ඇය මම සහ අපේ අවසන් නොවූ කතාව

අද අහස දැක්කද?
ම්හු නෑ!
හඳ නැති උනාට අහසම එක එක තරු රටා වලින් පිරිලා

යමුද බලන්න??

ඈ මගෙන් ඇසුවා..,

හා.

උඩුකයට මගේ කමිසය ඇඳ සිටි ඈ පඩිපෙළ නගිනයුරු බලා හිටපු මම ඈ පස්සෙන් ගියා.

සීතලයි නේ..?

ඔව් මේ හුළඟ කියන්නේ වැස්සක් අතළඟ..!

කවුද කියන්නේ එහෙම..?
මම හිනාවකින් මුව සරසාන ඇගෙන් ඇසුවා.

අපේ අත්තා, එයා මාව පොඩිකාලේ උකුල උඩින් තියාගෙන තරු රටා කියා දෙනවා..!

ආසයි නේ?
හ්ම්...

අත්තා ගිය අවුරුද්දේ නැති උනානේ?

ආහ් එහෙමද?
හ්ම්..!

මට තාම මතකයි ඒ කවි..,

හිරු අසලින් මඳ නැමුණු
බඳට මිණි තුනක් අල්ලපු
දුන්න අතින්ගෙන අහසේ
සරයි තුටින් දඩයක්කරු

පොඩි පැටවුන් සමඟින්නේ
අම්මා පියමඟ මැන්නේ
වළස් පවුල ඇත ගගනේ
සොයන් මපුත තරු අරණේ

මම ආසම කපු ගවුමත් ඇඳගෙන අත්තාගේ පපුවට තුරුල් වෙලා නිදියනවා අහස දිහා බලාගෙන..,

කාමරයට ගිය මම ඇඳ උඩ දමා තිබූ කබාය ගෙන ඈ උරහිස වටා එතුවා..,
තෑංක්ස්..!

සීතලද ?
මම උත්තරය දැන දැනත් ඇගෙන් ආයෙමත් ඇහුවා

නෑ!

එදා ඔයා අහස තරු ගණන් කලේ අත්තා ගාව ඉඳගෙන.., ඒත් අද?

ඔව් මම ඔයා ගාව..?

ආසද?

ගොඩාක්..!

සමහර වෙලාවට අපි ජීවිතේ ඇතුලේ හොයන්නේ තරුද කියලත් හිතෙනවා, පොඩි කාලේ ඉඳළම ඕනම ළමයෙක් ආසයි දිළිසෙන්න.., කොල්ලෙක් නං ඊටත් වඩා ආසයි තරුවක් වගේ දිලිසෙන කෙල්ලෙක්ව යාලු කරගන්න..

කවුරු වගේද?

හරියටම ඔයා වගේ..!

මිතූ..?

හ්ම්?

මට සීතලයි.., මාව කබාය එක අස්සෙන් අත දාලා බදාගන්න??

එන්න අපි තරු ගනිමු..!

ඒ දිග කෙස් අස්සෙන් තරු වලට ළං වෙන්න බැරි දිව්‍යමය සුවඳට මගේ ගත ඈ වෙත බැඳුණා

කවදා හරි දවසක නුඹ
පුන් සිරුරක පෙම් හදකට
තුරුලුවෙලා තරු ගනීවි
සුබ සිහිනය මඟ කියාවි

අපේ අත්තාගේ කවි පෙළේ අන්තිම කවිය..,
මට හිතෙනවා ඒ කවිය කියන්න ඇත්තේ කවදා හරි මට ලැබෙන ඔයාටමයි කියලා..!

අහසේ තරු කෝටි ගාණක් පායලා,
අපිට ජීවිත කාලය පුරාම කතා කරන්න දේවල් තියේවි..,

Comments

  1. "උඩුකයට මගේ කමිසය ඇඳ සිටි ඈ..."
    "උඩුකයට මගේ කමිසය පමණක් ඇඳ සිටි ඈ..."

    දෙකෙන් හරියටම කෝකද..? :) ඒක දන්නැතුව චිත්ත රූප මවාගන්න අමාරුයි... :D

    ReplyDelete
    Replies
    1. "පමණක්" වගේ බහු අරුත් ඇති පද එතනදී යොදා නොගන්නට මම ප්‍රවේසම් උනා..! ;)
      චිත්ත රූපය උඹ සතු නිසා මොකක් මවා ගත්තත් මගේ අමනාපය අහකයි..! :)

      Delete
    2. චීයා.... බීටල්ලයියගේ කැත හිත.... :D

      Delete
  2. ඒ කියන්නේ තව බොහෝ සංවාද බ්ලොග් පෝස්ට් වෙවි!

    ReplyDelete
  3. ///කොල්ලෙක් නං ඊටත් වඩා ආසයි තරුවක් වගේ දිලිසෙන කෙල්ලෙක්ව යාලු කරගන්න..///

    මේ සංවාද හරි නිදහස් නේද....?

    ReplyDelete
  4. මට මේක ටිකක් අවුල්....

    ReplyDelete

Post a Comment