පහේ ගෙදර

/
19 Comments

හන්දියේ රස්තියාදුවේ යන්නේ නැතුව මේ ටික පහේ ගෙදරට ගිහින් කොටාගෙන එන්න පුතේ..!

සතියට දෙවරක් නානා කඩයෙන් ගන්නා කෑලි කුරුඳු හා තුනපහ මල්ල මගේ අතට දී කියන මේ වචන පේලිය මට ඉතා හුරුපුරුදුය. අම්මාගේ මේ තැත මාව පහේ ගෙදරට යවා හන්දියෙන් ගෙනා කෑලි තුනපහ මල්ල කොටවා ගැනීමට ය.
කැන්ද ගහමුල දීකිරිගෙදර ලෙස අනාදිමත් කාලයක් හඳුන්වාගෙන ආ ඩිංගිරි මුත්තාගේ නිවස කලක් ගතවන විට පහේගෙදර ලෙසින් නාමකරණයට ලක් වීම යට කතාවක් පවතින බැව් මට කීවේ අම්මාය.., කුඩාකල බලාංශ අධ්‍යාපනයක් ලබන්නට නිවෙසින් පිටතට නොයැවූ මා හට දැනුම ලබාදුන්නී අම්මාය.., දිවා ආහාරය බෙලෙක් බත් පතට දමාගන්නා ඈ සතුව නිතොරම මා හට කියන්නට කතාවක් පවතී.., ගෙවුනු අතීතය තුල ගම වටා පැවති ආරංචි, කටකතා, සහ ප්‍රවාද, නාමකරණ මේ ආදීවූ නොයෙකුත් දේ ඈ මාහට යොදාගන්නේ මා හට කෑම කවන්නටයි.

ඩිංගිරි ආතා තැපැල් කන්තෝරුවේ හිට ගෙදර නැවතිච්චි දා ඉඳන් කරන්න වැඩක් නැති නිසා තමා ඔය මැසිම ගෙදරට ගෙනාවේ.., ඕක මුලින්ම තිබුණේ එගොඩහ කන්දේ රාළහාමිලයේ දිහා.., සල්ලි හදිස්සියක් වෙච්චි වෙලාවක අතමාරුවකට හිලවු වෙන්නැය කියලා ගෙනාපු මැසිම තව වෙනකල් ම දීකිරි ගෙදර ලැගලා ඉන්නවා. පස්සෙන් පසු ඩිංගිරි ආතා අසනීප උනාම කුරු ආච්චි තමා මැසිමේ වැඩ බැලුවේ.., ටික ටික අග හිඟ කම් ඇතිවෙනකොට අහල පහල ඈයින්ගේ තුනපහ, මිරිස්, කුඩු පුන්නක්කු හදලා දෙන්න ගත්තා.., හන්දියට වඩා දීකිරි ගෙදර මිල අඩු නිසා මිනිස්සු ඒ අහට ඇදෙන්න ගත්තා තුන පහ කොටාගන්න.., දීකිරි ගෙදර පහේ ගෙදර වුනේ අන්න එහෙමයි.

අම්මා අතට දුන්නු කහ, ගම්මිරිස්,කෑලි මිරිස් මල්ලද ගෙන මම පාරට ගියෙමි., කුඩාකල සිටම ආනන්ද මාමාගේ ගෙදරින් එවන කිරි බෝතල් දෙනට පින්සිදු වන්නට දුවද්දී අනිත් වුන්ට වඩා හතිය දැනෙන්නේ අඩුවෙනි.., ගෙදර හිඳම දුවන්නට ගතහොත් අපේ ගෙදර සිට දීකිරි ගෙදර යන්නට ගත වෙන්නේ විනාඩි පහළොවකටත් වඩා අඩු කාලයකි. මම සෙමින් ඇවිදින්නට පටන් ගතිමි..,

නිවසේ කඩුල්ල පැන්න පසු ටික දුරක් යනවිට හමුවන්නේ කොහොඹ ගසින් සෙවන වූ මණ්ඩියකි.., පාරටත් හෙවන සලසන මේ කොහොඹා සෙවන පාර හරහා දික්ව ඇත්තේ එහොඩහේ කැන්දගහමුල හන්දිය පසුවූ තැන පිහිටා ඇති මෝඩ බෝක්කුවේ මුල්ගල අසලින් අවසාන වෙන තරමට දිගු ය.

