ධර්මයේ හැසිරීම
කරුණාලතා ස්වභාවයෙන්ම හීන්දෑරි සිරුරක් හිමි කාන්තාවකි. මා පතලේ පැත්තේ සහ රබර් ඉඩම යන අවස්ථාවල, අසලින් ගලා බසින ඇලට මායිම්ව ඇති පොල් වත්තේ, වෙලුනු පොල්අතු ඇහිඳින කරුණාලතා මට අමුත්තක් නොවේ.
අහ චුටි මහත්තයා පතලේ පැත්තේ යනවද?
මම යන්නේ පතලට බව හොඳින්ම දන්නා නමුත් මගේ විමසන්නේ ඇය යාබද වත්තේ පොල් අතු ඇහිඳින බව අඟවන්නට මෙනි.
ආ ඔව් කරුණාලතා මම පතලේ පැත්තේ යන්න කියලා. ගිහින් එන්නං!
මම උත්තර දුන් විට ඈ හිසවනා තමා කරමින් සිටි වැඩේ මා මීට පෙර නොදැක්කා සේ නියුක්ත වීම මට දැන් හුරුපුරුදු ය. කරුණාලතා සම්බන්දයෙන් මට පවසන්නට කිසිවක් හෝ පෙර සතිය වන තුරුම මා හට තිබුනේ නැත. එහෙත් එයට මඟ පෑදුනේ හරි අපූරු ආකාරයකට ය.
අප අවසානයටම කැනීම් කර ඉල්ලම් ගොඩ දමාගත් පාතාලය අවසන් වුයේ ආදායම් අතින් නොවුනත් සේවකයන් ඇති පාඩුවක් කරමිනි, එයට හේතුව නම් අපගේ පතල්නඩයේ සිටි එක සාමාජිකයෙකුගේ ඉවත්ව යාමයි. 6 දෙනෙකු කරවනා පතලය එක අයෙකු අඩු වීම විටෙක පාතාලය අතරමග නතර වන්නට තරම් හේතුවන ක්රියාවකි. අවාසනාවකට අපට වුයේද එයම ය.
අප අවසානයටම කැනීම් කර ඉල්ලම් ගොඩ දමාගත් පාතාලය අවසන් වුයේ ආදායම් අතින් නොවුනත් සේවකයන් ඇති පාඩුවක් කරමිනි, එයට හේතුව නම් අපගේ පතල්නඩයේ සිටි එක සාමාජිකයෙකුගේ ඉවත්ව යාමයි. 6 දෙනෙකු කරවනා පතලය එක අයෙකු අඩු වීම විටෙක පාතාලය අතරමග නතර වන්නට තරම් හේතුවන ක්රියාවකි. අවාසනාවකට අපට වුයේද එයම ය.
මහත්තයා අපි රන්ජි වෙනුවට කරුණාලතා නැන්දාගේ පුතා බුද්ධිකව ගන්නද?
මටත් ප්රතික්ෂේප කරන්නට තරම් හේතුවක් නොවුන නිසා අවසරය සහිතවම මීළඟට ආරම්භ කරන්නට යන පතලයට හවුල් කරුවෙක් ලෙස බුද්ධික එක්කාසු කරගන්නට හේතු යෙදුනේ එලෙස ය. රාජකාරි අවසන් වී ගෙදරට ආ මම තාත්තා සමඟ දවසේ වූ දේ කතා කිරීම පුරුද්දක් ලෙස කරගෙන යමි. එදත් වෙනදා ලෙසම මං තාත්තා සමඟ කතා බහේ යෙදී සිටිත්දී එදින සිදුවූ දේ මම ඔහුට පැහැදිලි කරෙමි.
ආ ඔය කරුණාලතා කියන්නේ අර ගමෙවුන් එක එක කට කැඩිච්ච කතා කියන වාහෙ නේද?
තාත්තා කිවූ අපබ්රංසය මා හට තේරුම් ගන්නට නොහැකි වුනත් මා එය ඔහුගෙන් හාරා අවුස්සන්නට නොගියෙමි. පසුදා පතලය පැත්තේ යන විට වෙනදා ලෙසම කරුණාලතා සමඟ වන කතා බහ සිදුවිය. පතල් නඩය තේ පානය සඳහා පතලේ වැඩ කටයුතු නතර කල වෙලාවක මම පාතාලයේ බාස්උන්නැහේ වන අනුරගෙන් මේ ගැන විමසන්නට සිතුවේ එදින තේ පානය උවමනා කරන කෙටි ආහාරයක් ගෙන එන්නට බුද්ධිකව කඩ පිලට පිටත් කර හැරිය බැවිනි.
