tag:blogger.com,1999:blog-52254500333400277972024-02-19T08:47:15.092-08:00Shimmering ThoughtsLishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comBlogger54125tag:blogger.com,1999:blog-5225450033340027797.post-2082404865492144702021-04-01T05:54:00.007-07:002022-04-15T05:57:43.452-07:00COVID කතන්දර
පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම
ඇඳිරිනීතිය අයින් කරනවා කිව්වම පොඩි දුකකුත් නැතිවාම නෙවී. ඒත් මම ඒ කුසීත කමට ආසා
කරන්න පටන් අරන්ද කියලත් හිතෙනවා. <o:p></o:p>
හම්බ කරලා ගෙදෙට්ට කන්න දුන්න මම කොළඹට ඇඳිරි නීතිය දාලා සතියක් දෙකක් ගියත් මේක
එන්න එන්නම අවුල් යන නිසා, ශේප්පෙකේ බඩු ලොරියක එල්ලිලා ගෙදෙට්ට පංගාත්තු වුනේ
පූරුවේ පිනකට කියලා හිතෙන්නේ ඒ ආපු දවසේ ඉඳන් ඔෆිස් එකේ යාලුවෝ උන්ගේ ගෙවල් වල
හිරවෙලා කන කටුව නිසා. <o:p></o:p>
අනික් කවුරු අවුල් වුනත් මේ ගැන අපේ අම්මා නං ඉන්නේ හරිම සතුටින්, මොකද එයාගේ ළමයි
තුන්දෙනාම ගෙදර එයා එක්ක ඉන්න නිසා, ඒ අව්වස්සේ ගමේ වටපිටේ වෙන දේවල් ගැන අපේ
අම්මා මා එක්ක කියන දේවල් වෙලාවකට ටිකක් කරදරයක් වගේ දැනුනත් ඒ දේවල් හරිම මිහිරි
අත්දැකීම් කියලා හිතෙන්නේ ඒවා ගැන ආපහු පාරක් කල්පනා කරලා බැලුවම. මේ අපේ අම්මා
කොවිඩ් අව්වස්සේ කියාපු කතන්දර කීපයක එකතුවක්.<o:p></o:p>
ආකාරේ වැඩ වෙන තැනක් කියලා හිතෙන්නේ මෙහෙම කාලෙක ගෙදෙට්ට වෙලා ඉන්නකොට. අපේ අම්මා
මම ආපු දවසෙම කහ කෑල්ලක් තඹ මුට්ටියට දාලා වතුර එකක් ලිපේ තියලා නාන්න දීලා තමා ගේ
ඇතුලට ගත්තේ. <o:p></o:p>
කොල්ලෙක්නේ. මට තව දීගතල දෙන්න කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නට ඔය වසංගතේ
හැදුනොත් එහෙම මිනිහෙක්වත් බලන එකක් නෑ.” අම්මා කිව්ව..!<o:p></o:p>
දානවානේ?<o:p></o:p>
මේ කෙල්ලක්ට කරදරයක් එහෙම වුනොත්? උඹද ඒවට උත්තර හොයන්නේ??? මතකනේ සෙව්වන්දිට වුන
කරදරේ??<o:p></o:p>
නිරෝදායනයක් නිසා කරදරයක් වෙච්චි සෙව්ව්න්දි කෙනෙක් අපේ පවුලෙ ඉන්නවද කියලා කල්පනා
කරත් හිතට ආවෙම නෑ!!! <o:p></o:p>
වුන මම නොදන්න සෙව්වන්දි?<o:p></o:p>
ලොකු කෙලී..! <o:p></o:p>
හිනා ගියා. <o:p></o:p>
මම මොකුත් නොකියාම අම්මා මාදිහා බලාගෙන ඉඩ්දිම මම කාමරේට ගියා.  <o:p></o:p>
<o:p> </o:p>
උස්සගෙන ආපු හඩු රෙදි ටික හෝදන්න දාන්න බෑග් එකෙන් වෙන් කර කර ඉන්නකොට අම්මා හාල්
ටිකක් නෑඹිලියට දාගෙන තෝරන ගමන් මගේ කාමරේ උලුවස්සට හේත්තු වුනේ මා එක්ක කතා කරන්න
හිතාගෙන. <o:p></o:p>
නැති නිසාද මන්ද අම්මා පොඩ්ඩක් මහත් වෙලා හරි පිං පාට පෙනුමක් ලැබිලා කියලා කියන්න
හදලත් මම ඒක හිතේම තද කරගත්තේ, ඕවා කිව්වම මේ ඇඳිරිනීති අස්සේ අම්මා එකපාරට එයා
මහත් වුනේ ඇයි කියලා අනිවාරතේ කලබල වෙන නිසා. <o:p></o:p>
මස්සිනා ඊයේ පොලීසියට අහුවෙලා.. <o:p></o:p>
ගාණක් නැතුව. වෙනදටත් සෝමෙගේ මස්සිනාගේ නගර වැඩ ගෙදෙට්ට කෝල් කරන වෙලාවට අම්මා
කිව්වත් මම එච්චර ගණන් ගත්තේ නෑ. <o:p></o:p>
කියන්නේ? <o:p></o:p>
වලින් ඇස්දෙක අයින් කරගන්නේ නැතිව. <o:p></o:p>
ගෙදර ඉන්නැද්දී, කුඹුර කොටන්න යනවා කියලා ගෙදෙට්ට කියලා උදැල්ලක් මොටර්සයිකලේ
බැඳගෙන ගොයි මූකලානේ ගෙදර කෙල්ල එක්ක ඇනිකට් එක ගාව ඉන්නකොට පොලීසියට ඇහුවෙලා!! <o:p></o:p>
පොලීසියෙන් උඹ මොකද කරන්නේ කියලා ඇහුවම මම කුඹුර කොටන්න ආවා කියලා කියල. පස්සේ
පොලීසියෙන් දෙන්නවම දාගෙන ඇවිත් පොලිසියේ ඇතුලේ බංකුවක ඉන්දවලා සෝමෙට කෝල් එකක්
දීලා. පස්සේ ඒ කොල්ලා තමා මූව එලියට අරන් තියෙන්නේ. <o:p></o:p>
වැලහින්න වාගේ අඬනවලු<o:p></o:p>
කුඹුර කොටන්න කියලා කියපු එකේ යටි තේරුම එක පාරට ඔලුවට ගිය නිසාදෝ මට හීන් හිනාවක්
ආවත් මම ඒක අම්මට පෙන්නන්න ගියේ නෑ. <o:p></o:p>
දුන්නා ලොකූට කියලා හරි සතුටින් ආපහු කුස්සියට ගියා..<o:p></o:p>
<o:p> </o:p>
අතපසු වුනු මාස කීපෙකම ආගිය තොරතුරු තිබ්බත් ගෙදෙට්ට ආපු ගමන්ම ඒවා ඔක්කොම එකදිගට
කියාගෙන යන්නත් මොකද්ද වගේ කියලා මට හිතුණා. ඒත් එයා විවිධ හේතු ඉස්සර කරගෙන මගේ
කාමරේට ඇවිත් ඒ විස්තර එකින් එක කියද්දි මම ආපහු ගමටම වෙලා හිටපු පරණ මිනිහා වීගෙන
එනවයි කියලා මට දැනෙන්නට වුණා. <o:p></o:p>
පල්ලෙහා සොයිසගේ පුතාව? <o:p></o:p>
කෙනාද නැත්තං, තැපැල් කන්තෝරුවේ වැඩ කරන පොඩි එකාද? <o:p></o:p>
සුමානෙකට විතර කලින් ඒ කොල්ලගේ තාත්තා ඉස්කූටරයක් ගෙනැල්ලා..! ගමට සල්ලි ගන්න ඔය
ඇඳිරිනීතිය නිසා අර ලංකා බැංකුවෙන් ලොරිය එනවානේ. මේ කොල්ලා ඒකට අත අල්ලලා,
නවත්තන්නේ නැතුව ගිහින්, ගෙදර තිබ්බ ඉස්කූටරේ අරන් ගෙදරින් එපා කියද්දී මේ කොල්ලා
ලොරිය එලවගෙන ගිහින්. <o:p></o:p>
කන්න එනවැයි කියල හිතලද මන්දා හයියෙන් ගිහින්. පස්සේ බෝමලුවේ හන්දිය ගාවදී, සයිකලේ
ලිස්සලා කොල්ලත් එක්කම වැටිලා. ලොරියෙන් ගන්න ගිහිල්ලා තියෙන්නෙ රුපියල් දෙදාහක්.
බයිසිකලේටම පාඩුව විසිදාහක්ද කොහෙදෝ කිව්වා.  <o:p></o:p>
දෙන්න වෙන මිල හරි විශාලයි. මට එහෙම හිතුණා..!
