බැඳුම් ලිහාලමි

සියුම් ඩාදිය පටලයකින් පිරි ඇගේ පිට මත මම නිය පිටින් නෙක සිතුවම් මවන්නට වීමි.

මේ සම්බන්දේට අනාගතයක් තියෙනවද සිධූ..?

එකවරම මාදෙසට හැරි ඈ නිරාවරණය වූ ලැම සලුවෙන් ආවරණය කරගන්නා අතරම ඇසුවාය.

මම දන්නේ නෑ, මම ඔයා එක්ක ආවේ සම්බන්දයක් පටන් ගන්න හිතාගෙන නෙවෙයි.

හිතේ ඇති දේත්, වදන් වී මුවෙන් පිටවනදේත් අතර ඇත්තේ අහස පොළව අතර ඇති තරම් පරතරයක් වුව එවදන් මුදා හරින්නට මම දෙවරක් නොසිතුවෙමි.

අනික් අතට ඉන්ටකෝස් එකක් කියන්නේ අද කාලේ හරිම නෝමල් දෙයක් නේ.., ගණන් ගන්න එපා..!

චටාස්!!

වල් පරයා යකෝ තෝ මාව මේ ගුබ්බෑයම අස්සට එක්කගෙන ඇවිල්ලා, කරන්න තියෙන වලත්තු වැඩ ඔක්කෝම කරලා දැන් ඒක හරී නෝමල් කියන්න එනවද..? තොට හෙන ගහනවා මේ කල අපරාදේට.., ම..මම...

කම්මුල හරහා වැදුනු පහර නිසා ඇස් හරින්නට එකවරම අපහසු වුනත්, විසල් සයනයේ කෙලවරකට වී ඈ ඇස් වටකර ඇති මස්කාරා හේදීයන තුරුම ගැලු කඳුලු දහරා නිසා එකවරම මට ඈව අඳුණා ගන්නට පවා අපහසු වී.

රිදුනද???

හ්ම්..??

රිදුනද..? මම නැවත ඇසීමි..,

ඒක මමනේ අහන්න ඕනේ, ඈ පැවසී..,

නෑ මම ඒක ගැන නෙවී ඇහුවේ..,

අපි ඒක ගැන කතා නොකර ඉමු සිධූ..,

ඇයි ඒ..?

ඒක අදකාලේ හරිම නෝමල් දෙයක්ලුනේ..,

නෑ මම කියන්න හැදුවේ...,

shut up sidhu, i know what you meant by that.

නිකම් මෝඩ ප්‍රෂ්ණ අහන්න එපා සිධූ, මම ඔයාට කැමැත්තක් තියෙනවා. ඒක ඔයාත් හොඳටම දන්නවා, ඒ දැන දැනත් මෙහෙම අහන්න ගියාම ඔයාගේ කටින් පිටවෙන්නේ මේ වගේ උත්තර නම් මම මොකටද ඔයා මත්තේම නැහීගෙන බලාගෙන ඉන්නේ. අනික මට තවම වයස තියෙනවා මට මිනිහෙක් හොයාගන්න එක සිම්පල් වැඩක් කියලා ඔයා හොඳට ම දන්නවා; ඉතින් එහෙම එකේ ඔයා මම දෙයක් ඇහුවාම ඒ ප්‍රෂ්ණෙන් පැනලා යනකොට මට ඔයාට ගහන්න හිතෙනවා විතරක් නෙවී මට වෙන එකෙක් නම් මෙලහකට ඌව මරා ගෙන මමත් මැරිලා.

මම නිහඬව බලා සිටියෙමි. මගේ පාර්ශවයෙන් කියන්නට කෝටියක් දේ තිබුණද මම ඒ සියල්ලම වළකාගත්තේ කලින් එක වදනක් පිටපැන සිදුවූ අලකලංචිය ගැන හොඳ දැනුමක් මා තුල තිබූ නිසාවෙනි.

දෙයියන්ගේ නාමෙට මම ඔයාට වැඳලා කියන්නම් සිධූ.., මාව බැන්දේ නැතුවට කමක් නෑ, ඒත් මට මෙහෙම වද දෙන්න එපා. හිතට හිතට හරි වේදනාවක් එනවා ඔයා අර වගේ උත්තර දෙනකොට.

