] රස්තියාදු ගහන කෙනෙක්..! මෙහෙම අයත් ඉන්නවා ඒකයි මම මේ වගේ දෙයක් ලියන්න හිතුවේ..! ස්තූතියි..! :)

    @Bunny► ඔව් සමහර වෙලාවට කසූට එහෙමත් හිතෙන්න තිබ්බා.., මිනිස්සුනේ.., ;))

    @Prabhath Dharshana► ස්තූතියි මචන් [මල්ලී]:)

    @Supun Sudaraka► @ලියන්නා: තනි වචනයේ comment වලට වැඩි අකමැත්තක් ඇති නිසා වචන ගොඩකින් comment කරමි.
    ඔව් ඒ තනිවචන comment වලට අකමැත්තකට හෙම නෙවී.., මම ඉස්සර ඉඳන් ම forum type comments වලට අකමැතියි.., :)

    බ්ලොග් ලියන කොල්ලන් කිහිප දෙනෙක්ගෙ කතාව මේකමද මන්ද! :P
    මේ ගෙන්දගං පොලොවේ ඔහොම නොවුන අය ඉන්නේ ඉතාම සුලු ප්‍රමාණයයි මල්ලී.., එදා G2G එක දවසේ මම කතා කරපු යාලුවන්ගෙන් ඔය අත්දැකීම විඳපු අය ගොඩක් ඉන්නව කියලා තේරුණා...,

    ReplyDelete
  8. @නදී► ස්තූතියි..! :)

    ReplyDelete
  9. කතාව කියවලා නිකං යන්න හිතුනෙ නෑ කමෙන්ටුවක් දාන්නම හිතුනා.. කසුන්ක.. නිරූ.. ලියවෙන සාමාන්‍ය විරහවට වඩා වෙන එකක්.. මේක රැවටීමක් කියලා ලේබල් කරන්න පුළුවන්.. රැවටීමක් නෙමෙයි කියලා ලේබල් කරන්නත් පුළුවන්.. නිරූ අවස්ථා දෙකක් වෙන් වෙන්න යොදාගන්නවා.. එකක් අසාර්ථක වුනාම ඇත්ත එලියට දාලා වෙන්වෙනවා.. මේක ඒක පාර්ශ්වීය ව්‍යාපාරික් අරමුණකින් සිද්ධ වුන සම්බන්ධයක්.. කොහොමත් ව්‍යාපාර වලදී මනුෂ්‍ය සම්බන්ධතා ගැන තකන්නේ නැතිනිසා. කසුන්කගේ හැඟීම් කියන ඒවා ගොන්පාට් වෙලා යනවා.. නියමයි....

    ReplyDelete
  10. හරිම ලස්සනට ලියලා තියෙනවා..ඈත්ත කතාවක් වගේම..

    ReplyDelete
  11. ලිශා මම තාම මෙතන ලියන්න දෙයක් හිතනවා.
    මගේ ඔලුවට මුකුත්ම එන්නේ නෑ.
    තනිවචනයක් කියලා ගියාට කමක නැතිනම් විතරක්
    පට්ට..! කියන වචනය කියලා මං මෙතනින් යන්නම්.

    ReplyDelete
  12. හි හි... මරු මචෝ.... මට හිතෙන්නෙ තව කසාද දෙක තුනකට විතර පස්සෙ කොල්ලට ටිකක්වත් මිනිස්සු ගින දැනීමක් එයි නේ... ඒ වුණාට එහෙම කියන්නත් බෑ... මොකද මිනිස්සු රූපාන්තරණය වෙන විධි කලින් උපකල්පනය කරන්න බැරි නිසා.... :D

    ReplyDelete
  13. හ්ම්ම්. . . මින් ඉස්සරහටත් කියවන්න හිතෙනවා. අද තමයි මම මේකේ කතාවක් කියෙව්වේ! ගෑනියෙකුගේ සතුට ක්ෂණයෙන් වෙනස් වෙනවා. මේකෙන් ඒක කියවෙන්නේ නෑ තමයි ඒත් මට මේක කියවපු ගමන් වෙනින් කතාවක් මතක් උන නිසා ඒක ගැනත් ලියන්න හිතුනේ. හැබැයි උඹේ මේ කතාව මම ලඟදි බලපු ගොබ්බ හින්දි තිර කතාවක කොල්ලට වෙච්ච එක සිද්ධියක්. මට සතුටුයි උඹට බොලිවුඩ් තිර කතාවකට සාපේක්ෂව හිතන්න පුලුවන් වීම ගැන. ඒ වගේම උඹට මේක ලියන්න හිතුනේ ඒ ෆිල්ම් එක බලලනම් මේක වැඩක් නෑ. ඒ මොනා නැතත් උඹ මේකෙදි කට්ටිය අදින්න ගන්න උඹේ ලිවිල්ල හැමදාමත් වගේ නියමයි. ඒනිසා අදහස මොන ලබ්බෙන් ආවත් උඹ ලියල තියෙන විදිය නිසා මේ කතාවේ තාමත් උඹෙයි කියන ලිවීම ඉතුරු වෙලා තියෙනවා.

    ReplyDelete
  14. අද තමයි මුලින්ම කියෙව්වෙ. අදින් පස්සෙ හැමදාම කියවනව. නියමයි මචෝ බොක්කටම වදින්න ලියල තියෙනව.

