සාධුවරයෙක් හා නග්නව
සාහිත්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ, බොහොම වගකීමෙන් වගේම බොහෝම පිළිවෙලින් භාවිතාව කරගෙන ගියොතින් මින් ලැබෙන ප්‍රතිඵල නිමක් නෑ..! මගේ පොතේ අට වැනි පරිච්ඡේදයේ ආරම්භය වෙන් වෙලා තියෙන්නේ මේ සංවේදනාව කියවන්නා අතරට රැගෙන යාම සාක්ෂාත් කරගැනීම සඳහා.
සිය පොත අත තබා ගෙන ලේඛකයා ඔහේ කියවාගෙන යයි.., පොත් කියවීමේ හමුවට පැමිණි බොහෝ අය ඇල්මැරුණු ස්වභාවයෙන් ලේඛකයාගේ කතාව අසාගෙන සිටිති. ඔහු ලියන්නේ මොනවාද, කියන්නේ මොනවාද කියා දන්නා සේ කතාව අසාගෙන සිටිති.., මා අසල සිටින අයිරා පොතින් කට වසාගෙන ඈණුමක් යවනවා මා හොරැහින් දිටිමි. මේ ඔහුගේ දෙවැනි හමුවයි. හිතවතියක වන අයිරාගේ නිවසේ පැවැත්වූ පළමු හමුව සාර්ථක වූයේ නැතත් ආරිරූබන්ගේ දෙවැනි පොත් කියැවුම් හමුවට අනුග්‍රහය සපයන්නට මා වෙත පැවරිණ. එහි ඇති නීරස බව දන්නා නමුදු සමාජය තුල රැඳී සිටින්න නම් මා ඒ කල යුතුය.
කොළඹ ප්රබුද්ධ සම්මත සමාජයේ පවතිනා මේ අලුත් සම්ප්‍රදායන් වෙත ආශක්ත වීම කෙසේ වෙතත්, මා නිවසේ ඉස්තෝප්පුවේ දිවානයට වී මේ පොත කියවන්නට උත්සහ දැරීමෙන් ලේඛකයා කියනවාට වඩා එහි ප්රස්තුතය ගැන අවබෝධයක් ලබාගත හැකි බව මම අත්දැකීමෙන් ම දනිමි.., අටවන පරිච්ඡේදය අවසන ලේඛකයා කියූ ඇල්මැරුණු විහිළුවකට සිනාසුනු මම නව වන පරිච්ඡේදය පෙරළා ගතිමි.
කොළඹ ප්රබුද්ධ සම්මත සමාජයේ පවතිනා මේ අලුත් සම්ප්‍රදායන් වෙත ආශක්ත වීම කෙසේ වෙතත්, මා නිවසේ ඉස්තෝප්පුවේ දිවානයට වී මේ පොත කියවන්නට උත්සහ දැරීමෙන් ලේඛකයා කියනවාට වඩා එහි ප්රස්තුතය ගැන අවබෝධයක් ලබාගත හැකි බව මම අත්දැකීමෙන් ම දනිමි.., අටවන පරිච්ඡේදය අවසන ලේඛකයා කියූ ඇල්මැරුණු විහිළුවකට සිනාසුනු මම නව වන පරිච්ඡේදය පෙරළා ගතිමි.
කොහොමද අනුරාධා බුක් රීඩිං එක?
හොඳට ගියාද?
හේවා මා එක්කලා කිව්වා අද ප්‍රෙස් ක්ලබ් එකේදී එයා ගිය බුක් රීඩිං වලින් හොඳම එක්ස්පීරියන්ස් එක ලැබුවේ මේකෙන්ලු.
මිසිස් ජයතිලක මිනිහගේ ෆ'ද ක්‍රියේශන් වලට කියලා හාෆ් ලැක් චෙක් එකක් ඔෆර් කලා ලු..!
මිනිහගේ හොඳ කාලේ..,
ඒ අස්සේ ලේක් හවුස් එකේ චීෆ් බන්දුල, මිනිහට සිළුමිණේ කොලම් එකක් කරන්නත් ඉන්වයිට් කරලා.