ආ මල්ලී කොහේද ඒ උදේ රැයින්ම බෑරක්ද??

පාරට පහතින් ගලනා මහ ඔයේ දිය හඬ හා මුසුව නැගෙනා බවලත් හඬට කන්දුන් මම නැවතුනෙමි. පෙරදා රාත්‍රියේ උඩහට වැසිවට  නිසාදෝ ඔයේ දියපහර මඳක් වේගවත් ය.., නිරන්තරයේ ඇසෙනා කොහොඹ ගස් පෙලේ සරසරය හා එකවෙන දියපහරේ මුදු ගෝසාව සවනතේ නිස්කලංකය නැතිකලද.., කනට වේදනාවක් නොවේ..!

නෑ අක්කේ මේ පහේ ගෙදරට යන්න කියලා..,
අපි එනකල් ඉන්න බැරි නෑනේ.., මම කොණ්ඩේ වෙලගෙන එන්නම්..,

සේපාලිකා අක්කා තරුණය, පියකරුය.., එහෙත් වයස දහ අට වූ දා සිටම මනමාලයි හෙව්වද තවමත් ඈ තනිකඩ බව අම්මා කියනු මා අසා තිබේ.., ඔය ලිස්සන ගල් පගි වලට පය ලුහු වීම නවතන්නට කවුරුන්දෝ වැලි දමා තිබේ.., පඩියෙන් පඩිය අඩිය තබනාවිට නැගෙන සිරිය වැහිදාට සුන්දර වුව, පායන කලක නම් භයානකය..,

හරි යමු..,
කොණ්ඩය වෙලගන්න ඕනේ ඉක්මනටම මල්ලී නැත්තම් පීනසේ එන්න ඉඩ තියෙනවා..,
අක්කා වෙනදට මේ අහ එන්නේ නෑනේ නාන්න.., අද මොකෝ..?
නෑ. අද අපේ ගෙදර ලිඳ ඉහලා.., නාන්න විදියක් නෑ මඩ පෑදිලා නිසා.., ඉතින් මම ආව ඔයට.
මල්ලී පහේ ගෙදර යනවා කිව්වා නේද??
ඔව් මේ අම්මා දුන්නා මල්ල කොටවගෙන එන්න..,

දුවනවාට වඩා සෙමින් ඇවිදින විට මල්ලේ බර තරම දැනේ. කමිසය ඇතුලින් නැගෙන හීන් ඩාදිය රැල්ල පිටදිගේ ගලා යනු දැනේ..!

මේ දවස් වල හරි ග්‍රීස්මේ නේද..?
හ්ම්!
මොකෝ මෙයා එක පාරටම බකමූණෙක් වෙලා..,
ඈ..?
හ්ම් හ්ම් ගාන්නේ..??
අහ්..!
අක්කා මේ පානදර නාන්න ආවේ අද කොහේ හරි යන්න වද්ද??
නෑ අද කටයුත්තක් බලන්න අපේ ගෙදෙට්ට කට්ටියක් එනවා..,

කාටද අක්කටද..,
නෑ අපේ නංගිට,

එහෙනම් අක්කේ මම යන්නම්, මේ වැඩ අස්සේ නැන්දට වැඩ ඇති.., මම මේ ටික කොටාගන්න පස්සේ එන්නම්.

