සීතල

පෞද්ගලිකව මම මේ සම්බන්දේට විරුද්ධයි

ඇයි එහෙම කියන්නේ..,

සනුත්තරා එක්ක මගේ තියෙන්නේ කායික සම්බන්ධයක් නෙවී නේ..,
ඒක විග්‍රහ කරන්න පුලුවන් අපි දෙන්න අතර තිබුණු අධ්‍යාත්මික සම්බන්ධය ගැන හරියට ම දන්න කෙනෙකුට විතරයි..,

ඒක මම දන්නේ නෑ අනුප්..,
මම මේ කතා කරන්නේ ඔයාගේ එකම යාලුවා හා කාලයක් උඹේ ජීවිතේ රහ බලපු උඹේම පරණ ගෑණි කියලා හිතේ තියාගෙන..,
ඔයා දන්නවද සනුත්තරාට වෙන කොල්ලොත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියලා..?
ඊට අමතරව එයා receptionist විදියට වැඩකරන cargo කොම්පැණියේ චෙයාමන්ගේ ටෙම්පරි ලොලිපොප් එකේ ඩියුටිය කරන්නේත් සනුත්තරා කියලා ආ..?

හ්ම්...,
මම දන්නවා සනුත්තරා මට ඒ ගැන කියලා තියෙනවා..මට එයා කිසිදෙයක් ගන හංගන්නේ නෑ..,
අපි දෙන්න හරි විවෘතයි එකිනෙකාට..,
අපි වෙලාවකට ගහගන්නවා, බැණගන්නවා,
ඒත් ඒ ගැටලුව ඉවර වෙනකල් විතරයි.
අපි කිසිම වෙලාවක එකිනෙකාව සැකයෙන් දකින්නේ නෑ.

මම සැකයක් ගැන මෙතන කතා කලේ නෑ මෝඩයෝ..,
මම කියන්න උත්සහ කරන පොයින්ට් එක තේරුම් ගන්නවා..,
ඒ ගෑණිව තමුසෙට ගැලපෙන්නේ නෑ.., ගැලපෙන්නේ නෑ කියන්නේ ගැලපෙන්නේ නැති නිසා.

මොකෝ හිනාවෙන්නේ මම එහෙම කිව්වම..,
ඔයා තාම ඉස්සර වගේමයි, කිසිවෙනස කමක් නෑ.
හැමවෙලේම උත්සහ කරන්නේ තමන්ගේ මතේ ඔප්පු කරගන්නම විතරයි..,

ඔව් මම වෙනස් වෙලා නෑ..,
අඩුගානේ මට එහේ කියලා හරි හිත හදාගන්න පුලුවන්.., ඒත් ඔයා...?
ඔයා අනුප් කොහොමද එහෙම හිත හදාගන්නේ.., මම හමදාම හීන මැව්වේ ඔයා එක්ක ජීවත් වෙලා, දරුවෙක් දෙන්නෙක් හදාගෙන, අර සමහර මිනිස්සු කියනවා වගේ සාම්ප්‍රදායික පවුල් ජීවිතයක් ගත කරන්න..,

ඔයාට ඕනේ වුනේ එක වුණාට නෙලුම් මට ඕනේ වුනේ එක නෙවී නේ දරුවෝ, මම වෙනස්..,
උප්පත්තියෙන් කැතලික් වුනාට මම බෞතීස්ම කල වෙලාවේ පාදරේ දීපු නම වත් පාවිච්චි කරන්නේ නැතුව..,
මගේ ජීවිතේ වෙනස් කරගන්න උත්සහ කලා..,
මගේ කසින්ලා, රිලේශන්ස් ලා මට මැත්ස් ස්ට්‍රීම් එකෙන් අපර් ස්ටඩීස් කරන්න කියලා කියද්දීත් මම තෝරාගත්තේ විශුවල් ආට් වගේ හිත එක්ක ළඟින්ම ඉන්න සබ්ජෙක්ට් එකක්..,
කැම්පස් එකේ සෙකන්ඩ් යියර් එකේ ඉන්නකොට තමා ෆ්‍රෙශර්ස්ලා විදියට අලුතින් ආපු ඔයාලා හිටි බැජ් එකට අපේ යාලුවෙක් කොක්ක ගහලා සෙට් වුනේ.., මතකද ඔයාට...?