<o:p></o:p>
<o:p> </o:p>
ඉන්න හෝ කෑම කාමරේ හෝ සාලෙට වෙලා ටීවී බලන වෙලාවටත් අම්මා නවලිය පත්තරයක් හරි
උස්සගෙන මගේ කාමරේට එන්නේ මා එක්ක කතා කරන්න උවමනාවෙන් බව මම නොදන්නවා නෙවෙයි. ඒත්
සමහර වෙලාවට අම්මා එන්නේ තව තවත් ආගිය කතා අම්මාගේ ආකයිව් එකේ තියෙන බව නොකියා
කියමිනුයි. <o:p></o:p>
බාල කෙල්ල සුදාරිව?<o:p></o:p>
දාගෙන හිටපු කණ්නාඩිය එහෙම ගලවල පැත්තකින් තිබ්බා. <o:p></o:p>
අර හන්දියේ පිටිකඩේ මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේස්බුක් එකේ බැනලා. <o:p></o:p>
හේතුවක් නැතුව එහෙම බනින එක?<o:p></o:p>
මුදලාලි අපහස නඩුවක් දාන්න යන්න අද්වකාත් එකෙක් හරහා එන්තරවාසියක් එවලාලු සුදාරිට,
සුදාරිය හොදටම බයවෙලා. අනික පිටි මුදලාලිගේ පුතාට කුඩ්ඩා කියලා පේසුබුක් එකේ
බැන්නම, කාටද තරහා නොයන්නේ. අනික ඒකේ බැන්නම හැමෝටම පේනවලු. ඒ අස්සේ සුදාරි දැන්
ෆෝන් ඔක්කොම ඕෆ් කරගෙන, පේස්බුක් එකත් වහලා දාලා ගෙදෙට්ට වෙලා ඉන්නවා කියලා ඊයේ
උදේ මෙහෙට ආපු කීර ගුණේ කියලා ගියා. ගුණෙයා මේක ගම පුරාම පතුරවනවා ඇති මේ වෙද්දී. <o:p></o:p>
අම්මේ, <o:p></o:p>
කරන එක වැරදී, ඒ වගේම පිටි මුදලාලිත් හැම මගුලටම නඩු දාන්න ගියාම අඩුවෙන්නේ එයාගේ
බිස්නස් එකට තියෙන තත්වේ. මොකද ඔය දේසපාලන තත්ව අරවා මේවා ඔක්කොම තව ටික කාලයක්
ගියාම නිකම්ම ඉවර වෙනවා. ඉන් පස්සේ ගමේ එවුන් එක්ක බැහැලා කරල්ලා ඉන්න ඕනේ නේ..! <o:p></o:p>
කියලා කියන්න යන්න එහෙම එපා කා එක්කවත් හරිද? මොකද ඉන්පස්සේ මේ කොරෝනා අස්සේ
ඔයාවත් අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය යටතේ අත් අඩංගුවට ගනීවි. තේරුණාද?<o:p></o:p>
කිය කියා කාමරේන් එලියට ගියේත්, මට පොඩි හිනාවක් ආවෙත් එකටම වගේ. මොනවා වුනත් මේ
ඉන්න කාලය මට හිතට අත්දැකීම් එන කාලයක් කියන එක නම් නොකියාම බෑ. <o:p></o:p>
<o:p> </o:p>
සාලෙට තේකත් අරගෙන යනකොට අපේ අම්මා මහ සද්දෙට නංගිලා දෙන්නට දෙහි කපනවා මොනාදෝ කිය
කියා..! <o:p></o:p>
හේත්තුවෙලා මොනවද කියන්නේ කියලා අහගෙන හිටියා..! <o:p></o:p>
භාවනා සඟරා කියව කියවා ඉඳපල්ලා. මේ ගෙදර දොරේ වැඩකට එහෙම උදව් වෙන්න එපා. අනේ
අම්මපා මෙහෙම කෙල්ලෝ දෙන්නෙක් හැදුවට වඩා හොඳා මම එළැ හරක් දෙන්නෙක් හැදුවා නං
මෙලහකට කිරි හරි ගන්නවා. අඩු ගානේ උයන්න ඕනෙ නෑ, වත්ත පිටියේ මොනවා හරි හිටවපල්ලා,
ගෙදෙට්ට වගාවක් වෙන්න..! ඒවා නෑ..! <o:p></o:p>
කුලීගෙයි ඉන්න සුරන්ජිත්ගේ පවුල, මම ඉදියාප්ප පාර්සලයක් දෙන්න ගියාම අනේ අම්මේ
බැල්කනියේ පොඩි පොඩි පෝච්චි වල මඥ්ඥොක්කා වවලා ලස්සනේ බෑ. මම ළගට යන්න හැදුවම
කිව්වා බෙහෙත් ගහලා තියෙන්නේ නැන්දේ වෙන වෙලාවක එන්න අල ටිකක් දෙන්නං කියලා. අන්න
දෙන්නා වගේ මං දිහා බල බල තේක බොනවා.! මම මොකුත් නොකියාම කාමරේට ආවා..! ඔය
සිද්දියත් ඔයින් මෙයින් අකා මකා වෙලා මැකිලම ගියා..! <o:p></o:p>
දරවගයක් ගෙනල්ලා දෙන්න ගුණයා ගෙදෙට්ට ආවම, අපේ අම්මා නංගිලාටත් ඇහෙන්නත් එක්ක, <o:p></o:p>
කියනවද..! පුදුම උත්සහයක් තියෙන්නේ හෙහ් හෙහ් හෙහ්..! <o:p></o:p>
ගුණයගේ කතාව මට එච්චර ඇල්ලුවේ නැති නිසා මම ශේප් එකේ මොනවද කියන්නේ කියලා අහගෙන
හිටියා.<o:p></o:p>
බලන්නකෝ අර බැල්කනියේ දාලා තියෙන මඥ්ඥොක්කා වගාව. බොහොම සාරයි නෙව..! උඹ දැක්කේ
නැතෙයි ගුණේ?? <o:p></o:p>
දෙයක් කියනවද? ඊයේ උදේම පොලීසියෙන් පැනලා ඔය ජෝඩුවයි උන්ගේ පැල තවානයි ඔක්කොම පටවං
ගියේ ඒක නිසා තමා එහෙනං.! <o:p></o:p>
පුදුමයෙන් වගේ..! <o:p></o:p>
නෝනේ, ඒවා ගංජා පැල,. සුරන්ජිත් කාරයා අලුතින් කාරෙකක් එහෙම ගත්තෙ ගිය මාසේ ඒ
සල්ලි වලින් තමා..! <o:p></o:p>
කිව්ව්වෙත්, නංගිලාගේ කාමරෙන් මහ හයියෙන් හිනාවක් ආවෙත්, මම ශේප් එකෙ කාමරේට
ගියෙත් එකම වෙලාවේ..!<o:p></o:p>
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com0tag:blogger.com,1999:blog-5225450033340027797.post-91630125381421885772019-11-15T09:13:00.001-08:002022-04-15T05:49:44.860-07:00පොඩිහාමිගේ කතාව
ඉස්සර හිටියා පොඩිහාමි කියලා මුදලාලි කෙනෙක්. එයා බොහොම සාධාරණව තමන්ගේ කඩේ කරගෙන ගියා. මෙහෙම යනකොට තමන්ගේ පුතාලා නිසි වයසට ආ නිසා පොඩිහාමි මුදලාලි කඩේ වගකීම් දරුවන්ට පවරලා ගෙදරට වෙලා කාලය ගතකලා.
කාලයත් එක්ක පොඩිහාමිගේ පුතාලා දීග දෙන වයසට ආවට පස්සේ ඒ කටයුතුත් පොඩිහාමි කරලා දුන්නා.කාලය ගත වෙනකොට පොඩිහාමිගේ පුතාලටත් දරුමල්ලෝ ලැබිලා ලොකු පවුලක් බවට පත් වුණා. මේ හැමෝම දිවි රැක ගත්තේ පොඩිහාමි තනියම කරපු කඩෙන්.
පවුල් ලොකු වෙනකොට බිරින්දෑවො තමන්ට තියෙන අඩුපාඩු එහෙම සැමියන්ට කියනවා එන්න එන්නම වැඩිවුණා. මෙහෙම කාලයක් යනකොට කඩෙන් ලැබෙන ලාබෙන් නඩත්තු වුන පවුල් වල පෙරැත්ත නිසා කෙලින්ම කඩේ ලාච්චුවෙන් මුදල් ගන්න තත්වෙට පොඩිහාමිගේ පුතාලා පත්වුණා.
පොඩි හාමි තමන්ට කීයක් හරි ආපු කඩේ දිගින් දිගටම පාඩුවෙනවා කියලා දැනුනත් ආපහු තමන්ට පවරගන්න එක පහසුවැඩක් වුනේ නෑ. ඒ නිසාම පොඩිහාමිගේ පුතාලා විටින් විට කඩයට ඇවිත් තමන් වෙළඳාම් කරන වෙලාවේ ගන්න සල්ලි ටික තමන්ගේ සාක්කුවට දාගන්න නිසා, කඩයේ අඩුපාඩු බොහොමයක් වුනා.
පස්සේ කඩේ තිබ්බ බොයිලේරුවත්, පුටු මේසත් අන්තිමේ කඩේ මුදලාලි මේසෙත් විදියට විටින් විට කඩේ බඩුත් විකුණන තත්වෙට පත්වුණා. දැන් අද වෙනවකොට හිස්කඩේ විතරක් පොඩිහාමිට ඉතුරු වෙලා. පුතාලා ටික කඩේ තියෙන ඉඩමට අයිතිවාසිකම් කියාගන්න පොරකනවා.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com0tag:blogger.com,1999:blog-5225450033340027797.post-1385982124540065122019-10-12T08:36:00.001-07:002022-04-15T05:55:32.838-07:002 espressos
ඇය විසින් මගේ ජීවිතය තුල ඇතිකළ මහා රික්තකය නිසා මගේ සිතිවිලි පුපුරා හැලෙනු කිසිවෙකුට ඉඟියකින් හෝ දැනෙන්නට නැතිව ඇත. එසේ දැනුනා නම් මම මගේ රක්ශාවේ පළමු දිනය සිනහවෙන් යුතුව අවසාන කරන්න දරන උත්සාහය ගැන බොහෝ දෙනා පුදුමය පල කරන්නට ඉඩ තිබිණි. සිනහා වීම සහ මගේ හැකියාවෙන් අනෙකාව ජීවිතය අවසානයේ දී හෝ සැනසීම රැකියාවක් ලෙස කරන විට කෙතරම් අපහසුදැයි දන්නේ එහි යෙදෙන්නා පමණය. පෙර කල “ඔබගේ විනෝදාංශය ඔබේ රැකියාව කරගත් විට ඔබට කිසිදා වැඩ කරන්නට වන්නේ නැත” යන කියමන මාගේ ජීවිතයේ මුලඡ්චේදය කරගෙන සිටි මම ඒ තත්ත්වයට පත්වූ පසුව එසේ කිරීමට කෙතරම් අපහසුදැයි හදාරමින් සිටිමි.
තලෙළු වර්ණිත ඇහි පිහාටු මත කාලවර්ණිත අංජන තවරා මඳක් රුව දෙස කණ්නාඩියෙන් බලා සිටි ඈ, නැවතත් සිය පුරුදු ස්වභාවයටම පැමිණියා ය. අසල වූ අවන්හලේ වීදුරුව මත මැවෙන සිය පිළිඹිබුව දෙස නෙත් යොමා සිටින ඈ වීදුරුවට පිටුපසින් ඈ දෙස බලා සිටිනා මා දුටුවේ නැති. රුව මනහරය, දෙවරක් බලන්නට සිතෙනා තරමටම ආකාර්ශනීය ය. කිසිවක් නොවූ ලෙසට සිය ඇහි බැම හිසකේ සකසා ගත ඈ, කිසිදු කලබලයක් නොමැතිව අවන්හලේ දොරෙන් අවන් හල තුලට පිවිසුනා ය.
“2 espressos”
මෙනු පත කියවා තමන් අසල වූ වේටර්වරියට පැවසු ඇය, සිය අසුන අසල වූ ටීපොවේ තබා තිබු පුවත්පත කියවන්නට පටන්ගත්තා ය. විනාඩි කිහිපයකට වරක් සිය ජංගම දුරකතනයේ තිරය දෙස බලා සිනහාසිමත්, වේගයෙන් ස්පර්ශක තිරය එබීමත් හැරෙන්නට ඈ වෙනත් කිසිවක් පුවත්පත කියවනා විට කරේ නැත. පුවත් පතකට මුවා වී සිටි මා මේ සියල්ලම බලාගෙන සිටිනා විට ඇය ඇනවුම් කල දේ රැගෙන පැමිණියේ වේටර්වරියයි. තවමත් ඈ හා කතා කරන්නට කල් වේලාසන වැඩි බවක් දැනේ. එහෙත් මහා හඬ තලමින් මගේ දුරකතනයට පැමිණි කෙටි පණිවුඩය ගැන අසල මේස වල සිටි කීපදෙනෙකුම විමසිලිමත් වෙනු මා ඇස කොනින් බලාගෙනය.
(ඇපල්, ගැලැක්සි බස්සන තැන් වලට චයිනීස් ගෙඩි බැස්සුවාම ඔහොම වෙනවා.) මම මඳක් සැලෙමින් දුරකතනයේ තිරය දෙස බැලීමි.
“yes this is for you, please join with me”
හොරෙන් බලා සිටියාට කරන්නට දෙයක් නැති. මේ වන විට බඩුත් සමඟ හොරු හසුවී අවසානය. මම පුටුවෙන් නැගිට ඇය දෙසට ගියෙමි.
