බේබද්දා

/
13 Comments

අන්න අරයකා කෑ ගහනවා...,

තේ ගසමින් සිටි කඩේ මුදලාලිගේ පෙන්වීමෙන් පසු කඩ පිලේ සිටියවුන් ගේ අවධානය බේබද්දා වෙතට යොමුවිය. පසුගිය වසර විස්ස පුරාවට ම මෙන් අද ද බේබද්දා තම ඒකාංගික ප්‍රසංගය නරඹන්නන්ගේ අත්පොලසම සතයකට වත් මායිම් නොකර ආරම්භ කර තිබිණි. ඒ තමා කෙතරම් රැඟුවද නරඹන්නන්ගේ ප්‍රසාදය නොව අනුකම්පාව ලැබෙන බව වත් නොදැනය.

හරියට ම දහයයි පනහට තමා එයා මෙතනට එන්නේ...? අඩොව් උඹලා මගේ නෝනේ ව දැකලා තියෙනවද?
හෙහ් බලන්න එපායෑ උන්දෑ ගේ ලස්සන මම ගැටය කාලේ හරි හැඩ කාරයා. මම එක පාරයි උන්දෑ දිහෑ බැලෙව්වේ.., ඒකි මට මනාප උනා. ඒත් ඒත්...,


බේබද්දා ඉඳගෙන අඬන්න පටන්ගත්තේය. විටෙන අඩ සිනහවකිනුත්, විටෙක රූරා හැලෙන අඬුමකිනූත් හේ සැරසී සිටියේය.

මයේ අම්මා අප්පච්චී දෙන්නම ගුරුවරු යකෝ. තොපිලා මට මේවගේ අපහස කොලාට. උන්දෑලා හිටියානම් එහෙම මට කියන අවලං කතාවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා. හරිය...?

හසිරීම අමුතු වුවත් ටික වේලාවක් බලා සිටින විට අමුතු රටාවක් එහි ඇති බව බලන්නෙකුට පෙනේ. එක අතකින් අඩක් විසිරුනු බෝතලයත්.., කඩ පිලේ නානාගේ පරණ බෝතල් පත්තර කඩෙන් ඉල්ලාගත් පරණ ඩේලි නිවුස් පත්තරයත් ඔහු අත වරදින්නේ නැත. නිතර සුරාව පානය කරන්නේකු වුවත්.., කඩ පිලට විත් සැමදා මේ කියන දේවල් වල මනා ගැලපීමක් නැතත්.., මේ කියන දේවල සත්‍යාසත්‍ය බව අහන්නට දකින්නට කෙනෙකුට මේ දක්වා වත් උවමනාවක් ඇතිවී නැති බව තුලින් පෙනෙන්නේ මනුස්ස ජීවිතයක වටිනාකම ලංකාවේ පාවෙන රුපියලකටත් වඩා අවප්‍රමාණ වී ඇති බවයි.
බේබද්දා රැය පහන් කලේ ලයිට්කණු යට ය. නගරයේ කිසිවෙකු ඔහුට වහලක් සපයන්න කැමති වූවේ නැත. සකලවිධ කතන්දර බේබද්දා ගැන පැවතුනත් ඔහු කාගේ කවුද..? කොහෙන් පැමිණියෙක් ද කියන්න කිසිවෙකුත් දැනසිටියේද නැත. මුහුණට වැටුනු කෙස් රොදකින් ඉන් අඩකටත් වඩා වැසීතිබුනත් කිසිවෙකුත් ඒ කෙස් රොද යට  මුහුණත්තහඩුව දුටුවේ නැත.
හැම සෙනසුරාදාවක ම බේබද්දා පොළට යාම සිරිතක් කොට ගත්තේය. ඒ ලැබෙන කුලී වැඩක් කර ලැබෙන පනම් කිහිපය ඔහුට ඉදිරි දින දෙක තුනකට ම මත්වන්නට සෑහෙන බැවිනි. සමහර වෙලෙන්දෝ හිස් අරක්කු බෝතලයක ට තේ කහට පුරවා, එය පෙන්වා රවටා වැඩගත් වාරද අනන්තය. මුලු දවසම වැඩකල පසු වෙහෙසවී බෝතලය අතට ගෙන මුවතැබූ සැනින් කහට බව දැනගන්නා බේබද්දා කරන්නේ.., සූරිය නගරය මැද වූ සේනාරත්න පිළිමය යටවී කඳුලු පිරි දෙනෙතින් කල් ගත කිරීම ය . එහෙත් කිස්ම දිනක ඔහු තමා රැවටුවාට කාගෙන වත් පළි ගන්නට සිතුවේ නැත. ඒ හැම අවස්ථාවක් ම ඔහු මුවෙන් පිටවන එක වැකියක් විය.

