කටඋත්තර හතරක්

සාගරිකාගේ කට උත්තරය:
ඒ වෙලාවේ අපිදෙන්නා ආවේ එකම බස් එකේ..,
ගෙදරට පන්ති යනවැයි කියලා ආවට එයා මාව බස්සගත්තේ බස් එකෙන් පන්තියට හෝල්ට් දෙකක් මෙහයින් තියෙන මිනොල්ටා රෙස‍්ට් එක ගාව හෝල්ට් එකෙන්..,
අපි දෙන්න ඇතුලට ගියා..,
මම එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් නිසා.., එයා කැෂියර් ඉස්සරහදී

"අක්කේ මම අයිඩෙන්ටිය ගෙනවේ නෑ.., අක්කා අයිඩෙන්ටිය දෙන්න" කිව්වා

මට ඒ වෙලාවේ තමා මේ මිනිහා එක්ක තරහා ගියේ..,
ඇයි වදේ වැඩිමල් නං මගේ පස්සෙන් ආවේ මොකෑ..,
ඉන්න තිබ්බනේ තමන්ගේ පාඩුවේ..,
අනික වයස කියන්න ඕනෑයෑ..!!
අනිකා කාමරේ ඇතිලට ගිහිල්ලත් මේ මිනිහා පොත් ටික ඇඳ උඩින් තියන්නේ නැතුව එහෙ මෙහෙ යනවා..,
මට බලාගෙන ඉන්න බැරිම තැන තමා පටන්ගත්තේ..,
ඇයි හත්තිලව්වේ ආවනං තැනකට ඒක හරි හෝ වැරදි හෝ කොරලා ඉවර කරන්න එපෑය..,

පෑ එකහමාරකට පස්සේ අපි කාමරෙන් එලියට ඇවිල්ලා මම ම සල්ලිගෙවලා පන්තියට ආහම තමා පොලීසිය අපිව හොයාගෙන පන්තියට ආවේ., 
අනික එදා කාමරේ අස් කරලා තිබ්බෙත් නෑ..! 


සුමේදගේ කට උත්තරය: 
ඉස්සර මට මතකයි එයා අපේ ගේ ඉස්සරහ හිටපු සුමනසේකර අංකල්ලැයේ ගෙදර එනවා.,
නාලිකා අක්කත් එක්කලා සෙල්ලං කරන්න..,
අපේ අයියා ඒකාලේ ඕලේවල් කරලා හිටපු නිසා හවසට හවසට සේකර අංකල්ලගේ ගෙදරය යනවා..,
ඒත් මම අයියා මෙයා එක්කලා සෙල්ලං කරනවා දැක්කේ එක පාරයි.., මම කාටවත් කිව්වේ නෑ..,
හැබැයි අයියා දන්නවා මම සීන් එක දැක්කා කියලා..,
මම ඒලෙවල් පන්තියට යනකොට තමා ඊට පස්සේ කාලෙදී එයාව දැක්කේ, මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙල්ලෙක් පන්ති එන්නේ ඇයි කියලා මට පුදුම හිතුනත් මම කවදාවත් ඒක අහන්න ගියේ නෑ..,
එදා වෙනකල් ම. මම කෝම හරි ට්‍රයි කරලා එයා එක්ක යාලු වුනේ අපේ අයියා ඒ දවස් වල කියන එව්වා අහගෙන ඉඳලා..,
ඒ උනාට යාලු උනාට මොකෝ මට එහෙම කරන්න එහෙම තිබ්බ ඕනෑකම එහෙම්ම ම යටපත් උනා..,
අපේ යාලුවෝ නං කිව්වේ මූ පරමාදර්ශී වෙන්න යනවා කියලා..!
වෙනදා වගේම අපි පන්තියට යන්න කියලා බස් එකට නැග්ගට එයා මාදිහා හරි අමුතු විදියට බලනකොට මටත් මොකුත් නොවුනාම නෙවෙයි.., ඒත් මම පෙන්නුවේ නෑ.., කොල්ලෙක් උනාම පොඩ්ඩක් රැස්පොට් එකට ඉන්න එපෑය.

