තැවුල් වත

සෝරත හාමුදුරුවෝ පන්සලට වඩිනකොට හවස් යාමේ පහුවෙලා ගොම්මන වෙන්න මොහොතයි වගේ.., බෝමලුවේ සුදු ඇඳගෙන බොහෝම කල්පනාකාරීව මිදුල අමදින සැදැහැවත් බෞද්ධයෙක් දිහාවට සෝරත හාමුදුරුවන්ගේ ඇහැ ගියේ ඉබේට ම. සිවුරු පහුරු ලෙහලා පැන් සැනහීගෙන සුපුරුදු විදියට විහාර ගේ ඇතුලට යන්න ආවාසෙන් එළියට බැස්සේ එද්දී වගේ බෝමලුව දිහා ඇස් යොමාගෙන..,

කවදාවත් නැතිව මෙච්චර වෙලා මිනිහෙක් මිදුල අමදින්නේ.., ඇරත් මේ බෝමලුවේ..,
සෝරත හාමුදුරුවෝ තනිවම කියාගත්තා..,
කෝකටත් යමු බලන්ට..,

මහත්තයා...,
අපේ හාමුදුරුවනේ..,
අමුත්තා සෝරත හාමුදුරුවන් අස වැඳ වැටුණා.

මහත්තයා මේ අවේලාවේ..?

මම පන්සලට ආවේ ගොම්මන් වෙන්න කලින් අපේ හාමුදුරුවනේ..,

මහත්තයාව මම මීට කලින් පන්සලේදී දැකලා නෑ නෙව..,

ඔබ වහන්සේට තියා මට මාව දැකගන්නත් ලැබුණේ නෑ.., මට මාව පේන්න ගත්තේ වෙන්න තියෙන ලොකුම දේ වෙලා ඉවර උනාට පස්සේ අපේ හාමුදුරුවනේ..,

මම තකහනියක්ම ආවේ ඔබ වහන්සේව හමුවෙලා යන්න, මම අහලා තියෙනවා ඔබ වහන්සේගේ වචනෙකින් මිනිස්සු සීයක් උනත්

නිවන අවබෝධ කරගන්න ඇහැකි කියලා..,

ආ.. ඒ මහත්තයා මගෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මම බණට වඩින මාධ්‍ය ආයතන මා ගැන කියන කතා මහත්තයා.., මම චිත්ත උපදේශන කරනවා තමා මහත්තයා.., මට ඔබ තුමාට කරලා දෙන්න ඕන මට කොරන්නට ඇහැකි උදව්වක නං කොරලා දෙඥ්ඥා.. ඉතින් කියන්නකෝ මහත්තයා මගෙන් මොනවද වෙන්න ඕනේ??

මම රස්සාව කරන්නේ උසාවියේ අපේ හාමුදුරුවනේ.., වැරදිකාරයෝ නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් දෙන්න වගේම වැරදි වලට දඬුවම් ලබන්නට උසාවි එන අහිංසකයෝත් නීතිය ඉස්සරහ නිවැරදි කාරයෝ කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ මම..,

ඒ කියන්නේ ඔබතුමා නඩුකාරයෙක්..,

සාමාන්‍ය ජීවිතය ඇතුලේ මිනිස්සු මාව අඳුණා ගන්න විදියෙන් කිව්වොත්...

ඔව් මම නඩුකාරයෙක්..,

හරි කතාව කියන්ට..,

මම නීතිය අතට අරගෙන කටයුතු කරපු කාලයක් තිබුණා.., ඒ මම මේ රස්සාවට ආපු මුල් කාලේ.., ඒකාලේ මම හිතුවේ රස්සාව වගේම මට පේන ඕනේම දෙයක් මට ඕන විදියට නීතිය හරහා හැඩ ගස්සන්න පුලුවන් කියලා.., අන්තිමේ මට වැරදුනා..!

මට තවම ඔබතුමාව පැහැදිලි නෑ

නීතිඥ්ඥයෙක් විදියට වැඩ බාරගන්නකොටත් මගේ පවුල් පසුබිම හංගලා, මම කවුදකියන නිමිත්ත අනික් අයගෙන් වසන් කරලා තමා මම ඒ තැනට පත් වුනේ.., රස්සාව මේ විදියට කරගෙන යනකොට මට තේරුණා, මගේ නීති උදව් ගන්න අය කොහොමත් මගේ වටපිටාව හොයනවග.., එහෙම උනොත් මගේ අතීතය ගෙවුනු විදිය සහ ඒ වෙත්දී මගේ අනෙක් පවුලේ උදවිය ඉන්න විදිය අනුව මට ඉහලට යන්නේ වෙන්නේ නෑ කියලා.., මට තිබ්බ එකම විකල්පය විදියට මම දැක්කේ මහේස්ත්‍රාත් කෙනෙකු විදියට සේවය කරන එක. එතකොට මගේ උවමනාවට නොවුනත් මා කරන රස්සාව එක්ක අවට පරිසරයේ ඉන්න අය මා එක්ක සම්බන්ධතා පවත් වන්නට එනවා අඩුනිසා.., කාලය ගතවුනා.. මම නීති පීඨයේ දැන අඳුණාගෙන හිටපු ගෑණු දැරිවියක් එක්ක මම කසාද බැන්දා, මම එයාටවත් මගේ අතීතය, මට බද්ධවෙලා තියෙන අතීතය ගැන කියන්න ගියේ නෑ.., 

