පිල්ලේ රෙසිඩන්ස්

/
26 Comments
පණ්ඩිත්. ඒ ඔහුට රසිකයින් විසින් අරූඪ කර තිබූ නාමයයි.., නිතර අඳින කපු කූර්තාව සහ පපුතුර දක්වා හැලෙන අලු වර්ණිත රැවුල ඔහු හඳුණන සලකුණු වී. විටෙක ඔහු පිළිබඳව පුවත්පතක පලවන ලිපියක සිය උවනත වෙනුවට දමා තිබුණේ ඒ අපූරු රැවුලයි..,

මා පිළිබඳ රසිකයන් ඉතා සැලකිළිමත්, ඔවුන් මගේ හුස්ම තියා කෙස් ගසකින් වුවත් මා වෙන්‍කර හඳුණගන්නට දන්නවා..,

පණ්ඩිත් විකල්ප පුවත් පතකට සිය අනන්‍යතාවය ගැන සැලකර තිබුණේ එසේයි.

අධ්‍යාත්මික නායකයෙකු සේම, ඉහළ රසවින්දනයකින් යුතු ගීත රචකයෙකු වූ පණ්ඩිත් ගේ ගීතයන් යූටියුබ් වැනි සමාජීය රසවින්දනාත්මක අඩෙවි තුලින් එළිදකින තුරු ඔහු රසිකයින් බලාසිටියේ ඇඟිළි ගනිමින්.

පණ්ඩිත්ගේ ගීතයක් කියන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ කොයිතරම් භාග්‍යක් ද?

සිනමා ගීත සක්විති ලෙස කිරුළු පලන් අසේල පද්මවර රූපවාහිණී සාකඡ්ඡාවකදී කියනවා කුඩාදරුවෙකු ලෙස මගේ මතකයේද ඇඳී තිබේ.., පණ්ඩිත්ගේ රසිකාවියක වන මගේ අම්මා මා හට අකුරු කියවන දින හෝඩිපොතට ඉහළින් සේයාරූ හතරක් තබා තිබෙන සේයාරුවක් මට ලැබුනේ මෑතකදී ය. තාත්තා, ගණදෙවියන්, සරස්වතිය සහ පණ්ඩිත් ගේ රූප දිටි මට හිතැතුලින් මඳක සංතෝශ ජනක සිතුවිලි පහල වුනද, මා ඒවා සිත තුලම සඟවාගෙන සේයාරුව කබාය තුලරඳවා ගත්තේ කිසිඳු අදහසකින් තොරව ය. වසර ගණනකට පෙර දුටු පුද්ගලයාග්ෆේ වර්ථමාන කෙලෙසද කියා දැන ගැනීමේ නොතිත් කුහුල මා වෙත විය.

ඔයාට අර ඉන්ටර්විව් එකට යන පරක්කුවෙනවා නේද?
පල්ලෙහා කෑම හදලා තියලා ඇති.
අද ඉනෝකා ආවේ නැති නිසා මම මොකවත් ඉව්වේ නෑ..,
නටේලා ටිකක් ගාගෙන පාන් කන්න..,
අමතක කරන්නේ නෑතුව බටර් එකයි, නූටෙලා එකයි ෆ්‍රිජ් එකෙන් දාන්න.

කොල පිරුණු බෑගය මගේ අතටදෙමින් එසේ කියන්නේ මා බිරිඳයි.., වසර පහළොවකට පෙර සරසවියේදීත් මා පසුපස හිඳිමින් මාගේ අමතක වන දෑ මතක් කරනා ඈ අදද ඒ කාර්යය කරන්නේ නොපැකිලව ය.

අමතක කරන්න එපා ඔය දකුණු කබා සාක්කුවේ ඇති අර බඩු ලිස්ට් එක..,
වෙලා තිබ්බොත් ශ්‍යාමාස් එකට ගිහින් ඒටිකත් අරගෙන ම එන්න.


අංක 444/4, අමන්ටේ පැලස්, නෝර්මැන්ඩි ඇවිනියු, කොලඹ.

ඇඩ්‍රස් එකේ හැටියට නං මේක තමා තැන ඒත් කවුරුවත් නෑ වගේ..,

කාවද සර් හොයන්නේ??

අර ජනප්‍රිය කලාකාරයෙන් ඉන්නේ පණ්ඩිත් කියලා එයාගේ ගේ මේක ද?