කොහොමද?
ඉන්නවා වරදක් නැහැ.
මොනවද මේ දවස් වල කරන්නේ?
පරණ රස්සාවම තමා, මොකෝ මට වෙන එකක් තිබ්බයැයි කරන්න කියලා.
උවමනාවක් නැති කමට මොනවා කරන්නද නිරෝධ, ඔයාට ඕනෙතරම් ඔපචුනේටීස් තිබිලත් ගියේනැති එකට කවුරුවත් පලි නැහැනේ?
හ්ම්ම්, ඔව් එහෙම කියන්නත් පුළුවන්.
පැළඳගෙන සිටින අවු කන්නාඩි දෙක කෝපිහල තුලදී වත් ගලවන්නට ඇය ලැහැස්ති නැතිවාක් මෙනි. කාලයකට පසුව හමුවන පළමු අවස්තාව වුවත්, අපි වෙන් වූ කාලය සිටි අන්දමින්ම අපේ කතාව ආරම්භ වුයේ ඇනුම්පද කිහිපයක් හුවමාරු වීමෙනි.
හරි දැන් මොකෝ කරන්නේ ඔයා? අවුරුදු දෙකකට පස්සේ හම්බ වෙලත් පලවෙනි විනාඩි 10 සුපුරුදු විදියට වලි දාගන්න පුරුද්ද අපි දෙන්නගෙන් අයින් වෙලා නැහැ වගේ නේද මීරා?
මම එසේ අසනවිට ඈ සිහින් සිනාවක් මුවගන නගාගෙන ඇගේ එස්ප්රෙසොව තොල ගෑවාය.
මගේ එස්ප්රෙසොව තවමත් මගේ උගුරෙන් පහලට යවන්නට වේලාසන වැඩි බව නිසාදෝ, කොපිහළේ පයිප් මියුසික් හඬට තාල අල්ලන මීරාගේ පාදය මේසයේ වදින ස්වරයෙන් හෙල්ලෙමින් නිසොල්මනේ සිටින්නීය.
තාම මැරී කරන්න කෙනෙක් නැද්ද?
මීරා ප්‍රශ්ණ වලින් දමා ගසයි.
උත්තර නැති ප්‍රශ්න අහන්නෙපා මීරා..?
මම ප්‍රශ්නෙට ප්‍රශ්නයකින් උත්තර දිනිමි.
හරි! මම අනවශ්‍ය ප්‍රශ්න ඔයාගේ ඔලුවට දානවා කියලා හිතන්න එපා. මට තවමත් ඔයා ගැන පොඩි හරි දුකක් තියෙන නිසයි එහෙම ඇහුවේ. හිත රිදුනා නම් සොරි..!
එහෙනං මොකටද යකෝ මාව අතැරලා රට ගියේ?
හිතේ තියෙන ආවේගයට අසන්නට හිත කොතරම් කෑ ගසා කියූ නමුදු මොලය ඊට ඉඩ නොදේ. මම නිහඬ වීමි.
මම ෂෝර්ට් වකේෂන් එකකට ලංකාවට ආවේ. මම අනිද්දට යනවා. මම කොහොමටවත් හිතුවෙ නැහැ ඔයාව මීට් වෙන්න. ඇරත් මේ වගේ තැනක.
මම කිසිත් නොකීමි. ඈ අගේ කතාව නවත්වන පාටක් නැත. මම කරබා ගතිමි. තවමත් එස්ප්රෙසොව මේසයේ සීතල වේ.
මම නිරෝධ ඔයාට කිව්වා ඔය ජොබ් එක කරන එකෙන් අයින් වෙන්න කියලා. ඔයා කොච්චර පිරිසිදු වෙලා ආවත් මම කොහොමද දෙයියනේ දවස අන්තිමේ මගේ මිනිහා කියලා, බදාගන්නෙ.??
මම ඒක කළා කියලා. මම ඒ ජරා ගොඩවල නිදාගන්න යන්නේ නැහැනේ මීරා. අපි මේ කතාව නවත්තමු. නැත්තන් අපි දෙන්නට නිකන් හිත රිද්දගෙන අයින් වෙන්න වෙන්නේ.
මීරා ජනේලයෙන් ඉවත බලාගෙන එස්ප්රෙසොව තොල ගායි. මට නැගිට යාමට සිත්වී ඇති නමුදු ඒ සුන්දර පරණ මතකය ආපහු මගේ හිතේ හොල්මන් කරන්නට පටන් අරගත් නිසා, රණ්ඩු වුනත් එයත් මිහිරක් බව දැනෙන නිසා ඉවසා වදාරමින් සිටිමි.
පුලුවන්නම් ඔය කරන බිස්නස් එකෙන් අයින් වෙන්න බලන්න, මට වැඩක් නැහැ ඕක ඔයාගේ ෆැමිලි බිස්නස් එක වුනත්. ඔයා එහෙම අයින් වුනොත් සමහර විට මම ඔයා ගාවට ආපහු එන්නත් ඉඩ තියෙනවා.
ඒ වුනත්..!!!!
ඒ..ඒ..මේ..මේ කතා වැඩක් නැහැ නිරෝධ ඔයාට කිව්වේ මම හිතන දේ.!!
මම තව දවස් දෙකක් ලංකාවේ ඉන්නවා. ඔයාට හිතෙනවා නම් මම ඉල්ලන දේ සාධාරණයි කියලා, මෙන්න මගේ කාඩ් එක. මම ඉන්නේ ජයික් හිල්ටන් අපාර්ට්මන්ට් එකක. ඒකෙ නම්බර් එකත් ඕකේ ඇති. මට කෝල් කරන්න.
මම නොසෙල්වී සිටියෙමි. සිය මැද ඇඟිල්ලෙන් අවු කන්නාඩිය යලිත් දෑසට තද කරගත් මීරා, මා දෙස නොබලාම කොපි හලෙන් පිටවී ගියා ය. මා ඉදිරියේ ඇත්තේ ආරාධනාවක්ද තර්ජනයක්ද යන්න නොදැන, මම හිස් අදහසින් කොපිහළේ ලී සිවිලිම දෙස බලා සිටියෙමි.
ගිය අය ගියාවේ..!
මොනා වුනත් එම්බාමන් කෙනෙක් කියන්නේ හොඳ රස්සාවක්..!
කිසිම ක්ලයන්ට් කෙනෙක්ගෙන් කම්ප්ලේන් නොඑන රස්සාවක්..!!
මම අසුනින් නැගී සිටියෙමි.
සීතල වූ එස්ප්රෙසෝව තවමත් මේසය මත නිසල ව බලා සිටී..!
මිනියක් වගේ..!
හිත මට හීන් හඬින් කොඳුරයි..!Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com1tag:blogger.com,1999:blog-5225450033340027797.post-14488388913262185142017-10-14T06:43:00.000-07:002019-06-20T07:00:24.206-07:00අපි වසන්තට!එක්තරා ගමක ගස් කපන්නෙක් හිටියා. ඔහුට ඕනෑම ගසක් කිසිදු දේපළකට හානියක් නොවී කපා බිම දැමීම බොහොම සුළු දෙයක් වුණා. "ලොකු ගස්" කපා බිම හෙළීමට ඔහුට ඇති දක්ෂතාවය දුටු ප්‍රදේශයේ ගස් කපන්නෙක් ඔහුට ඊළඟ මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන ලෙසට ආරාධනා කළා.
උපන්තේකට කිසිවෙකුගෙන් තමන්ට මෙවැන්නකට ආරාධනාවක් නොලැබුණු බව සිහිපත් වුණු ගස් කපන්නා, එසැණින් අර දේශපාලක තුමාගේ ආරාධනාව පිළිගත්තා.
දැන් ගස්කපන්නා බොහොම යුහුසුළුව සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ලැහැස්ති වෙනවා. නමුත් ඔහුට එක වරම යම් මතකයක් මොලයට ඇසුරු සැණින් පැමිණුනා..
දෙයියනේ! ඡන්දේ ඉල්ලන්න භාරගත්තට පෝස්ටර් ගහන්න රැස්වීම් තියන්න සල්ලි කොහෙන්ද?
කොතරම් කැමැත්තෙන් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු වුනත් ඒ හැමදේටම ඉදිරියෙන් සල්ලි කියන සාධකය ඉස්මතු වන නිසා, මේ ගැන ඔහු දස අතේ කල්පනා කරන්නට වුණා.
කෙතරම් අඩු මිල ඡන්ද ප්‍රචාරණ යාන්ත්‍රණ නොතිබ්බත් ඔහුගේ බලාපොරොත්තුව වුනේ නොමිල ප්‍රචාරණ ක්‍රමවේදයක්!
අවසානයේ ඔහු එක තීරණයකට පැමිණුනා.
දින කිහිපයකට පසුව පාර දෙපස තිබෙන මහා විසාල රූස්ස ගස් වල බොහොම අමුතු ආකාරයේ දැන්වීම් පුවරුවක් එල්ලෙන්නට වුණා.
"අපි වසන්තට..!" දැන්වීමේ සඳහන් වෙලා තිබ්බේ එහෙම!!
දැන් හැමෝම පාරේ යන ගමන් "අපි වසන්තට" "අපි වසන්තට" යනුවෙන් මුමුණමින් යන්නට වුණා.
තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදය වැඩකරනු දුටු ගස් කපන්නාගේ සතුට ඉහිලුම් නැහැ..!
තමන්ව පරදමින් තමන්ගේ ප්‍රතිවාදියා විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයා තමන් ඡන්ද ව්‍යාපාරය බොහොම සාර්ථකව අඩු මුදලකින් කරගෙන යනු දුටු ප්‍රතිවාදී පිලේ දේශපාලකයා ඒ ගැන සිටියේ බොහොම තරහින්.
"අර යකාගේ කැම්පේන් එක විනාස කරලා දාන්න මොනවා හරි කල්පනා කරපල්ලා!"
තමන්ගේ යටතේ ඉන්න හෙන්චයියලාට ප්‍රතිපිලේ අපේක්ෂකයා ගෝරනාඩු කලේ එහෙම..!
දින කිහිපයක ඇවෑමෙන් පස්සේ කුඩා ගස් සහ උසින් අඩු ගස්වල අර වගේම එහෙත් ඊට වඩා කුඩා ප්‍රමාණයේ දැන්වීමක් එල්ලී තිබෙනු දුටුවා..!
එහි තිබුනේ මෙවැන්නක්..!
"ඇයි අපි? අපිත් ලොකු වුණාම වසන්තට තමයි..!"
වසන්ත කියන්නේ ගස් කපන්නෙක් කියන එක සිහියට නඟාගෙන දැන්වීම් දෙක කියවූ අයෙකුට එහි සඟවා තිබු උපහාසය තේරුම් ගන්නට එතරම් වෙලාවක් ගත වුයේ නැහැ..!Unknownnoreply@blogger.com5tag:blogger.com,1999:blog-5225450033340027797.post-46265198423785961802017-09-06T09:45:00.001-07:002019-06-20T07:01:36.788-07:00අතීතකාමය
අපි මේක නවත්තමු..!