මම කැමති නෑ අනුප් ඔය පරණ දේවල් ඇදලා ගන්නවට මට හරි දුකයි.., ඒ වගේම තරහයි..,
මගේ හොඳම යාලුවා උනාට..,
ඔයාගේ අනාගතේට ඉවුරක් නැති බව දැන දැනත් මම මගේ ජීවිතෙන් අවුරුදු තුනකටත් වඩා ඔයා වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටියා..,
ඒත් ඔයා..?
ඔයා මම ඔයා ගාව ඉන්නවා කියලාවත් හිතන්නේ නැතුව වෙන වෙන අය එක්ක සම්බන්දකම් තියාගත්තා..

ආන්න..ආන්න එතනදී නම් මම විරුද්ධයි නෙලුම්..!!

ඇයි එහෙම කියන්නේ..?

එහෙම කියන්නේ කියන්නේ..,
මම උදේශිකාලා, තෙරුණිලා එක්ක සම්බන්ධයක් තිබ්බා කියල කෙලින්ම චෝදනා කරනවට වඩා ඔයාගේ හිතටම කරලා බලන්න..,
ඒවා ඔයා කියන විදියට මහාලොකු සම්බන්ධයන් ද කියලා??
මම කලේ ඒ අය දුකින් හිටපු වෙලාවක ඒ අයගේ දුක සමනය කරන්න පිහිටක් වෙච්චි එක විතරයි.

එතකොට ඔයා නිසා මේ වෙනකොටත් තෙරුණි ප්‍රෙග්නට් වෙලා ඉන්නවා කියලා දන්නවද?
තව මාස හය හතකින් පොඩි එකෙක් එළියට ආවාම ඒ දරුවට මොකද කරන්නේ??
ඔක්කොටමත් වඩා අර අසරණ කෙල්ලට මොකද වෙන්නේ..?
අමතක කරන්න එපා අනුප් ඔයා ඔය සනුත්තරා ගේ පස්සේ යන්නේ ඔය ඔක්කොම සිද්ධි තියෙන අතරතුර කියලා.

එක දවසක, වහින වෙලාවක අපි දෙන්නා මගේ අපාර්ට්මන්ට් එකේ කොෆී එකකට සෙට් උන වෙලාවේ.., කෝපි එකේ heat එකට වඩා වැඩි heat එකක් අපි දෙන්නටම උවමනා කරලා තිබ්බා..,
ඉතින් ඒ දේ සිද්ධ වුනා..,
can't help it. අනික තෙරුණි හොඳටම දන්නවා එයාට හම්බ වෙන්න ඉන්න දරුවගේ උප්පත්තියට තේරුමක් දෙන්න හදනවා නම් එතන අර මම කිව්වා වගේ heat එකකට වඩා දෙයක් තිබුණේ නෑ කියලා.