නෑ නෑ එහෙම හඅදිස්සියක් නෑ.., ඔය එන්නේ නංගි යාලුවෙලා ඉන්න මල්ලීගේ ගෙදරින්. අනික හවසනේ එන්නේ. අම්මා අද මැසින් කාමරේ අරිනවා මම අහගෙන.
හ්ම්

සුගන්දි අක්කට තවම මට වඩා අවුරුදු දෙකනේ වැඩිමල්.., ඉතින් එයා ඇයි ඉක්මනට බඳින්නේ..,
නංගි යාලුවෙලා ඉන්න කෙනාට රටයන්න හම්බවෙලා ඉක්මනට බඳින්න ඕනෙලු, කැන්දගෙන ගියාට පස්සේ ටිකකාලෙකින් නංගිටත් ඒ මල්ලී ඉන්න රටට ම පදිංචියට යන්න පුලුවන්ලු.
හ්ම්

නිහඬ බව දෙපසින් ගලන විට ගමන් විඩාව වැඩිය.., මම පය ඉක්මන් කලෙමි.., පාන්දර සීතල මරමින් උදෑසන ගිරි වළාකුළු අතරින් එබිකම් කරයි., ගම් තුලාන වල කුරුල්ලන් කෑම සොයන්නට යන්නට කලින් අවදිවෙන ගැමියන් හිඟ නැත.., සේපාලිකා අක්කාගේ අම්මා වූ පනගම නැන්දාද එවැනි ගුණ වත්කම් කොට ගෙන උපත ලද්දියකි. දූවරු නිදිපැදුරට හිරු එනතුරු සිහින බැලුවද.., පනගම නැන්දා කඩිසරව සිය දවස අරඹන්නේ ඊට හෝරා 3කටත් මත්තෙනි. මැසින් කාමරය අරින්නේ සිය මෑණියන් වූ කුරු ආච්ච්ගේ ආවතේව වලින් පසුවය.

ඔය මං කිව්වේ.., අම්මා මැසින් කාමරේ ඇරලා.., මල්ලී යන්න, මම යනවා රෙදිටික වැලේ දන්න.., මේ වෙලාවට වැනුවාම දහය එකොලහ වෙනකොට වෙලාගත්තෑකි.

දීකිරි ගෙදර ඉස්තෝප්පුවේ බිත්ති, මැසිමෙන් කොටන පහේ වල දුමරය වදින නිසාදෝ මඳක් තදට සමර පැහැ ගැන්නී ඇත. කොටා අවසාන වන ඕඩර වම්පස වූ ලී පෙට්ටියේ අඩුක්කර තබන නැන්දා.., ඒ සැනින් මැසිම පිසදා තව කෙනෙකුගේ ඕඩරයක් කොටන්නට ලැහැත්ති වේ.

පුතා ආවේ අපේ ලොකු කෙල්ල එක්කැයි..? ඊයේ ලිඳ සුද්ද කල නිසා කැලතිච්චි මඩ පතුලට බහින්න වෙලා යනවා. නාකියා ගත්තෑකි.., ඒත් රෙදි හෝදනකොට යාන්තමට රෙදිවල රොනේ බැඳෙනවා..!
ඔව් මට කිව්ව සේපාලිකා අක්කා..
මොනවද පුතේ තියෙන්නේ
මේ කහ ටිකකුයි, ගම්මිරිසුයි, කෑලි මිරිස් ටිහිකුයි තියෙන්නා..!

පනගම නැන්දාගේ අත මැසිමට වඩා කාර්යක්ෂමය, සිය වැඩෙහි බුහුටිය, කහ කෑලි කෙටෙන්න දමා අපද්‍රව්‍ය ඉවත්වනු පිනිස පහත ඇති පෙනේරය හරහා කුඩු වූ කහ යන අතරට පොලා වෙන්කරගත් කුඩා කෑලි පසුවටද, ලොකු කබලි මුලටද දමන්නේ ඇයද යන්ත්‍රයේම කොටසක් බවට පත්වෙමිනි. මේ රටාව කහකුඩු පහත ඇති කටෙන් පමිණ අවසාන වන තුරුම පවතියි..!

අපේ ගෙදරට අද මගුල් තුලාවකට නඩයක් එනවනේ පුතේ මම හිතාගෙන ඉන්නේ අද දවල් වෙනකොටම මැසින් කාමරේ වහලා දාන්ට..!

හොඳ වෙලාවට මම උදේ ආවේ.., නැත්තං අම්මට මේටික කුඩු කරගෙන එන්න ටවුමට ම යන්න වෙනවා.., එහෙනම් මෙලහකටත් හොඳ වියදමක් යනවා..,
දැන් පහේ කිලෝවක් කොටන්න හොඳ ගාණක් ගන්නවා ටවුමේ..!