කන්න ගන්න කියලා ඕඩර් කල කෑම එක මේසෙට එන්නත් කලින්ම මම හිතේ තිබ්බ දේ කියලා දැම්මා, කිසිම දෙයක් හිතා ගන්න බැරුව අවුල් උන හිසකේ අස්සේ ඇඟිලි අතරමං වුන එයාගේ ඔලුව, වෙනදා අතගාන්න උවමනා උනත් හරි අමාරුවෙන් ඉවසගෙන හිටියේ, කරන්නම දෙයක් නැති නිසා, මාස හතරක් තිස්සේ ගන්ධබ්බ වෙලා හිටපු අපි දෙන්නා අන්තිමේ දෙපැත්තට උනා, ඒ මතකය අවුරුදු දෙකක් වයස කිරිදරුවෙක් වගේ අපි දෙන්නගේ හිතේ කොනක ඒ වෙනුවෙන් සුදු පිරුවට එළලා තියලා තියන බව දැනගෙන මයි. කරන්න දෙයක් නෑ, වචනේ පිටවුනේ මගෙන් උනාට, පිරිමියා විදියට එතනදීත් අන්තිම තීරණේ මට ම ගන්න එයා මට ඉඩ දුන්න, එහෙම නැත්තං අවසානේ තීරනේ කරන්න එයාට තිබ්බ අවස්ථාව මම බලෙන් ගත්තද දන්නෙත් නෑ, කොහොම හරි එහෙම කිව්වා.
කලින් දවසේ රෑ අඬලා ඇස් ඉදිමිලා කොණ්ඩේ අවුල් වෙලා, මානසිකව කොතනක ඉන්නවාද දන්නේ නැති උනත් අවසානේදී අපි දෙන්නා අතර මැද්දේ තත්ත්පර කටු මොකුත් කියන්නේ නැතුව කැරකෙන එකට මම පට්ට අකමැති උනා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති මෙහෙම මගේ කටින් පිටවෙන්න..
මම වේලාසන වැඩිද?
එයා ඒ වෙලාවේ ප්‍රකාශයට පත් කරන්න හැදුවේ සටන් විරාමයක් ද? ඒත් ඉතින් සටනට විරාමයක් දෙන්නත් සටනත් තියෙන්නේ එපෑ, කෝ සටනක්, ඒක නිවිලා ගිහින් මාස හතරකට වැඩියි. කොල වැටිලා වල් වැදිලා නැති නාස්ති වෙන්න දෙන්නේ නෑ මම ඒ සටන් බිම, ඒක සුද්ද කරලා ලස්සනට තියාගන්න මට තාමත් ආසයි. ඒකයි මම සෙන් කතා කිය කියා මගේ හිත සමනය කරගන්න හදන්නේ.
ගොඩක් වෙලාව ගිහින් මේ වෙනකොට රෑ12ට ළඟයි, ළඟ තිබ්බ පොත අරන් ඔලුවට එන එක එක හැට එක පිළිවෙලකට තියන්න ගත්තා, ඒ පිළිවෙල වෙනස් වෙලා වෙනස් වෙලා පිහාටු දෙකක් කටු කම්බියකින් බැඳුන අපූරු පැන්සල් සටහනක් බවට පත් වෙලා. අපි ගැන අපි වටේ ජීවිතේ ගැන හිතන සුභම පතන මිනිස්සු එක්ක දෙපැත්තට වුන අපේ ජීවිතේ ගැන මට සාහිත්‍යමය නිර්වචන ලියවෙන්න පටන් ගන්නවා.
අපි ඒවා පත්තරේට ලියල සල්ලි හොයා ගන්නවා.., සික් කරුම ජීවිත, අත්දැකීම වචන කරලා ඒවාට සල්ලිගන්න එක මොන කාල කන්නි කමක්ද?
රෙද්දේ නිර්මානශිලී ලියවිලි..!
කඩු කිනිසි කියමන් බුකියේ සෙයාවෙන වේගෙට ඒ පැත්තට ලයික් එබුනත්, මේ පැත්තට ඒවා ආපහු ආවේ කලාතුරකින්, සමහර වෙලාවට ආවෙම නැති තරං.., දවසේ කතාව අකුරු වෙන්නේම දිග කෙස් ගස් ගැනයි, කෑම අඩුවෙන කනකොට එන තරහා ගැනයි..!, මේසේ උඩ කොල ගොඩ ගැහිලා, පේපර් බින් එක උතුරන්න ඔන්න මෙන්න..
ශහ් මේක මාර රයිටප් එකනේ, දාපන් පත්තරේට ලස්සන ස්කෙච් එකකුත් නෙට් එකෙන් හොයලා එහෙම???
බල්ලොත් නොකන සල්ලි ජීවත් වෙන්න ඕනේ නිසා කටවහන් උන්නා, පනහකට හැටකට සින්දුවකටත් මේ ටිකම දුන්නෑකි පේලි වලට කැඩුවානං එලිසමය එලිවැට ගලපලා..,
මට එහෙම කරන්න හිත්දුන්නෑ ඒ ගැන ලියවෙන ඇඳෙන, සටහන් ඒවා මගේ හිතේම තිබුනාවේ, ඒත් අර බලිකුරුට්ට ගැන මට ආවේ එකම එක සිතුවිල්ලයි..!
ටැටූ එකකට නං මරු..!!!
Unknownnoreply@blogger.com6tag:blogger.com,1999:blog-5225450033340027797.post-43785918189745910662016-12-05T13:14:00.000-08:002016-12-05T13:14:18.622-08:00අන්තිමේ මම හිත හදාගත්තා.අන්තිමේ මම හිත හදාගත්තා.
ඔට්ටු දාපු සල්ලිවත්, දාලා ගිය ගෑණි වත් ආපහු එන්නැති බව අන්තිමේ තේරුම් ගිය නිසා, මම හිත හදාගන්න තීරණේ කළා. අඩු පාඩු තියෙන්න ඇති. හවස බීලා එන එක ඇත්ත වෙන්න ඇති. ඒත් මම කවදාවත් පමණ ඉක්මවලා බීලවත්, පරදින්න ඔට්ටු දාලවත් නැහැ.
ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.
බාගෙට ලියලා ඉවර වුන කතා කොළ මේසේ හැම තැනම. ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැති තැන, බාගෙට ලියපු කතන්දර එකින් එක පුරුද්දන්න බැලුවා. ඒත් ඒක එච්චර ලේසි වැඩක් නෙවෙයි. ගින්දරයි වතුරයි එකට පුරුද්දන්න බැහැනේ. මැද්දෙන් ඇතිලියක් හරි මුට්ටියක් හරි තියන්නම වෙනවා. ඒත් මම ලියන්න හිතේ තියාගෙන ඉන්න කතාව කොහොමද මම එකකට එකක් ගැලපෙන්නේ නැත්නම් පුරුද්දන්නේ.
ඔලුවට මෙලෝ අදහසක් එන්නේ නැහැ.
අපේ එකෙක් ඒ ඇයි කියලා ඇහුවම, මම කිව්වා මට රයිටර්ස් බ්ලොක් වෙන්න ඇති කියලා. එතකොට ඌ අහනවා උඹ රයිටර් කෙනෙක් ද කියලා.
මොන ජීවිතද අප්පා මෙව්වා
කඳුළු පනිනකම් හිනා වෙන්න උවමනාව තිබ්බත් සතුට බෙදාගන්න උවමනාම කරන කෙනා මා ගාව නැති නිසා මම හිතේ සතුට බොහෝ වෙලාවට හංග ගන්නවා. කොච්චර ආසාවෙන් හිනාවෙන්න හිතුනත් එයා නැති පාළුව මට තවම දැනෙනවා. ෆෝන් එකේ දාගෙන ඉන්න එයාගේ පින්තුර ටික බල බල හිත තවාගත්තට මොකෝ හිත තාම රිදෙනවා උඹ මගේ ගාව නැති බව දැනුන මුල්ම දවසේ වගේම.
ඒ නිසා අන්තිමේ මම හිත හදාගත්තා.
කොහෙද උඹ ඉන්නේ, මොනවද කරන්නේ, කරදරයක් නැතිව ඉන්නවද , කියලා අහන්න කරන්න උවමනා නැතත් තවමත් හිතට එන්නේ ඒ දේවල්. උදේ 6.45 එන කෝල් එක, රෑ 10.45ට එන කෝල් එක, තොර තෝංචියක් නැතුව කියවන වග විස්තර, කොච්චර ආසාවෙන් අහගෙන හිටියද කියලා දන්නවා නම් උඹ..
ග්ලාස් එකේ පතුල පේන්න ගත්තට පස්සේ ඔලුව ඉස්සුවා. තාමත් බාර් මල්ලි බර්බන් එක අතේ තියාගෙන මම ඉස්සරහ!
සර්ට තව ෂොට් එකක් දාන්නද?
මොකුත් කියන්නේ නැතුව ඉන්නකොට, බුවා අනාරාධිතවම මගේ ග්ලාස් එක ආපහු පිරෙව්වා.
ග්ලාස් එක තාම ඉවර නැහැනේ
ඒ නිසා අන්තිම මම හිත හදාගත්තා.
වෙනදා වගේම Dynamite Jackට මගේ ඔට්ටුව දාලා කැෂියර් එකේ රංජිත්ට සල්ලි නෝට්ටු කොළ දුන්නම මිනිහා මගෙන් මොකටදවත් කියලා අහන්නේ නැතුව, සල්ලි ටික ලාච්චුවේ දාගෙන, කොණ තැලෙන කම් කකා හිටපු පැන්සලෙන් මොනාදෝ ඒ කිළුටු පොතේ ලියාගත්තා. මම මොනාද ලිව්වේ කොච්චර ඔට්ටුව දැම්මද කියලාවත් අහන්න ගියේ නැහැ, මොකද මම දන්නවා මම දාන ඔට්ටු දිනන වග.
මම ඒ වෙනකොට එච්චර දක්ෂ ඔට්ටු කාරයෙක් වෙලා හිටියා.
එහෙම ඔට්ටු දාලා හරි මට ඕනේ වුනේ මගේ හිත හදාගන්න. ඒ වුනාට මොනවා කලත් මගේ හිතේ ඒ අඩුපාඩුව මැකෙන්නේ නැහැ කියල මම දැනගෙන හිටියා, මම හිතන්නේ එයාත් ඒක දන්නවා ඇති.
එක දවසක මේක වුනේ, මම හිතන්නේ ඒක මගේ අන්තිම දවසද දන්නෙත් නැහැ.
වෙනදා වගේම රංජිත්ට සල්ලි දීලා ඔට්ටුව දාලා මම ආවා බාර් එකට මොනා හරි බිලා උගුර පුච්චගන්න. වෙනදා වගේම මගෙන් අවසරයක් නැතුව හිස් වෙන වීදුරු එකින් එක පිරවෙන්න ගත්තා. පිරුන වීදුරු එකින් එක උගුරෙන් පල්ලෙහාට ගලන්නත් ගත්තා.
වෙනදට වඩා මට පොඩ්ඩක් වැඩි වුනු බව මට හිතුනේ සිට් එකෙන් බහින්න හදනකොට. මට අරකිව මතක් වුනා. එකී හිටියා නම් මට මෙහෙම වෙන්නේ නෑනේ කියලා හිතලා මට පට්ට තරහක් ආවා. මම නැගිටින්න හිතනකොටම මහා ජරා ගඳක් තියෙන එවුන් දෙන්නෙක් ඇවිත් මාව අත් දෙකෙන් අල්ලාගෙන ගිහින් එලියට දානවා දැනුනා.