ඒ වුනාට අනුප්.., මේකත් මතක තියාගන්න..,
මොන තරම් රැඩිකල් මත දැරුවත් කසාදය වෙලා හෝ දරුවෙක් ලැබෙන්න හෝ ඉන්නකොට අර typical sri lankan female ideology එක ඒ ගෑණිගේ මොලේට inject වෙන්න ගන්නවා වෙන කොහෙන් වත් නෙවී.., මේ අපි ඉන්න society එක ඇතුලෙන්ම..,
එහෙම උනාම ඒ ගෑණි තනිකරම අර සම්ප්‍රදායික වෙලා ඉවරයි..,
ඒක ඒ ගෑණිගේ වැරැද්දක් නෙවී අනුප්. මේ සමාජයේ වැරැද්ද..,
අපි මොනතරම් රැඩිකල් මත දැරුවත්.., අපි කසාදයක් බැඳලා තැම්පත් වුනාම අපි අපිව අර සාම්ප්‍රදායික ගෑනිගේ රාමුවට අපි අපිව කොටු කරගන්නවා..,
එහෙම වුනාම අපිට තියෙන්නේ හරිම minimal අවශ්‍යතා අනුප්.
හරී පුංචි පුංචි අවශ්‍යතා.

තෙරුණිව මගේ ජීවිතේ එක්කලා එක්කාසු කරගන්න බැරි කමකට නෙවී නෙලූ මම තනියම ඉන්නේ..,
මට මගේ ජීවිතේ ගැන වෙනස්වට හිතන්න ඕනේ නිසා..,
මම කැමති නෑ මම නිසා වෙන ජීවිතයක් නන්නත්තාර වෙනවට..,

ඒක ඔයාට හිතන්න තිබුනේ තෙරුණිට බබා ලැබෙන්න එන්න කලින්මයි..,

in that case we had sex that night..,
yes.., i admit it.., but I'd told her to use some protection
not even once..,
but she didn't..,

අපි හතර දෙනා ඉන්න මේ නාට්ටිය ඇතුලේ මගේ චරිතය මරලා දාලා මට මේ සීන් එකෙන් අයින් වෙන්න කිසිම උවමනාවක් නෑ නෙලූ. මට ඕනේ කාටවත් අසාධාරණයක් නොවෙන විදියට මේ කතාව ඉවර වෙනවා දකින්න.
ඒත් අනුප් ඔයා හිතනවද ඒ කරන්න හදනදේ සාර්ථකවෙයි කියලා...?
ඔව් අනිවා..!
මට මං ගැන විශ්වාසයක් තියෙනවා නේ..!

කවුරුවත් කාවවත් මරලා මේක මෙහෙම ඉවර කරන්න ඕනේ නෑ..,
හැමදෙනාට ම සාධාරණයක් වෙන්න මේ කතාව ඉවරයක් කරන්න බලන්න..,
ඒ කොහොමද..?
can you be more specific please..? හරියට තෙරුණිගේ දරුවගේ උප්පන්නේට මගේ නම දීලා සනුත්තරාව සයිඩ් කික් එක විදියට තියාගන්න ගමන් ඔයාව කසාද බඳිණ එකද නෙලූ..ආ..?