පනගම නන්දා මා කියනාදේට හූමිටි තබමින් ම සිය වැඩෙහි යෙදෙන්නී මම කතාව වෙනතකට හැරෙව්වෙමි..,
නැන්දේ ඇයි සේපාලිකා අක්කට කලියෙන් සුගන්දි අක්ක බඳින්නේ..?

ඒකෙන් කාරි නෑ මේ පහේ ටික කොටලා ඉවරයි.., කෝ ගනින් බෑක් බෑය මේටික දාන්න..,

මල්ල තුල වූ සිලි සිලි බෑගයදිග හැරි මා, පහේ ටික පොලිතින් බෑගෙයා දමාගෙන දෙවනුව මා අත වූ පන් මල්ලග දමාගත්තේ වැඩි පරිස්සමටය.

නැන්දේ ඉතිරි ටික???
ඉතිරි ටික මම කොටවලා හවසට කා අතේ හරි, ගෙදරට එවන්නං.., මේටික අරගෙන උඹ පලයං පුතේ මට සුනංගු වෙන්න බෑ.., අර කට්ටිය දවල් කෑමට දෙන්න මම මාලු ටිකකට තුනපහ අතගාලා තියලා ආවේ..,
එක්කෝ මම කෝකටත් අම්මට ඇවිත් අරන් යන කියලා කියන්නම්..!
හුම්..!

කිසිත් නොකියාම නන්දා කොටාදුන් කුඩු මිරිස් මල්ලත් රැගෙන ගෙදර ආවේ දෙහිතකිනි.., නැන්දා ඉක්මනට මා පිටත් කර හැරියේ මා සේපාලිකා අක්කාගේ කසාදය ගැන ඇසූ නිසාද? එසේත් නැතිනම් ඇත්තටම නිවසට එන කට්ටියට උයා දෙන්නට වූ උවමනාවටදැයි මාහට එකවරම සිතා ගැනීමට අපහසු විය.
මොකක් උනත් කමක් නෑ. මම අම්මට කියනවා ගිහිල්ලා ඉතිරිය හවසට ගන්නය කියලා..,

සවස් අත ගත වුනේ සෙමිනි.., අපේ වසරට උඩ පන්තියට ඕලෙවල් පන්ති කරන්නට ඇති නිසා ගුරුවරු සිකුරාදා දිනවලදී පහල පන්ති වලට නිවාඩු දී ඒ කාලවේලාවන් ද එකොළහ වසරට උගැන්මට යොදාගත්හ.
මම අසල වූ ඉදලෙන් ඉරටුවක් කඩාගෙන මිදුලේ පිළිවෙළක් නැති රටා අඳින්නට ගතිමි. අප්පච්චී ගෙදර ඉන්නා දවස් වල ඇටවු දඬු වැට තවමත් සවි ශක්තියෙන් තිබේ.., ඒවා නිවෙසට එන රුපුන් මඬිනා නිහඬ සොල්දාදු පෙළක් වැන්න.., ගොම්මනට හොරා කිහිපයක් තිබියදී  කන්දට ඉහලින් පාවෙන ඉහළ වළාකුලු පෙළට යටින් නටන තැඹිලිපාට ගිණි බෝලයෙන් නිකුත් වන රැස් වැටේ වැදී මිදුලේ අඳින රටා විටෙන් විට වෙනස් වේ.., ඒවා මා අඳින රටා වලට වඩා හැඩය..!

ඈතින් එන නවීන මෝටර් රථයකින් නැගෙන නිහඬ වැලි පුපුරන හඬ ඇසුන නමුදු එය අපේ නිවස ඉදිරි පස නවතනු ඇති බව නොසිතුවෙමි. කෘෂිකර්මේ මහත්තයාටද ඇත්තේ මේ ආකාරයේම කාරයක් නිසා ටයර වැලි කන හඬ හොඳට හුරු පුරුදුය..,

පුතා අම්ම ගෙදර නැතැයි..??
ඉන්නවා කුස්සියේ..!
කියන්නකෝ සීතක්කා ඇවිල්ලා ඉන්නවා කියාලා..!
හාං..!