ඒක මහජරා ගඳක්, සුදුළුනු එක්ක අරක්කු කවලම් වෙච්චි. ඇස්දෙක බොඳ වෙලා හිතා ගන්න බැරි විදියට. මුළු ලෝකෙම බොඳයි. මම නැගිටින්න හදනකොටම කොහෙන්දෝ ආපු හෝන් පාරක් මගේ කණ පසාරු කරගෙන ගියා. ඒ එක්කම මට දැනුනේ, අමුතු ගැස්සිල්ලක් එක්ක මාව පාවෙනවා. ඒත් ඒ මිලි තප්පර ගානකට විතරයි.
ඔව් මිලි තප්පර ගානකට විතරයි.
කෑකොස්සන් ගහන එවුන් නැති නෑදෑකම් හදාගෙන මාව බදාගෙන කෑ ගහන එවුන් අස්සෙන් මම නැගිට්ටා. මම දැක්කා මම වගේම එකෙක් බිම බල්ලෙක් වගේ චප්ප වෙලා ඉන්නවා. මම නැගිටලා පාර අයිනට වුනා කාටවත් මාව පෙනුනේ නැහැ.
මම බිත්තියට මුවා වෙලා මොකද වෙන්නේ කියල බලාගෙන ඉන්නකොට මගේ අතේ ඇඟිලි අස්සෙන් අර ගොඩක් කාලෙකට කලින් මට දැනුන ඒ සිනිඳු ඇඟිලි වල අමුතු රස්නේ දැනුනා.
ඒ වෙනකොට කවදාවත් නැතුව මගේ හිත ඉබේටම හැදිලා තිබුණා.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com5tag:blogger.com,1999:blog-5225450033340027797.post-40610771980629155302016-05-06T01:52:00.001-07:002016-05-06T01:52:10.613-07:00ඔබ කවුද?
ආපෝ මහත වැඩි නැද්ද?
වැඩියි නං තමයි ඉතිං..
කෑම අඩුකරල ටිකක් දුවන්න.
දුවන්න බෑ දනිස්සෙ අවුලක් තියෙනව.
ඕව නිදහසට හදාගත්තු හේතු
ඔයාගෙ මූන කැතයි. ප්ලාස්ටික් සර්ජරියක් කරගන්න.
මොකෝ මේ ඇඟ පුරා චිත්‍ර
හෙහ්
මේවට කීයක් ගියාද?
මං කැමති නෑ ගනං අහනවට
ආ නිකංද ගහල දුන්නෙ..
නෑ මං කටට ගත්තා
ආහ්
මොනවද මේ පච්චවල තේරුං.. ඔය ටී ෂර්ට් අතට වැහිච්ච එකත් බලමු
ඕන නෑ.. මං ඕව පෙන්නන්න කැමති නෑ
පෙන්නන්න කැමති නැත්තං ඇයි ගැහුවෙ
මගේ සල්ලි.. මගේ ඇඟනෙ
මොනවද ඕවයෙ තේරුං
මේ ලොකු එකේ තේරුම නං පුක නොදී ඉන්නවද කියල. පොඩි එකෙන් කියන්නෙ උඹෙ කට ගඳයි කියල.
මොකද්ද රස්සාව?
මේ පත්තරේක
ආහ්.. එහෙනං අපිට ඇඩ් එකක් දාගන්න පුළුවන්
ඔයා බඩුවක්ද?
නෑ ඉතිං පත්තරේ මොකෝ කරන්නෙ?
ලියනව
ආ... මොකෝ මේ දවස්වල දේශපාලනේ ගැන හිතන්නෙ.
ඉස්සර වගේම කැතයි කියල තමයි හිතෙන්නෙ
දැන් ඔය පත්තර රස්සාවෙන් හම්බෙන සල්ලි ඇතිද?
ඇති
ආ ඒ කියන්නෙ ලක්ෂයක් විතර හම්බෙනව ඇති
ඒ ඉස්සර දැන් ඊට වැඩියි
ආ... අපෙත් දුවෙක් ඉන්නව දාගන්න බැරිවෙයිද?
දාමු.. ඕගොල්ලො ගෙදර නැති වෙලාවක් කියන්නකො
අපි දැක්ක බැන්දයි කියල
ආ ඔවු .. ගිය අවුරුද්දෙ
තාම ළමයෙක් එහෙම නෑ?
ඉන්නව. කොල්ලෙක්
ආනේ ඇයි හදිස්සි වුනේ
කොන්ඩම් එකේ හිලක් තිබ්බනෙ
ආ...
තව එකෙක් හදන්නෙ නෑ?
මම එක්කෙනාගෙන් එකයි හදන්නෙ. ඔයාලගෙ දුවෙක් හිටිය නේද කසාදයක් නැති. එයා කැමති වෙයිද?
මොකද්ද ඔය ෆෝන් එක? චයිනීස්ද?
ඔවු.
විකුණන්නෙ නැද්ද?
ඇඟද?
අහ්.. නෑ නෑ මේ ෆෝන් එක.
විකුණන්න ඉන්නෙ
මට දෙන්න විස්සකට
අයියෝ ඊයෙ එක්කෙනෙකුට දහයකට දෙන්න පොරොන්දු වුනා.
හැමදාම ඔහොම බොන්නෙපා.
හැමදාම කවුද බිවුවෙ?
කොහොමවුනත් ඔච්චර බොන්නෙපා
හා! ඇයි
මැරිල යයි
ඔය අපේ සීයත් අවුරුදු 105ක්ම හිටියෙ
හැමදාම බිවුවද?
නෑ පොර අනුන්ගෙ බොන නොබොන ඒව නොහොය පාඩුවෙ හිටියනෙ. අකාලෙ මැරුනෙ නෑ.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com17tag:blogger.com,1999:blog-5225450033340027797.post-75045750899170595082016-04-20T21:34:00.001-07:002022-04-15T05:55:15.965-07:00ගායිකාවකගේ අවසන් මොහොත..
1 කොටස
ඩිස්ක්ලේමරය : තත්‍ය ලොකය තුල කිසිඳු චරිතයකට කතානායිකාවගේ චරිතාංග ආරෝපනය කිරීමෙන් පලක් නැති. කාලයත් චින්තනයක් ඊට වඩා උචිත සංවේදනාවකට සිත යෙදවීම තුලින් එයට වඩා මනැස් ප්රතිලාහ ලබාගත හැකිය.
ෂෝ එකට විනාඩි පහකට කලින් එයා ලෑස්ති වෙලා ඉවර වුනේ. ඒ එයාගේ හැටි, මොනම වෙලාවකවත් එයාගේ මූණේ දුකක සේයාවක් වත් දැනෙන්නට ඉඩ තිබ්බේ නෑ, මේකප් එකෙන් ඒ හැම හැඟීමක් ම යටපත් කරන්න එයා උත්සහ ගත්තා.
හරි මට ශෝල් එක දාන්න..!
මා ගාවට ඇවිත් නිකට උස් කරලා උරහිස් වටේට වෙනද වගේම ශෝල් එක දාන්න කියලා කියනකොටත් මම හිටියේ එයා ගැන කල්පනාවක, ඒ ලස්සන ඇස්, පිරුණු පියොවුරු, සිහින් ඉඟ. ආපහු හැරිල බලන්න තරම් ලස්සනට පිහිටලා තියෙන මුහුණ ඒ ලස්සන තවත් දෙගුණ තෙගුණ කලා. මේක්ප් එක දාලා ඉවර උනාට පස්සේ රතුම රතු ලේ පාට ලිප්ස්ටික් එක මුවේ තවරලා අහවර වෙලා යන්තමට මේකප් එකට යටින් පෙනෙන උඩු තොලට උඩින් වම් පැත්තෙන් පිහිටලා තියෙන උපන් ලපය ඉස්මතු වන විදියට ඇහි බැම පාට කරන පැන්සලයෙන් පුංචි තිතක් තියාගන්නත් ඈ අමතක කලේ නෑ.
එහෙම සැරසුනාට පස්සේ ඈ ඇලිස් ෆ්රෙඩෙන්හැම් වගේද එහෙම නැත්නම් ඇන්ජෙලා සෙනෙවිරත්න වගේද කියලා කල්පනා කරන්න ගියේ නෑ. මම ආදරය කලේ ඒ මුහුණට ඇත්තට ම.
ඒක මහපුදුමාකාර හැඟීමක්, ආදරේ, ලලාසාව, රාගය, කරුණාව, දුක මේ හැම සංවේදනාවක් ම එකට එකතුවෙලා එක හැඟීමක් හැදෙනවා නම් ඒකට මේ ලෝකේ මම නොදන්න නමක් තියෙනවා නම් ඒ නම ඒකට සුදුසු යැයි මට හිතුනා, මම අදටත් දන්නෑ ඒ ඇයි කියලා. රතු පැහැති උස් අසුනේ ඈ හිඳගෙන මා දිහා බැලුවා, මම හිටියේ තිරයේ දකුණු කෙලවරේ ඉඳන් ඈ දිහා බලාගෙන, ඈ ඒක දන්නවා මම හැමදාම ඉන්න තැන ඒ...
මම හිනා වුනා. මටත් නොදැනිම මගේ මුහුණ අවිඥාණිකව ඈ හා හිනා වුනා. මම ඒක පාලනය කරගන්න උත්සහ කලේ නෑ. එකවරම පසුබිම් සංගීතය නැවතුනා. ඈ හෙමින් හෙමින් සිය හඬ අවදි කලා.!
කල්පාන්තයක සිට නිහඬව ගලායන සිහිනයක අවසාන තත්පරයක දුබලව නැඟී සැලෙනා ප්‍රේම වියෝගයකට හඬක් ඇති නම් ඒ හඬ තමන්ට ආරූඪ කරගෙන ඈ සිය ගැයුම ආරම්භ කලා, කවදාවත් නොවූ අයුරින්..
රතූවූ දෙනෙත්, බමන මනැස්පුත්රයින් හා සංවාදයට ලොල්, ශීශාවන්ගේ දුම් වළලු වල අලංකාරය විඳිනා, මනැස් ලෝක වල සංචාරය කරන්නන් එකවරම සිය ගමන්, කතා, විඳීම් නවතා ඈ දෙස බලා සිටින්නට ගත්තා. වීදුරු ගැටෙනා, ගෑරප්පු අතර මස් කැබලි පසාරු කර තසිම් මත ගැටෙනා හඬ නතර වී එකවරම ඈ දෙස බලා හිඳින්නට ගත්තා..
කාල්පනික දුම්වලා මැද්දෙන් සරනා දේවතාවියක මෙන් අප මනස් මාළිගා වල සිය මුදු පා තබා පරිස්සමට ඇවිද යන්නට හුරුකාරියක මෙන් ඈ ගැයුමෙන් ඈ වටා දෑස් දල්වා සිටිනා සියක් දෙනා ගැන බිඳකුදු නොසිතා ඈ සිය ගැයුම කරගෙන යන්නට වුනා.