ඔව් සර්.., ඒ අපේ පණ්ඩිත මහත්තයා.., ලොකු මහත්තයා ඉන්නවා ඇතුලේ කවුද පත්තෙරෙන් මහත්තයෙක් එනවා කියලා, ලෑස්ති වෙලා ඉන්නවා අටේ ඉඳන්..,

අහ් එහෙනං මටත් කලින් පණ්ඩිත් ලෑස්තිවෙලා වගේ මේකට.

යමු සර් ඇතුලට.., මේක ලොක්කරලා තියෙන්නේ මම මේ එහා පැත්තේ මුඩුක්කුවල ඉන්න වේස කොල්ලෝ ඇවිල්ලා මේ වත්තේ ගස් වල තියේන ගෙඩි කඩලා වනසලා යනවා නෙව..,

එතකොට තමුන්නැහේ..?

මගේ නම ජාසින්. සර් නං මට කතා කරන්නේ පිල්ලේ කියලා. පොඩි කාලේ ඉඳන් මම හැදුනේ මෙහෙ. මම තමා සර් පණ්ඩිත මහත්තයාගේ හැමදෙයක් ම බලාතියාගෙන ඉන්නේ.., මේ කොරිඩෝ එක දිගේ ම ගියාම අන්තිමට ම තියෙන කාමරේ ලොකු මහත්තයාගේ කන්තෝරු කාමරේ.., මේ වෙලාවේ මහත්තයා පත්තරේ බලනවා ඇති.., අවුලක් නෑ.., මහත්තයා යන්න.

පිල්ලේ ගේ මඟ කියවුම අනුව ඉදිරිට යනවිට සාලය පසුකරන විටම හමුවන්නේ මැදමිදුලක් මත පිහිටුවා ඇති විසාල හිටිපිළිමයකි. බිමට නැවුනු හිස් ඇති විසාල වටා පතකින් පවන් ගසනා ලංදේසි කාරයෙකුගේ හැඩයක් නිරූපිතය. තනිකම පාලුව මෙන්ම නිසල බව තුල සැඟවී ගත් ධෛර්යය ඉන් නිරූපිතවන බව මග හැඟෙන්නට වෙයි. ඉන් දකුණු පස පිහිටුවා ඇති කොරිඩෝවේ අවසානය ලකුණුවන තැනින් පිහිටුවා ඇති කාමරයේ පහන දැල්වී ඇති නිසා ඒ තුල කවරෙකු හෝ සිටින බව දැනේ.., නොවැරදීම ඒ පණ්ඩිත් වියයුතුය.

මඳක් හැර තිබූ දොරටුව වෙතට යත්ම ඇහුලේ සිටි කිසිවෙකු මා එන බව දුටු නිසා දෝ අවට කිසිදු සුළං රොදක් නොමැතිව ම මහ හඬක් නැගෙමින් වැසී ගියේය..,
වැසුනු දොරෙන් පිටවූ ශබ්දය කෙතරම් ද යත් පහල තට්ටුවේ සිටි පිල්ලේ ද උඩට දුවගෙන ආවේ එක හැල්මේ ය. ප්‍රෂ්ණාර්ථය මුව නඟාගෙන පිල්ලේ දෙසට මා හැරෙත් ම..,

කරන්න දෙයක් නෑ මහත්තයා...,
ඔහොම දොර වහනවා කියන්නේ පණ්ඩිත සර් ආපහු වරුවකටවත් එළියට එනවා කියන එක නෙවෙයි..,

හ්ම් ඒකත් එහෙමද??
ඔය කාමරේ සුද්ද පවිත්‍ර කරන්නේත් පණ්ඩිත මහත්තයාමයි.., කෑම කන්නේ වගේම ලියන කියන වැඩත් ඔක්කෝම කරන්නේ ඔහේ ඉඳන්.., මම හිතන්නේ පල්ලෙහා මැද සාලේට මේ අවුරුද්දටම ගිහින් ඇත්තේ දෙතුන් පාරද කොහෙද..,
එතකොට පණ්ඩිත සර් කෝමද වැඩ වලට එළි පහළියට යන්නේ???
ඇයි කුස්සියේ දොරෙන්.., වාහනේ එලවන ඩැයිවර් ට කියලා තියෙන්නේ මොනව හේතුවකටවත් ඉස්සරහ ඉස්තෝප්පුව ගාවට වාහනේ ගන්න එපා කියලයි.., අනේ මන්ද??
අපි මෙව්ව තේරුම් ගන්න තවම මෝරලා නැද්ද මන්දා ඒත් මහත්තයාට කියන්න මටත් දැන් අවුරුදු 60ක් වෙනවා මේ එන ජනේරුවට..,

හරි අපි මෙහෙම කරමු..,

කෝමද සර්...??

