විටිකරුවාගේ මරණය

කවියාගේ පපුවෙන් වෑස්සුනු රුධිරයෙන් ඈ මුව තෙමීයන්නට විය. අවස්ථාව කෙතරම් ජුගුප්සාජනක වුවත් ඈ මුවවට රුහිරු තුල ආත්ම ගත වූයේ කවි සංකල්පනා යැයි සිතාගත් නිසාදෝ ඈ එයට පසු ගෙවුනු පෑ 24ම ගෙව්වේ කවි ලියමින් ය. අන් අඟණක පතාගොස් තමාගේ අතටම හසුවූ සැමියාට එදිරිව නඩු ගොනුකරන්න ට පෙරකදෝරුවෙකු සොයන්න ට උසාවි සංකීර්ණය අසල වටකඩද්දී ආසන්නයෙහි වූ ගම්මාලු ගස යට සාර බුලත් විට විකුණමින් සිටි විටි කරුවා ගේ මුවින් වට කවිදෙපදය නිසා ඕතොමෝ.., නඩුව පසෙකින් තබා  ඔහු හා යහන් ගත වූයේ තමාට ද කවි පබඳින අයුරු කියා දෙන ලෙස බල කරමිනි.
කාමොද්වේශය උත්සන්න වෙත්දී තම දෙපයින් කවියාව තල්ලු කර ඇඳවිට්ටම හේත්තු කරත්.., ඒ සමඟම විසිවූ රක්තවර්ණ මීදුමෙන් ආ මුව තෙමෙන්නට අසුරසැණක් වත් ගියේ නැත. සිවිලිම නැති වහලය දෙස බලාගත් වනම සිටි කවියාගේ අයාගත් මුව අතින් වැසූ ගැහැණිය. හාත්පස නෙත් යොමා බැලුවේ මුව පිස දා ගැනීම ට කුමක් හෝ ඇතිදැයි සොයනු අටියෙනි. ඇඳට ම යාව තිබූ කණප්පුව මත වූ කොළ කැබැල්ල අතට ගත් ම එහි වූ දෙපදයෙන් ගැහැණිය සැලීයන්න ට විය.

" යා දෙක නොරත රත
  සමඟ පෑහීමක් නැත  "

එහි වූයේ කවියා ගම්මාලු ගස යටදී හඬ නගා ගැයූ කවි දෙපදය විය. කවියාව අතින් ඇදගෙන යත්දීත් තමා කියන්න යනදේ මඳක් අසන මෙන් කවියා කල ආයාචනය ගැහැනිය තුළ රැව් පිළි රැව් දෙන්න ට විය.

ප්‍රමාද වැඩිය..,
ඒ වනවිටත් ඈ උමතුවෙන් මෙන් කවි පබඳමින් ගෙවදමා තිබුනේ මේ කිසිත් නොදත් විටි කරුවා ගේ මරණයෙන් පසු උදාවූ තිස්වෙනි හෝරාව විය.

Comments

  1. අකුණක් සේ ප්‍රතෘස්ථ වී හිතට උතුරා ගැලු අදහස් නියපොතු පහර වලින් රවුම් අකුරු වලින් කියන්න මොල ස්නායු වලට O නම් වාතය මදි වී තිබෙයි.

    අහෝ අසරණයා!

    ReplyDelete
  2. oh..... විට කාරයා ඇත්තටම මලාද?
    එහෙම නැත්නම් කවි සිතිවිලි ඔක්කොම මේකිට දුන්නද?

    ReplyDelete

Post a Comment