අවුල්වූ හිසකේ අතර ඇඟිලි යවා පිරිමදිමින් සිරුරේ හැපී සැනින් බිඳෙන තරම් ළංවී පාකරන සුසුම් රළ වලට මා හිත ඊට ආශක්ත වන්නේ නිතැතිනි.

මම නිහඬව උනිමි.

පොතක් ලියා, ගසක් සිටුවා, පිරිමි දරුවෙකුට පියෙකු වීම මහා පුරුෂයෙකු තනන බව කොහේදෝ ලියා තිබුණත් මේ ලැයිස්තුවට හිතට දැනෙන තරමට ආදරේ කිරීම තුලින් සොඳුරු පිරිමි සතකු තැනෙනා වග කොතනකවත් සඳහන්ව තිබුණේ නැත.

-------------------------

වසර 4කට පෙර විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුල ආදරය කරන්නට නෙක පරිදි ඇරයුම් පොරොත්තු මා වටා පාවෙමින් තිබුණද තිස් හැවිරිදි වෙන්නට මාස තුනක කාලයක් තිබුයදී මම ස්ථිර සාරව ආදරය යනු කුමක් දැයි උගෙන ගතිමි.

ඈ කලකට පෙර මා ජ්‍යේශ්ඨ කථිකාචාර්යවරියයි.

ෆාතිමා, ඇත් දළ පැහැති වර්ණයෙන් සජ්ජිත වූ ඡවි වර්ණයෙන් සැදි කිසිදු ආභරණයක් නොපළඳින, අක්බඹරු හිසකේ උඩට වන්නට ගෙඩියක් වෙන්නට අඹරවා බැඳි, නොපෙනෙන තරම් සියුම් රිදී මාලයක් නොතොර පැළඳ සිටින, සිංහල මිශ්‍රවූ තෙවන බසින් නිතර දොඩන ඈ හඳුණා ගන්නට පහසුය.

සිදත් අද කලින්ම ආවා..?

උපැස් සඟළ පහලට ගෙන මාදෙස බලා අසනා ආකාරයට මම සැමදාම පෙම් කලෙමි. ඒ ඇගේ පළමු දවසයි.

මැඩම් කොහොමද මගේ නම දන්නේ..?

ඔයා කැන්ටීන් එකෙන් ටී එකක් ගන්නකොට මම හිටියේ ටීචර්ස් ටේබල් එකේ
යාලුවෙක් ඔයා ටී එක අරගන්න්කොට මම දැක්කා ඔයාට නම කියලා කතා කරනවා.

අහා, ඇත්තද..? සාමාන්‍යයෙන් මැඩම්.., මම කොහොමත් කලින් එනවා..!

ah is that so.., forgive me, this is my first day. මම ගැන ඔයා දන්නේ නැතුව ඇති මම ෆාතිමා, ෆාතිමා සිද්දික්., මම තමා ඕගොල්ලන් ගේ අලුත් ලෙක්චරර්.

අපගේ හැඳුණුම් කම ඇරැඹුනේ එතැනිනි. අප දෙදෙනාගේ සම්බන්ධය වූයේ සිසුවෙක් සහ ගුරුවරියක් අතර පවතින තරම් වෘත්තීය ඇසුරකි. එදා සිට දේශන, ව්‍යාපෘති, සමාජ සේවා කටයුතු මේ ආදී නොයෙක දේ අවසන මත ගැටීම්, සංවාද, අවසන කෝපි කෝප්ප ගණන් හිස් කිරීම් අප අතර සංවාද ඇතිවනට වී.

දිනක සරසවියේ අධ්‍යයන පියසේ සිටින විට ඈ මා ඇමතුවාය.

සිධූ..,

පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද?

පුලුවන් මැඩම්.., මොනා ගැනද?

එක්කෝ ඕන්නෑ ඔයා ඔයාගේ වැඩේ කරගන්නකෝ

මම යලිත් මුහුණ පොතේ රුවාගතිමි.

ටික වේලාවකින්..,

සිධූ...,

හ්ම්..?