මයේ අම්මා අප්පච්චී හිටියානම් එහෙම මට කරන අවලං වැඩවලට අද උඹලා මැරුණ තැං වල ගසුත් පැලවෙලා.

එහෙත් අවාසනාවක ට කිස්වෙකුත් බේබද්දා ගේ සහයට හිටියේ නැත.., ඒ බේබද්දාට මතකය පමණක් ඉතුරු කර සබැඳි සියල්ලන් ම ස්වර්ගස්ත වී අවසන් නිසා ය.
දවසක් දා හැන්දෑවක කඩපොලේ කට කතාවක් පැතිරිණ. ඒ බේබද්දා ගම හැරගොස් ඇති බවයි. බේබද්දා ගේ නික්මයෑම ගැන යටි සිතින් සංතෝස වුවත් මූණිච්චාවට දුකවන අය දුලබ නොවූහ.

ඒ යකාට සිරෝසීස් තියෙනවැයි කියන්නේ..?

අම්මා තාත්තා එහෙම හොඳ පරපුරක මිනිස්සුලු.

ගිණි හැත්තෑවක් අසූවක් වටින කෝට් බෑයවල් එහෙම ලු මිනිහගේ අප්පොච්චා ඇන්දය කියන්නේ...,

අපරාදේ අහිංසක මනුස්සයා...,

බීලා කෑගැහුවට හරි අහිංසකයා නෙව.

මේ අයුරින් කටකතා ගණනාවක ගොදුරක් වන්නට නගරයෙන් පලා ගිය බේබද්දා ට සිදුවිය. ප්‍රාන්තයේ මහ ඇමති තුමා ඡන්දයක් අත ළඟ ම එන බව ප්‍රකාශ කලේ මේ කට කතා සුලභව පැතිරෙන කාලයක ය.

……………………

" මිත්‍රවරුනී,
ගමක නැතිනම් නගරයක මූලිකම සාමාජිකයා වන්නේ පහලම මට්ටමේ අර්ථිකයක් හිමි පුද්ගලයායි. මක්නිසා ද යත් ධනවතුන් රජුන් තනන්නට උන් දිනවන්නට මිලෙන් ආධාර කලාට.., ඒ මිලේ බලමහිමයෙන් ඡන්දය පාවිච්චි කරලා සභිකයාව මැතිසබයට ගේන්නට මූලික වෙන්නේ අර බිම් මට්ටමේ සාමාජිකයා නිසා.. මට ආරංචි උනා මේ මෑතකදී අපේ ගංතුලානේ ජීවත් උන අහි\=න්සක මනුස්සයෙකු ගේ නික්මයෑම පසුගියදා සිද්ධ උනා කියලා.
මීට හේතුව කුමක්ද මිත්‍රවරුනී.., මේ පවිටු පාලනය නිසා දිනෙන් දින වැඩි වෙන අප මත පැටවෙන ජීවන බරයි..
අප නව මැතිවණයෙන් අපේ ඉහළම මනාපයෙන් නව දැක්මක් සහිත නායකයෙකු පත කරගත යුත්තේ ඒ නිසා...! "