ත..තමුසේව..තමුසේව කසාද බඳින්න මම..??
තමුසේ එක්කලා නිදිවදින්න මට තවත් උවමනාවක් නෑ අනුප්..,
උඹ සංගීතය කලා.., නාට්ටි කලා.., ඔය ඔක්කොටම වැඩිය උඹ කැම්පස් එක ඇතුලේ දේශපාලනේ කලා.., ගංජා ගැහුවා, කුඩු හැහුවා, බඩු ගැහුවා.., කැරෝකි ගියා, බිග්මැච් ඉවර උනාම කැබරේ නැටෙව්වා.., මේ ඔක්කොම අස්සේ උඹ පෝයට සිල් ගන්න එකත් කලා, ධර්මාචාර්ය කලා, දහම් පාසලේ පාලි ඉගැන්නුවා..,
කෙල්ලෝ කතා වුනා උඹ මේ ඔක්කොම කරන්න එක ශරීරේකින්ද කියලා.., ඒ ශරීරේ රහ බලන්න උඹ වටේ රැස් වළල්ලට ළංවෙච්චි හැමෝටම ඕන වුනා.
තෙරුණි උඹේ ධාර්මික කමට රැවටිලා උඹේන් බඩක් හදාගෙන පැත්තකට වුණා.
මම උඹේ රැඩිකල් ගතියට රැවටුනා.., මට ඕනේ වුණා, උඹ වගේ ගතිගුණ තියෙන ඔලුදහයේ රාවනා පැටියෙක් උඹෙන මගේ බඩට ගන්න.., ඒත් මම වඳ බව මම දොස්තරගෙන දැන ගත්තට පස්සේ මම උඹේ අඟේ රහ බලලා උඹේන් ඈත් වුණා.., ඒත් උඹ මාව හැලුවා කියලා හිතනවානම් අනුප් උඹට වැරදිලා.., මමයි උඹව හැලුවේ.., මට උවමනාවක් නෑ තවදුරටත් උඹේ official slut වෙන්න. ඒත් මම උඹ ගැන හොයනවා.., මට ගෑණුන්ව දැනෙනවා ඒ මම ගෑණියෙක් නිසා.., උඹේ female clone එක වෙච්චි සනුත්තරාට උඹව කුඩු කරන එක සුලුදෙයක් අනුප් මම ඒක දන්නවා.., මොකද උඹ දාන ශිල්ප ටික කවදා හරි උඹට කෙල්ලෙක් දැම්මොත් උඹට මොනා වෙයිද කියලා උඹ කවදාවත් නොහිතපු එක ඒකි ඇමට අරගෙන උඹව බාගන්න හදන්නේ.., ඒ නිසා දෙයියන්ගේ නාමෙට මම උඹට කියන්නේ ඔය වේසි එක්ක පැටලෙන්න යන්න එපා..!
උඹයි ඒකියි අතරේ ඔය තියෙනවැයි කියලා මල ඉලව් අධ්‍යාත්මික ප්‍රේමය මොකද්ද එක එහෙම පිටින්ම බොරුවක්..!
ඒ නිසා ඔය වැඩේ නවත්තපන්..!

ඔයාට තාම තේරිලා නෑ නෙලූ මට ආදරේ ඕනේ..,
මගේ ඇඟ ඉල්ලන දේ නෙවී මගේ හිතයි ඒ ආදරේ ඉල්ලන්නේ..,
සනුත්තරා මට බොරු කරනවා ඇති.., ඒත් මම ඉන්න ටිකේ එහෙම හරි ආදරයක් විඳින්නයි මම බලන්නේ.., මම නිදිවදින්න ඕනේ නම් නෙලූ මට ඕනේ තරමට ගෑනු ගෙන්න ගන්න පුලුවන්.., ඒත් මට ඕනේ ඇත්තට හරි බොරුවට හරි මට ඉන්න ටිකට මට ආදරේ කරන්න කෙනෙක්..!
මොනතරම් අය මා එක්කලා හිටියත් මම මගේ හිත ඇතුලේ තනිවෙලා නෙලූ
උඹලාට ළංවෙන්න බැරි තරමට මම උඹලා කොච්චර ළඟින් හිටියත් මම අද වෙනකොට ඈතයි..,
මට ඔය රස්නේ දැනෙන ජීවිත ගැන ලෝබයි නෙලූ..,
මට ලෝබයි..!!
මට හරි සීතලයි මේ ජීවිතේ ඇතුලේ..!!
මම උඹලාව ප්‍රතික්ෂේප කරන්නේ ඒ සීතල නිසයි..,
මම ඇවිදින මළමිණියක් නෙලූ..!!!

උඹ වෙනස් අනුප්..,
කෝ උඹේ දැන් විනාඩි 10කට කලින් තිබ්බ prestigious ගතිය..,
අර කෙල්ලෝ තඹේකට මායිම් නොකරන atomic shield  එක??
මේ විනාඩියට උඹ හලපු දේ ඇතුලේ මම මෙච්චර කල් නොදැක්ක දෙයක් තියෙනවා..,
මොකද්ද ඒ..??

මට..මට..ම…..?

ඔව් කියපන්..?