සමහර වෙලාවට මේ රැඩිකල් කියලා හිතාගෙන ඉන්න ජීවිතේට fullstop තියලා, මටත් හිතෙනවා අර කෝටි ගාණක් ඉන්න in the box ගෑණු වගේ පර්දාවකට ඉඩ දෙන්න මගේ ඔලුව වහන්න, මිනිහා කියන විදියට ඉඳලා පෝලිමක් වගේ ළමයි හදන්න. හවසට praying room එකකට වෙලා කුරාණේ කියවන්න. මේ ජීවිතේ හරි ඒකාකාරී සිධූ.

මෙහෙමයි මැඩම්,
ඔයා
පර්දාවෙන් ඔලුව වහනවද, මිනිහට යටත් වෙනවද කියන එක නෙවී මෙතනදී වැදගත් වෙන්නේ, ඔය මොනතරම් මේ වගේ දේකට සූදානම්ද කියන එකයි. මම දන්නේ නෑ මිනිහෙක් කසාදෙයක් කරගත්තම ඒ ඇතුලේ ඒ සැනින් ආදරේ කියන එක ඉපදෙනවද කියලා. මොකද මම ඒක තවම විඳලා නෑ. ජීවිත අස්සේ රස්ති ගහපු මම ආදරේ කියන එක මඟ ඇරියේ හිතාමතාම. මම හිතන විදියට ආදරේ කියන එකට මම තාම ලෑස්ති නෑ. කිස් එකක් හග් එකකින් එහා දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ තමා ආදරේ කියන්නේ.

නොදන්න දේ ගලපන්න සක්ක පද හොයන එක මොන තරම් අමාරුද කියලා හිතෙන්නේ ඔයා දැන් කලින් ඇහුව වගේ ප්‍රෂ්ණ ඔලුවට ආරූඪ වෙන්න ගත්තම මැඩම්.

හරි මොකෝ එකපාරටම මේ තරම් සීරියස් වුනේ ලයිෆ් එක ගැන මොකක් හරි අවුලක්ද මැඩම්..?

මේවා ඔයාට කිව්වම වෙන්නේ ඔයාට අනිද්දා තියෙන පේප‍ර් එකට පාඩම් කරන්නවත් වෙලාවක් නැති වෙන එකයි.

අකමැති නම් නොකිව්වට කමක් නෑ, මම මේ ඇහුවේ මැඩම්ගේ මූණෙන් ලොකු ප්‍රශ්ණයක් තියෙන වග පේනවා ඒකයි.

මට බඳින්න ගෙදරින් ප්‍රපෝසල් එකක් ගෙනල්ලා සිධූ...!

කල වැඩේ පසෙක දමා මම බලාඋනිමි..,

ඇයද මාදෙස නෙත් නොපිය බලා සිටින්නට වී,

දිනයකින් දෙකකින් දුටු වනම ආදරය පුදන්නට තරම් බොළඳ වූ මා හිත ගැනම මා හට අපුලක් ඇති වෙන්නවී.., ප්‍රේමයට සීමා බාධක නැති වුව එය ඉපදෙන මනුස්ස සිරුරු සඳහා සමාජ ක්‍රමය තුල ගෙත්තම් කල හර පද්දතියක අපව අලවා තබන්නට අවට ලෝකය කටයුතු කිරීම කෙතරම් අමානුෂිකදැයි සිතෙන්නට වී.

සිධූ මම කැමතියි ඔයා එක්ක open relationship එකකට යන්න. මේ මිනිස්සුන්ගේ මගුල් එතික්ස් එක්කලා ගැටිලා මට හරි මහන්සියි සිධූ. ඔයාගේ අදහස මොකද්ද??

අපගේ සම්බන්ධය පටන් ගත්තේ එතැනිනි. එතැනින් පසු වර්ථමානය දක්වා රූපාවතරණය වූ මේ සම්බන්ධයේ ආදරයට හිමි තැන කොතැනදැයි මම තවමත් සොයමි.

මම දැනන් හීටියා ඔයාට මාව කවදා හරි ප්‍රෂ්ණයක් වෙන බව මැඩම්.., ඒකයි මම ඔයා අරම අහද්දී උත්තරයක් නොදී හිටියෙත්. වෙලා තියෙන්නේ මම කටින් නොකිව්වට මේ දේට මාව මට ම ගලවා ගන්න බැරි තරමට ම බැඳිලා..!
මම මොකද කරන්නේ..,
විවාහෙකින් කෙලවර නොවුනත් මේ මගුල අස්සේ මොකද්දෝ එකක් අපි අපිව එකතු කරන්න හදනවා මට ඒක දැනෙනවා.