පාක්ෂිකයන් ගේ අත්පොලසම් මැද ඇමැත්තා නව අපේක්ෂකයාව කළ එලි බැස්සවීම සිදුවිය. සෘජු කයක් හිමි, නිතර සිනහවෙන් ජනයාට සංග්‍රහ කල අපේක්ෂකයා අව්කණ්නාඩි හා ධවල වර්ණිත හිස්වැසුමකින් සැරසී සැරයටියක් ඇතැතිව සිටියේය. පිට දේශාන්තරයක වාසය කල රට්ටුවෙකු වුවද, ජනයා අතර කසුකුසුවට අනුව හේ ගංතුලානේ මහා ධනපතියා වූ පොඩි රාළහාමිගේ පුත්‍රයා විය. වචනයේ පරිසමාප්ත අරුතින් ම දානපතියෙකු වූ ඒ මහතා තුල වූයේ ඉමහත් නිරහංකාර බවෙකි. කටකතා වලට අනුව ගමේ පවත්වාගෙන යන අනාථ නිවාස හා පූජනීය ස්ථාන වල අභිවෘදිය සඳහා  පරිත්‍යාග කර ඇත්තේ දහසින් බැඳි පියලි වලිනි. 
මැතිවරණයට දින නියම විය. කොමසාරිස්තුමාගේ නිර්දේශයට අනුව ජනවාරි 26 දිනට දින නියම විණ. මේ අතර තුර අපේක්ෂකතුමා ගමෙන් ගමට නගරයෙන් නගරයට පාසැල් පන්සල් වෛද්‍ය මධ්‍යස්ථාන විවෘත කරමින් සැරිසරන්නට විය. අනෙකුත් තරඟ කරුවෝ තරඟ බිමට ඉදිරිපත්ව සිටියද ජනයා විශ්වාසය තැබුවේ පොඩි රාළහාමිගේ පුත්‍රයා වෙතය. සැරයටියක් අතින් ගත් විශ්වාසයේ අවංක බවේ ප්‍රතිමූර්තිය බඳුවූ අපේක්ෂකයා වෙත තර්ජනයක් එල්ල කරන්නට කිසිවෙකුට නොහැකිවිය. අපේක්ෂකයාගේ හදිසි ප්‍රාදූර්භූත වීම. නො ඉවසූ එක් ස්වාධීන කණ්ඩායමක උසිගැන්වීම මත සේවක සංගම් වල අරගල ආරම්භ වන්නට විය. සේවක සංගම වල ආශීර්වාදය තම දේශපාලන ස්ථාවරත්යට මනා ශක්තියක් වන බැව් අත්දැකීමෙන් දන්නා දේශපාලකයන්, අරගල ලන ස්ථාන වලට ගොස් ඒ සංගම නායකයන් හමුවී ඔවුනට ඇති ගැටලු ගැන සාකච්චා කරන්නට පොර කන්නට විය. අපේක්ෂක තුමා තම මතවාදය හා ස්ථාවරත්වය ගැන විදත් මඩුල්ලක් හා සංවාදයේ යෙදෙමින් සිටින විට අතවැසියෙකු ගෙන ආවේ භයානක පුවතකි.

තැබෑරුම පිටිපස්සේ අර ඊයේ පෙරේදා වහලා දාපු පැට්ටේරියේ සේවක සංගමේ සාමාජිකයෝ කට්ටියක් අද රෑට නගරාධිපති ව අත් අඩංගුවට ගන්න මාන බලනවාලු.

ඉතින් ඒ යක්කු මොකටද එහෙම කරන්න හේතුව..?

කට්ටියගේ කල්පනාව නගරාධිපතිතුමාව ප්‍රාණ ඇපයට ගෙන වහලා දාපු පැට්ටේරිය ආපහු ඇරගන්න ලු.