මම  HIV Positive

Comments

  1. මාර ස්ටෝරියක්! o_O

    ReplyDelete
  2. සුපිරි. ජීවිතේ ගැන ආයෙම හැරිල බලන්න හිතෙන විදියට ලියල තියෙනවා

    ReplyDelete
  3. සෑහෙන්න කාලෙකින් Shimmering thought එකක් එළියට ඇවිත්.. හැමදාම කියනවා වගේ මේකත් උපරිමයි.. කථාවේ උත්තරේ තියෙන්නේ අන්තිමට.. අන්න ඒ මෙතඩ් එකට මම කැමතියි..

    ජය වේවා...!!

    ReplyDelete
  4. මල හත්තිලව්වයි... මේක තමා මේක කියවලා ඉවරවුන ගමන් මගේ ඔළුවට ආපු වචන දෙක. ඒක එහෙමම ලියලා දාන එක තමා මේක ගැන කියන්න තියෙන හොඳම දේ..

    ReplyDelete
  5. අනුප් හොඳ එකෙක්!

    ReplyDelete
  6. ඉන්න ටිකේ ආදරේ කරන්න කෙනෙක් නේද? ම්ම්........... ඉස්සර කාලේ කථාවක් තියෙනවා එක් කාන්තාවකට පිරිමි පිරිසක් අතවර කල නිසාවෙන් නඩු වැටුනාලු. නඩුවේ අවසාන දිනයේ නඩුකාරතුමා අහනවා අර කාන්තාවගෙන් මේ අයට දෙන්න ඕනේ දඬුවම කුමක් කියලද ඔබ හිතන්නේ කියලා. ඇය පවසනවා, නැහැ ස්වාමීනි, කිසිම දඬුවමක් අවශ්‍ය නැහැ, මම එච් අයි වී ආසාදිත කෙනෙක්. ලැබිය යුතු දඬුවම ඔවුනට ලැබී අවසානයි කියලා. සුදුස්සාට තමයි සුදුසුම දේ ‍ලැබෙන්නේ බොහෝ විට. ඉතාමත් අගනා කථාවක් ලිෂ්........... මොන මොන සම්ප්‍රදායන් උඩ දිව්වත් අන්තිමට බොහොම සරළ එකම තැන තමයි හැමෝම නවතින්නේ..........

    ReplyDelete
  7. ටික කාලෙකට පස්සේ උඹ ලිව්ව කතාවක් කියෙව්වේ..!! සිරාම සිරා.. හෙනම සිම්පල් විදියට පටන් අරන් දරුණු වෙලා ආයේ බොහොම සාමකාමී ව අවසන් වෙලා.! හරියට මහ මුහුදට කුණාටුවක් ඇවිත් ගියා වගේ..කියලයි කියවලා ඉවර උනාම හිතට දැනුනේ..! ගති!

    ReplyDelete
  8. කාගෙද වරද..මොකක්ද වරද..?
    කවුද හරි..මොකක්ද හරි..?

    ReplyDelete
  9. ලස්සන ස්ටොරි එකක්
    නියමෙටම ලියලා
    කියවගෙන යද්දී අවසානෙදි අපිත් ආවේගශීලි වෙනවා වගේ දැනෙනවා නියමයී
    keep it up

    ReplyDelete
  10. “මම ලියන්නෙක්. මහා ලොකුවට නෙවෙයි. බොහෝම කුඩාවට.“
    මොන බොරුද? ඔය අගේට ලියල තියෙන්නෙ... අවසාන කරල තියෙන්නෙ කාටවත් හිතාගන්න බැරි විදියට...

    ReplyDelete
  11. නියමයි සහෝ! අර මහා ලොකු ideology ය අන්තිම වචන ටික අස්සේ හිර කරන හැටි අපූරුයි!