ඒත් මිනිහා ගැන විස්තර මම දන්නවා ඒ නිසා පරිස්සමින්.. ඕකේ..?
ඇල්මැරුණු ස්වභාවය ගැන මා සැමියා වන අරුණ ට කිසිත් නොකියන්නට තීරණය කලත්, මාසික පොත් කියවුම් සැසිය සංවිධානය කිරීමේ වගකීම මා හට පැවරුණු දා සිට මටත් වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බලන්නට වීම නිසා, කිසිවක් නොකියා සිටීමට මට සිත් දෙන්නේ නැත. මා අකමැතිම දේ කරන්නට වෙන මේ කාලය ඉතාම කුරිරුය.
එහෙත් ප්‍රවේසම් වෙන ලෙස කීවේ කාගෙන්ද?
අසා පලක් නැත ඒ නිසා මම ඉවසමි.
වරදක් නෑ..,
රීඩිං එකට ආපු අයගෙන් ගොඩක් අය පොත් හරියට රිෆර් කරලා තිබුනෙත් නෑ අරුණ..,
අපරාදේ කියලත් හිතෙනවා වෙලාවකට අපි සරසවි එකට කියලා කොපීස් තිහ හතලිහක් ඕඩර් කෙරෙව්වේ..,
වෙනදා වගේ උවමනාව තියෙන අය පොත කෝහෙන් ගන්න කියලා එන්න කිව්වා නං අගේට රිෆර් කරලා එයි..,
මෙදා පොත ෆ්‍රීනේ අපි දුන්නේ,
ඒ නිසා අගයක් නෑ..!
හ්ම්..,
ඒකත් එහෙමද? කමක් නෑ මේ ඔයා ඕගනයිස් කල පළවෙනි බුක් රීඩිං එකනේ..,
ඊළඟ එක මීට වඩා කල්පනා කරලා කරමු.
සැමියෙකු බිරිඳකට සියලු දේට නොවලහා උපකාර කරයි නම් ඔහු දේවත්වයෙන් සැලකිය යුතුයැ.., ඒ දේවත්වයටත් වඩා ඉහලින් කෙනෙකු සිය ප්‍රියම්බිකාවට උපකාර කරයි නම් ඒ සැමියාව බිරිඳට "මල කරදරයක්" වන්නට වැඩි කාලයක් ගත වෙන්නේ නැත. මා හට අදවන විට සිදු වී ඇත්තේ ද එයයි.
කෙනෙකුට අතීතය තුල පදනම් වෙලා අනාගතය හෝ වර්තමානයක් ගොඩන්ගන්න උත්සහ කරනවා නම් ඒක කවදාවත් යථාර්තයක් බවට පත් කරගන්න හමු වෙන්නේ නෑ.., අපිට කාලාර්ථ වලින් කරන්නට පුලුවන් වෙන්නේ පෙර කල ක්‍රියාකාරකම් වලින් උගත් පාඩම් වල හරය අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කර ගැනීමයි.
කලකට පෙර මම පොතක් නොලියා ඉන්නවැයි කියා තරයේම හිතාගෙන හිටපු කාලයක මගේ එක්තරා දයාබර රසික කියවන්නියක් ඇයගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් එක්තරා කාලයක මට මගේ සාහිත්‍ය කටයුතු ගැහැටකින් තොරව කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව සැපයුවා. මම අද මෙතැන ඉන්නවා නම් ඒ ගෞරවයෙන් සියයට අසූවකටත් වඩා ඇයට හිමිවිය යුතුයි.., වාසනාවකට අද ඒ මගේ මිතුරියත් ඔබ අතර ම..
නිදා වැටෙමින් සිටි අසන්නන් නො එසේනම් කියවන්නන්[?] එකවර ගැස්සී ඇහැර එකිනෙකා දෙස බලන්නේ අනුනගේ ඇස් තමා දෙසවත් යොමු වී ඇතිදැයි සැකයෙනි.