හරි මම අහගෙන ඉන්නේ මහත්තයා, කියන්ට..,

මෙහෙම කාලය ගතවුනා.., මම මේ වෙනකොට දරුවන් දෙන්නෙකුගේ පියෙක්..,
මගේ පවුලේත් කිසිම ගැහැටක් මේ වෙනකොට වෙලා නෑ..,
ඒත් මේ හදිස්සියේ තමා මට මේ ගිණිගෙඩිය පාත්වුනේ..,
මට නිවනක් නෑ හාමුදුරුවනේ මාව පණපිටින් ගිණිගන්නවා..,
මම කවදාවත් ආදරයෙන් කතා කලේ නෑ තමා..,
ඒත් එක දවසක් හරි මා වෙනුවෙන් මොනවා හරි දෙයක් කරලා තියෙනව නෙව..,
මට තාම මතකයි, තීන්දුව දීලා පෑණ කඩද්දී මා දිගා බලා හිටපු විදිය..,
මට ඇස් පියන්න බෑ හාමුදුරුවනේ..,
මම ඇස් පියාගත්තොත් මට පේන්නේ ඒ මූණ..,

මහත්තයා ලොකු කරදරයක පැටලිලා තියෙන වගේ මට තේරෙනවා.., ඒත් මට මහත්තයාව තවමත් තේරුම් ගන්න බැරි නිසා මම

කොහොමද මහත්තයාට උදවු කරන්නේ..?


හරි මම හාමුදුරුවන්ට කතාව කියන්නං..,

එක මනුස්සයෙක් තමන්ගේ ජීවිකාව විදියට නීතියෙන් වරදක් ලෙස සලකන දෙයක් ප්‍රවාහනය කරන්න ගත්තා.., දීර්ඝ කාලයක් තිස්සේ  මේ රස්සාව කරපු මේ මනුස්සයා තමගේ දරුවන්ගේ බඩකට පිරෙව්වේත් මේවායින් හම්බ කල ආදායමින්.., කල් ගතවෙනකොට මේ මනුස්සයාගේ පවුල ලෙඩවෙලා ආන්ඩුවේ ඉස්පිරිතාලෙක වාට්ටුවක, මූලික ප්‍රතිකාර පවා අහිමිව මැරෙද්දිත් මේ මිනිහා කලේ තමන්ගේ පුරුදු රස්සාවමයි.., අදාල නීති විරෝදී දේවල් ප්‍රවහනය කරනකොට දරන්නට වෙන ආතතිය නිසාවෙන් ඒ ගෙනියන දෙයින් තමනුත් ටික ටික වග කියන්නට වීම නිසා අවුරුදු දෙක තුනක් යනකොට ඒ මනුස්සයා ඊට ඇබ්බැහියෙක් වෙලා ඉවරයි.., දරුවන් කරකියා ගන්න දෙයක් නොමැති කම නිසා යැපුණා උනත් තමන්ගේ මව අහේතුකව මියගියේ තමන්ගේ තාත්තාගේ උවමනාවක් නැතිකම නිසා කියන අදහස දරුවන්ගේ හිතේ නිසතරම් දැල්වී පවතින ගිනිදැල්ලක් වුනා. දරුවන් කරඳඬු උස්මහත් වෙනකොටම උන් උන්ගේ ලෝක හොයාගෙන පියෑඹුවා.., ඒත් මේ මනුස්සයා තමන්ගේ ඇබ්බැහිය නවත්තන්නේ නැතිව කරගෙන යන්න උවමනා නිසා පරණ රස්සාවේම ගැලුණා.., ඔහොම් වෙත්දීයි මේ මනුස්සයා ග්‍රෑන්පාස් හංදියේදී පාර්සලයක් එක්කලා පොලීසියෙන් අත් අඩංගුවට අරන් තියෙන්නේ.., ඒ වෙලාවෙදී හිටපු නඩු කාරයා මේ මනුස්සයාව උසාවියට ඉදිරිපත් කෙරුවායින් පස්සේ ඇතුලට යැව්වා.., කොහොමත් ඒ වගේ චොදනාවකට වරදකරු උනාම ඒ නඩුව දෙවරක් අසන නිසා තීන්දුව දෙන්නට වෙලා තිබුණේ මට, එදායින් පස්සේ තමා මේ හැමදේම...,

