සංතෑසිය
දඩාං...!
ඉබේ ඇරෙන වැහෙන දොර දෙපලු කරං ආව සද්දෙට පුන්සිරි රාළහාමි උඩ ගිහින් බිම වැටුනා.
මොකද යෝදියේ අහස පොලොව දෙදෙරවා ගෙන..,
පුන්සිරි රාළහාමි ඇහුවේ තරහින්. සේවාකාලය අවුරුදු 15 වෙලත් ගම්මු බොහොම ගෞරව සම්ප්රයුත්තව සලකන ග්රාම සේවක රාළහාමි වෙච්චි තමාට බවලතෙක් එක පාරට කඩා පැනගෙන ආ එක ගැන තිබුනේ සාධාරණ තරහක්.
ඉතිං මොකද කියපංකෝ...!
පුන්සිරි රාළහාමි කිව්වේ ආයිත් තම ලිපිගොනුවට ඇස් යොමු කරමින්.
රාළහාමි මම පොලට යන්න ඒදණ්ඩෙන් එගොඩ වෙලා කහ වැට වදුල අස්සෙන් යනකොට එකපාරට ම..,
ඔව් එකපාරටම...,
මිනිහෙක් මගේ මූණෙන් අල්ල්ගෙන එකපාරට ම ඉඹගෙන ඉඹගෙන යන්න ගත්ත නෙව.
මොකාක්..?
ඉද්ද ගැහුවා වගේ පුටුවෙන් නැගිට්ටුනේ රාළාහාමිට ත් නොදැනිම.
ඔව් ඔව්..,
ගංගොඩට ඇවිල්ලත් අවුරුදු 15 වසමේ රාජකාරි කරපු තමාට මේ වගේ පැමිණිල්ලක් ආපු පළවෙනි වතාව.
මොන විලිසංගේ නැති හරුපයක් ද ඒ..?
පුන්සිරි රාළහාමි හිතන්නට උනා.
මෙහෙම ගියොත් මගේ දරුවෙක් වත් පාරතොටක යවාගන්ට බැරිවෙනවා.
පුන්සිරි රාළහාමි තනියම කල්පනාවකට වැටුනා.
රාළහාම්...රාළහාමි...,මොකද බයවෙලා වගේ..?
අර බවලත් ඇත්තා තමංගේ මේසේ ඉස්සරහ බව මතක් උනේ එතකොට...,
උඹට වෙන මොනවත් වින්නැහියක් එහෙම උනේ නෑ නේද උලව්වේ..?
නෑ නෑ හත් දෙය්යනේ..! මම මේ කියන්ට ආවේ ගෑණියෙක් ට මොකක් හරි වින්නැහියක් උනාම ගමේ ගිරාමසෙවක ඇත්තො දැනං ඉන්න ඕනේ නිසා වෙන එහෙමකට එහෙම නෙවී.
අපිට එහෙම හදි කොරන්න.., එහෙම තැන තැන කොල්ලො තැග්ගැහුන කාලෙකුත් තිබ්බා.., ඒ අපේ හොඳ තෙල් බේරෙන වයස.
උඹ මා එක්ක මගුල් කොරන්න එනවද බොල..?
උන්සිරි රාළහාමි අර බවලතාගේ ඇඟට කඩා පැන්නේ එකපාර ට ම.
නෑ මම එහෙම කිව්වේ ...,
ඇති ඇති.., කියනව බලන්ට තමුන්ගේ නම ගම වයස එහෙම..,
චී චී රාළහාමි එහෙමත් ලැජ්ජ බය නැතුව ගැණියෙක් ගේන් වයස අහනවද අප්පා...,
ඔන්නං නම නං කියන්නං..,
මං කතිරිනා.., අවුරුදු පාළහ කට කලින් වැලිගම්පිටි ගිය මයේ මනුස්සයා නං කීවේ තිරිනා කියාල.
හ්ම් ඒකත් එහෙමද..,
පුන්සිරි රාළහාමි මේසේ දකුණු පැත්තේ තිබ්බ පැමිණිලි පොත් ගත්තේ අලුත් පිටුවක් පෙරළලා මේ සංතෑසිය ලියන්ට හිතාන.
හරි ඒකගේ විස්තර එහෙම කියමු බලන්න..,
කාගෙද..?
වෙන මොකාගෙද බොල අර මනුස්සයගේ..,
මොන..?
ඇයි යකෝ අර තෝ පොලේ යනකොට උඹ මූණ කන්න ආවැයි කීවේ.., අර උඹ මෙහෙට වැළහින්නක් වඩේ කඩා පාත් උනේ..,
ඉතිං..?
ආන්න ඒ සංතෑසිය කොරපු එකාගේ තොරතුරු..,
ගෑණි එක්ක තරහින් රාළහාමිට වෙවුලන තරමට කේන්තිය දැනෙන්න ගත්තා..,
අනේ රාළගාමි මම කොහොමැයි ඒ යකා ගේ හැඩ රුව කියන්නේ...?
ඒ මොකෝ බොල තෝනේ දන්නේ...! නැත්තං මම ද දන්නේ....?
අනේ රාළහමි මම හැඩරුවක් කියලා කොහොමැයි හරියට ම කියන්නේ.., ඒ යකා මූණ ඉඹගෙන ඉඹගෙන යන කොට මගේ ඇස් ඉබේටම පියෙවුනා නෙව...,
හපොයි
පුන්සිරි රාළහාමි ට උඩ තිබ්බ පංකාව එක තැන තියෙද්දී තමංව කැරකෙනවා වගේ දැනෙන්න උනා
හිකිස්....
ReplyDeleteනියමයි
ReplyDeleteහෙහෙහෙහහේ....!!
ReplyDeleteරාළහාමි රාජකාරියට මොනා ඉටු කරාද දන්නේ නැහැ නේ...!
අඩේ මේක අදනේ දැක්කේ...
ReplyDeleteනියමයි යකෝ...
ඔහොමයන්....ඔහොමයන්....
පට්ට කතාව යාළුවා.......
ReplyDelete