ඒත් ඔයාට එහෙම නෑ.., මම කොල්ලෙක්, මත තවම කල් තියෙනවා. ඒත් ඔයා, ඔයාගේ වයස 33ක් උනාට ඔයාගේ සොසයිටියේ හැටියට ඔයා කසාද බඳින වයස පහු කරලා. මම අර වගේ දෙයක් කිව්වේ ඉන් ඔයාගේ හිත බිඳිලා, ඔයාගේ ලයිෆ් එකේ ඔයා යායුතු රූට් එක ඔයාම හොයාගනීවි කියලයි.

හ්ම්..! අපි කල්පනා කරනවා වැඩියි සිධූ.., pleasure කියන system එක අස්සේ අපි sub-roots හොයන්න යන්න ගියාම මෙහෙම වෙනවා..! අපිට උනෙත් ඒකමයි.

ඔයා හිතපු දේ හරියටම හරි මැඩම්..!
මම ඔයා එක්ක හිටියට මම තවමත් හිතන්නේ මේ සම්බන්ධෙට අනාගතයක් තියෙනවද කියලා..!

එක වරම කියමින් හිටි දේ ගිලගත් ඈ මා දෙස බලා සිටින්නට වූයේ.., චිත්ත සන්ථානයේ අස්ථානගතවූ අගුල විවෘත කරන යතුර සොයා ගත්තාක් මෙනි.

ඒ කියන්නේ ඔයා..?

ඔව් මැඩම්,
මම කැමතී..!
මැඩම් කැමතී තීරණය ගන්න..!
මම කොල්ලෙක්.., and i can take care of my self you know..!

Comments

  1. අහා....මෙන්න ප්‍රශ්නෙට උත්තරේ... මොකද්ද මේ Open relationship කියන්නෙ. හිහ්
    නියමයි.

    ReplyDelete
  2. ඕහි......
    මේක පට්ට අසාධාරනයි.

    සිංහල සාහිත්‍යය කියන දේට අනාගතයක් තියෙනවා කියලා හිතෙන්නේ උඹලාව කියෙව්වම ලිශාන්. කොටින්ම ප්‍රවීනයෝ කියලා අපි ගරු කරපු මිනිස්සු වල් පල් ලියද්දි උඹලා සයිබර් සාහිත්‍යය කියලා යමක් හඳුන්වා දෙනවා....
    ඉස්සර වගේ නිතර නොලියනකොට මල පැන්නත් මේ වගේ සටහනක් අවුරුද්දකින් ගෙනාවත් ඒ තරහා නැති කරගන්න උදව් කරනවා.

    ReplyDelete
  3. ආදරය , ප්‍රේමය අතර වෙනස මොකද්ද?

    ReplyDelete
  4. මට තියෙන ලොකු ප්‍රශ්‍ානකට උඹ උත්තරේ දීලා තියෙනවා ලිශා...
    ඒත් මම තවම දන්නේ නැහැ මේක හරියයිද කියලා..අනාගතේ දවසක මං උඹට කතා කරන්නම්...

    ReplyDelete
  5. පට්ට කතාව අයියෙ ... හැබැයි තේරුණේ නැහැ...

    ReplyDelete
  6. මොලේටම වදිනවා කීවාම ඒකෙ ගතියක් නෑ..සැරටම දැනෙන්න කියන්න ඕනේ කියල හිතුනත් ඒකට වචන ගලපගන්න බෑ.
    හරියටම සරලවම කිවොත් "බොක්කටම වදිනවා"....

    ReplyDelete
  7. කිස් එකක් හග් එකකින් එහා දෙයක් තියෙනවා නම් අන්න ඒ දේ තමා ආදරේ කියන්නේ.
    ඒක ඇත්ත..