මට මෙහෙම දෙයක් හිතෙනවා මහත්තයා, මම කවදාවත් අහලා නෑ නඩුකාරයෙක් තමා ගේ අතින් දඬුවමකට ලක් වෙච්චි කෙනෙක් ගැන මෙහෙම අනුකම්පාවකින් කතා කරනවා.., අනේ මන්දා.., මට හිතෙන හැටියට මේ මනුස්සයා මහත්තයා ජීවිතේට බොහොම ළඟ කෙනෙක් වෙන්න ඕනේ..,

ඔව් අපේ හාමුදුරුවනේ ඒකනේ මට ඉවසා දරගෙන ඉන්න බැරි..,

මහත්තයාගේ අකමැත්තක් නැතිනම් මම කැමතියි ඒ කවුද කියලා දැනගන්න..,

මගේ තාත්තා..!

Comments

  1. හැමදාම වගේ පට්ටයි මචන්

    ReplyDelete
  2. හරිම සංවේදී කතාවක්. මට මතකයි මොකක්ද පරණ සිනමාපටයක් තිබුනා තමන්ගෙ පුතා එල්ලුම්ගහට නියම වෙලා මරන්න සිද්ධ වෙන්නේ අළුගෝසු වැඩේ කරපු තාත්තට. තාත්ත එල්ලුම් ගහ ළගදි පුතා මරන්න කලින් මැරිලා වැටෙනවා. ඇත්තම වෙන සිද්ධිත් තියෙනවා ඔයිට සමාන කතා තියෙන. ජය...!

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකේ පුතාට හිටියේ කලංසූරිය, තාත්තට හිටියේ ජෝ අබේවික්‍රම ද කොහෙද, මේ කතාව මට අහන්න සෙට් උනේ මම මේ ළඟකදී බණ ගෙදරක ගියා, කෙල්ලෝ, ජීන්ස්, සෙට්වීම වගේ විකාර කියන කාලින[ලු]ධර්ම දේශනාවක් කරන හිමිනමක් ගේ තුල තියාගෙන බණ අහන ගමන් එළියේ රියල් ධර්ම කතිකාවක් ගියා.., මේ ඒකෙදී ආනන්තරීය පාපකර්මයක් වුව නීතියට අනුකූලව දීමේදී එහි රීති ගැන හුවමාරු උන විවිධ අදහස් මත්තේ තමා මේ කතාව අකුරු කරන්නට මගේ ඔලුවට ආවේ..!
      ස්තූතියි අදහසට.
      ජය!

      Delete
    2. ඒ අදහස් මොනවද ඉතින්? :)

      නඩුකාරයෙක් වෙන්න අවශ්‍යය නැහැ සාමාන්‍ය කෙනෙකුට උනත් මේ වගේ වෙන්න පුළුවන් දෙයක් තියෙනවා, කෙනෙකුගේ අම්මා හෝ තාත්තා කොමා තත්වයෙන් මෙෂින් එකකට සම්බන්ධ කරලා ඉන්නවා කියමුකෝ... දැන් වෙ‍ද්‍යවරු අහනවා මෙෂින් එක ගලවන්නද කියලා..? ඒතකොට දෙන උත්තරේ මොකද්ද..?

      Delete
    3. එමමයි බීටා, කතාව ඇතුලේ ආදරය තරහව පසුතැවීම වගේ එකකට එකක් සම්බන්ධ දැනීම් කියවන්නාට හඟවන්න මට උවමනාව තිබුණා..,
      බණ ගෙදරදී කතා වෙච්චි එව්වා මම එකින් එක non-edit වල දාන්නම්..! :)

      Delete
  3. හප්පා...! හෙනම දරුණු වර්ගයේ කුරිරු කතාවක්! අන්තිම මොහොතේ අපිව කොර කරවන!

    ReplyDelete
    Replies
    1. අන්තිම දරුණු ගිණි භයානක..! ;))

      Delete
  4. මාර සීන් එක නේ...

    ReplyDelete
  5. ලස්සනට ලියලා තියෙනවා.Shimmering thoughts මං කියවන්නේ හරිම ආසාවෙන්. මාස හතරක් විතර ලීවේ නෑ නේද? :)

    ReplyDelete
    Replies
    1. ඔව් හරිහමං අදහසක් ඔලුවට ආවේ නෑ, ඉතින් ලියලා වැඩක් නැති නිසා ලිව්වේ නෑ..!

      Delete
  6. මම හැමදාම අය්යේ ඔයා ලියන දේ කියෙව්වට කමෙන්ට් කරන්නේ අද... ‍හිතට වැදුන සංවේදී කතාවක්...මේ ඇත්ත කතාවක්ද ..??

    ReplyDelete

Post a Comment