ඒත් කොන්දා "මිනෝල්ටා බහින්න" කිව්වම එයා මා දිහා බලලා අමුතු විදියට හිනාවෙලා අහක බලාගත්තා,
මම දෙපාරක් හිතුවේ නෑ.., එයාගේ අතින් අල්ලගෙන හෝල්ට් එකෙන් බැස්සා.
සල්ලි ගෙවන්න යනකොටයි මම දැක්කේ මගේ අයිඩෙන්ටිය නෑ කියලා.., මම එයාගෙන් ඒක ඉල්ලුවා..,
ඒ වෙලාවේ තමා එයාගේ මූණ නාලු වෙලා කලුතලා වැටිලා තියෙනවා දැක්කේ..,
මා එක්කලා තරහද දන්නෙත් නෑ..,
මම පොත්ටික අරගෙන කාමරේ එහා මෙහා යනකොටත් එයා ඇඳේ ඉඳගෙනත් ඉවරයි.
එයා ඉඳගෙන ඉන්න විදිය දැක්කම් මට මතක් උනේ අපි ඕලෙවල් කරද්දී බලපු සුමනා ගෝමස්ගේ ඇගේ වෛරේ තුන..,

මොකෝ පටන් ගන්නෑද්ද??

එයා මගෙන් ඇහුවේ ගහන්න වගේ..,
ඇඳුං ටික තියලා මම ඇඳගන්න සරමක් හෙව්වම රැක් එකේ දාලා තිබ්බ සරම දිග ඇරියම මට සංසාරේ එක්ක එපා උනා..,
කාඩ්බෝඩ් වගේ, සරම බිත්තියට හේත්තු කලෑකි..,
පස්සේ මම කෝම හරි ඒ දෙවල් එහෙම වෙලා එලියට එනකොට ක්ලාස් එකේ ලන්ච් බ්‍රේක් එක..,
මම කෙලිම්ම එයා එක්ක පන්තියට ගියා..,
පැයකින් තමා පන්තියට පොලීසියෙන් ඇවිත් අපි දෙන්නව අරන් ගියේ. 
අනික මගේ පර්ස් එක වැටිලා කොහේ හරි..! 
අම්ම දැනගත්තොත් මාව කයි..!


ටියුශන් ගුරුවරයාගේ කට උත්තරය:
මම පන්තිය පටන් ගන්නකොට ළමයි ගාන බලලා තමා පටන් ගන්නේ..,
ඒත් ඉතින් අලුතින් රිවිශන් වලට ගත්තු නිසා මම අද ගාණක් තියාගත්තේ නෑ..,
මම ඔය කියන ළමයි දෙන්නම ගන දන්නවා..,
බොහෝම වැඩගත් දෙමාපියන්ගෙන් පැවත ගෙන එන දෙන්නෙක්. විශයන් වලටත් කිසිම අදක්ෂ කමක් නෑ..,
හොඳට වැඩ කරනවා..,
ඔය සිද්ධිය වෙච්චි වෙලාවේ මම සිගරට් එකක් බොන්න එළියට ඇවිත් හිටියේ.,
ඒත් ක්ලාස් එකේ වීදුරුව අස්සෙන් මම දැක්කා කොල්ලා කලිසම හද හදයි,
කෙල්ලෙක් අවුල් වෙච්චි කොන්ඩේයි හැට්ටෙයි හද හදා දුවගෙන එනවා..,
මම ඒක එච්චර හිතුවේ නෑ..,
අද කාලේ වෙනස් තාලය අලුත් නෙව.,
ලන්ච් අවර් එකට එලියට යන ළමයි ඕන තරං ඔහොම එනව ඒක අමුතුදෙයක් නොවෙයි.
පස්සේ මම සැලලිහිණිය කවි 108 පාඩම් ගන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමා පොලීසියෙන් ආවේ..,

සැළලිහිණිය වදු කැළණිය පුරවරට 
කියලා කොල්ලා කවිය අවසාන කොරනකොට තමා මේ රාළහාමි ඇවිත් අහවලා ඉන්නවද කියලා ඇහුවේ..,

මම හිතන්නේ මේක ළමයින්ගේ වැරැද්ද නොවේ, මේ සිස්ටම් එක සමාජයට යන පාර කපන විට වෙච්ච වැරැද්දක්..,
එක්ස්කියුස්.., 
මේ මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද?? 
 (සිගරට්ටුවක් දල්වාගනිමින් )
you know mister, ඔය රෙස්ට් එකේ සර්විස් එක අන්තිමයි..! you have to trust my word.. 
බොරු නං සාගරිකාගෙන් අහලා බලන්න..!