හදිසි පණිවිඩය ගෙන ඒම ගැන සේවකයාට ස්තූති කල අපක්ෂකයා තනිව ම සිතන්නට ගත්තේය. හැමදා සිය මුහුනෙන් අඩක් වැසී ඇති කෙස් රොද සකසා ගත් අපේක්ෂකයා නිහඬවම රථයට නැඟුනේ මීට මොහොතකට පෙර තමා හා සුහදව සාකච්ඡාවේ යෙදුනු විදවතුන් පිරිස විමතියෙන් බලාසිටිද්දී ය. මැතිවරණයේදී තමාට එදිරිව නැඟී සිටින අපේක්ෂකයා වන නගරාධිපති ව මෙසේ බේරාගැනීමට යාම වටේ සිටියවුන් ට උභතෝකෝටිකයක් විය.
අපේක්ෂකයාට යන්නට ලැබුනේ මඳ දුරකි. කඩපිල අසල පාරේ ඉඩ අවුරාගෙන හිටියේ කඩුපොලු අතින් ගත් මිනිස් පවුරකි. පවුරට මඳ දුරක් ඈතින් තම රථයේ ආලෝක ධාරා පවුරට වදින ලෙස නැවතූ අපේක්ෂකයා පවුරදෙසට යන්න ට විය.

එකවරම පිරිස අතරින් ඉදිරියට පැමිණි මුගුරක් ඇති ගත් එකෙකු මුගුර අපේක්ෂකයා දෙසට එල්ල කරනවාත් සමඟ ම අවාසනාවකට මේන් රථයේ ආලෝක ලාම්පු නිවී ගියේ ය.

යරිගිරියෙන් කල කෑගැසීමක් සමඟම සියල්ල නිහඬ විය.
පසු දිනට එළිවන විට ගංතුලානේම ජනයා කඩපිල අසලට එකතුවී සිටියේ අසළ වූ මඩවලක මුහුණ ඔබා මරා දමා තිබූ මිනිසෙකු දැකගන්න ට ය. මුණින් අතට හැරවී තිබූ මළකඳ මුහුණත පිටට සිටින සේ හරවන්න ට වත් එකෙකු ඉදිරිපත් වූයේ නැත. මරණ පරීක්ෂකයා පැමිණ මිනියේ මුහුණ හරවන විට අවට සිටියවුන් සියලුදෙනා මෙන් ම පරීක්ෂක වරයා ද තුෂ්නිම්භූත විය.
අපේක්ෂකයාගේ ධවල වස්ත්‍රය හැඳ මියගොස් සිටියේ මීට මාස ගණනකට කලින් ගමෙන් අතුරුදන් වූ බේබද්දා ය.
අවට කසුකුසුව අධිකවිය..,
එතකොට අපේ අපේක්ෂකතුමා බේබද්දා ද..?
මේ තරං වැඩකරලත් ගමෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවුන මේ උත්තමයා අර අපි හැමදාම හවසට කඩපිලේ අපි පල්කරන බේබද්දා ද?

කිසිවෙකුට මේ ගැටලු වලට දෙන්නට පිළිතුරක් ළඟ තිබුනේ නැත. තවමත් බිම වැතිරී තිබූ මිනියේ අඩවන් වූ දෙනෙතින් අහස දෙස බලාගෙන උපහාසවත් වූ සිනහව තවමත් එහි මුහුනේ විය. මේ සිනහාව බේබද්දා හා අපේක්ෂකයා යන දෙදෙනාට ම පොදු වූ බව අවබෝධවන වන විට චරිත දෙකෙහිම පොදුසාධකය වූ එහි ආත්මය සිරුර ඇතහැර ගොස් බොහෝ වෙලාවක් වන්න ට විය.



You may also like

13 comments:

  1. ඒකාංගික ටෙලියකට හොඳ plot එකක් නේ ලිෂාන්!හරි ම අපූරුයි..!

    ReplyDelete
  2. මටනම් තේරුනේ නැහැ මචං

    ReplyDelete
  3. මටත් තව දෙපාරක් වත් කියවන්න ඕන කියල හිතුනා හරියටම තේරුම් ගන්න උබ මොකද්ද කියන්න හදන්නෙ කියන එක . . .

    ReplyDelete
  4. මේ කථාව නම් නියමයි සහෝ, කතා වස්තුවට මගේ මොළයට නැඟුණේ අපේ ගෙවල් ගාවම තැනක්.
    ඒත්
    කථාවේ සැගවුණු යථාර්තය තාම මට අවබෝධ කර ගන්න බැරි වුණා හරියටමමම... නැවත නැවත මෙහෙහි කරන්න ඕනේ වේලාවක...