මං ආවේ ඉන්ටර් විව් එකකට ඔහේලාගේ ලොකු මහත්තයාව මුණ ගැහෙන්න.., දැන් මොකද උනේ කියලා අපිදෙන්නම දැක්කනේ.., ඉතින් මට ඔහේගෙන් උදව්වක් ඕන..,

ඒ මක්කේ??

මම අහන ප්‍රෂ්ණවලට උත්තර පිල්ලේ දන්න විදියට කියන්න ඕනේ හරිය...?

ඒත් මහත්තයා බැරි වෙලාවත් මම තමා උත්තර දුන්නේ කියලා ලොකු මහත්තයා දැන ගනිතොත්..?

ඒක ඉතින් පිල්ලේගේ වැඩ අනුව තමා තීරණේ වෙන්නේ..,

ඒ කියන්නේ??

ඒ කියන්නේ පිල්ලේ පත්තරේ ගිහිල්ලා දුන්නොත් නේ ලොකු මහත්තයා පත්තරේ බලන්නේ..,

ඔව්?

ඉතින් කරන්න තියෙන්නේ මේ ආටිකල් එක තියෙන පත්තර කොපිය එදාට ලොකු මහත්තයාට ගෙනිහිල්ලා නොදෙන එකයි..,

හරි හරි ඒක බලගමුකෝ සර්.., දැන් මහත්තයාට මොනවද මගෙන් අහගන්න තියෙන්නේ???


පණ්ඩිත මහත්තයාගේ ඉස්සර කාලේ ගැන පිල්ලේ මොනවද දන්නේ??

අනේ එහෙමට කියන්න දෙයක් දන්නේ නෑ මහත්තයා, ඉස්සර අපේ අම්මා නං කියනවා පණ්ඩිත මහත්තයා ගේට්ටුකඩේ හන්දියේ සමූපේ මැනේජර් වෙලා උන්නය කියලා.

මේ මා කිසිදාක අසන්නට තබා සිතන්නටවත් නොවූ විරූ නිමිත්තකි, පිල්ලේ නොනවත්වා කියවගෙන යයි.

ඒත් ඉතින් එහෙම කෝමද සමූපකාරෙක මැනේජර් කෙනෙක් වෙලා හිටියයි කියන්නේ, අද කාලේ වෙනකොට මේ ගෙවල් දොරවල් යාන වාහන කොහොමද එහෙම මැනේජර් කෙනෙක් ගන්නේ..,

ඕක මමත් හිතුවා මහත්තයා, මහත්තයට ඔලුව හරවලා බැලුවම දකුණු පැත්තේ රාක්කේ කොනටම වෙන්න පොඩි රවුම් ලොකු කාසියක් වගේ එකක් පේනවද?

ඉතින්?

ඕකට කියන්නේ පුලිස්ටර් ද පුලිට්සර් ද කොහෙද කියලා අඳුන්වන තෑග්ග.., ඕකත් අපේ මහත්තයාට ලැබුනා කියනවා නේ..., ඊට පස්සේ තමා මේ ඔක්කොම කරමයෙන් කරමයෙන් ලැබිලා තියෙන්නේ..., පිළිගැනීම වැඩිවෙනකොට එක එක වාසි වගේම එක එක පාඩුත් වෙනවා නේ..!!

හුම්

කෝමහරි එක දෙයක්!!!
අපේ පණිඩිත මහත්තයා උදලු තලත් මීයෝකාලා කියලා ඉන්වැන්ට්‍රියේ දාලා තමා මේ තත්ත්වෙට ආවේ කියලා අපේ බජාර් එකේ පොඩි කසු කුසුවක් ඒ දවස් වල තිබුණා.., ඒදවස් වල අපි ඉස්කෝලේ යන හිච්චි කෝල්ලෝ

ඕනෑම දීප්තිමත් කෙනෙකුගේ අඳුරු අහුමුලු තිබිය හැකි බව පිල්ලේගේ කතාවෙන් පසු අවබෝධ විය.., පණ්ඩිත්ගේ ජීවිත කතාවට දීර්ඝ රසවත් ඉතිහාසයක් ඇත්තේ වුව ඔහුගේ සාහිත්‍ය ඉතිහාසය ඉන් බිඳුවක් වත් නියෝජනය නොවන බව මට සිතෙන්නට වී..., මේ අමුතු පුද්ගලයාගේ ගුණ වරුණ මා සිත තුල දැන් ඇත්තේ අඳුරේ ය.