මම ගැනද දන්නේත් නෑ අනූ මෙයා මේ කියන්නේ.., මමත් දවසක් එයාගේ ලිට්රසි වැඩ වලට හෙල්ප් එක්ක වෙන්න කියලා පොඩි දෙයක් ඔෆර් කලා ඒක ගැනද දන්නේ නෑ මේ කියන්නේ...
අයිරා පොතේ කියමින් සිටිනා පරිච්ඡේදය සොයා ගැනීමට නොහැකිව ලතැවෙමින් මා දෙස බලා කියන්නී, මම ඈ දෙස බලා සිනහවක් පෑවෙමි.
අයිරා උපතින්ම රත්තරන් හැන්ද මුව තබා ආ ගැහැණියකි. මුදලින් ආඪ්‍යව සිටින ඈ මාපියන්ගෙන් වෙන්ව ස්වාදීන දිවියක් සිය පරම්පරා සමාගමේ මාසික වේතනය ලබමින් සුවසේ වෙසෙන්නී, සිය වයසට වසා අඩකිනුත් ලාබාල පුරුශයෙකු සිය ස්වාමිපුරුෂ තැන්හි තබාගෙන ජීවත්වන්නියකි. එ මතු නොව මේ ශාලාවේ සිටින කාන්තාවන්ගෙන් අඩකටත් වඩා ප්‍රේමය නම් සංවේදනාව අනියම් සබඳතා නම් විශ පෙවූ සැතකින් කපා කෑ වුන් වෙති..,
මේ පොතේ නම විදියට "සාධුවරයෙක් හා නග්නව" කියලා දාන්න මම හිතුවේ මේ තුල සිටින ප්‍රධාන චරිතය තුලින් මම එළියට ගන්න හැදුවේ චරිතය තුල අපි හැමගේම ජීවිතවල රහස් කතා පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා කියන අදහස දෙන්නයි..,
මම ඊළඟ පරිච්ඡේදය පෙරලීමි.ඇත්ත මමත් පිළිගන්නවා මම මේ ගේවන්නේ මගේ තෙවන පෙම්වතිය හා කාලය. පෙර පෙම්වතියන් අදටත් මා එක්ක සබඳතා තිබෙනවා, වැරදි ආකාරයේ නොවේ.., බොහෝම සමාජ සම්මත ලෙස, ඔවුන් හා එක්ව ජීවිතය බෙදා ගැනීමේදී මම ජීවිතය වින්ද හැටි තමා මේ ඊළඟ කොටසෙන් පළවෙන්නේ.., කතාවේ ඊළඟ කොටසට මම මගේ ජීවිතයේ කොටසක් කියෙව්වාට සමාවෙන්න.., ඒත් ඒ අත්දැකීම ඔබට ඊළඟ කොටස කියවන්නට හොඳ ප්‍රවේශයක් වේවී.
මීට දින කිහිපයකට ප්‍රථමයෙන් මා නිවසේ මා සයනය මතම මේ මොහොතේ සිය පුස්තකය ගෙන විස්තර කරමින් සිටින මේ මිනිසා විසින් බරවූ කෙහෙරැලි පිරිමදිමින් කියැවූ මා හා කියැවූ දේ මතකයට එන්නට විය.., "අනියමක් අස" නම් මා පෙරළාගත් පරිච්ඡේදය තුල කියවන්නට හිත යොමු නොකර අකුරුතුලින් අතීතය සිහිකරවන්නට වී.
අපි මෙහෙම ඉන්න වග අරුණ දැනගත්තොත් කොහොම වෙයිද ආරි..?
