bocanada | පුයර මල

අඳුරක ගිලි හදවත තුල මා කරක් ගසමින් යන'තරදී මට, ඈව හමුවිය.., සුකුමාලය, පියකරුය.., අතැති පුයර වටා හෙලමින් රඟන්නට යන විටෙන මම ඈට නවතින්නට යැයි කීවේ, නිසල නෙතකින් තැවෙන කලා කරුවෙකුගේ තෙවෙනි ඇස සන්තර්පනය කරලන්නට නොව, හිත තුල තෙරපි "ඈ" නැමති මගේ ජීවිතයේ x අක්ෂරය අමතක කර ඈ සමඟ එසැනින් යහන් ගතවන්නට වූ නොතිත් ආශාවෙනැයි කියන්නට මගේ හිත තවමත් ඉඩ නොදෙයි.
මම තනිකඩයෙකු වෙමි.., අනන්තවූ මේ සංසාරයේ ගිණිය නොහැකි තරමක වූ පෙම්කතා මැද මගේ කතාවද කොතැනක හෝ විඳින්නට කෙනෙකු ඇතැයි සිතෙන විට, මම ඒ නොදැකි පාඨකයා වෙනුවෙන් උහු සන්න්තර්පනය කරලීම සඳහා ම මගේ පන්හිඳ මෙහෙයවිය යුතු වග සිහියට එන්නේද මේ අතරතුරදීය.
ඉදින් මගේ කැමරා කාචය, ඈ අසල දඟ කැවෙන්නට ගත්වේගයට වඩා වේගයෙන් ඈ සිය දේහ ලතාව මෙහෙයවී. මම ඇයව අත්පත් කරගනිමි මගේ චිත්ත ලොව තුල නීති කඩන්නාද, නීති තනන්නා ද මම ම වන බැවින් ඈ සිය රංගනය කරන්නේ මා චෛතසියන් මත ය. මම වෙහෙසෙමි, නෙක සරින් ඈ පානා ලාලිත්‍යයන් මගේ කාච නෙතට හසු කරලන්නට වෙහෙසෙමි.., ඈ අඳුරේ නලියන රිදී රේඛාවක් ලෙද මගේ සිත මත ඈ පාපියුම් තබන්නී; ගිගා බයිට දෙකක් වූ මගේ කැමරා චිපය පිරෙනා තුරු මම ඒ නෙත මත පිටපත් කර ගනිමි. සියල්ල අවසන අවකාශයට මුසුවූ සිහිනෙන් ගෑ සුවඳක් සේ,
මගේ හදවත මත සුවඳ විහිදුවනා සිතුවිලි මවන්නී,
හදවත මත රඟා රිදී රේඛා මවන්නී,
සියල් අවසන කිසිත් ඉතිරි නොකොට මා සිතින් වියකෙන්නී
මා පුයර මල,
ඇය ය.


BOCANADA from Gonzaga Manso on Vimeo.

Comments

  1. තේරුමක් ගත ‍නොහැකිව පෙල කිහිපය ඉවසිල්ලෙන් කියෙව්වෙමි. රටාවක් මතු කර ගැනීමට උත්සහ ගත්තෙමි. බැරි වූ තැන වීඩීයෝව දෙසට අවධානය යොමු කලෙමි.

    විනාඩි දෙක පුරා අහ්ලාදජනක හැඟීමකින් පිරී ගිය සිතක් ඇසුරු කලෙමි. පාලක පරීක්ෂණයට හැකි තරම් සරාගී සිතක් උපදවා ගැනීමට උත්සහ කලෙමි. බැරි වූ තැන කලාව,ඇය හා මම එක් තැනකට එකතු වූ බව පිලිගත්තෙමි.

    ලිෂා උඹ දිනුම්!

    ReplyDelete
  2. අඳුර... එලිය.... පුයර... ඇය...පියානෝ හඬ...

    සන්ත්‍රාසය .. වේගය....මේ සියල්ල එක්ව .... වේදනාව මැවෙන හැටි .. තවමත් විඳිමි.....

    ලිශාන්... ස්තූතියි....

    ReplyDelete
  3. මාරයි ලිශ් . .
    සිරාවටම මාරයි
    වෙනද ලියන ශෛලියට වඩා වෙනස් විදිහක් වගේ ද කියලත් හිතුනා . .
    පට්ට

    ReplyDelete
  4. ලියපු ඒක තේරුම් ගන්නම් පස් හය වතාවක් කියවන්න උනා මචන්. ඒත් හ‍රියටම තේරුනාද මන්දා:D
    වීඩියෝ එකෙන්නම් මන් සෑහෙන්න දේවල් ටිකක් ඉගෙන ගත්තා බන්. ස්තූතියි ඒක බෙදා හදා ගත්තට.
    මචන් ලිශා. මගේ අර වැඩේට අයිඩියාර් එකක් එහෙම ආවෙ නැද්ද? :D

    ReplyDelete
  5. sketch කරලා තියෙන්නේ අනුරාධ.., ඉක්මනට ගොඩ දාලා දෙන්නම්..!! :)
    ස්තූතියි මචන් දාපු කොමෙන්ට් වලට..!! :)

    ReplyDelete

Post a Comment