පණ්ඩිත්ගේ පොත්පත් මම කියන්නේ ලියන කරනවැඩ වලදී කාලය සහ අදහස් එහෙම හොයාගන්න මොනවගේ මූලයන් ඒ කියන්නේ මොනවගේ සාධක පාවිච්චි කරනවා ඇති කියලා පිල්ලේ හිතනවද?

සමහර වෙලාවට අපේ මහත්තයා අමුතු වැඩ කරනවා.., සර් දන්නවද මේඝමාධිනී මැඩම්ව? අර  ළඟදී විපක්සේට පැන්න ඇමති තුමාගේ නංගී..???

මේඝමාධිනී අධිකාරිවසම්, ජොකිම් අධිකාරිවසම්ගේ සහෝදරියයි.., මේ කතාවට කොතරම් සම්බන්දයක් නැත්තේ වුව අධිකාරිවසම් නාමය සාහිත්‍ය ඉතිහාසය තුල නාමගතව ඇත්තේ රන් අකුරිනි. සාහිත්‍යට කරන ලදේ සේවය සඳහා වූ නෝබල් ත්‍යාගයට මෙයට දශක කිහිපයකට පෙර නාමයෝජනාවන් තුලට ඇතුලත් වූ සිරිලක පළමු රචකයා ඇක්මන් අධිකාරිවසම් ය.. මේ ඉහත නම් සඳහන් වූ අධිකාරිවසම්වරු දෙදෙනා ඇක්මන් අධිකාරිවසම් ගේ සුජාත(?) දරු දෙදෙනා ය. ජෝකිම් තරුණකල සිටම ක්‍රියාකාරී දේශපාලනය බට අතර මේඝමාධිනී සාහිත්‍යට පෙම පුදකලාය, එ මතු නොව ඈ ප්‍රකට කාන්තා විමුක්තිවාදිනියකි,.., මෑතකදී පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි අවස්ථාවකදී ජෝකිම් හෝටල් කාමරයක  බැල්කනියකින්  බිමට ඇද වැටීම කලකට පෙර පුවත් පත් වල ප්‍රධාන පුවතක් බවට පත් වූ බව මා මතකයේ ඇත.

ඔව් දන්නවා ඉතින්???

ඔය මාධිනී මැඩම් එනවා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර මෙහෙ, ඒ ඇවිත් දවස් දෙකක් තුනක් ඉඳලා යන්නේ.., ඒ බවලතා බැඳලත් නෑනේව.

ඉතින් මොනවද අමුතු වැඩ කියලා කිව්වේ??

මැඩම් එනකොට එන්නේ එක එක අමුතු එව්වා අරන්..,
වේවැල්, බොල දංවැල්, ගාංචු, මාංචු එහෙම අරගෙන...,

මහත්තයට කියන්න එක දවසක මම රෑ ලයිට් නිවන්න බැල්කනියට යනකොට අපේ මහත්තයාගේ කාමරේ පැත්තෙන් කෙඳිරියක් ඇහෙනවා, මම හෙමීට ඔලුව දාලා බැලුවා.., 

බලනකොට රතු පාට ලෝගුවක් වගේ එකක් ඇඟේ දාගෙන
මැඩම් වේවැල අරගෙන මොනාදෝ ඉංගිරිසියෙන් කියනවා,
අපේ මහත්තයා ඇඳේ දණ ගහගෙන "යැස් මැඩම් යැස් මැඩම්" කියනවා..,
මම තව ටිකක් ඔලුව දාලා බැලුවා..,

ඉතින්??
බලනකොට හත්වලාමේ අපේ මහත්තයාව අර ගෑණි ඇඳට තියාලා මාංචු දාලා..!
වෙන්නට යන සිදුවීම සිතේ මවාගන්නට අපහසු නැත, මුවට සිනහවන් නැගෙතත් පිට කිරීම අපහසුය. රෙකෝඩරය කැරකේ.., මම පිල්ලේ වෙතට තව ප්‍රෂ්ණයක් විද්දෙමි.

පිල්ලේ මොකෝ කලේ??

