අතීතකාමය

අපි මේක නවත්තමු..!
කන්න ගන්න කියලා ඕඩර් කල කෑම එක මේසෙට එන්නත් කලින්ම මම හිතේ තිබ්බ දේ කියලා දැම්මා, කිසිම දෙයක් හිතා ගන්න බැරුව අවුල් උන හිසකේ අස්සේ ඇඟිලි අතරමං වුන එයාගේ ඔලුව, වෙනදා අතගාන්න උවමනා උනත් හරි අමාරුවෙන් ඉවසගෙන හිටියේ, කරන්නම දෙයක් නැති නිසා, මාස හතරක් තිස්සේ ගන්ධබ්බ වෙලා හිටපු අපි දෙන්නා අන්තිමේ දෙපැත්තට උනා, ඒ මතකය අවුරුදු දෙකක් වයස කිරිදරුවෙක් වගේ අපි දෙන්නගේ හිතේ කොනක ඒ වෙනුවෙන් සුදු පිරුවට එළලා තියලා තියන බව දැනගෙන මයි. කරන්න දෙයක් නෑ, වචනේ පිටවුනේ මගෙන් උනාට, පිරිමියා විදියට එතනදීත් අන්තිම තීරණේ මට ම ගන්න එයා මට ඉඩ දුන්න, එහෙම නැත්තං අවසානේ තීරනේ කරන්න එයාට තිබ්බ අවස්ථාව මම බලෙන් ගත්තද දන්නෙත් නෑ, කොහොම හරි එහෙම කිව්වා.

කලින් දවසේ රෑ අඬලා ඇස් ඉදිමිලා කොණ්ඩේ අවුල් වෙලා, මානසිකව කොතනක ඉන්නවාද දන්නේ නැති උනත් අවසානේදී අපි දෙන්නා අතර මැද්දේ තත්ත්පර කටු මොකුත් කියන්නේ නැතුව කැරකෙන එකට මම පට්ට අකමැති උනා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති මෙහෙම මගේ කටින් පිටවෙන්න..
මම වේලාසන වැඩිද? 
එයා ඒ වෙලාවේ ප්‍රකාශයට පත් කරන්න හැදුවේ සටන් විරාමයක් ද? ඒත් ඉතින් සටනට විරාමයක් දෙන්නත් සටනත් තියෙන්නේ එපෑ, කෝ සටනක්, ඒක නිවිලා ගිහින් මාස හතරකට වැඩියි. කොල වැටිලා වල් වැදිලා නැති නාස්ති වෙන්න දෙන්නේ නෑ මම ඒ සටන් බිම, ඒක සුද්ද කරලා ලස්සනට තියාගන්න මට තාමත් ආසයි. ඒකයි මම සෙන් කතා කිය කියා මගේ හිත සමනය කරගන්න හදන්නේ.

ගොඩක් වෙලාව ගිහින් මේ වෙනකොට රෑ12ට ළඟයි, ළඟ තිබ්බ පොත අරන් ඔලුවට එන එක එක හැට එක පිළිවෙලකට තියන්න ගත්තා, ඒ පිළිවෙල වෙනස් වෙලා වෙනස් වෙලා පිහාටු දෙකක් කටු කම්බියකින් බැඳුන අපූරු පැන්සල් සටහනක් බවට පත් වෙලා. අපි ගැන අපි වටේ ජීවිතේ ගැන හිතන සුභම පතන මිනිස්සු එක්ක දෙපැත්තට වුන අපේ ජීවිතේ ගැන මට සාහිත්‍යමය නිර්වචන ලියවෙන්න පටන් ගන්නවා.