කමක් නෑ, ඔයා ආවේ අපේ බුක් රීඩින් එකට එන ඉන්වයිටීස්ලාට දෙන පොත් ගන්නවා කියලානේ..,
අවුලක් නෑ මම කියන්නම් අරුණට ඔයා මා එක්ක බුක් එම්පෝරියම් එකට ගියා කියලා,
කොහොමත් අරුණ තමා මට කීවේ ඔයාව අද උදේ බ්‍රෙක්ෆස්ට් වලට කලින් මීට් වෙන්න කියලා.,
අනික, අරුණ එහෙම නැරෝමයින්ඩඩ් මිනිහෙක් නෙවෙයි අනූ..,
ඔයා අරුණව මැරි කරන්න කලින් මිනිහට මම කවුන්සිලින් කරලා හිටං තියෙනවා..,
ඒ කොහොමද?උරහිසට අත තබා කෙනෙකු මා හා ඈත සිට කතා කරනවා දැනුණ හෙයින් මම දෑස් හැරියෙමි...
ඔයාව මැරි කරන්න කලින් කැම්පස් ඉන්න කාලේ එයාට වෙන එෆෙයාර් එකක් තිබ්බා..,
ඔව් මම දන්නව ඒක.
ඒකේ ඉවර උනාට පස්සේ පරණ මතකයන් එක්ක අරුණට ඩීල් කරන්න අමාරු තත්ත්වයක් තිබ්බා..,
මට මතකයි දවස් තුන හතරක්ම සුමිත්‍රයෝ එකදී මීට් වෙනවා.
සෙක්ස් ලව් වගේ ෆීලින්ග්ස් එක්ක අපිට මේ සිටුවේශන් එකේ දී ප්ලේ කරන්න හරි අමාරුයි ආරි.., එක්කෝ මම අරුණව අත අරින්න වෙනවා, එහෙම නැතිනම් ඔයාටයි මටයි මේක නවත්තන්න වෙනවා.
අනූ අනූ ඔයාට නින්ද ගියාද..? අහන්න..,මේ චැප්ටර් එක තමා ලස්සනම.., මිස්ටර් ආරිරූබන් ඔයා දිහා විනාඩියක් විතර බලාගෙන හිටියා.., ඔයා ඇස් ඇරියේ නැතුව හිටියම මම හිතුවේ නින්ද ගිහින් කියලා..,
මොකෝ උනේ? වට් හැපන් ටු යූ..?
මම මුහුණට බරවී වැටී තුබූ කේශ සකසා ගතිමි.., තෙතට කම්මුල වටා පැතිරුණු දෑ මම අතින් ගතිමි.., ඒ කඳුළුය. සැමියෙකු සිටියදී ඊට එරෙහි වී අනියමකට පෙම් බඳින්නට තරම් ගල් වූ හිතක් මා සතු වුව, ඒ උමතු සංවේදනාවට එරෙහිව මා දෑස මටත් හොරා සංවේදී වී ඇති බව දැණින.
කෙහෙරැල්ලකින් මුව සඟවා රහසින් දෑස් පිසදාගතිමි.
නිමක් නැති රාගික රාත්‍රීන් ඈ වෙත ආශක්ත වන්නට මා හිත මටත් නොදැනීම භාවිත කලත් ඒ තුල ප්‍රේමය නැති වග හැඟිණි.., මසට මසක් එක්වන සමට සමක් සංස්පර්ශ වන ඒ උමතු රමණය නවතා දමන්නට මම කෙතෙක් උත්සහ කලද.., ඈ ඊට සූදනම් නැති වග හැඟේ.., මා සාධුවරයෙකි ඈ රාගිණියකි.., කාමයෙන් උමතුව සිරුරේ තැනින් තැන සලකුණු තැබුවද, පසුදින ඒ දකින මා සිත වෙලන්නේ සංතෝශයකින් නොව වේදනාවකිනි, අපුලකිනි, මා ගැන මාතුල ඇති වූ අප්‍රියජනක හැඟීමකිනි.
මේ ශාලාව තුලින් වහාම ඉවත් විය යුතුය..,
නිලංකාර වූ මනසක් සහිතව එළියට වන් මා ඈතින් මෝටර් රථයට හේත්තු වී දුරකතනය උත්තර දෙන අරුණව දුටිමි..,
කෙහෙරැල්ලකින් මුව සඟවා රහසින් දෑස් පිසදාගතිමි.