    ReplyDelete
  15. එකදවසෙ හමුවෙලා, විවාහ වෙලා වෙන්වෙන අයත් ඉන්න නිසා කතාවෙ කාල සීමාව (time line) එක අඩුවුනානම් තවත් සිරා !

    ReplyDelete
  16. හැමදාමත්ම වගේම අදත් ඔයාගේ කතාව මගේ හිත..පුදුමයෙන්..ශෝකයෙන්..පාලුවෙන් පුරවනවා..දුක හිතෙන දේකට ලස්සනයි කියන්න බෑ..එත් මේක ලස්සනයි...

    ReplyDelete
  17. ලියපු කමෙන්ට් එකට මොකක් හරි වුණා. ලස්සනයි.. ස්තුතියි..

    ReplyDelete
  18. ජීවිතේ හරි පුදුමයි... හිතන දේවල් නොවෙයි වෙන්නේ.. මේක නම් මාරම ලස්සනයි...

    හිතට වදින්නම ලියලා තියෙනවා.....!!

    ReplyDelete
  19. ලිශා : උඹ මේක සිරාවටම ලියල තියෙනව මචං

    සුපුන් : උඹ මටත් එක්ක මඩක් ගහනව වගෙයි මලයො :-P

    ReplyDelete
  20. @ආගන්තුකයා►
    කාලයත් එක්කම මිනිස්සුන්ගේ ධාරණා පැතුම් වෙනස් වෙනවා.., මොකද අපේ අවශ්‍යතා හා උවමනා කාලානුරූපව වෙනස් වෙන නිසා.., කසාදය කියන එක ඇතුලට ව්‍යාපාරික උවමනාවන් රින්ගන්නේ නැතිවෙන්නේ කොහොමද.., අපි වටේ තියෙන සිදුවෙන හැමදේකම ව්‍යාපාරික අගයක් ආරෝපනය වෙලා තියෙන කොට..,

    @කඳුලු බිංදුව►
    ස්තූතියි.

    @Ansh lucky sri jaya► හා හා කමක් නෑ..! :)

    ReplyDelete
  21. @හරේ►
    ඒත් කියන්න බැහැ බන්.., මේ කතාවෙ ඉන්න කසුන්ක ඇතුලු හිතට හැරුණු හදවත් තියෙන කෙනෙක්..,

    @මුචා►
    කොල්ලෝ හැම වෙලාවෙම දුක් විඳිනවා බං.., කෙල්ලෙක්ට තමන්ගේ සතුට හොයාගෙන යන්න එකෙක් ඇරුණම එකක් භාවිතා කරනවා.., ඒත් කොල්ලෙක්.., කැඩුණු හිත හදන්න මහා කාලයක යනවා.., මේ ගැන මරු උත්තරයක් ටැබූ දුන්නා කියලා අපේ කාකා දාලා තිබුණා රංග ගේ මගේ ලෝකය බ්ලොගේ කොමෙන්‍ටුවක් විදියට.
    මේ තියෙන්නේ ඒ කොමෙන්ටුව: http://r4ng4.blogspot.com/2010/12/blog-post_2185.html#comments
    ප.ලි: හින්දි කොපි කතාවට මේ විරුද්ධත්වය...!

    @ෆොක්ස් creations►
    ස්තූතිය් මචන් සද්දේ දැම්ම ට.! ජය!

    ReplyDelete
  22. @සෝරෝ, මන්දාකිණි►
    ස්තුතියි ;)

    @රවා►
    කාලෙකින් උඹව දැක්කේ රවා.., ස්තූති වේවා!

    @රංග- මගේ ලෝකය►
    ස්තූතියි මචන්.., ඔව් මචන් මට හිතෙන්නෙත් සුදාරකය මේක ගහලා තියෙන්නේ වැදෙන තැනකට වැදියන් කියලා තමා..! ;))

    ReplyDelete
  23. හ‍රි අපූරුයි නෙ..! මේ වගේ ඇත්තම සිද්ධියක් ගැන මේ ළඟදි අහන්න ලැබුණා.ඒ නිසා මේවා සිතිවිලි ලෝකේ විත‍රක් වෙන දේවල් නෙවෙයි....ඒකට මුහුණ දෙන පුද්ගලයා ඒවා කොහොම ද‍රාගන්නවද කියලා හිතාගන්න එක තමා අමාරුම වැඩේ...!
    ලියලා තියෙන විදිය හ‍රිම ලස්සනයි...එකම එක පොඩි තැනක ඇරෙන්න...
    "ඉතින් මීට කීප කාලෙකට කලින් අපේ තාත්තා නැතිවුනා ඔයාට මතක ඇති..," මේ වාක්‍යය ටිකක් අභව්‍යයි වගේ දැනෙනවා...මාස හතරකට කලින් සිද්ද වුණු දෙයක් - සාමාන්‍ය දෙයක් නෙමෙයි...ගෑනු ළමයගේ තාත්තා නැති වෙච්ච එක - "මතක ඇති" කියලා කීම, කතාවේ විශ්වසනීය බවට පොඩි හානියක් කරනවා...ඒ සුළු දේ ඇරුණහම අනිත් ටික ඉතා අපූරුයි....

    ReplyDelete

Post a Comment