අන්න අම්මේ.., සීතක්ක කියලා කෙනෙක් ඇවිල්ලා අම්මව අහනවා..!
ඈ..? මේ අවේලාවේ..?
මම දන්නේ නෑ මම වැට ගාව ඒ අයව නවත්තලා ආවා..! තව ටයි දාගත්තු එක්කෙනෙකුත් ඉන්නවා..,
අහ් ඒ දොස්තර පුතා වෙන්න ඇති.

ඇඳ සිටි සායේම අත පිහදාගත් අම්මා එළියට ගියේ දුවමිනි..,

අනේ ඇයි මේ එළියේ.., එන්න අක්කේ ගෙට..,
කොහොමැයි පුතේ, විභාගේ හෙම ඉවරැයි..?

නෑ නංගී අපි ආවේ මේ ළඟට ආ ගමන්..!
ඒකට මොකෝ එන්නකෝ ගේ ඇතුලට..!

ටයි පොලු කාරයාද, මඳක් දායාවකින් යුතු පෙණුමැති මැදිවියේ තරබාරු පෙණුමකින් යුතු කතද, ඉස්තෝප්පුවේ ඈඳිගත්හ.

මේ පුතේ මගේ ලොකු අම්මාගේ දුව.., ඉස්සර අපි දෙන්නා එකටමයි ඉස්කෝලේ ගියේ..! මම අප්පච්චීව බැඳලා මෙහේ ආවට පස්සේ අපි දෙන්නා මුණ ගැහුනේ අද තමා..!

අම්මා සීතා යන නම කීප තැනක කියනු ඇසුනද ඈ මේතරම් වත්කම් ඇති පවුලකට අයත් වග මම සිහිනෙන් වත් නොසිතුවෙමි. අම්මා ඈ ගැන කියන්නේම පවුලේ සිටි ආඩම්බරම එකී වූ නමුදු ඈ අම්මාට දැක්වූ දයාව මහත් බවයි..! තරුණ කල ඉතා සුරූපීව සිටි බවට නටබුන් ඈ වතේ ඇතත් වර්තමානය වෙන විට මේ ඉස්තෝප්පුවේ ඉඳගෙන සිටිනා මේ කත මට පෙනෙන්නේ පිටි පුරවා රන් පැහැ සාරියක් අන්දවූ මුට්ටයක් ලෙසිනි.  

මම බිත්තියට මුවාවෙන් තිබ්බ දැල් පුටුවේ වාඩිවීමි.

මම මේ තකහනියක් ම ආවේ, නංගී ගෙන් කාරණාවක් අහන්න..,
මොකද්ද අක්කේ ඒ දන්න දෙයක් නං කියන්නං..!
නංගී දන්නවද දීකිරි ගෙදර..?
ඔව්..? අපේ කැන්දගහමුල දීකිරි ගෙදරනේ, ඉතින්?
ඒ ගෙදර ළමිස්සියෝ දෙන්නෙක් ඉන්නවා නේද??
ඔව් ඉතින්??
නංගී මොනවද දන්නේ ඒ ළමයි ගැන..,
එහෙමටම වැඩිමනක් දන්නේ නෑ අක්කේ.., ලොකු කෙල්ල, ගෙදර පොඩි කෙල්ල සුගන්දි නං කොහෙද රස්සාවක් කරනවා.., අද එහාට කාණ්ඩයක් එනවා කිව්වා මඟුල් තුලාවකට.., අපේ පුත්තරයට අද උදේ ලොකු කෙලී කියලා තියෙන්නේ..!
හහ්.., ඒකත් එහෙමද..?
ඇයි අක්කේ???
නෑ අපිතමා ඒ ගෙදරට මඟුල් තුලාවට ආවේ.., අපේ පුතා තමා ඒ අර බාල දරුවා එක්කලා යාලුවෙලා ඉන්නේ..,
හානේ කොයිතරම් හොඳද?? දීකිරි ගෙදර කියන්නේ අක්කේ මේ පැත්තේ හොඳ නමක් තියෙන ගෙයක්.., අපි පහේ ගෙදර කියන්නෙත් එහාට..,
හා එහෙමද?
නෑ මේ පවුල ගැන අපි දැනං හිටියා මදි නංගී, අපේ එකාටත් ඔය කෙල්ල එක්කලා යාලුවෙන්න කලියෙන් පොඩිත්තක් හොයලා බලන්න තිබ්බා..!
දැන් ඇයි එහෙම කියන්නේ..,
පුතා යාලුවෙලා ඉන්න ගෑණු ළමයාගේ වරදක් නෑ නංගී.., ඔය කෙල්ලගේ අක්කා.., ඒත් මට සමහර වෙලාවට හිතෙනවා පොඩි කෙල්ලත් එහෙමම ද කියලා.., මොකෝ වෙනසක් කියලයෑ එක අත්තේ මල් නෙව..,
ඉතින් මොකෝ උනේ කියා කීවා නං..?
අපේ පුතාගෙන් බෙහෙත් ගන්න ඇවිල්ලා..,
ඉතින් ඒකට මක්කා වෙනවද අක්කේ කොච්චර හොඳද..? පුතා වගේ ළමයෙක් ඉන්න එක ඒ පවුලට මොනතරම් නම්බුවක්ද??
ඒක එහෙම නම් මොකක් කරගන්න බැරිද නංගියේ...,
ඉතින් මොකටද සේපාලිකා බේත් ගන්න ඇවිල්ලා තියෙන්නේ....????