    ReplyDelete
  5. ම්ම්ම්ම්... ටිකක් බොන්න ඕනේ ප්‍රශ්නයක් නේ බං..

    තේරෙන්නේ නැති වෙන්න කතාවක් ලිව්වා කියන්නේ උඹටත් හොද සාහිත්‍යයක් ඇඟේ තියෙනවා එහෙනම්.. හෙ හේ... මට තේරෙන්නේ නෑ බං... තේරෙනවා බාගයක්,ඊලඟට හිතනකොට ආපහු මඤඤං වෙනවා....
    මුන් දෙන්නාම හිත හොද මිනිස්සු කියලාද උඹට කියන්න ඕනේ උනේ ???
    එහෙමත් නැත්නම් වෙන මොනවාවත්ද? කියාපංකෝ තේරෙන සිංහලෙන්..

    ReplyDelete
  6. අප්පා... සිරා කතාව!
    ඒත් මටත් යටිතලය තේරුම්ගන්න අමාරුවුනා...

    සිරා!

    ReplyDelete
  7. මේ කියන්නේ රවටන මිනිහයි රැවටෙන මිනිහයි දෙන්නම එකම සමාජයක මිනිස්සු කියන එකද?

    ReplyDelete
  8. මම නම් තේරුම් ගත්තේ 'එකම දේක උනත් විවිධ ස්වභාව අපි තේරුම් ගන්නේ එක එක්කෙනාගේ රුචිය සහ අවබෝධතා ශක්තිය මතය, ඒ ඒ ස්වභාවයන් යනු එකක්ම මිසක විවිධ දේ නොවන බව තේරුම් යන විට අපි පරක්කු වැඩිය' කියන එකයි. බේබද්දා ට ගරහපු, ඒ මනුස්සයව රවටපු අය, එයාම වෙන ස්වරූපයකින් ආවහම උත්තමයෙක් කියලා සලකනවා. තමන් බාර ගන්නේ තමන් බාර ගන්න කැමති ස්වරූපය මිසක් සැබෑව නෙමෙයි. මේක කොයි දේටත් පොදුයි.

    ReplyDelete
  9. @ සචී- 'තමන් බාර ගන්නේ තමන් බාර ගන්න කැමති ස්වරූපය මිසක් සැබෑව නෙමෙයි',කියලා ඔයා කිව්වාට,මට හිතෙන්නේ නම්, ඒක තමා සැබෑව..
    ඒක තමා යතාර්ථය..
    තමුන්ට තමුන්ව කන්ට්‍රෝල් කර ගන්න බැරි, අම්මා අප්පච්චිගේ උජාරුව කියා කයිය ගහන, කුලී වැඩ කරලා හම්බ වෙන එකිනුත් බොන, අරක්කු කාලට ඕනෙම වැඩක් කරන, කාලකන්නි මිනිහෙකුට, ඇයි අනිත් මිනිස්සු ගරු කරන්න ඕනේ?
    එහෙම කාලකන්නියෙකුට ගරු කරන්න ඕනෙද? ඕනේ නෑ..

    තමුන්ගේ ධනයෙන් අනුන්ගේ යහපත සදහා මුදල් යොදවන, පරාර්ථයේ යෙදෙන, ඒත් බේබද්දාගේ මූණට සමාන මූණක් තියෙන කෙනෙක් ආවත් අපි නිගරු කරන්න ඕනෙද? නෑ... එහෙම ඕනේ නෑ...