ඔයාට බෑ කියල කිව්වට මට ඔයා වෙනුවෙන් තියෙන ෆීලින්ග්ස් ඔයා ඉස්සරහ දී මෙහෙම් හංගගෙන ඉන්න අමාරුයි අනූ.., මම ඔයාට වඩා මැචුව බව ඇත්ත.., ඒත් මම දන්න විදියට මම අරුණට වඩා ඉස්සරහින්.., ඒකට කමක් නෑ.., ඉන් අනිද්දට තියෙන බුක් රීඩින් එක මගේ ක'රියර් එකට හියූජ් හෙල්ප් එකක් වෙනවා.., හොඳ වෙලාවට අරුණ මට ස්පොන්සර් කරන්නම් කිව්වේ.., ඒ නිසානේ මට ඔයාවත් හම්බුනේ..,රාත්‍රියට මා සනසවන එකම සංවේදනාව අරුණගේ ආදරය වුවත් අද දහවලේ මේ උමතු වයෝවෘධයා සිය දස්කම් පාමින් පාරම්බායි. අද අසල වූ පිහිය ලාච්චුවට දමා වැසිය යුතුය.., නො එසේනම් මටත් හොරා මා දෑත් මේ මුග්ධ නාකියාගේ හිස සැත්කම් කරනු නියතය.
ඒ උනාට මම මේකට කැමති නෑ.., මේක නවත්තන්න ඕනේ.., වී හැට් වූ ස්ටොප් දිස්, වී මස්ට්
ඒත් මම තව දවසක් ඔයාව මීට් වෙන්න කැමතියි..,
බෑ.., මට බෑ..,
හ්ම්ම්.., ඒකත් එහෙමද?
අනූ මේකට අකමැතිනම් මම හවසට අරුණව ක්ලබ් එකේදී මීට් උනාම ඔයාගේ හිඩ්න් ඩිසයර්ස් ගැන අරුණට කියලා දෙන්නම්.., මම හිතන්නේ නෑ අරුණ ඒවා දැනගන්න අකමැතිවේවි කියලා..!
නිමක් නැති රාගික රාත්‍රීන් ඈ වෙත ආශක්ත වන්නට මා හිත මටත් නොදැනීම භාවිත කලත් ඒ තුල ප්‍රේමය නැති වග හැඟිණි.., මසට මසක් එක්වන සමට සමක් සංස්පර්ශ වන ඒ උමතු රමණය නවතා දමන්නට මම කෙතෙක් උත්සහ කලද.., ඈ ඊට සූදනම් නැති වග හැඟේ.., මා සාධුවරයෙකි ඈ රාගිණියකි.., කාමයෙන් උමතුව සිරුරේ තැනින් තැන සලකුණු තැබුවද, පසුදින ඒ දකින මා සිත වෙලන්නේ සංතෝශයකින් නොව වේදනාවකිනි, අපුලකිනි, මා ගැන මාතුල ඇති වූ අප්‍රියජනක හැඟීමකිනි.
මෙන්න මේ ඉහත මම කී කොටස මම ලියන්නට හේතු වුන අත්දැකීම මම නිර්මාණයට උවමනා ආකාරයට නවා ගත්තත් එහි හරය සත්‍ය නිමිත්තක් පාදක කරගෙනයි තැනී තිබෙන්නේ.., කාන්තාව කියන්නේ පිරිමියාගේ අවැසිතා සපුරන්නට මේ ලොවට ජනිත වෙච්චි මනුසතෙක් කියලා පුරුෂ මූලික මේ සමාජ ක්‍රමය කොතෙක් කිව්වත් මගේ පෞද්ගලික හැඟීම එහි විලෝමයයි.තවත් දරා සිටින්නට නොහැක.., මේ අමනුෂ්‍යයා රහස් ජීවිතයක හරය අකුරු කර එය විකුණා ජීවත් වෙන්නට තැත දරයි, එයට විරුද්ධ වූ මා රාගිණියක බවට පත් කර ඔහු සාධුවරයෙකු කිරීමෙනි.., වේදනාව තුවාලය ඇත්තා සතුය.., රමණය තුල ප්‍රේමය නැතත් එහි කොතැනක හෝ සෙනෙහෙ සටහනක් හෝ ඇති බව ඇදහුවෙමි.., එහෙත් එයද කිසිදු හරයක් නැති පුස්සක් බව මට සැනෙකින් අවබෝධ විය.