මම කෝම අරවගේ දෙයක් බලා ඉන්නද මහත්තයා
;  තාත්තෙක් වගේ මනුස්සයා..,
මම පැනලා මහත්තයාව කවර් කරගෙන හිටියා.., ඒකට බය වෙච්චි මැඩම් එක පාරටම පුටුවේ වනලා තිබ්බ රෙද්ද අරන් ඇඟේ දාගෙන එහා කාමරේට දිව්වා...,

ඉතින්??

එතනින් පස්සේ තමා හොඳම හරිය..,
අපේ මහත්තයාව බේර ගත්ත එකේ ගොන් කම තේරුනේ පස්සේ..,
මට මොනාදෝ කියලා කියලා බනින්න ගත්තා මහත්තයා..,
අම්මපා මම ඒ වචන අහලත් නෑ තේරුනෙත් නෑ..,
මම එදයින් පස්සේ මහත්තයාගේ කාමරේට යන එක නතර කලා මහත්තයා..,
ඔයාකාරෙට බැනුම් අහන්න පුලුවන් ය ?

ඊට පස්සේ මොකෝ උනේ??

මම පහුවදා උදේ මැඩම්ට තේක දෙන්න කාමරේට යනකොට මැඩම් කොම්පියුටරේ මොනාද කරනවා මම හෙමීට කනප්පුව උඩින් තේක තියාලා යන්න හැරෙනකොටම මැඩම් කතා කලා..!! 

පිල්ලේ???

ඇ..ඇයි මැඩම්??

ඊයේ වෙච්චි දේ අමතක කරලා දාන්න...,
මෙතන පොඩි තෑග්ගක් තියෙනවා මමයි මහත්තයයි දෙන්නම කතා කරලා තමා මේ තීරණේට ආවේ,
මෙහෙම
දෙයක් ඊයේ උනේ නෑ කියලා හිතා ගන්න..,
හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා...,
ඒකෙන් වෙන්නේ පිල්ලේගේ රස්සාවට කරදර වෙන එක
තේරුනාද??

ඔ...ඔව් මැඩම්!!

හොඳයි දැන් යන්න පුලුවන්..! 
ආහ් තවදෙයක්

ඔව් මැඩම්??
එකෝලහමාර වෙනකොට පොර්ච් එක ගාවට වාහනේ ගන්න කියන්න.., මම ආපහු නුවරට යන්න ඕනේ..,
සර් එක්ක මැඩමුත් එදා නුවර ගියා, මම මේක කාටවත් එදා ඉඳන් කිව්වෙත් නෑ.., මහත්තයට ඇරෙන්න.

මිනිසුන් තුල හැඳින ගත යුතු ගති ලක්ෂණ ඇතත් ගරු කටයුතු චරිතයක ලෙස කුඩා කල සිටම මාහට අකුරු කියවන්නට පවා ඔහු රුව යොදාගත් අයුරු මගේ මතකයට එයි. මිනිසුන් කොතරම් සිවිල් චරිත ලෙස සමාජය තුල අධිනිෂ්චය වුවද කිසිවෙකු නොදකින අඳුරු අගාධ උන් තුල ද නැත්තේ නොවේ.., පිල්ලේ මා ඉදීරියේ නිරුත්සාහකව වමාරන්නේ මේ තිත්ත ඇත්තයි.

මොනවා උනත් අපේ සර් මට හරි ආදරෙයි..,
අවුරුද්දට, වෙසක් එකට, නත්තලට පවා එක එක ලැබෙන එව්වා මට දෙනවා..,
ඒත් මේ බංගලාව ඇතුල හරි පාලුයි මහත්තයා..,
කිසිම නෑදෑ කියන කෙනෙක් පණ්ඩිත මහත්තයා ආස්සරේ කරන්නේ නැති නිසා උන්නැහේ නැති කාලේක මේවට මොනවා වෙයිද මන්දා..,
අපිට මොනව වෙයිද මන්දා??

ඇයි පිල්ලේට මොනවා වෙන්නද?

ඇයි සර් මම ඉන්නෙත් මෙහෙ නෙව. පවුලක් හවුලක් තියෙන එකක් යැයි??

හිතේ රඳවාගෙන පැමිණි කතිකාවක් කෙසේ වෙතත් ඉන් එහා ගිය තොරතුරක් සොයාගෙන, ගඳගහන අතීතයක් පටිගත කරගෙන, මා හට මේ මන්දිරයෙන් යන්නට සිදු වී තිබේ.  මම පිල්ලේ හට මුදලක් අත තබා, නැගී සිටියෙමි. පිල්ලේ කුමක් හෝ මතක් වී නිවෙස තුලට දිව ගියේය.