    ReplyDelete
  12. හුකා! නියමයි මචං.. ඒත් මට නිකමටවත් හිතුනා අන්තිම හරියට එද්දි මූ ආධ්‍යාත්මේ උලුප්පන්නේ අඟේ කුන නිසාද කියලත්.. දෙබස් ටික උපරිමයි! අනුප්ට රොෂාන් රවීන්ද්‍රවයි, නෙලූ ට චාන්දනී සෙනෙවිරත්න හෝ යශෝධා විමලධර්ම අරං වැඩක් දුන්නනං.. පවසලා ඵලක් නෑ! නියමෙටම නියමයි!

    ReplyDelete
  13. මෙතට තියෙන යටි පෙලේ කතාව අනුජ්ට ජීවිතේ ගැන තියෙන බය. ආදරේ නැති වෙලා තනි වෙන්න වෙයි කියන බය. එයා දැනටමත් හිත ඇතුලෙන් තනි වෙලා ඉවරයි. ඒත් එහෙම නොවී ඉන්න පුළුවන් කාලයක් ඒ මතකයන් එක්ක විතරක්වත් ඉන්නයි අනුජ්ට ඕන. මේ කියන කාන්තාවො ටික නැතත් අනුජ්ගෙ චරිය අනුව එයාට වෙන ඇසුරුකිරීම් කීපයක් අනිවාර්යයි!

    සුපිරි...

    මුචා කියපු විධියට රොෂාන් රවීන්ද්‍රනම් වැඩේට එල කිරි. හැබැයි නෙලුම්ට චාන්දනී වයස වැඩියි වගේ. නමුත් ඒ තරම් එතනට හරියන විධියෙ රැඩිකල් චරිතයකට ඉන්න පුළුවන් වෙන සිරිලංකන් නිලියක් ගැන හිතාගන්න බෑ...

    ReplyDelete
  14. මේ කතාව උපරිමයෙත් උපරිමය.... ජයෙන් ජය සහෝ!!!!
    ප/ලි/ මම අන්තිමම දෙබස ඉවර වෙච්චි හෑටියට ගොඩක්ම කෑමති නම් නෑ... ඒක ටිකක් විස්තරාත්මක දෙබසක් වුනා නම් හොඳයි හිතෙනවා... පුදුම ගොඩ නෑගීමකින් විසාල සංයමයකින් හෙමීට ගොඩ නෑගීගෙන ආව සිද්දිය එක පාර ඩෝං ගාල ඉවර උනාද මන්දා කියලත් හිතෙනවා.... මෑද්දි වේගෙන් ගොඩ නෑගිච්චි දරුණු වේගාත්මක සංසිද්ධිය ලුහු කොට දක්වා ඉවර කලා වගෙ හෑඟීමක් දෑනුනද මන්දා සහෝ....

    සහෝ මම හෑමදාම shimmering thoughts වගෙ බ්ලොග් නම් දෑකල නෑ. නුඹෙ කතා රසය , ලිවීමේ හෑකියාව ගෑන කියන්න වචන නෑ. කතාව උපරිමයි... හරියට හිතට ශෙල් වෙඩි ගොඩක් වදිනවා වගෙ කතාවෙ මෑදදි දෑනුනෙ.... අර ප/ලි කොටසෙ ඉතින් ලිව්වෙ මට හිතුන චුට්ටි දෙයක්....

    ජය වේවා !!!!

    ReplyDelete
  15. අද තමයි කියවන්න ගත්තේ... ඊයේ තමයි බ්ලොග් එක හම්බ උනේ.. මැක්සා... ලෙසටම ලියලා තියනවා... කියන්න වදන් නෑ.......

    ReplyDelete
  16. අවසානය නියමයි. සිතුවිලි වලින් රැඩිකල් කියන අපේ උන් කොන්ට්‍රසේප්ෂන් පාවිච්චියේදී ගල් යුගයට යන්නේ ඇයි?