    මේ දෙන්නා දෙන්නෙක්, එකම හිනාව, හැඩ හුරුකම තිබ්බාට.. ඒත් අවස්ථා 2දී,කරන ක්‍රියාවන් වෙනස්. එතකොට ඒ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්..
    බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ කරන ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ.... ඒ කරන දේ අනුව තමා ප්‍රතිචාර ලැබෙන්නේ...
    (මම එතරම්, සාහිත්‍යකාමී, කලාබර කෙනෙකු නොවේ.. සමහර විට මා නිවැරදි නොවිය හැකිය.. මා කිව්වේ සාමාන්‍යය පුද්ගලයෙකු ලෙස මට හැගෙන දේය)

    ReplyDelete
  10. @ පිස්සා: අනේ මන්දා...ඒකත් ඇත්ත තමා බලාගෙන යනකොට! ඒත් ඉතිං මූණු දෙකේ කෝළම වගේ උන් දෙන්නාම එකෙක් නෙ....ඉතිං ඒකාට ඕනෙ ඕනෙ වෙලාවට උගේ ස්වරූපය මාරු කරන කරන සැරේට ඌට ගරු කරන එකයි ගරහන එකයි කරන්න පුළුවන්ද? බැරි වෙලාවත් ඌ බාහිර පෙනුමයි ක්‍රියාවනුයි පටලවලා කරන්න පටන් ගත්තොත් අපි ඒක තේරුම් ගන්න කොට පරක්කු වැඩි වෙයි ද?

    ReplyDelete
  11. අනේ මන්දා..මට හිතෙන්නේ දෙන්නෙක් සචී.. එකාම වෙන්න බෑ..

    නොදෝකින් කෝ මේ ලිශානයා.. ඇවිත් කියහං උඹට ඇත්තටම කියන්න ඕනේ වෙලා තිබ්බේ මොකද්ද? මේ කිසිම දෙයක් නෙමෙයිද? එහෙමත් නැත්නම් ?????????? (අපි කුතුහලෙන් බලාගෙන ඉන්නවා.. ඉක්මනට වරෙන්)

    ReplyDelete
  12. මුලින්ම කියන්න ඕනි තම තම අදහස් දක්වපු සියලුම දෙනා ට සුභ නව වසරක් පතන විත්තිය. සහ සචී, මරණෙ, දුකා, සුදාරක, පිස්සා, L.G, බිංකු, මලී, මේ හැම දෙනාම කතාව එක කෝණවලින් බලපු එක ගැන මට සතුටු විත්තියත්.
    මොකද මේ කතාවේ බේබද්දා ගේ චරිතය ඇතුලේ හැංගිලා හිටපු දානපතියා එලියට එනවා අවසාන කොටසේදී. ඒ වගේම මරණයෙන් පස්සේ ආයිත් අර බේබද්දාගේ මුහුණ හිමිවෙන්වා. එතකොට ඔහු ජීවිතය අතැරගොස් අවසන්.
    මම හැමදෙනාම ලියලා තියෙන අදහස් වලට පිළිතුරක් විදියට මම පහතම ඇති සචීගේ හා පිස්සගේ අදහසට පිළිතුරු දෙන්නම්. මොකද එවිට එයින් අර ඉහත අදහස් දක්වලා තියෙන හැමදෙනාට ම පිළිතුරක් ලැබෙනවා කියලා හිතුන නිසා.
    හැම පුද්ගලයෙක් තුල ම චරිත දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ බව මේ ලියන මටත් උරුම දෙයක්.

    මෙහිදී සචී කියලා තියෙනවා,

    "මම නම් තේරුම් ගත්තේ 'එකම දේක උනත් විවිධ ස්වභාව අපි තේරුම් ගන්නේ එක එක්කෙනාගේ රුචිය සහ අවබෝධතා ශක්තිය මතය, ඒ ඒ ස්වභාවයන් යනු එකක්ම මිසක විවිධ දේ නොවන බව තේරුම් යන විට අපි පරක්කු වැඩිය' කියන එකයි. බේබද්දා ට ගරහපු, ඒ මනුස්සයව රවටපු අය, එයාම වෙන ස්වරූපයකින් ආවහම උත්තමයෙක් කියලා සලකනවා. තමන් බාර ගන්නේ තමන් බාර ගන්න කැමති ස්වරූපය මිසක් සැබෑව නෙමෙයි. මේක කොයි දේටත් පොදුයි."


