පරිකල්පනීය රමණීය රමණය

එයා මගේ ලඟට එනකොට මම හිටියේ දහදියෙන් නැහැවිලා, බයට නෙවෙයි ආසාවට, ඒක මගේ පළමු වෙනි වතාව, මම ඈ දෙස බැලුවා, මීට පෙර කිහිපවතාවක්ම මේ දේ කර හුරුපුරුදු බවක් තියෙන බව මට ඇගේ මුහුණෙන් පෙනුණා. ඈගෙන් වහනය උනේ මීට ටික වෙලාවකට කලින් මොනවා හරි සැර බීමවර්ගයක් බීලා ආපු බවක්.

සැපපහසු ජීවිත නෙව.

එකපාරට ඈ මගේ දිහා බැලුවා.

මේ පළවෙනි පාරද?

මම හිස ඉහල සිට පහලට සෙලෙව්වා.. එත් ඒ නිහඬ අභිනයෙන් ඈ තෘප්තිමත් උනේ නැහැ. අය තවත් ප්‍රශ්නයක් අහන්නට මුව උල්කරා,

ටිකක් අමාරුවෙයි, සමහර විට ඉක්මනට බඩු ටික යන්නත් ඉඩ තියෙනවා, නොගියත් කමක් නැහැ, පලවෙනි පාර නිසා සමාවක් දෙන්නම්. දන්නවද ඒක කරන්න?

ඔ..ඔව් කලින් දැකලා තියෙනවා, 

කොහෙන්ද?

ෆිල්ම් වලින්, පත්තර වලින්, යාළුවො එහෙම කියන එව්වයින්. 

කෙල්ලෙක් ඉන්නවද? 

හිටියා දැන් නැහැ. 

එයා එක්ක මේවා කරේ නැද්ද?

මට උවමනාව තිබ්බට එයා බැහැ කිව්වා, මම බලකරන්න ගියේ නැහැ. මගදී වෙන කරදරයක් එහෙම උනොත් කියලා..

කීයක් අතේ තියෙනවද? 

මගේ අතේ තියෙන්නෙම 300යි.

කමක් නැහැ. අදට ඇති, ඒරියා එක පොඩි නිසා අවුලක් නැහැ, ඔය ගාන ඇති.

කෝකටත් කියල මම ආපහු කියලා දෙන්නම්. 

හා

එහෙනම් හොඳ ළමයා වගේ, පොඩ්ඩක් පහලට නැවිලා ඒ ටික උඩට අරගෙන දෙපැත්තට කරලා එලියට ගන්න

ආ මෙන්න..!

ඔය බෑග් එකේ තියෙන කොස්මැටික් බඩු ගැන ඔක්කොම තොරතුරු මේ පොතේ කියනවා. ඔයාට තියෙන්නේ කවුරු හරි බඩු ගනිද්දී එක ගැන ඇහුවොත් විස්තර ටික ලස්සනට කියලා මේ ෂැම්පු, ක්‍රීම්, සෙන්ට් වර්ග ටික විකුණගෙන එන්නයි.  




(රමණයෙන් බොහෝ දේවල් වලින් කල හැකිය, රමණය බහුඅරුත් පදයක් වන අතර, එහි අරුත් එකකින් එකක් වෙනස් වේ. අර්ථය කුමක් උවත් කතාව රමණීයව පැවසීම කියන්නාගේ වගකීමකි, සම්මා සතියෙන් කියවීමේ වගකීම ඔබ සතුය.)

Comments

  1. සම්මා සතිය පහල වෙන්නේ අන්තිම රතු පේලිය කියෙව්වම තමා.. හැක්..

    ReplyDelete
  2. දේශකයා : viewer discretion advised LOL

    ReplyDelete
  3. සම්මා සතිය පහල වෙන්නේ අන්තිම රතු පේලිය කියෙව්වම තමා.. හැක්.. 2

    ReplyDelete
  4. අන්තිම හරියට ඒනකල් කට අැරිලාමයි තිබුණේ..........

    ReplyDelete
  5. අවංක ආර්යන් : :D
    කුරුටු ගෑ ගී පවුර : එකනේ "සම්මා සතියෙන් කියවීමේ වගකීම ඔබ සතුය" කියලා කිව්වේ :D

    ReplyDelete
  6. උඹ මට අහුවෙන්ඩ එපා ආයේ

    ReplyDelete

Post a Comment