එහෙත් එකවරම.....
දෙවියනේ මේ මොකෝ උනේ?? ඉක්මනටම වතුර ටිකක් අරන් එන්න, කෝ මේ වේටර් කොලුවා, ඉක්මනට වතුර ටිකක් අරන් වරෙන්, ඈට සිහිය නෑ, කවුරු හරි ඇම්බියුලන්ස් එකකට කතා කරන්න.., දෙවියනේ..????
මම දෑස හරින විටත්, බිම වැටී සිටී ඈ වටා බොහෝ දෙනෙක් වට වී අවසන්,
කරුණාකරලා මට ඉඩ දෙන්න, මම එයාගේ හස්බන්ඩ්, ප්ලීස් පොඩ්ඩක් ඉඩ දෙන්න..!
වටවී සිටිනා එකා දෙන්නා එහා මෙහා කරමින් මම ඈ වෙත යන්නට උත්සහ කලා, මා ඈ වෙත යන විටත් ඇය, ඇස් ඇරගෙන මා දෙසම නෙත් හෙලාගෙන සිටිනවා එක දිගටම, සිහින කඳුලු බින්දුවක් කම්මුල දිගේ ගලා විත් බිම තෙමා තිබුණා..
ඈ සිහිසුන් වෙලා..!
මට හිතුනේ එහෙම. හිතවටා හිසවටා බමන කිසි හේතුවක් හැඟීමක් මනසට ඇතුල් නොවී මහාම කාලකන්ණිම ගුමු ගුමුවක් හිත තුල හොල්මන් කල තප්පර තිහක්. මට දැනුනේ එහෙම.. හැමදේම සිදුවන්නේ මන්ද චලනයෙන්.
මන්ද චලනයතුල මම අධි ක්‍රියාකාරී වන්නට කොතෙකුත් උත්සහගත්තත් මනුසතෙකු වීමේ පාපය කරණ කොටගෙන මට එසේ කරන්නට නොහැකි වුනා මා තුල උවමනාව තිබුනත් කොතෙකුත්..
නැහැ ඇය මියගිහින්..!
තමන්ගේ සහ කරුවන්ගේ උරහිස් වලට වාරු වෙලා ඇය දෙස බලලා සමහර බවලත්තු තමන්ගේ සැමියන්ගේ කනට කරලා එහෙමත් කිව්වා. මට මොකවත් හිතාගන්න බැහැ. මගේ හිත කාල්පනික රික්තකයක හිරවෙලා වගේ මට දැනෙන්නට වුනා. සියලු ක්‍රියාකාරකම් සැනින් නැවැත් වූ ඒ මහා නිහඬතාව අවටින් සත්‍ය ලෙසම ඇති උනාද නැති නම් මගේ සිතේ වූවා ද කියලා අදටත් මට හිතාගන්න අපහසුයි.
තවමත් ඒ ඇස් මා දිහා බලාගෙන.
ඒ තියුණු ඇස් මා දිහා බලාගෙන. මම ඒ බැල්ම දරාගන්නට බැරුව මගේ දෑස ඉන් ඉවතට ගත්තා. ඒත් ඇය මගේ හිත ඇතුලේ. හදවත මත සුමුදු පාද තබමින් ඇවිදයනවා, මට එය දැනෙනවා. රික්තකයක සිරවී තිබූ අවකාශය හෙමීට කැරැකෙන්නට පටන් අරගෙන, යොදුනක් ඈතින් මට ඇසෙන්නට වූ මිනිසුන් කතා කරන හඬ මට දැන් ඇසෙන්නේ බොහොම සමීපව.
එක වරම මගේ උරහිස කිසිවෙකු විසින් ස්පර්ශ කරනු දැනෙන්නට වුනා.
හරි මට ශෝල් එක දාන්න..,
කිසිදු වෙනසක් නොමැතිව ඇය මා ඉදිරිපිට තියෙන වීදුරුවෙන් හැඩ බලනවා.
කෝ ඔයා මොකෝ මේ ශෝල් එක අතේ තියාගෙන ඉන්නේ.., මට දාන්නේ නැද්ද ශෝල් එක??
ෂෝ එකට තව පැය කීපයයි තියෙන්නේ, මම ක්‍රිස්ටිනාටත් එන්න එපා කිව්වා, අද පෆොර්ම් කරන්නේ මම විතරයි.
ඇයි ක්‍රිස්ටිනාට මොකද?
නැහැ මොකුත් නැහැ. ක්‍රිස්ටිනා අද නිවාඩු ගන්නවා කිව්වා.
ඇයි ඔයා එකපාරටම එහෙම ඇහුවේ?
මුවේ තවරන්නට බෝතලයෙන් කලතා පොවාගත් ලිප්ස්ටික් පින්සලය තොල මත තබන්නට පෙර ඇය මගේ දෙස බලා ඇසුවේ පුදුමයෙන්.
අද අපි ගෙදර ඉමු. ක්‍රිස්ටිනාට කියන්න ඇවිත් පෆොර්ම් කරන්න කියලා.
තවමත් කිසිවක් අදහාගත නොහැකිව පුදුමයෙන් මා දෙස ඇය බලා සිටියා. විනාඩි කිහිපයකට කලින් තමා සමඟ සාදයේ ගී ගයන්නට රැගෙන යන්නට එකඟ වූ තමන්ගේ සැමියා මෙහෙම වෙනස් කතාවක් කියනකොට මොන ගෑණිටද පුදුම නොහිතෙන්නේ.
ඇය කිසිත් නොවීමසා අනෙක් ආසනයේ තිබු සිය පසුම්බියෙන් දුරකථනය ගෙන ක්‍රිස්ටිනා වෙත සිය කාර්ය භාර කර ඉන් නිදහස් වුවාය.
එකත් හරි එත් ඔයා මොකද මට එකපාරටම එහෙම කිව්වේ?අද යන්න එපා කියලා..?
මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනේ..?
නිදහසේ?
මීට කලින් කවදාවත් නොවුන තරමට?
අනේ ඔයා මාව බය කරනවා.., මොකද මේ අමුතු විදියට එක එක කතා කියන්නේ?
කියන්න මට , ඔයා අද යන්න කැමති මොන රෙස්ටුරන්ට් එකටද?
පලවෙනි පාරට අපි දෙන්න මුණ ගැහුණු ඩවුන් ටවුන් එකේ Moschino's රෙස්ටුරන්ට් එකට?
ඇය කිසිම දෙයක් කියන්නට මත්තේන් මම දුරකථනය අරන් අපේ "ප්‍රියතම" අවන්හලෙන් මේසයක් වෙන් කළා.
අපි මොශීනොස් වෙත යනකොට ඉදිරිපස ම අප වෙනුවෙන් සුන්දර මේසයක් වෙන්කර තිබුනා. මීනා [ඇගේ නම මම මේ සටහනේ කියන මුල්ම වතාව.] තවමත් කිසිවක් නොකියාම මගේ මඟපෙන්වීම වලට අවනත වෙනවා. එත් ඇයගේ සිතේ අමුතු සතුටක් මෝදුවෙන බව නම් මට හොඳින්ම වැටහුනා.
සෙස්ස පස්සට......
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com4tag:blogger.com,1999:blog-5225450033340027797.post-80519306766922348662015-11-12T03:17:00.003-08:002022-04-15T05:58:13.511-07:00පරිකල්පනීය රමණීය රමණයඑයා මගේ ලඟට එනකොට මම හිටියේ දහදියෙන් නැහැවිලා, බයට නෙවෙයි ආසාවට, ඒක මගේ පළමු වෙනි වතාව, මම ඈ දෙස බැලුවා, මීට පෙර කිහිපවතාවක්ම මේ දේ කර හුරුපුරුදු බවක් තියෙන බව මට ඇගේ මුහුණෙන් පෙනුණා. ඈගෙන් වහනය උනේ මීට ටික වෙලාවකට කලින් මොනවා හරි සැර බීමවර්ගයක් බීලා ආපු බවක්.
සැපපහසු ජීවිත නෙව.
එකපාරට ඈ මගේ දිහා බැලුවා.
මේ පළවෙනි පාරද?
මම හිස ඉහල සිට පහලට සෙලෙව්වා.. එත් ඒ නිහඬ අභිනයෙන් ඈ තෘප්තිමත් උනේ නැහැ. අය තවත් ප්‍රශ්නයක් අහන්නට මුව උල්කරා,
ටිකක් අමාරුවෙයි, සමහර විට ඉක්මනට බඩු ටික යන්නත් ඉඩ තියෙනවා, නොගියත් කමක් නැහැ, පලවෙනි පාර නිසා සමාවක් දෙන්නම්. දන්නවද ඒක කරන්න?
ඔ..ඔව් කලින් දැකලා තියෙනවා,
කොහෙන්ද?
ෆිල්ම් වලින්, පත්තර වලින්, යාළුවො එහෙම කියන එව්වයින්.
කෙල්ලෙක් ඉන්නවද?
හිටියා දැන් නැහැ.
එයා එක්ක මේවා කරේ නැද්ද?
මට උවමනාව තිබ්බට එයා බැහැ කිව්වා, මම බලකරන්න ගියේ නැහැ. මගදී වෙන කරදරයක් එහෙම උනොත් කියලා..
කීයක් අතේ තියෙනවද?
මගේ අතේ තියෙන්නෙම 300යි.
කමක් නැහැ. අදට ඇති, ඒරියා එක පොඩි නිසා අවුලක් නැහැ, ඔය ගාන ඇති.
කෝකටත් කියල මම ආපහු කියලා දෙන්නම්.
හා
එහෙනම් හොඳ ළමයා වගේ, පොඩ්ඩක් පහලට නැවිලා ඒ ටික උඩට අරගෙන දෙපැත්තට කරලා එලියට ගන්න
ආ මෙන්න..!
ඔය බෑග් එකේ තියෙන කොස්මැටික් බඩු ගැන ඔක්කොම තොරතුරු මේ පොතේ කියනවා. ඔයාට තියෙන්නේ කවුරු හරි බඩු ගනිද්දී එක ගැන ඇහුවොත් විස්තර ටික ලස්සනට කියලා මේ ෂැම්පු, ක්‍රීම්, සෙන්ට් වර්ග ටික විකුණගෙන එන්නයි.
(රමණයෙන් බොහෝ දේවල් වලින් කල හැකිය, රමණය බහුඅරුත් පදයක් වන අතර, එහි අරුත් එකකින් එකක් වෙනස් වේ. අර්ථය කුමක් උවත් කතාව රමණීයව පැවසීම කියන්නාගේ වගකීමකි, සම්මා සතියෙන් කියවීමේ වගකීම ඔබ සතුය.)Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com6tag:blogger.com,1999:blog-5225450033340027797.post-79109474765473187912015-10-30T08:54:00.000-07:002015-10-30T08:54:00.926-07:00ලී පෙට්ටිය
ඒ මහලු ගොවියා සිය ගොවි බිම් වල තව දුරටත් වැඩකරන්නට තමාට නොහැකි බව දැන සිටියා.
මේ නිසා ඔහු තම දවසෙන් බොහෝ වෙලාවක් කලේ ඉස්තෝප්පුවේ තබා තිබු අසුනකට වී කාලය ගෙවීමටයි. ඔහුගේ පුතා, සිය පියාගෙන් තමාට අයිති වූ ගොවි බිම්වල වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියා.