    කොටින්ම ඒඩ්ස් බුවාලා තාමත් කියන්නේ ඔබේ සම්බන්ධතාවය එක සහකරුවෙකුට සීමා කර ගන්න කියලා. හරියට මල්ටිපල් කරන එක පට්ට කොන්ට්‍රෝල් එකේ යන වැඩක් වගේ. ඒත් මිනිස්සු සහකරුවන් මාරු කරන්නේ ඔය තරම් කොන්ට්‍රෝල් එකකින්ද? ඔයිට වඩා හොඳ නැද්ද ආරක්‍ෂිත සම්බන්ධතා ප්‍රොමෝට් කලොත්.

    ReplyDelete
  17. හරිම නිර්මානාත්මක් විදිහට සංවේදී මාතෘකාවක් ගැන කතා කරලා තියෙනවා.

    ReplyDelete
  18. මාවත් උස්සා පොලොවේ ගසනු ලැබීය. කතාවට පමනක්ම නොව එය ගොඩ නැගීමට ඇති උඹේ හැකියාවද දැක . .

    ReplyDelete
  19. පූසා: ස්තූතියි මචන්..!

    රංග: මේ ලියන්නේ අපි අපි ගැනම තමා බන්..! වෙනස තියෙන්නේ අපි අපිව කියවනවා.

    සෝරෝ: ස්තූතියි මචන්, මම දන්නවා උඹ මේකට අලුත් පෝස්ට් එකක් දැම්ම සැනින් එන වග. ජය!!

    ආගන්තුකයා: හත්තිලව්වයි එහෙමද?? ;)))

    Dee: ඔව් at least ඌ ඌට අවංකයි..!

    උමේෂ්: :)

    රන්දිකා අක්කා: කිසිම සබඳතාවක් සදාකාලික නෑ අක්කේ.., සමහරවිට මේ කතාවේ කතානායකයා වර්තමාන සමාජයට ආයු අපේක්ෂාවට වඩා අඩු නිසා බලාපොරොත්තු වෙන්නේ කෙටිකාලීන සමඳතාවක් වෙන්න ඇති.., පොදු සාධකය අතින් මේ දෙපසම එක හා සමානයි.

    මලීයා: ඒක මට දැනුනේ නෑ උඹ මේ කියනකම්..!!

    මාරකු මාර: හිතපන් හිතපන්...

    අහිංසකී: ස්තූතියි සහෝදරී.

    තනෝජා අක්කා: ස්තුතියි අක්කා..! :)

    කොම්බුවා: :)

    මුචා: ඔව් මචන් ඒක ඇත්ත. ඒත් ඒ අයගේ සොභාවික හැසිරීම මේ චරිත වලට ආරෝපනය කරන තැනදී අසාර්ථක වෙයි කියා හිතෙනවා බන්z.

    හරේ: මේ කියන කාන්තාවො ටික නැතත් අනුජ්ගෙ චර්යා අනුව එයාට වෙන ඇසුරුකිරීම් කීපයක් අනිවාර්යයි එකඟයි. :)

    ජීවිතේමල්: උඹ මට හැමදාම කියනවා ඒක.., ඊළඟ පාර මම හදන්න උත්සහ කරන්නම්..! වරද පිළිගනිමි..! :)

    නචියා: අනිවා. ස්තූතියි මචන්..!

    සුජීව කොකාවල: මට කියන්න ඕනේ වෙච්චි දේ උඹ හරියට ම කියලා සහෝ..!

    කොජී: ස්තුතියි සහෝදරී.

    දුකා: උඹ ලියන එව්වා හැටියට මේවා මොනවද අයියේ..!

    ජය සතුට හැමෝටම..!!

    ReplyDelete
  20. ලස්සනයි ලස්සනයි ඉස්තරම්

    ReplyDelete
  21. මල හත්තිලව්වයි

    mehema giyoth hama 1tama comment karanna wenawa

    ReplyDelete

Post a Comment