මේ ශාලාව තුලින් වහාම ඉවත් විය යුතුය..,
නිලංකාර වූ මනසක් සහිතව එළියට වන් මා ඈතින් මෝටර් රථයට හේත්තු වී දුරකතනය උත්තර දෙන අරුණව දුටිමි..,
මොකෝ උනේ වැඩේ ලස්සනට යනවද?
මම දන්නේ නෑ ඔයා එළියේ ඉන්නවා කියලා., මම ටැක්සියක් කෝල් කරලා ගෙන්න ගන්න ගියේ..,
ඕනේ නෑ, මම අද ටිකක් අ'ර්ලි ආවා.., ස්නැක්ස් වගයක් කාර් එකේ ඇති අපි යනගමන් කොහෙන් හරි ටී එකක් බොමු.., අද ඔයාට මහන්සි දවසක් වගේ..,
ඔයා මට මොකෝ උනේ කියලා කිවේ නෑනේ..??
ආරිගේ පොත හොඳයි ද?
මොන හොඳක්ද? ඒක ඒ යකාගේ සෙක්ස් ලයිෆ් එක එලියට දාගන්න ලියාපු එකක්..,
මට එපා උනා ඒක අහං ඉඳලා.., ඒ යකා මානසික ලෙඩෙක් ද කොහෙද..,
ඇයි ඔයා හිනා වෙන්නේ..?
නෑ මට හිනා ගියේ ඔයා ඒ මනුස්සයාව කියවපු විදිය හරියටම හරි කියලා හිතුන නිසා තමා.., ඔව් ඔයා කිව්වා වගේ මිනිහාට පොඩි අව්ලක් තියෙනවා තමා..,
ඉස්සර මම කැම්පස් ඉන්න දවස් වල මගේ ෆස්ට් ලව් එක බ්රේක් උනාම මම සුමිත්‍රයෝ එකේ මගේ යාලුවෙක් එක්ක එන අයට කන්සල්ට් කරන්න පාට්ටයිම් සෙට් උනා..,
ඒ දවස් වල ඔය ආරිරූබන් ආවා තෙරපි වලට..,
මිනිහගේ ගෑණි එක්කලා අවුලක් වෙලා..,
මම තමා මිනිහට තෙරපි සෙශන්ස් දුන්නේ..,
ඒත්...මිනිහා...මිනිහා කිව්වේ..?
මිනිහා කිව්වද මම මිනිහගෙන් කවුන්සිලින් ගත්තා කියලා..?
ඔ...ඔව්..?
ගණන් ගන්න එපා. මිනිහා හිතා ඉන්නේ එහෙම තමා..,
මම ඒකයි කිව්වේ මිනිහාගේ පොඩි අවුලක් තියෙනව කියලා.
ඒකයි මම කීප සැරයක්ම කිව්වේ පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියලා..!
ඒ යකාට සයිකෝ...!!!!
නියමයි. නිර්මාණාත්මකයි. අද කාලෙ බොහොමයක් ලේඛකයො දිහා බලපුවාම මේ කතාව එයාලට ආදේශ කරන්න පුළුවන් බව පේනවා. ජය...!