    ReplyDelete
  8. මටනම් තාමත් හිතෙන්නෙ ඔය හැඟීම් කියන දේවල් අපි වහගෙන ඉන්නව වැඩියි කියලයි. මොකද ඔය තහංචිය කියන එකට ඝෘජු සම්බන්ධයක් නැතිව වුණත් ලෝකෙ අපරාධ කියන ඒව හැමදාම වෙනව. ඒ නිසා කොල්ලො කෙල්ලො අතරෙ හැම විධියකම සම්බන්ධතා ඇති වෙන එක හොඳයි හෝ නරකයි කියල එකක් නෑ. කොහොමත් ලෝකය වෙනස් වෙන විධිය පාලනය කරන්න ලංකාව වගේ රටකට බැරි දෙයක් නිසා ඉදිරිය ලංකාවට ඒ අතින් හොඳයි. :D

    මට එක එක කතා මතක් වුණා ලිෂෝ... ටීචර්ලත් මතක් වුණා. ;-)

    ReplyDelete
  9. නියමයි ලිෂා. කල් අරන් මේ වගේ කතා ලියපන්, ආසවෙන් කියවන්න පුලුවන්.....

    ReplyDelete
  10. හ්ම්ම් ‍ආයිත් පාරක් කි‍යෙව්‍වොත් සමහර විට ‍තේ‍රෙයි.. ට්‍රයි කරලා බලමු..:)කතා‍වේ යථාර්තය ම‍ගේ ‍මො‍ලේට එක පාරට ‍තේරු‍නේ නැතිවට හැමදාමත් ව‍ගේ ‍හොඳ කතාවක්.. ජය ‍වේවා!!

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. ඕපන් රිලේෂන්ශිප් එකක් කියන්නේ ඇත්තටම මොකක්ද මචන්? ඕපන් රිලේෂන්ශිප් එකකදී මම හිතන්නේ don't ask, don't tell තියරිය පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ පවතින සම්බන්ධතාවය ඇතුලේම ඉඳන් තවත් කෙනෙක් එක්කත් යම් කිසි සම්බන්ධතාවයක් පවත්වන්න හැකිවීම. ලංකාවේ විදියට නම් බහුතරයක් සලකා බලනකොට ඕපන් රිලේෂන්ශිප් එකක් කියන්නේ "අන්‍යාන්‍ය පාවිච්චි කීරීමක්" මම දකින විදියට.
    දැන් ආයෙමත් ප්‍රස්තුතයට ආවොත් උඹ මේ කතාවෙන් ඕපන් රිලේෂන්ශිප් එකක් කියන්නේ මොකක්ද කියන එකට සරල සහ විශිෂ්ට උත්තරයක් දීලා තියෙනවා. මම පෞද්ගලිකව හිතන්නේ, හඟින්නේ ආදරයක් නැති කායික එක්වීම පට්ට නීරස දෙයක් බව, මට සාපේක්ෂව. ඒ වුනත් ආදරය හැමදේම නෙවෙයි සහ ආදරයට ඕනම දෙයක් කරන්න බෑ. කොහොම වුනත් මුලින්ම තියෙන ප්‍රශ්නයට මම උත්තර දෙන්න යන්නෙ නෑ. උඹ ඒ උත්තරේ මම වෙනුවෙන් දීලා තියෙන නිසා. සුපිරියි.

    ReplyDelete
  13. ලියන ශෛලිය අනර්ඝයි. කතා කිහිපයක්ම කියෙව්වා...
    open relationship වලට ලංකාව තාම ලෑස්ති නැහැ කියල හිතෙනවා. පුද්ගලිකව open relationship මට දිරවන එකක් නෙවෙයි. නමුත් එහෙම relationship වල ඉන්න අය ට judgment දෙන්නත් මම ලෑස්ති නැහැ. එකේ ඉන්න දෙන්න (හෝ තුන් හතරදෙනා) ට ඒක ගැන ප්‍රශ්නයක් නැති නම් අහක ඉන්න අයට මොකද? හැබැයි හැම පාර්ශවයක්ම තමන් ඉන්නේ මොන වගේ සම්බන්දෙකද කියල අවබෝධයක් තියෙන්න ඕන. එක්කෙනෙක් open relationship කියල හිතා ගෙන අනිත් එක්කෙනා committed relationship කියල හිතාගෙන වැඩ කරොත් ලොකු අවුලක්.

    තව තවත් කතා ගොඩක් කියවන්න ලැබෙයි කියල හිතනවා. ජය වේවා!

    ReplyDelete
  14. නොදන්න දේ ගලපන්න සක්ක පද හොයන එක මොන තරම් අමාරුද

    උඹටනම් සක්ක ඇති පද්ම් තියනවා බන්

    ReplyDelete

Post a Comment