අපි ඒවා පත්තරේට ලියල සල්ලි හොයා ගන්නවා.., සික් කරුම ජීවිත, අත්දැකීම වචන කරලා ඒවාට සල්ලිගන්න එක මොන කාල කන්නි කමක්ද?
රෙද්දේ නිර්මානශිලී ලියවිලි..!
කඩු කිනිසි කියමන් බුකියේ සෙයාවෙන වේගෙට ඒ පැත්තට ලයික් එබුනත්, මේ පැත්තට ඒවා ආපහු ආවේ කලාතුරකින්, සමහර වෙලාවට ආවෙම නැති තරං.., දවසේ කතාව අකුරු වෙන්නේම දිග කෙස් ගස් ගැනයි, කෑම අඩුවෙන කනකොට එන තරහා ගැනයි..!, මේසේ උඩ කොල ගොඩ ගැහිලා, පේපර් බින් එක උතුරන්න ඔන්න මෙන්න..
ශහ් මේක මාර රයිටප් එකනේ, දාපන් පත්තරේට ලස්සන ස්කෙච් එකකුත් නෙට් එකෙන් හොයලා එහෙම???
බල්ලොත් නොකන සල්ලි ජීවත් වෙන්න ඕනේ නිසා කටවහන් උන්නා, පනහකට හැටකට සින්දුවකටත් මේ ටිකම දුන්නෑකි පේලි වලට කැඩුවානං එලිසමය එලිවැට ගලපලා..,

මට එහෙම කරන්න හිත්දුන්නෑ ඒ ගැන ලියවෙන ඇඳෙන, සටහන් ඒවා මගේ හිතේම තිබුනාවේ, ඒත් අර බලිකුරුට්ට ගැන මට ආවේ එකම එක සිතුවිල්ලයි..!
ටැටූ එකකට නං මරු..!!!

Comments

  1. "අත්දැකීම වචන කරලා ඒවාට සල්ලිගන්න එක මොන කාල කන්නි කමක්ද?" <--> "About Post Author 30 yrs old" ;-)

    ReplyDelete
    Replies
    1. හා වැරදිද? කියමු බලන්න..!

      Delete
    2. තව 20 ක් ගියහම "අත්දැකීම් = සල්ලි" කියල තේරේවි කියන එකයි මට හිතුනෙ.

      Delete
  2. ජීවත් වෙන්නේ ටික කාලයයි බන්!

    ජීවිතේට මලඉලව් කන්ඩිෂන් දාගෙන මොකටද!

    මොන රෙද්දකින් හරි ජීවිතේට සතුට ලඟාවෙනවා නම් "මගේ හැටි අරෙහෙමයි, මෙහෙමයි" කිය කියා ෆ්‍රේම් හදාගෙන ෆ්‍රේම් එකෙන් එලියට නොයන්න මහන්සි වෙවී හෙම්බත්වෙන්නේ නැතුව ෆ්‍රේම් කඩලා බිඳලා දාලා සතුටින් ජීවත් වෙනන් ට්‍රයි කරහන් බන්.

    අර නිසලා ගියා වගේ අද මැරෙයිද හෙට මැරෙයිද කවුද දන්නේ !

    "About Post Author 30 yrs old" යකෝව් තෝ බ්ලොග් එකේ අබවුට් රයිටර් එක අවුරුදු 10කින් අප්ඩේට් කරලා නෑ ලොල්

    ReplyDelete
  3. මම හිතන කොට නං කුනුහරුපත් එක්කමයි හිතන්නේ.. හැක්

    ඔය අවුරුදු 30 ප්‍රශ්නය දැනට අවුරුදු තුන හතරකට කලිනුත් ඇදුනා..

    ReplyDelete
  4. මේක මරු. ලිෂාන් අයියෙ... මේ ස්ටයිල් එකට මං කැමතියි. කතාවටත් වඩා. මං වගේ එක සැරේ අකුරු වැරදි පේන ටීචර් මොඩල් සෙට් එක විසි වෙනවා මේවා දැක්කම. ඒත් මේක හරි ලස්සනයි. බයිද වේ.. මේ අංකල්ලා ඔයාගෙ වයස ගැන කියන ඒවා ගණං ගන්න එපා. ඔයාගෙ වයස 35 යි කියලා අපි දන්නවානෙ. :D :D

    ReplyDelete

Post a Comment