දෙමාසයක් වෙච්චි බඩේ උන්නු දරුවාව නැති කරගන්න..!!



You may also like

19 comments:

  1. හැමදාමත් වගේ අනර්ඝයි..... :) :)

    ReplyDelete
  2. ops....
    මේක මෙහෙම ඉවාර් වෙනවා කියලා දන්නවා නම් කියවන්නේ නෑ මම...

    kidding....

    ඒක නෙමෙයි මේක පට්ටයි ගෙම්බෝ...

    ReplyDelete
  3. මේක මාර ලස්සනයි ලිෂාන්, අර ගම මැවිල පේනවා ලිවිල්ලෙන්. ලියල තියෙන විදිහෙන්. මම තාම හිතන්නෙ, ඇයි උඹ පොතක් ලියල එලියට නොදාන්නෙ කියල. :)
    අක්ක අරෙහෙම වුනා කියල නංගිව මග අරින එක නං සෑහෙන්න ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් කිව්වෙ මිනිස්සුන්ගෙ හැටි. ස්වභාව.
    හ්ම්..
    සංසාරේ... සංසාරේ... :)

    ReplyDelete
  4. පවුලේ එකෙක් අප්සට් වුනොත් ඒකේ බලපෑම මුළු පවුල පිටින්ම යන එක අපේ සමාජේ හැටියක්ද මන්දා....
    කතාවනම් පට්ටම පට්ටයි!
    සුදාරක කිව්වා වගේ පොතක් ලියමුකෝ...........

    ReplyDelete
  5. ළමයි මරන ගෑණියි උන්ගේ පවුලෙ උනුයි තමා නරක.. මරන්න බෙහෙත් දෙන එකයි උන්ගේ පවුලේ උනුයි හොඳා...

    ReplyDelete
  6. ගමක අසිරිය කියා ඇති හැටි හරිම අපූරුයි ..

    ReplyDelete
  7. ලස්සන කතාවක්!!

    ReplyDelete
  8. ෂික් ඕක තමයි යාලුවෙක්ට හොඳක් කියන්න අමාරු. දැන් තෝ හිතයි වෙනදා වගේම කොමියට කියනවැයි කියලා.

    මට කතාව මරු. මෙහෙම සිරා අවසානයක් තියෙනවැයි කියලා දන්නවනම් මම ඊයේ කියවන්නෙ. උඹේ උපමා උපරිමයි. ඉනි වැට, කොහොඹ ගස් වල සරසරේ, පඩියේ තියෙන වැලි, පහේ ගෙදර බිත්ති, සීතක්කා මොනිටරේට ටිකක් උඩින් මැවිල පෙනුන!