මොකද්ද අනුර අර කරුණාලතාට එක කට කැඩිච්ච කතා රට්ටු කියන්නේ.
ඒක ටිකක් අමුතු කතාවක් මහත්තයා.
අනුර පිළිතුරු දුන්නේ මඳක් හඬ බාල කරමිනි.
ඔය කරුණාලතා නැන්දා කසාද බැඳලා නැහැ. දැන් ඉතින් හතර පෝයටම සිල් ගත්තට ඉස්සර නම් කියන්නේ උන්දැව රිංගපු නැති පඳුරක් මේ ගිනිගැස්ම වත්තේ නැතුව ඇති කියල. මෙහෙම ටික කාලයක් වෙනකොට උන්දා ගමේ පන්සල හැදුවට පස්සේ නිතරම බෝධිපුජා වැඩ අරවට මේවට එනවා. එහෙම එද්දී තමා කසාදයක්වත් නොබැඳපු මේ බවලත් ඇත්තිගේ බඩට දරුවෙක් ආවේ. කවුරුත් දන්නේ නැහැ කවුද අපුච්චා කියලා. එත් ළමයාගේ කම්මුලේ තියෙන උපන්ලපය නිසා මිනිස්සුන්ගේ හිතේ පොඩි සැකයක් තිබ්බා. එක එක හා හෝවවල් ගියේ නැතුවම නෙවෙයි එත් එක දවසක පොලට ගිය වෙලාවේදී පොලේ එළවලු විකුණන ධර්මේ මාමා මේකිට මොනවටදෝ නොසෑහෙන්න බැනලා. ඔතන අපේ හේඅලියා ඉඳලා තියෙන්නේ බඩු කිර කිර. ඒ කතාවට ඌත් ගුටි කාලා. අපි එක්කත් ඌ තමා මෙව්වා කිව්වේ.
ඉතින් මොනවද ධර්මේ කරුණාලතාට කියලා තියෙන්නේ?
මගේ කුතුහලයට මගේ මුවින් එම වදන් පිටවුයේත්, අතේ වූ තේ කෝප්පය මුවට ලංවුයෙත් මට නොදැනීමය.
"තොට මිනිස්සු නැතුව ළමයෙක් බඩට ඕනේ කිව්වම, එක දුන්න මටනේ ඔහොම කයිකතන්දර කියන්නේ" කියලා..!
එතකොට හේඅලියා අහලා..,
ඔව් මොකද්ද අහලා තියෙන්නේ???
හානේ කරුනාලතා අක්කට බුද්ධිකයව හම්බුනේ ධර්මයේ හැසිරිලාද?
දැන් මේ හේඅලිආ කියන්නෙ අලියෙක් නෙමෙයිද?
ReplyDeleteමම හිතුවේ අලියෝ ඕපදූප කියන්නෙ නෑ කියලා
නැහැ ඒක පුද්ගල ඇඟවුම් නාමයක්. හේ අලියා කියලා මගේ කතාවක් ඇති මේ බ්ලොග් එකේම. ඉඩ තියෙන වෙලාවක කියවන්ට.
Deleteරස කතා එකට නං හොදයි..
ReplyDeleteඑහෙම කියන්නත් බැහැ දේශා., මේක යට තියෙන කතන්දරේ ගැන ඒ බවලත් අත්තීගේ පාර්ශවයෙන් දැනගන්නකම් මට මේක ඒ කැටගරියට දාන්න බැරි වෙයි :)
Deleteහෙනම සීරියස් අවසානයක් බලාගෙන කියෙව්වෙ. මදැයි. මේකත් මරු!
ReplyDeleteඅප්පා එකත් එහෙමද?
Deleteබලාපොරොත්තු බින්දාට සොරි. :)
කියෙව්වට තුති.
හානේ කරුනාලතා අක්කට බුද්ධිකයව හම්බුනේ ධර්මයේ හැසිරිලාද?
ReplyDeleteඔය ඉතින් ආයි අහනවා..! :D :D :D
Delete