සර් මේ පොත් දෙක තුන අරන් යන්න ඕනේ නම්..,
අපේ පණ්ඩිත මහත්තයා කුරුටු ගාපු එව්වා..,
මේවා මගේ අතට දීලා කිව්වේ  ගිණිතියලා දාන්න කියලා..,
ඒත් මොනාහරි වැදගත් දෙයක් ඇති කියලා හිතලා මම මෙව්වා අරන් තිබ්බා..,

ඇයි පිල්ලේ කියෙව්වේ නැද්ද?

මට සිංහල අකුරු කියවන්න බෑනේ මහත්තයා.
නිවෙසට පැමිණ ඒ පොත් වල මුල සිට අග දක්වා එකිනෙක කියවා බැලුවද සාහිත්‍යමය කටු සටහන් හැරෙන්නට කිසිවක් සොයාගත නොහැකිවිය. එහෙත් මගේ ලිපියට අවැසි තොරතුරු අවැසි පමණටත් වඩා ඒ තුල අන්තර්ගත වීමතුල මට වූයේ වාසියකි. ලියමන ලියා අවසාන වූ පසු හොඳින් ආවරණය කල එම පොත් කිහිපය මගේ පොත් රාක්කයේ වඩා සුරක්ෂිත ස්ථානයක තැන්පත් විය.

දින සති මාස අවුරුදු ගෙවීම තුල ලෝකය තිරිහන් වීමත් ඒ තුල ජීවත් වන්නන්ගේ වියපත් වීමත්, විප්පයෝගයන් සහ එක්කාසුවීම් වැනි මානුෂ බන්ධන අනෙක් සියල්ලන්ටම වගේ මගේ ජීවිතය තුලත් වන්නට විය.

ලේඛකත්ව සන්නිවේදනය පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබී මා හට විදේශගත වන්නට වූ කාලය තුල පණ්ඩිතගේ වියෝව ගොසිප් අඩවියකින් දකින්නට හැකිවිය, වෙබ් පිටු පුරා පණිඩිතගේ අතීතය අවුස්සන සොඳුරු මතකයන් සතු කිහිපයක් පුරාවටම සටහන් විය, යාවත් කාලීන විය. ඕනෑම දෙයක අවසානයක් පවතින බවට වූ නියමය සත්‍ය කරමින් පණ්ඩිත ගේ මතකය ද මා තුලිනුත්, මා හදවත තුලිනුත් ඉක්මනින් මැකීගියේ නැති. ලියමනකට උහු අදහස් ගන්නට ගිය මතකයත් ඔහු හමුවන්නට තිවූ ඉඩකඩ කෙස්ගසින් මඟහැරුන අයුරත් මකන්නට සිතුවිලි වලට නොහැකි විය.
 
එහෙව් අතීතය මතකයට ආ ඇසිල්ලක, ඒ අමතකවන්නට නොදී මෙසේ පරිගණකයක් ඉදිරිපස හිඳ, මේ සියල්ලම ලේඛනගත වන්නේ යලි මේ මතකයට නො ඒ යැයි හිත තුල පවතින අඩමානය නැති කරගන්නට ය. තව දින කිහිපයකින් මා මවුරට බලා යායුතුය. ලේඛකත්ව සන්නිවේදන ශිෂ්‍යත්වයේ මේ ගෙවන්නේ අවසාන දින කිහිපය නිසා පණිඩිත ගැන මතකය ඉවතලා එදිනෙදා දේට සිත යොමු කලෙමි. 

ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව රැකියාවේ වූ නිරාකරණය කරගැනීම් කිහිපයක් කරගන්නට කොළඹ යන්නට අවැසි වීම නිසා මගේ අනෙකුත් අවැසිතා ද ඒ දිනයටම යොදාගතිමි. ඒ අතර තුර අමන‍්ටේ පැලස් වෙත ගොස් පිල්ලේගේ දුක සැප බලා එන්නට ද උවමනාවක් මාතුල වී..,  අමන්ටේ පැලස් ඉදිරිපස වූ රථගාලේ මා රථය නවතා යන විටත් අමන්ටේ පැලස් හි වෙනසක් වී ඇති බව මා හට පසක් විය.
මන්දිරය ඉදිරිපස පසෙකට වන්නට සිය ව්‍යාපාරය කරගෙන යන සපත්තු මසන්නා වෙත ගිය මම,

දැන් මේ අපේ පණ්ඩිත මහත්තයාගේ ගෙදර කවුද ඉන්නේ උන්නැහේ??