    "කෑලි මිරිස් ටිහිකුයි තියෙන්නා!", මේ වක්‍යය පට්ට සුන්දරයි. අපේ ගම වෙච්ච දෙනියායෙත් සමහරු මෙහෙම කතා කරනව ඇහිල තියෙනව.

    මැද්දෙ තියෙන දෙබස් වල, කියන කෙනා මාරු වෙන කොට එක පේලියකවත් හිඩැසක් තිබුනනම් හොඳයි කියලා හිතුනා.

    මොනා උනත් ඉර දෙයියො අඳින රටා මාර ලස්සනයි මචං. ඒ විතරක් නෙමෙයි සොභාවයෙන් එන හැම දෙයක්ම!

    ReplyDelete
  9. උඹ දන්නව​ නේ මම උඹේ පෝස්ට් වලට පට්ට ලයික් කියලා......... මේකත් එල මචෝ... මටත් මැවුනා කතාව...


    ජය වේවා...!!

    ReplyDelete
  10. මචං. ඇත්තටම පරිසරය කියන්නා වාගෙම මැවිලා පෙනුනා! අපූරුයි. උඹේ කතාවල කොහොමත් අමුතු අවසානයක්නේ තියෙන්නේ. ඒ නිසා කුතුහලයෙන්ම කියෙව්වා. අපූරුයි මචං. උපරිමයි!

    @පොතක් ලියපං කියපු අයට..
    පොතකට වඩා වටින දෙයක් නේ බං මේ ලියන්නේ ලිසානයා. මට හිතෙන්නේ එහෙමයි. සල්ලි දීලා කියවන්ඩෝන නෑනේ. අනික මේ ප්‍රථිචාර. ඒව්වා පොතේ නෑ නෙව. හැබැයි එකක්. නිකංම නිකං පොතක් නෙමෙයි, ග්‍රන්තරාජයෙක් ලියන්න වටින කතා ගොන්න..!

    ReplyDelete
  11. වෛද්‍ය ආචාර ධර්ම අමු අමුවේ සිඳ ලීමකි...
    මා ලංකාවේ පවා මෙවැනි දොස්තරවරු දැක ඇත්තේ ඉතා අඩුවෙනි..
    මෙය වැරදි පූර්වාදර්ශ සපයයි..
    දොස්තරවරු කිසිවිටෙක සිය රෝගියාගේ විශ්වාසය බිඳ නොහෙලිය යුතුය..
    බටහිර හෝ දියුනු රටක නම් මෙසේ රෝගියාගේ පෞද්ගලික කාරනා අන් අයට හෙලි කිරීම රැකියාව නැති කරගැනීමට හේතු වෙයි..
    හොඳ නම් ඔය උඩ කියල තියෙන්නෙ ඇති පදමට ..
    මම නරක කිව්වම ඇති නේ.???

    ReplyDelete
  12. ගම්මානයෙක සිදුවීමක් පසුබිම් කරගෙන කියවෙන මේ කථාව බෙහෙවින් මනහර ලෙස ගොඩ නගා තිබෙනවා. මම මුළින්ම කියවන්නට ගත්තෙ අතීතයේ මතකයක් අවුස්සනවා වෙන්නට ඇතියි කියලා. අර කොහොඹ ගස් සෙවණ, ලිස්සන ගල්වල වැලි අතුරා ඇති ආකාරය, ළිඳ ඉහීමෙන් රොන් ඇවිස්සී ඇති බව, පනගම නැන්දා හා යන්ත්‍රයේ අපූරු සහයෝගීතාවය ඈ හැම සුළු විස්තරයක්ම හරිම අපූරුවට ගම්මානයක සුවඳ විහිදුවනවා. මේ විස්තරත් එක්ක සිතුවම පටයක් බැලුවාක් සේ සිතෙහි කථාව ඇඳෙනවා.

    අර මිදුලේ දඬුවැට විස්තර කෙරෙන කොටසනම් සුපිරියි. කාව්‍යමය ගතියක් දැනුණා ඒ ටික කියවනවිට.
    ඇත්තටම අවසානය හරිම අනපේක්ෂිතයි. ඒ අය වෙන්නැති මගුල් තුලාවට එන්න ඇත්තෙ කියලා සැක හිතුවත් මෙහෙම අවසන් වේයයි සිතුවෙ නෑ.