    මේ සමාජයේ [අප ජීවත්වන] නිරුවත් හරයයි. මම කලිනුත් කියෙව්ව අර මුහුණු දෙකේ හදවත් ඇත්ත්වුන් වීම ඉන් නිරූපනය කරන්න මම උත්සාහා ගත්තා.
    අනික මේ බේබද්දා කියන චරිතය මේ වන කොටත් අවිස්සාවේල්ලේ ගැටහැත්ත කියන ගමේ තවමත් ජීවත් වෙනවා. මම ඒ පුද්ගලයා හැන හිතලා තමා ඔය බේබද්දා ගැන ලිව්වෙ.
    සචී මෙහෙම කියන කොට පිස්සා කියන්නේ මේ කියන්නෙ පුද්ගලයන් දෙන්නෙක් බවයි.

    " තමන් බාර ගන්නේ තමන් බාර ගන්න කැමති ස්වරූපය මිසක් සැබෑව නෙමෙයි',කියලා ඔයා කිව්වාට,මට හිතෙන්නේ නම්, ඒක තමා සැබෑව..
    ඒක තමා යතාර්ථය..
    තමුන්ට තමුන්ව කන්ට්‍රෝල් කර ගන්න බැරි, අම්මා අප්පච්චිගේ උජාරුව කියා කයිය ගහන, කුලී වැඩ කරලා හම්බ වෙන එකිනුත් බොන, අරක්කු කාලට ඕනෙම වැඩක් කරන, කාලකන්නි මිනිහෙකුට, ඇයි අනිත් මිනිස්සු ගරු කරන්න ඕනේ?
    එහෙම කාලකන්නියෙකුට ගරු කරන්න ඕනෙද? ඕනේ නෑ..

    තමුන්ගේ ධනයෙන් අනුන්ගේ යහපත සදහා මුදල් යොදවන, පරාර්ථයේ යෙදෙන, ඒත් බේබද්දාගේ මූණට සමාන මූණක් තියෙන කෙනෙක් ආවත් අපි නිගරු කරන්න ඕනෙද? නෑ... එහෙම ඕනේ නෑ...

    මේ දෙන්නා දෙන්නෙක්, එකම හිනාව, හැඩ හුරුකම තිබ්බාට.. ඒත් අවස්ථා 2දී,කරන ක්‍රියාවන් වෙනස්. එතකොට ඒ එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්..
    බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ කරන ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ.... ඒ කරන දේ අනුව තමා ප්‍රතිචාර ලැබෙන්නේ..."


    එකම පුද්ගලයා තුල උනත් පෞර්ශයන් දෙකක් තිබුනොත් එහිදී මැවෙන්නේ මිනිස්සු දෙන්නෙක් කියලා තමා අපේ පිස්සා මචං කියන්නේ. ඒඣ්ක ඇත්හ්ට. අපි භෞතික විදියට බැලුවොත් තියෙන්නෙ එක සිරුරක් උනාට. ඒ තුල දෙන්නෙක් ජීවත් වෙනවා. මගේ මතයේ හැටියට නම් මේ දෙන්නා ම හරි මොකද, එක මිනිහා තුල මිනිස්සු දෙන්නෙකුගේ ගති ගුණ තිබීමත් සමාජය එක පුද්ගයා තුල චරිත දෙකක් හඳුනා ගැනීම නම් මට හිතෙන විදියට එකම දෙයක් ගැන කෝණ දෙකක් තුලින් බැලීමක් කියලයි.

    එක තැන නැති අපේ හිත් ඇතුලේ හැමවෙලාවෙම දහ අට වංගු කැපෙන නිසා තමා. මේ වගේ දෙබිඩි චරිත විවරණය කරන්න වෙලා තියෙන්නේ.

    BTW: අන්තිම කොමෙන්ටුවේදී පිස්සා මාව හොයපු වෙලාවෙ මම හිටියෙ නැති එක හොඳට ගියා.., මොකද නැතිනම් තව පොඩ්ඩෙන් මට මේ ලියපු කතාව වගේම කොටහක් ලියන්න වෙනවා පිළිතුරු කොමෙන්ටු විදියට. ;)

    ස්තූතියි අදහස් දක්වන්නට තමංගේ වටිනා කාලය කැපකල හැමදෙනාට ම...!

    ජය..!

    ReplyDelete