(අ)නිසි කතා හතක්

 01. සෙවීම
 
ෂ්.. අර බලපන්!!
මොකද්ද??
දොරෙන් එලියට යන කෑල්ල..,
හ්ම්!!

හුග් ගාන්නේ,ඔය මාකටින් සෙක්ෂන් එකට අලුතින් ආපු කෑල්ල දන්නවද?

මැනේජරයගේ කැච් එකක්ලු...,

අර කලු මහත එකාගේ..?

ඔව් ඔව් බොල.., කෝමද වානරයා වගේ ඉඳළා ලයින් කරන කෑලි..ඈ?

අපි තමා මේ වහතු පස්සේ ගිහිල්ලා බැඳලා ළමයි හදාගෙන ඉන්නේ..,

ඒකට ඉතින් මොනවා කරන්නද තොපේ හදිස්සියට..,

හා හා ඒකෙන් කමක් නෑ නෑ.., යං යං අර එවෙන්ට් එකට ඕනේ කරන ෆයිල් ටික තියෙන්නේ මගේ මේසේ උඩ..,ඒ ටික සෝටවුට් කරමු

හුම්..!

02. කාමය ලෝභකම් ඇතිකරයි

එක්ස්කියුස් මී සර්, මේ අයි කමින්?

යෙස් යෙස් නයනා., ටේක් අ සිට්..,

සර් මම අර ෆයිල් වලට දාන්න කිව්ව, ලෙටර්ස් ටික ප්‍රින්ට් කරලා ඉවරයි., සර්ගේ සයින් එක ඔනේ ඒවා  ෆයිල් කරන්න කලින්...,

කෝ දෙන්න..,

ඉතින් ඉතින් නයනා.., කොහොමද අලුත් තැන?
වැඩ කරන තැන එහෙම ගැටලුවක් එහෙම නෑනේ??

කරදරයක් නෑ සර්.., ඒත් පොඩ්ඩක් වැඩ වැඩියි, වරදක් නෑ, ස්ටාෆ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ලී,

හරි එහෙනම්, මොනවා හරි ප්‍රෂ්ණයක් එහෙම තියෙනවා නං කියන්න ඕනේ.., ඕකේ? මම මගේ මැනේජර්ස්ලාට එහෙම කියලා තියෙන්නේ ඔයා ගැන ස්පෙශල් ඇටෙන්ෂන් එකක් දෙන්න කියලා, තේරුනාද?

ඔව් සර්, තෑංක්ස්.., එහෙනම් මම යන්නම් සර්..,

මේ නයනා වන් මිනිට්?

ඔව් සර්??

අර වැඩේ හෙට ඊවිනිං දාගමු..,

හ්..හා සර්..,

ඇයි නයනා මොකුත් ප්‍රශ්ණයක් ද? ඔයා කැමති නිසා මම ඒ එපොයින්ට්මන්ට් එක දාගත්තේ..,  ඔයා ට ප්‍රශ්ණයක් නෑනේ??

මම යන්නම් සර්..


03. රියදුරු දෑතට දෙවි පිහිටයි

උඹ දන්නවද මචන්, අපේ ලොකු සර් මට බුවාගේ කාර් එක එලවන්න ගත්තේ මිනිහගේ ලොකු රහසක් මම දන්න නිසා..., මිනිහා සමහර වෙලාවට එක එක සැම්පලේ කෑලි දාගෙන එන්න කියලා මට කෝල් කරලා කියනවා..,

උඹේ ලොක්කා අපේ ලොකු සර් එක්කත් වලි දාගෙන තියෙන්නේ ඔය කෑල් ප්‍රස්නේකට කියලා මට දවසක් එකවුන්ට් එකේ මිස් කෙනෙක් කිව්වා..?

උඹ එක්කලා මිස්ලා සෙට්ද එකවුන්ට් සෙක්ශන් එකේ??
ඩයිවර්ලා වෙච්චි අපිත් එක්කලා අඟෑලුම් පාන්නේ ඉතින් මොකක් හරි වැඩක් කරගන්න මිසක් වෙන මොකටද බන්.., මයුරි රට ගිහින් ඒකි අර අරාබි කාරයා එක්කලා ජීවත් වෙන්න පටන් ගන්නවාය ආයේ එන්නේ නෑය කියලා ලියලා එව්ව දවසේ ඉඳලා මට ගෑනු අරහං බන්..