    ReplyDelete
  13. ගම හැමදාම ගමමයි..

    මට නිදහසේ ඉන්ඩ තියෙන ඩින්ග වෙලාවත් මෙයැයි නැති කරන්ඩ හදන්නෙ.. මග ඇරිලා තියෙන කෙටි කතා කියවිල්ලට ආයෙ ඇබ්බැහි කොරවලා..

    ඉඳලා හිටලා ලියන්ඩ, එතකොට වටිනාකම වැඩියි..

    ReplyDelete
  14. අනේ මන්දා ඕවා... මම මේ මුල් ටික කියෙව්වෙ වෙන එකක් වෙයි කියල හිතං. උඹටත් එහෙම හිතවන්න ඕන වුණාද මන්දා... :P

    මම කැමතියි උඹ මේකෙ ෂෝට් වර්ෂන් එකක් 100කින් ලියනවනම් :-)

    ReplyDelete
  15. මෙතන කතා කරන දේ මට අහුවුනේ දොස්තරයා ලමයා නැතිකරපු එක හරි ඒත් ලමයා නැති කරපු එක ගෑනි වැරදියි කියන තැනින්.. කෙටිකතාවක රසවින්දනය මරුවට තියෙනවා.. නියමයි ලිසා..

    ReplyDelete
  16. කතාවනම් සුපිරි ලිෂා.. ඒ දොස්තර වෙන කෙනෙක් වුනා නම්..

    ReplyDelete
  17. සුදු හංසි : ස්තුතීයි සහෝදරී.

    බුරු: ස්තූතියි අක්කේ.!

    සුදාරක: ස්තූතියි කොල්ලා..! මේක one zero zero එකට ලියන්න කියලා පටන් ගත්තේ නොදැනිම වචන වැඩි වුනා..!

    පොතක්?? හ්ම් බලමුනේ ;)

    මාරයා හා පූසා: ඔය මචන් ලංකාවේ සිස්ටම් එකක් නේ.., ඔහොම උන සව්ස්ථාවක් මම දැක්කා ඒකයි ඕක ලිව්වේ..!

    ඩීප්ස් හා රසික: ස්තූතියි ළමයිz.

    මුචා හා සෝරෝ: ස්තූතියි මචන්ල මම දන්නවා උඹලා මගේ හැම ලියමනක් ම කියවනවා කියලා..!

    වන්නි: ස්තූතියි මචන්..! පොත ගැන මගේ මතෙත් ඕකම තමා..! ;))

    ඉන්ඩි: වෙන්න ඇති බන්. අපි හිතනදේ නොවේන කතාවෙ වෙන්නේ.., මට හිතුනොත් මේ කතාවේ සේපාලිකා මිනීමරුවෙක් කරන්න ඒක නිසා මොනතරම් මානව හිමිකම් කඩු උනත් මම ඒක කරනවා..! ලියන කොට මම මගේ අකුරු ගැන මම පට්ට විදියට ආත්මාර්තකාමියි බන්z.., ස්තූතියි මම ආස කොමෙන්ට් එකක් මේක..! ජය! :)

    නලින්, ඩී, නචී: ස්තූතියි මචන්ලා..!

    හරේ: ඔව් එහෙම ලියන්න ගත්තු එකක් තමා කරුමෙට වචන වැඩි උනා..! :)

    ජයෙන් ජය සෙට් එකටම.., වෙන එක්ක් ලියන අස්සේ මේක කෙටුවේ.., සතුටුයි උඹලා ඔක්කොම මේක කියවපු එකට..! ජය!

    ReplyDelete
  18. ලස්සන කතාවක් ලිෂාන්.... සුන්දරත්වය ඇතුලේ තියෙන අසුන්දරත්වය යථාර්තයේ නියම දැක්ම කියලා මම විස්වාස කරනවා

    ReplyDelete
  19. පොල්ලෙන් ගහනවා වගේනේ සිරා

    ReplyDelete