ඇයි පණ්ඩිත මහත්තයා ගාව හිටපු පිල්ලේ..,
ඒ යකා තවම ඉන්නව නේ..,
ඌ වාසනාවන්තයා..! පණ්ඩිත මහත්තයාගේ මරණෙන් පස්සේ ඔක්කොම දේපල පිල්ලේට අයිති උනා, මහත්තයාගේ අන්තිම කැමතිපත්තරෙන් පවරලාම තියෙලු..,
මහත්තයා මැරිලා තුන්මාසේ යන්න හම්බුනේ නෑ පිල්ලේ කාරයා කසාදෙකුත් බැන්දා..,

ඒ කාවද?

ඇයි අර අධිකාරිවසම් ඇමතිතුමාගේ කසාද බැන්දෙ නැතිව ගෙදෙට්ටම නාකිවෙලා හිටි නංගිව..,
ඒ කටයුත්ත බෝම රහසිගතව උනේ අපි දන්නෙත් එදා උදේ බංගලාවේ ගේට්ටු ඇරලා තියේනකොට..,
පත්තරේකවත් ගියේ නෑ මයේ හිතේ..!

අනික මහත්තයා මිනිහා ඒකෙන් නැවතුනේ නෑ.., මිනිහා බංගලාවේ නමත් වෙනස් කලා..!!

කතාව අතරතුර සේවාදායකයෙකු පැමිණීම නිසා සපත්තු මසන්නා කාර්යබහුල විය..,
මම දකුණුකුළුණේ ඉහත්තාව දෙස නෙත් හෙලුවෙමි.

බැසයන හිරු එළියට කුළුණේ වූ "පිල්ලේ රෙසිඩන්ස්" නමින් යුතු පිත්තල තහඩුව පෙර නොවූ විරූ අයුරින් දිලෙන්නට විය.


You may also like

26 comments:

  1. Replies
    1. ස්තූතියි කාංචනා..!

      Delete
  2. සුපිරි නිර්මාණයක් මචන්.

    ReplyDelete
  3. බොහොම ලොකු ව්‍යන්ගාර්තයක් ඇති බව දැනුනත්...තාම ගලප ගන්න බැරි තැන් තියනවා...ඒ කතාවේ....ලියපු විදිය නම් නියමයි...ශයිලියේ ගන්න ගොඩක් දේවල් තියනවා ...

    ReplyDelete
    Replies
    1. මම එක පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මේක ලිව්වේ. ඒත් වැදිලා තියෙන්නේ පඳුරට මචන්.., කරුමෙට හාවා ඉඳලා තියෙන්නේ ඊට ඩිංගක් එහායින්..! ;)

      Delete
  4. සමාජයේ බොහෝ දෙනෙක් නිරූපණය වෙනවා වගේ දැනුනා

    ReplyDelete
    Replies
    1. අපිත් ඉන්නේ ඔය කියන මෙව්වා එක ඇතුලේනේ අසංක!!

      Delete
  5. සමාජය අතගාන්නට පුළුවන්..රළු පරලු තැන් අඳුනගන්නට පුළුවන්..අස්ථි සැකැස්ම තේරුම් ගන්නට පුළුවන්..ඒත් රුධිරය ගලන්නේ මොන අතටද කියලා එකපාරටම බලන්න බෑ මිත්‍රයා..හරියට මේ කතාවේ හරය ඇවිස්සෙනකොට වගේ..බොහොම රසවත්..මම වින්ඳා පුද්ගලිකව

    ReplyDelete
    Replies
    1. අපි ගොඩක් ළංවෙලා බලන්නේ පින්තූරේට ඒකයි ඒක බොඳවෙලා පේන්නේ.., මම නම් මනුස්සයාගේ මානසික අස්ථි සැකැස්ම තේරුම් ගන්න උත්සහ කරන්නේම නෑ ජනා.., එහෙම කලොත් මට ලියන්න දේවල් නැති වෙනවා..! #youknowwhatimean ;)

      Delete
  6. බොහොම හොඳ කෙටි කතාවක්... අපව විවිධ මාන ඔස්සේ රැගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිසර!!