වේ* හැතිකරේ..!

ඉතින් උඹ කියන්න ගියපු කතාව කියපන් කෝ..,

ඉතින් සර් ගොඩක් වෙලාවට සර්ගේ ගොඩගම ගෙදර තමා රෑ වැඩ වැටුනම ඉන්නේ.., සමහර පාටි එහෙම තියෙන දවසට සර් එක්ක කාරෙකට එන කෑලි ආපහු යන්නේ උදේ ගෙදරින්.., හික්කා ගිහිල්ලා අපේ ලොක්කා රෂියන් කෑලි දෙකක් එක්ක නටනවා හායි එකේ දාලා තිබ්බා මම දැක්කා.., උඹ දන්නවද, එදාට පස්සෙන් පහු ඒ කෑලි දෙක වීක් එන්ඩ් එකම හිටියේ අපේ ලොක්කා එක්ක..,

ඉතින් ලොක්කාගේ අවටියල් වැඩ මැඩම් දන්නෑද්ද??

දන්නවා ඇති බන්.., ඒත් ඉතින් ඒ ගෑණි කියලා මක් කරන්නද? දෙනදේ කාලා වෙනදේ

බලාගෙන ඉන්නවා ඇති.

හහ් හරි මම යන බේබිව ඉස්කෝලෙන් ගන්න.., දෙකට කාලයි..,

හරි මමත් යනවා සර්ගේ බත් එක කාර් එකේ, මිනිහට ඔපිස් එකට ගෙනියන්න අමතක වෙලා මට කෝල් කලා..,


04. මූණුපොතේ සිංහ පැටව්

දන්නවද අර කෑල්ලගේ නම?

මොකද්ද??

නයනා බං නයනා..,

පේස්බුක් ඉන්නවද? 

ඉන්නවා ඉන්නවා.., මම රික්වෙස්ට් එකක් දැම්මා මේකි මාව ඇක්සෙප්ට් කලේ නෑනේ..,අද උදේ මම වැඩට එනකොට ඒකි නැනෝ ටැක්සියකින් බැහැලා ඔපිස් එකට එනවා, මම හෙලෝ ගුඩ් මෝනින් කිව්වා.., මේකි ගස්සලා ගියේ නැද්ද ඇතුලට.., මමත් ඉතින් අනේ හුකේ කියලා ඇතුලට ආවා.., මොන හු**ක්ද? මුං නලලේ තියාගේන ඉන්නේ.., අපි හායි කිව්වම තමා හෙන ගනකම.., ලොක්කෝ දැක්කම විලුඹේ ඉඳන්ම නවනවා..,

වෙලාවකට මටත් හිතෙනවා මාකටින් සෙක් එකට පැනගන්න බන්.., එතකොට ලොක්කෝ සැප ගන්න කෑලි එක්ක අඩු ගානේ කතාවක් වත් කලෑකිනේ.., මේ අවුට සෙක්ශන් වල ඉන්න කොටතමා මුන් අපි දිහා මහ අමුතු විදියට බලන්නේ..

හා හා කෑ ගහන්න එපා බන්..,

කෑ ගහන්න නෙවෙයි බන්.., උන්ගේ තියෙන බොරු උස්නේ.., වේ* හැත්ත.

මේ ඕක අමතක වෙලා යන්නත් එක්ක මේ රිපෝට් එක හදන්න උදවු වෙයන්..,

ආ.... තව දෙයක් ඕනේම කරන එක කියන්න අමතක උනා.., මම කාර් පාක් එකේ ටොයිලට් එකට යනකොට, ලොක්කගේ ඩ්‍රයිවරුයි, අපේ එකවුන්ටන් මහත්තයාගේ එකයි බර කතාව.., 

මොකා ගැනද?
වෙන කා ගැනද බන්.., අරකී ගැන.., ලොක්ක හවසට ඒකිට ට්‍රැවලින් දෙන්නම් කියලා ගෙදර යන්න..,

ලොක්කා අච්චුව තියයි වගේ..,

අර තඩි බඩ එක්ක කෝම කොරන්නද බන් ඕක..,

බඩත් අවුලක්ද මල්ලී කිව්වලු..!