එලෙස ඔහු ගොවිබිමේ සිටිමින්ම බොහෝ අවස්ථාවල සිය පියා නිවාස ඉදිරිපිට ඉස්තෝප්පුවේ අසුන්ගෙන සිටිනු දුටුවා.
තවදුරටත් ඔහුගෙන් පලක් නැහැ. මොනම දෙයක් වත් කරන්නේ නැහැ නෙව, ඔහේ ඉඳගෙන ඉන්නවා ඇරෙන්ට..
පුත්‍රයා සිය පියා ගැන එසේ සිතුවා.
සිය පියා මෙලෙස අලසව කාලය ගත කිරීම ගැන ඉවසාගත නොහී, ඉමහත් කෝපයට පත් වූ පුතා, එක දවසක් දැව පෙට්ටිය තැනුවා.
කිසිවක් නොකියාම සිය නිවහනේ ඉස්තෝප්පුව මතට දැව පෙට්ටිය ගෙන ආ පුතා සිය පියාට ඊට ඇතුළු වන ලෙස කියා සිටියා.
කිසිවක් නො ඇසූ පියා ඊට ඇතුළු වූ වහාම මේ පුතා එහි පියන වසා දැමුවා. එලෙස වසා දැමුවේ ඒ පෙට්ටිය ගොවි භුමියේ කොනකට වෙන්නට පිහිටා තිබූ උස බෑවුමෙන් පහලට තල්ලු කරන්නටයි.
කඳුමුදුනට පෙට්ටියත් ඔසවාගෙන ළඟාවූ වහාම තමා ඔසවාගෙන ආ පෙට්ටිය තුලින් සිහින තට්ටු කරන හඬක් ඇසී පෙට්ටිය බිම තැබු පුතා එහි පියන මඳක් හැර බැලුවා.
පියා බොහොම සුවපහසුවේ ඒ වන විටත් පෙට්ටිය තුල වැතිරී සිටියා.
"කන්දෙන් පහලට මාව තල්ලු කරන්න කලින් මට උඹට දෙයක් කියන්න අවසරද?"
මහලු පියා සිය පුත්‍රයාගෙන් අසා සිටියා..
මොකද්ද ඒ??
උඹට කැමතිනම් මාව මේ කන්දෙන් පහලට තල්ලු කරලා දාපං.
පියා පුතාට පැවසුවා..
එත් මේ යසට හදපු ලී පෙට්ටිය පරිස්සම් කරලා තියපන්, සමහර විට උඹේ දරුවන්ට මේක පාවිච්චි කරන්න උවමනා වේවි.
මුලය:
Zen Stories To Tell Your Neighbors
[ඔබේ අසල්වැසියන්ට කියාදිය යුතු සෙන් කතන්දර] ඇසුරිනි.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com4tag:blogger.com,1999:blog-5225450033340027797.post-46265651624709603652015-07-11T07:50:00.000-07:002015-07-11T07:50:28.662-07:00ධර්මයේ හැසිරීම
කරුණාලතා ස්වභාවයෙන්ම හීන්දෑරි සිරුරක් හිමි කාන්තාවකි. මා පතලේ පැත්තේ සහ රබර් ඉඩම යන අවස්ථාවල, අසලින් ගලා බසින ඇලට මායිම්ව ඇති පොල් වත්තේ, වෙලුනු පොල්අතු ඇහිඳින කරුණාලතා මට අමුත්තක් නොවේ.
අහ චුටි මහත්තයා පතලේ පැත්තේ යනවද?
මම යන්නේ පතලට බව හොඳින්ම දන්නා නමුත් මගේ විමසන්නේ ඇය යාබද වත්තේ පොල් අතු ඇහිඳින බව අඟවන්නට මෙනි.
ආ ඔව් කරුණාලතා මම පතලේ පැත්තේ යන්න කියලා. ගිහින් එන්නං!
මම උත්තර දුන් විට ඈ හිසවනා තමා කරමින් සිටි වැඩේ මා මීට පෙර නොදැක්කා සේ නියුක්ත වීම මට දැන් හුරුපුරුදු ය. කරුණාලතා සම්බන්දයෙන් මට පවසන්නට කිසිවක් හෝ පෙර සතිය වන තුරුම මා හට තිබුනේ නැත. එහෙත් එයට මඟ පෑදුනේ හරි අපූරු ආකාරයකට ය.
අප අවසානයටම කැනීම් කර ඉල්ලම් ගොඩ දමාගත් පාතාලය අවසන් වුයේ ආදායම් අතින් නොවුනත් සේවකයන් ඇති පාඩුවක් කරමිනි, එයට හේතුව නම් අපගේ පතල්නඩයේ සිටි එක සාමාජිකයෙකුගේ ඉවත්ව යාමයි. 6 දෙනෙකු කරවනා පතලය එක අයෙකු අඩු වීම විටෙක පාතාලය අතරමග නතර වන්නට තරම් හේතුවන ක්‍රියාවකි. අවාසනාවකට අපට වුයේද එයම ය.
මහත්තයා අපි රන්ජි වෙනුවට කරුණාලතා නැන්දාගේ පුතා බුද්ධිකව ගන්නද?
මටත් ප්‍රතික්ෂේප කරන්නට තරම් හේතුවක් නොවුන නිසා අවසරය සහිතවම මීළඟට ආරම්භ කරන්නට යන පතලයට හවුල් කරුවෙක් ලෙස බුද්ධික එක්කාසු කරගන්නට හේතු යෙදුනේ එලෙස ය. රාජකාරි අවසන් වී ගෙදරට ආ මම තාත්තා සමඟ දවසේ වූ දේ කතා කිරීම පුරුද්දක් ලෙස කරගෙන යමි. එදත් වෙනදා ලෙසම මං තාත්තා සමඟ කතා බහේ යෙදී සිටිත්දී එදින සිදුවූ දේ මම ඔහුට පැහැදිලි කරෙමි.
ආ ඔය කරුණාලතා කියන්නේ අර ගමෙවුන් එක එක කට කැඩිච්ච කතා කියන වාහෙ නේද?
තාත්තා කිවූ අපබ්රංසය මා හට තේරුම් ගන්නට නොහැකි වුනත් මා එය ඔහුගෙන් හාරා අවුස්සන්නට නොගියෙමි. පසුදා පතලය පැත්තේ යන විට වෙනදා ලෙසම කරුණාලතා සමඟ වන කතා බහ සිදුවිය. පතල් නඩය තේ පානය සඳහා පතලේ වැඩ කටයුතු නතර කල වෙලාවක මම පාතාලයේ බාස්උන්නැහේ වන අනුරගෙන් මේ ගැන විමසන්නට සිතුවේ එදින තේ පානය උවමනා කරන කෙටි ආහාරයක් ගෙන එන්නට බුද්ධිකව කඩ පිලට පිටත් කර හැරිය බැවිනි.
මොකද්ද අනුර අර කරුණාලතාට එක කට කැඩිච්ච කතා රට්ටු කියන්නේ.
ඒක ටිකක් අමුතු කතාවක් මහත්තයා.
අනුර පිළිතුරු දුන්නේ මඳක් හඬ බාල කරමිනි.
ඔය කරුණාලතා නැන්දා කසාද බැඳලා නැහැ. දැන් ඉතින් හතර පෝයටම සිල් ගත්තට ඉස්සර නම් කියන්නේ උන්දැව රිංගපු නැති පඳුරක් මේ ගිනිගැස්ම වත්තේ නැතුව ඇති කියල. මෙහෙම ටික කාලයක් වෙනකොට උන්දා ගමේ පන්සල හැදුවට පස්සේ නිතරම බෝධිපුජා වැඩ අරවට මේවට එනවා. එහෙම එද්දී තමා කසාදයක්වත් නොබැඳපු මේ බවලත් ඇත්තිගේ බඩට දරුවෙක් ආවේ. කවුරුත් දන්නේ නැහැ කවුද අපුච්චා කියලා. එත් ළමයාගේ කම්මුලේ තියෙන උපන්ලපය නිසා මිනිස්සුන්ගේ හිතේ පොඩි සැකයක් තිබ්බා. එක එක හා හෝවවල් ගියේ නැතුවම නෙවෙයි එත් එක දවසක පොලට ගිය වෙලාවේදී පොලේ එළවලු විකුණන ධර්මේ මාමා මේකිට මොනවටදෝ නොසෑහෙන්න බැනලා. ඔතන අපේ හේඅලියා ඉඳලා තියෙන්නේ බඩු කිර කිර. ඒ කතාවට ඌත් ගුටි කාලා. අපි එක්කත් ඌ තමා මෙව්වා කිව්වේ.
ඉතින් මොනවද ධර්මේ කරුණාලතාට කියලා තියෙන්නේ?
මගේ කුතුහලයට මගේ මුවින් එම වදන් පිටවුයේත්, අතේ වූ තේ කෝප්පය මුවට ලංවුයෙත් මට නොදැනීමය.
"තොට මිනිස්සු නැතුව ළමයෙක් බඩට ඕනේ කිව්වම, එක දුන්න මටනේ ඔහොම කයිකතන්දර කියන්නේ" කියලා..!
එතකොට හේඅලියා අහලා..,
ඔව් මොකද්ද අහලා තියෙන්නේ???
හානේ කරුනාලතා අක්කට බුද්ධිකයව හම්බුනේ ධර්මයේ හැසිරිලාද?
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com8tag:blogger.com,1999:blog-5225450033340027797.post-41680963796553328462015-04-28T05:45:00.001-07:002015-04-28T06:40:01.212-07:00ස්වස්තික
ස්වස්තික මට හමුවන්නේ අවිස්සාවේල්ල නුවර බසයක් තුල දී ය. [ඔහුගේ සත්‍ය නම නොදන්නා නිසා ඔහුව මේ නමින් හඳුන්නනවාට කරුණාකර කමන්න.] නිහඬව කවුළුවක් අසල රේ බෑන් කණ්නාඩි දෙකක් පැළඳ ගෙන පොතක් පෙරලගෙන සිටිද්දී ය. හදිසියේ බසයට නැගුණු සමහරක් දෙනා ස්වස්තික අසලින් හිඳ ගත්තද ටික වෙලාවක් යන විට අසල වූ සීට් එකක් හිස් වූ තැන, එතැනට ගොස් හිඳ ගනියි. ඉන් පසුව අසල සිටිනා පුද්ගලයෙකු හා ස්වස්තික දෙසට ඇඟිල්ල දිගු කරමින් මොනවාදෝ කියයි.
අවිස්සාවේල්ලේ සිට හෙට්ටිමුල්ල පහුවන තුරුම දෙතුන් දෙනෙකුම එකමාකාරයෙන් ප්‍රතික්‍රියා දක්වන්නට වූ නිසා ස්වස්තික අසල වූ සීට් එකකට මම මාරු වුනෙමි. හේ උස ය, ප්‍රියමනාපය, කිසිදු වරදක් නොපෙනේ, විටින් විට සිය ජංගම දුරකථනය දෙස නෙත් යොමමින් තිරයේ පෙන්වන දේට උත්තර ලියමන් ද, ඒ අතරතුර තමා අතැති පොතේ පිටු පෙරලමින් ද කල් ගමනේ යෙදෙනු විනා ඔහු තුලින් කිසිදු වෙනසක් මා හට පෙන්නුම් කෙරුනෙම නැති. අවසාන කිසිවක් නොවන තැන මේ කුහුල ඉවසනු නොහැකිව මම ස්වස්තික අසලින් හිඳ ගතිමි.