      Delete
  7. පික්සු හැදෙන චරිත ටිකක් නේ තියෙන්නේ.. උංගේ නම් ඊට හපන්.. හැබැයි ඒ චරිත ඇතුලේ අපි දන්න ප්‍රසිද්ධ අයගේ හෙවණැළි යාන්තමට වගේ මම දැක්කා..

    නියමයි ලිෂෝ.. උඹේ ෂිමරිං තෝට් නං ටොපේ ටොප්...!!

    ReplyDelete
    Replies
    1. මම ලියන කතාවල outside හේමලයෝ නැත්තේ කවද්ද මචන්.., මේකත් ඒකෙන් වෙනසක් නෑ..! තෑංක්ස් ඈ..!

      Delete
  8. ලිෂාන්ගෙ ලියමන් බොහොමයක් කියවද්දි මට දැනෙන්නෙ නිහඬව කියවල තනියම විඳින්ඩ ඕනෙ ගුණයක් ඒවගෙ තියෙනව කියල....ඒව මෙතන කමෙන්ට් විදියට අකුරුවලට හරවන්ඩ තරමක් අසීරු හැඟීම්...
    මේ ගෙතුම හරිම අපූරුයි විතරක් කියල සමුගන්නම්.. ඒත් බොහෝ දේ හිත ඇතුලෙ තියෙන බව නම් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් අසීරු දේවල් නොවේ හරවන්නේ වචනෙට.., අපි ඉන්නේ අවට තියෙන ඒත් අපිට නොපෙනෙන එව්වා.., එහෙම කරද්දී සමහර තැන්වල මම අසාර්ථකයි, සමහර තැන්වල මම සාර්ථකයි..!
      වාසනාවට මා වටේ හොඳ විවේචකයින් පෙළක් ඉන්නවා..!! :)
      ස්තූතියි කියෙව්වට

      Delete
  9. අර මාධිනී මැඩම් පණ්ඩිත්ව ඇඳට තියල මාංචු දාන සීන් එකේම ජෝක් කතාව මේ ලඟදි මම කියෙවුවා. සෝරෝ කිවුව වගේම චරිත වලට අරගෙන තියන පුද්ගල නාම කොහෙන් හොයාගෙනද මංද. අපිටනම් ලොවෙත් එහොම නම් මතක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Brutal/ BDSM/ Tied up මේ මොකකින් කිව්වත් මේ සීන් එක සුලභ සිද්ධියක්, ඒත් වැඩේ රිමේන් වෙන්න ටබූ සබ්ජෙක්ට් එකක් විදියට.., වෙලාවට ඒක ජෝක් එකක් වෙනවා.., මටත් එහෙම තමා හිතුනේ..! ;). නම් නාම ගැන නම් එච්චර මහන්සියක් උනේ නෑ.., අපි අවටම ඉන්න එවුන්ගේ නම් පොඩි මික්සප් එකක් දාලා හදාගත්තා..! තෑංක්ස් මචන්..!

      Delete
  10. සරල තර්ක යොදලා තේරුම් කරන්න කෙමෙන්ට් කරන්න බැරි කතාවක්..ඒත් එකම සිද්දීය ලේඛකයෝ කීප දෙනෙකුව වෙනස් විදිහට සංවේදනයවෙන හැටි අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මේකේ මධ්‍ය ලක්ෂය ලේඛකයා. පාදක චරිත තමා වපසරිය හදන්නේ..! ස්තූතියි!

      Delete
  11. රසයි මචං. හැබෑම අමුතු රසක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්..!

      Delete
  12. පිල්ලේ වැඩකාරයා :D

    ReplyDelete
  13. උඹේ සුපිරි ලියැවිල්ලක්. මේකෙ තියෙන නම් ගම් වලට මම සෑහෙන්න කැමතියි. හැබැයි එකක්, උඹ මේක බ්ලොග් පෝස්ට් එකකට දිග වැඩි වෙන නිසා හෝ කම්මැලි කමට හෝ ඉක්මනට ඉවර කරලා. මෙතනට එන්න ඕන පිල්ලේ සහ මාධිනී අතර තව එක සීන් එකක්වත්. නැතිනම් අපි මඥ්ඥං වෙනවනේ බන් අවසානෙට එනකොට. ලිවීම ගැනනම් කියන්න වෙන දෙයක් නෑ, මරු කියනව ඇරෙන්න.

    ReplyDelete