අපි වසන්තට!

එක්තරා ගමක ගස් කපන්නෙක් හිටියා. ඔහුට ඕනෑම ගසක් කිසිදු දේපළකට හානියක් නොවී කපා බිම දැමීම බොහොම සුළු දෙයක් වුණා. "ලොකු ගස්" කපා බිම හෙළීමට ඔහුට ඇති දක්ෂතාවය දුටු ප්‍රදේශයේ ගස් කපන්නෙක් ඔහුට ඊළඟ මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන ලෙසට ආරාධනා කළා.
උපන්තේකට කිසිවෙකුගෙන් තමන්ට මෙවැන්නකට ආරාධනාවක් නොලැබුණු බව සිහිපත් වුණු ගස් කපන්නා, එසැණින් අර දේශපාලක තුමාගේ ආරාධනාව පිළිගත්තා.
දැන් ගස්කපන්නා බොහොම යුහුසුළුව සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ලැහැස්ති වෙනවා. නමුත් ඔහුට එක වරම යම් මතකයක් මොලයට ඇසුරු සැණින් පැමිණුනා..

දෙයියනේ! ඡන්දේ ඉල්ලන්න භාරගත්තට පෝස්ටර් ගහන්න රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද?

කොතරම් කැමැත්තෙන් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වුනත් ඒ හැමදේටම ඉදිරියෙන් සල්ලි කියන සාධකය ඉස්මතු වන නිසා, මේ ගැන ඔහු දස අතේ කල්පනා කරන්නට වුණා.
කෙතරම් අඩු මිල ඡන්ද ප්‍රචාරණ යාන්ත්‍රණ නොතිබ්බත් ඔහුගේ බලාපොරොත්තුව වුනේ නොමිල ප්‍රචාරණ ක්‍රමවේදයක්!

අවසානයේ ඔහු එක තීරණයකට පැමිණුනා.
දින කිහිපයකට පසුව පාර දෙපස තිබෙන මහා විසාල රූස්ස ගස් වල බොහොම අමුතු ආකාරයේ දැන්වීම් පුවරුවක් එල්ලෙන්නට වුණා.
"අපි වසන්තට..!" දැන්වීමේ සඳහන් වෙලා තිබ්බේ එහෙම!!

දැන් හැමෝම පාරේ යන ගමන් "අපි වසන්තට" "අපි වසන්තට" යනුවෙන් මුමුණමින් යන්නට වුණා.
තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදය වැඩකරනු දුටු ගස් කපන්නාගේ සතුට ඉහිලුම් නැහැ..!

තමන්ව පරදමින් තමන්ගේ ප්‍රතිවාදියා විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා තමන් ඡන්ද ව්‍යාපාරය බොහොම සාර්ථකව අඩු මුදලකින් කරගෙන යනු දුටු ප්‍රතිවාදී පිලේ දේශපාලකයා ඒ ගැන සිටියේ බොහොම තරහින්.

"අර යකාගේ කැම්පේන් එක විනාස කරලා දාන්න මොනවා හරි කල්පනා කරපල්ලා!"
තමන්ගේ යටතේ ඉන්න හෙන්චයියලාට ප්‍රතිපිලේ අපේක්ෂකයා ගෝරනාඩු කලේ එහෙම..!

දින කිහිපයක ඇවෑමෙන් පස්සේ කුඩා ගස් සහ උසින් අඩු ගස්වල අර වගේම එහෙත් ඊට වඩා කුඩා ප්‍රමාණයේ දැන්වීමක් එල්ලී තිබෙනු දුටුවා..!
එහි තිබුනේ මෙවැන්නක්..!

"ඇයි අපි? අපිත් ලොකු වුණාම වසන්තට තමයි..!"

වසන්ත කියන්නේ ගස් කපන්නෙක් කියන එක සිහියට නඟාගෙන දැන්වීම් දෙක කියවූ අයෙකුට එහි සඟවා තිබු උපහාසය තේරුම් ගන්නට එතරම් වෙලාවක් ගත වුයේ නැහැ..!

Comments

  1. මේක සැබෑ ලෝකයෙදිත් සිද්ධ වෙච්චි දෙයක්. මාතර ප්‍ර දේශයේ ඉතා ප්‍රබල ගස් කපපු ඇමතියෙක් සම්බන්ධව මේ කතාව මෙහෙමම පැතිර ගියා... මාතර තිබ්බ විශාල මාර ගස් තමන්ගෙ ජිවිතය ඔහු වෙනුවෙන් පූජා කලා.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම තමා!! ඇත්ත නම කියන්නයි සැබෑ පුද්ගල තතු හෙළිකරන්නැයි බැහැ නේ..! ඉතින් මේ විදියට පැල කළා..! :)
      ස්තුතියි වත්සලා අක්කා!!

      Delete
  2. ඕක මුලින්ම උනේ කැකිරාවෙ මහින්දසෝම උන්නැහේට.

    ReplyDelete
  3. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

Post a Comment