05. කාම සූත්‍ර

ඔයා නම් මාරයි නයනා...,
අපිටත් ගෑනු ඉන්නවා, උන් ඉන්නවාම විතරයි..,

සර් අපි ඒ ගැන කතා කරන එක නවත්තමු..,

හ්ම් ඔයාගේ කැමැත්තක්.., ඔයා අකමැති නැතිනම් මම කෑමතියි මේ ගේ දෙන්න.., වැඩට යන්න එන්නත් ලේසිනේ.., අනික අපි දෙන්න්ටම ලේෂර් ටයිම් එක පීස්ෆුලි ස්පෙන්ඩ් කරන්න පුලුවන්නේ..,

නෑ සර් මම යන්නම් ගෙදර,
ඕකේ.., ඉන්න මම කියන්නම් ඩ්‍රයිවර්ට ඔයාව ඩ්‍රොප් කරන්න කියලා..,

සර්..?

ඔව් නයනා කියන්න..?

අර මම කිව්ව වැඩේ..,

ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.., ඒක හරි කියලා හිතාගන්නකෝ..,

තෑංක්ස් සර්.., මම යන්නද එහෙනම්..?

ඕකේ සී යූ ටුමාරෝ ඇට් දි ඔෆිස්.., බායි..,

බායි ස... සර්..!


06. නිර්වානය

ටක් ටක් ටක්..!!!

කවුද........

මේ මම නැන්දේ නයනා..,

කොහේ යනවද ළමයෝ කියද බලන්න දැන් වෙලාව..,

ඔෆිස් එකේ වැඩ තිබ්බා නැන්දේ ඒකයි ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකෙන්ම ආවේ..,

තේකක් හදන්නද මං?

එපා නැන්දේ මම කාලා ආවේ.., ඇඟට වතුර ටිකක් දාගෙන නිදාගන්න ඕනේ, හරි මහන්සියි, ඊටත් එහා හිතේ තෙහෙට්ටුව

ආ..මේ.., නයනා..?
නැන්දේ..?

මේ ඔයාට ලියුමක් ආවා..,

හ්ම්..,

ගෙදරින්ද?

ඒ වගේ..,


07. ආරම්භය වෙත සෙනෙහසින්..

ආදරණීය ලොකූ වෙත,

එවාපු ලියුම ලැබුනා.., දුව හොඳින් ඇතැයි හිතනවා, ඔයා එවපු සල්ලි වලින් අර බඩු ටික බේරගත්තා, ඔයා මේ ගෙවන්නේ අමාරු කාලයක් කියලා දන්නවා දුවේ, ඉන්න එකම ළමයා වෙච්චී ඔයට මේ දේවල් කියන්නේ නැතුව මම වෙන කාට කියන්නද? ඔයාට මම මේ ලියුම ලියන්නේ හොඳ ආරන්චියක් කියන්නත් එක්කයි. අප්පච්චීට පැන්ෂන් එක හදලා කියලා ලියුමක් ආවා.., දෙයියනේ කියලා ලබන මාසේ ඉඳන් මේ කරදර ටික ටික අඩුවේවි.
ලොකු නැන්දා ඊයේ අපේ ගෙදර ආවා.., ඇහුවා ඔයා එකලාසයක් වෙන්නේ නැද්ද කියලා.., මම කිව්වා ඔයා කිව්වය කියලා ලොකු දුවම එයාගේ දේවල් බලාගන්නවාය. අපි හොයන්න ඕනේ නැතිය කියාලා., මට පේන්නේ උන්දෑ හදන්නේ ලොකු එකාව ඔයාට ජෝඩු කරන්න වගේ.., මම නං ඒ හැටි මනාපයක් නෑ.., ඒත් අප්පච්චි තමා හරි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ ගැන. ඔයා මේවා කියවලා හිත කලබල කරගන්න එපා.., මම නිකමට ලිව්වේ ඒ ගැන.,
අප්පච්චි පැන්සන් එකේ වැඩ ටික කරගන්න එහෙම ළඟදී කොළඹ එන්න ඉඩ තියෙනවා, ඒ අස්සේ ගෙදර උකසට ඊයේ පෙරේදා රතු කොල ඇවිල්ලා අප්පච්චි කෝලේ දැකලා ප්‍රෙසර් පෙත්ත දිව යටින් තියාගනී කියලා මම බය උන්නේ. ඔයා අර ටික එව්වොත් අපිට උකසේ පොලී වාරිකයක්වත් බැන්කුවට බැඳගන්න පුලුවන් වේවි වෙලාවට..,මට මේවා කියන්න හිතෙන්නේ නෑ දුවේ ඒත් මම සල්ලි කොහෙන් කියලා හොයන්නද? මම තවත් ලියුම දික් කරන්නෑ..,
මට බෑ තවත් මේවා ලියලා දුක් දෙන්න..,
මම නවතිනවා.