තානායම් සේවකයාගේ කට උත්තරය:
මම මෙහෙම හිටියට හතර පෝයටම සිල් ගන්නවා..,
මට අපේ අපුච්චා කීවේ කවදාවත් දුන්වෙනි සිල්පදේ කඩන්න එපාය කියලා..,
මම කලේ ඒ නෝනගේ අයිඩෙන්ටිය අරන් නම ගම ලියාගෙන ආපහු කාමරේ යතුරත් එක්ක දුන්න එක විතරයි..,
අපේ ලොකු සර් නං මේ වගේ ඒවා අත අරින්නෑති උනාට මොකෝ මම නං ඔය හිල්මන් සීන් වලට කැමතිම නෑ..,
ඒ ආපු නෝනා මීට කලිනුත් මෙහෙට ආවා.., ඒත් ඒ ආවේ තනියම..,
මයේ හිතේ නම සාගරිකාද කොහේදෝ.., නොනා කාමරේ යතුර ඉල්ලං ගියාට පැයකට විතර පස්සේ මහත්තයෙක්  දෙන්නෙක් එනවා පෑ දෙක තුනක් ඇතුලත..,
මම හොයන්න ගියේ නෑ ඒ ඇයි කියලා..,
එදා ආවේ පොඩි මල්ලි කෙනෙක් එක්කලා..,
අනේ පොඩි එකා හරි සීදේවි පාටයි..,
ඒ මහත්තයා පොඩ්ඩක් එහාට ගියාට පස්සේ මම ඇහුවා මල්ලිද කියලා..,
නෝනා ඇහැක් ගහලා සද්ද නැතුව ඉන්න කිව්වා..,
පස්සේ මම මහත්තයාට කාමරේ යතුර දීලා මගේ වැඩ ටික කරගත්තා..,
පෑ එකාමාරහින් විතර නෝනයි මහත්තයයි දෙන්නම් කලබලෙන් වගේ සල්ලිත් ගේවලා ගියා..,
පස්සේ මම කාමරේ අස් කරන්න යනකොට කාමරේ ඇතුලේ පර්ස් එකක් වැටිලා තිබුණා..,
සල්ලිත් තිබ්බ නිසා මම එලියට ඒක දෙන්න එනකොට ම ඉස්සරහ ට්‍රැපික් ලයිට් එක ගාව එස් අයි මහත්තයෙක් හිටියා

මොකෝ තමුසේ..??
නෑ මේ පර්ස් එකක්,
පර්ස් එකක්, කෝ ගන්නවා මෙහාට..?
මේක කොහේ තිබිලාද හම්බුනේ..?
රෙස්ට් එකේ කාමරේක තිබිලා.., මේ දැන් නෝනා කෙනෙකුයි මහත්තැන් කෙනෙකුයි ඇවිල්ලා ගිය එකක.

මම එහෙම කිව්වම එස් අයි මහත්තයා මාවත් දාගෙන ජීප් එකේම තමා පන්තියට ආවේ..,

අහ් කියන්න අමතක උනා.., ඇඳේ පොලු දෙකක් කැඩිලා.., ඒකේ අලාබෙත් අරන් දෙන්ට සර්.., අපේ ලොකු සර් දැනගත්තොත් මං ඉවරයි..! 

Comments

  1. patta pata pata....
    බොරු නං සාගරිකාගෙන් අහලා බලන්න..!

    ReplyDelete
  2. මොකෝ දන්නෑ අද කතාව ටිකක් අවුල් වගේ. කලබලේට ලියපු එකක් වගේ.

    ReplyDelete
  3. /// you have to trust my word..
    බොරු නං සාගරිකාගෙන් අහලා බලන්න..!////

    හි හි.... ආයි මොන කතාද......?

    ReplyDelete
  4. මචන් මේකට වෙන කියන්න දෙයක් නෑ. උඹ කාලෙකින් ලියපු සිරා කතාවක් මටනම්

    ReplyDelete
  5. ටියුෂන් කාරයාගේ කටඋත්තරේ නම් අනේ මන්දා.
    මම හිතාගෙන හිටපු එක නෙමෙයි අන්තිමට වෙලා තිබුනේ.
    සිරා.

    ReplyDelete
  6. ටියුෂන් ගුරුවරයගේ කට උත්තරේ තමයි හොඳම.

    ඔය වගේ තැන් වලට ගියහම මුකුත් දාල එන්න නරකයි. ගෙනිච්ච හැම දේම එලියට අරන් එන්න ඕන. ( සමහර ඒවා නැතුව.. )

    අදමයි මේ පැත්තේ ආවේ. ජය වේවා..

    ReplyDelete
  7. රසවත් සමාජයේ ඇත්ත තත්වය ගැන කතා කරන නිර්මාණයක්. වැඩියෙන්ම වටින්නේ ටියුෂන් මාස්ටර්ගෙ කටඋත්තරය. ජය...!

    ReplyDelete
  8. සාගරිකාගෙ පෙර වැරදිත් මාට්ටු වෙලා.... :D

    ReplyDelete

Post a Comment