ReplyDeleteමේක හොඳ නිර්මාණයක් ලීෂාන්
ReplyDeleteවැඩිය කොමන් නැති සිද්ධි සමූහයක් ලස්සනට ගලපල ලියල තියේ
කථාවේ එක් කොටසක් වත් එකිනෙකා පරයා යන්නේ නෑ
මීට සමාන්තරව කථා ලියාපු අය මේ ටොපික් අනාගෙන මජර කරගෙන තිබුණු බව දැක්ක
ඒත් මේක ඔබේ නිර්මාණගීලිත්වයට දෙස් දෙයි
මම ගොඩක් රස වින්දා - ජය!
මම දන්න සමහර අපූරු ලේඛකයින්ගේ පෞද්ගලික ජීවිතය අරගත්තාම හැබෑටම උන්ට සයිකොද කියලා මටම හිතිලා තියෙනවා!
ReplyDeleteමම නම් ආයේ හෙට විතර ආපහු කියවන්න ඕන. එක පාර තේරුනේ නැති තැන් තියෙනවා.
ReplyDeleteහෙනම කොමන් කතාවක්.. අපිට නොදන්නවා වගේ ඉන්නවා උනාට.. නියමයි ලිෂාන් නියමයි! හොද ගැලපීමක් එක්ක සාර්ථක නිර්මාණයක් (මට අනූව)
ReplyDeleteමට තේරෙන්නේ නැත්තේ මචන් උඹ මේවා කොහොම ගලපනවද කියලා, සුපිරි ලියවිල්ලක්. සුපිරි පද ගැලපීමක්
ReplyDeleteකතාව අමුතු නෑ... හැමතැනම තියෙන දෙයක් නේ.... ඒත් මේක කියාගන්න යන එකාට හැමතිස්සේම සයිකෝ කියලා අපිට හිතෙනවා.. මොකද උන්ට හරියට කියාගන්න තේරෙන්නේ නෑ... අපිට තේරෙන්නේ නැති දෙයක් කියන එකාට සයිකෝ.. හි හි...
ReplyDeleteඒ ටික මට හිතුන හින්දා ලිව්වේ....
අනිත් එක සෙක්ස් කියන්නේ නියමෙට විකුණන්න පුළුවන් දෙයක්... ////අහන්න..,මේ චැප්ටර් එක තමා ලස්සනම..,///
////රමණය තුල ප්‍රේමය නැතත් එහි කොතැනක හෝ සෙනෙහෙ සටහනක් හෝ ඇති බව ඇදහුවෙමි.., එහෙත් එයද කිසිදු හරයක් නැති පුස්සක් බව මට සැනෙකින් අවබෝධ විය. /////
මේකද යථාර්තය...? හම්ම්....
ඉතාම සාර්ථක නිර්මාණයක්.... ම්ම්ම්.... මට හිතෙන හැටියට....
මරු කතාව බං..........
ReplyDeleteඅනේ මන්දා මේකෙ කවුද ඇත්ත කියන්නේ කියලා හිතාගන්නේ කොහොමද? සමහර විට රූබන් හරි ඇති නැත්නම් අරුණ. මම නම් රූබන්ගේ පැත්තේ..
ReplyDeleteනෑ රූබන්ගේ වැරැද්දක් නෑ. හැඟීම් පාලනයට වුවමනා නම් ඒවා පාලනය කරගත යුතමයි. වුවමනාවක් නැත්නම් කිසි අවුලක් නෑ. කොහොමත් බොරු නොකර අවංක වන තාක් රාගය හෝ ප්‍රේමයට නිදහසේ යන්න පුළුවන් හැබැයි වංචාව ආවොත් අවුල්. මේ චරිත ටික සංකලනය වෙන්නේ හරි නිවැරැද්ද කියන සීමා ඇතුලේ. මට සීමාව අනුව මේකෙ වැරැද්ද පවරන්නේ මම ස්ත්‍රියට. මගේ සීමාව තියෙන්නේ එතන. නියමයි ලිෂාන් මේක නම් නියමයි..
Deleteනැවත වරක් කිවයුව යුතූ පෝස්ටුවකි.
ReplyDelete"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
ශෙහ්! මේක නියමයි!!
ReplyDelete