බුදු සරණයි..,
මීට,
අම්මා.

Comments

  1. අමුතුම ආකෘතියකින් හද සසල කරවන අපේ කාලයේ කුමාරිකාවන් ගේ ඇතුළත ශෝකාන්තය මනාව ඔබ අපට තිළිණ කළ අයුරු කදිමයි.. ඔබට ජය.

    ReplyDelete
  2. හ්හ්ම්ම්ම් . . මතුපිටට නොපෙනෙන කටුක යතාර්ථය . .. හ්හ්ම්ම්ම්ම්

    ලස්සනට ලියල තියෙනවා . . ඒත් කලින් සමහර එව්වයේ තිබ්බ හිත සසල කරවන ගැඹුර නෑ . . .අනේ මන්දා . .

    ReplyDelete
  3. මචන් ස්තුතියි... !

    ReplyDelete
  4. මේ ෆෝමැට් එක මන් මාර ආස ෆෝමැට් එකක්. මරේ මරු.

    ReplyDelete
  5. මේක සිරා. බලපන්, සබ් හෙඩින්ග් වලින් උඹට වෙනමම කථාවක් කියන්න පුලුවන් වුනානේ.

    ReplyDelete
  6. ලිශාන් ට තරම් වෙනස් වෙනස් විදිහෙ කතා ගලපන්න පුළුවන් වෙන කෙනෙක් නැති තරම්.
    සුපර්බ්...

    ReplyDelete
  7. "දෙලොවක් අතර"
    කෙටි චිත්‍රපටියකට නියමයි!
    පැතුම් මල්ලි කී දේ තමා මටත් මුලින්ම පික් වුණේ

    ReplyDelete
  8. මොකද මේ කවදාවත් නැතුව මෙච්චර ස්පෙලිං මිස්ටේක්...
    //ප්‍රෂ්ණයක්// //ප්‍රශ්ණයක්//

    ReplyDelete
  9. හරිම අපූරුයි. ජය..!

    ReplyDelete
  10. ඇට නැති දිව කොයි පැත්තට නැවෙන්නට බැරිද..!!
    අපූරුයි..

    ReplyDelete
  11. ලෝක දෙකක්, අපූරුයි

    ReplyDelete
  12. අකුරින් අකුරට ආසාවෙන් කියෙව්වා

    ReplyDelete
  13. අපේ වචනවලින් ස්පොයිල් කරන්නෙ නෑ ඕං!

    ReplyDelete
  14. බොහෝ සේ රස වින්දෙමි...

    ReplyDelete
  15. සිරා මචං! සිරා!

    ReplyDelete
  16. අහම්බෙන් වැස්සට ගොඩ වැදුනේ. මාරයි ඈ.

    ReplyDelete
  17. නිසි විදිහට ලියපු අනිසි කතා........ නියමයි.

    ReplyDelete
  18. ඉස්තරම්!

    ReplyDelete

Post a Comment