ටික දුරක් ගමනේ යෙදුන තැන,
ස්වස්තික : මිස්ටර්ට ගමන බොරින් වගේ නම් මම පොතක් දෙන්නද කියවන්න?
මම: අනේ දෙන්න ගොඩක් ස්තුතියි.
විනාඩි කිහිපය සිය දෙපා අතර රඳවාගෙන සිටින රෙදි මල්ලෙන් පොතක් රැගෙන දෙයි.
ස්වස්තික : කියවන්න. ඔය පොත මම ලියපු එකක්, තවම ප්‍රින්ට් එකට දීලා නැහැ. හෙට අනිද්දම මොනා හරි කරන්න ඕනේ. දන්නේ නැද්ද, මගේ මිසිස්ගෙයි දරුවන්ගෙයි වැඩ වලට හිර උනාම මගේ වැඩ වලට වෙලාවක් නැහැනේ.
මම හිනහාවක් පා පොත අතට ගතිමි. මිනිසුන් මෙවැනි මිනිසෙකුව අඩු තක්සේරු කර ඔහු අනුන්ගේ විඩාව සිඳුවා ගැනීමට පොතක් දුන්විට එය ප්‍රතික්ෂේප කර වෙනත් තැනක අසුන් ගත උන් ගැන මට ඇති වුයේ සැබවින්ම අනුකම්පාවකි. පොත කවරය සිතන්නටත් බැරි තරම් අගනා ආකාරයට සමින් නිමවා ඇත. මෙතරම් වෙහෙසක් ගෙන පොතක් සමින් බැඳ ලියන්නට පටන් ගන්නා කෙනෙකු වේ නම් ඔහු හෝ ඇය නොසලකා හරිය යුතු පුද්ගලයෙකු නොවන බව මගේ සිතට දැන් දැන් දැනෙමින් පවතී.
මම: මිස්ටර් පොත ගොඩාක් ලස්සනට බයින්ඩ් කරලා තියෙනවා. මෙහෙම පොතක් ලියන්න පටන් ගන්න එසේ මෙසේ හැකියාවක් තියෙන කෙනෙකුට බැහැ.
සිය උපැස් යුවල ගලවා පොත මතින් තබා මගේද බැලූ ස්වස්තික,
ස්වස්තික: මිස්ටර් මිනිස්සු උනාම කිසිම දෙකින් සැලෙන්න හොඳ නැහැ. හැමදේම වෙන්නේ මිනිහට, මම මගේ ඊළඟ ෆික්ෂන් එකට කරුණු කල්පනා කරන ගමන් ඉන්නේ, කැන්ඩි වලට මේ බස් එක යනකොට තව වෙලා යන නිසා මට මගේ ෆස්ට් චැප්ටර් එකට තොරතුරු එකතු කරගන්න පුළුවන්. ඒ නිසා ප්ලීස් ඔය මේ පොත කියවන්නකෝ, අපි ටිකකින් කතා කරමු.
එය ආරාධනාවක්ද තර්ජනයක් ද කියා මගේ සිතින් සිතා ගත නොහැකි වූ තැන මම මා ඇත වූ ඔහුගේ පොත දෙස නෙත් සැලීමි. හමින් කවරය කල පොත තවමත් මා දෙඅත තම නිසලව තිබේ. මම සෙමින් එය කියවන්නට පටන් ගතිමි. එහෙත්...,
මම පළමු පිටුවද දෙවැනි පිටුවද තෙවැනි පිටුවද පෙරලුවද කිසිවක් සොයා ගන්නට නොහැකි වූ තැන මම මුලසිට අගට පොත පෙරලීමි. එය කිසිවක් නැති හිස් පොතක් විය. මම ස්වස්තික දෙස හැරුනෙමි.
මම: මිස්ටර්, ඔයාගේ මේ පොතේ
ස්වස්තික : ආ...ඔව් ඉතින්?
මම: මොකවත් නැහැ නේ?
ස්වස්තික: මොනවා
මම : ඔව් මොනවත් නැහැ
ස්වස්තික : කෝ කෝ මෙහාට දෙනවා බලන්න.
මම : ආ මෙන්න.
ස්වස්තික : ඇයි අයිසේ මේ තියෙන්නේ යස අගේට.
ස්වස්තික ම දෙසට හැරී පොත් හිස් පිටු අතර ඇඟිලි යවමින් පෙන්වයි. එහෙත් කිසිවක් ලියා නැති ඒ පොතේ ඔහු පෙන්වන දේ සිතින් මවාගෙන හෝ හිසින් සන් කරන්නේ කෙලෙස? මම කරබාගෙන උන්නෙමි.
තමුසෙට පිස්සු, තමුසෙට විතරක් නෙවෙයි මෙතන මගේ එහාපැත්තෙන් හිටපු උන් ඔක්කොටොම පිස්සු.
ස්වස්තික මහ හඬින් කියවයි, එහෙත් බසයේ මොර ගෑම නිසා ඒවා ඇසෙන්නේ ඉඳහිටය. මම මේ මනුස්සයා පවසනා අපුල කතා ඉවසනු බැරිම තැන නැගිට, අසලක වූ ඉඩක අසුන් ගතිමි.
බසය තවමත් මාවනැල්ල පසුකර නැත. ඉහත්තාවෙන් වූ බස් නැවතුමෙන් නැගුනු මගියෙක් ස්වස්තික අසලින් හිඳ ගත්තේය.
මිස්ටර්ට කම්මැලි වගේ නම් දෙන්නද පොතක් කියවන්න.?
ස්වස්තික තමන්ට එහායින් හිඳගත් මගියාගෙන් ඇසුවේද, මා ඇතුළු බහුතරයක් මගීන්ගේ මුවගට සිනහා නැගුනේද එකවරම ය.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com15tag:blogger.com,1999:blog-5225450033340027797.post-5604131516083502932014-05-17T03:57:00.001-07:002022-04-15T05:50:50.363-07:00කේසරගේ ජාලගත මෙව්වා එක.
ඒ මෙයට පෑ කිහිපයකට හෝ දින කිහිපයකට එපිට ය.
හෝජුරු නැන්දාගේ නිවසේ පලහා තිබූ මස් කෑබලි කිහිපය ගිලදමා නිවසින් පිටතට ආ කේසර සිය කෙටි නමුත් ගන හිසකේ සොලවා අසල වූ දැලකට නැග ගත්තේය. හෝජුරු කොහේදෝ විදේස රටකින් ආ තැනැත්තියක් වුවත් ඈත සිය මව මෙන්ම දරුවන්ට ආලය කරන්නියකි. සිය සැමියාගේ අඟ සිය සිරුරේ සඟවාගත් පසුවට ඔහු සිය සිරුර දරුවන් වෙනුවෙන් දන් දුන් වග ඈ කේසර හට කීවේ කඳුලින් යුතුවය.
එයා මා දිහා බලලා මොනාදෝ කියන්න හැදුවා, ඒත් මට ඒක අහන්න ඕනෑවෙල තිබ්බේ නෑ, මට ඕනෑ උනේ එයාගේ ලේ දකින්න.
හෝජුරු පොලිස් නිලධාරියා ට කියූ දේ ඇත්ත නම් හෝජුරු සිය සැමියා මරාදමා ඇත්තේ හිතා මතා ම ය.
ඒත් සම්ප්රදායේ හැටියට එයා මට ආහාරයක් වෙන්නම එපෑය. එහෙම නැතුව කොහොමද මම දරුවෝ ටික බලාහදා ගන්නේ?? මට කැමති දඬුවමක් දෙන්න ඉන්ස්පැක්ටර් මම කැමතියි එයාගේ මතකය වෙනුවෙන් ඒ දඬුවම විඳින්න.
හෝජුරු එසේ කීවත් නිලදරුවා කිසිවක් නොකියාම අසල වූ ඉඩකට ගොඩවී සිය නිවස්නයට වැදුනේ ය.
මා කතාව කිවිය යුත්තේ හෝජුරු ගැන නොව ඈගෙ සහ මගේ හමුවීම ගැනය, ඉතින් ඒ වගත් මෙසේ ම,
හෝජුරු ගේ නිවස ඇත්තේ ඇප්‍රිකොට ගසක් ආසන්නයේම ය, මැලින්ඩාගේ පියා මව සහ එකම සහෝදරයා නිතර ගෙඩි කඩාගන්නට ආවත් කේසරගේ රාජධානි පෙදෙසට එන්නට තරම් එඩිවත් වූයේ නැත. එහෙත් එක දවසක් ඒ උත්සහය අපතේ ගියේ ය. ඒ වැඩිබර සන්ධ්‍යාවකි. මුලු ගසේම ඇප්රිකොට් ගෙඩි තිබුනද කන්නට තරමේ ඉදුනු ගෙඩි තිබුනේ නැති, මැලින්ඩාගේ පියා සිය පුත්‍රයා සමඟ ගස වටා කැරකී ගියත් මැලින්ඩා ගසේ ඇතුලු කොටසේ ඉදුනු ඇප්රිකොට් ගෙඩි ඇත්දැයි බලන්නට විය. රතු පැහැයට හුරු කම්මුල් සහිත මැලින්ඩා, අතු අතර ඇස යවා ගෙඩි ඇතිදැයි සොයනවා, කේසර හෝජුරුගේ නිවසින් එළියට ආ විගස ම ඇස ගැටෙන්නට විය. කිසිත් නොපවසා ම කේසර හෙමීට ඇප්‍රිකොට කොලයකට මුවාවී මේ අපූරු සත්වයාගේ විමසුම බලා සිටින්නට විය. අවාසනාවට බොහෝදේ කල හැකිය, මැලින්ඩාගේ ඇස ගැටුනේ කේසරගේ නිවාස වලට ඉහලින් දිලිසී දිලිසී එල්ලෙමින් හිරු රැසින් නැහැවෙමින් තිබූ යෝධ ඇප්රිකොට් වල්ලයි. එක වරම පළතුරු වල්ල දෙසට පියෑඹූ මැලින්ඩා දෙවරක් නොසිතාම සිය මුවෙන් ඇප්‍රිකොට වල්ල අත්තේන් කඩාගති, අවරට තිබාගත් දෙපා ලෙස්සා ගොස් කඩාගත් ඇප්‍රිකොට වල්ල බිමට වැටුනත් මැලින්ඩාට ඊට වඩා හානියක් සිදුවෙමින් තිබිණි. කේසරගේ නැන්දලා මාමලා වියා තිබූ දැල් වල මැලින්ඩාගේ දෑත් දෙපා ඇලී කිසිවක් කරගන්නට බැරිවන තරමට ගැලී සිටියා ය. අධික ලෙස බියපත්ව කෑ ගසමින් නැවත් නැවතත් දඟලන්නට වීම නිසා අසරණ වූ මැලින්ඩාට මේ තමාගේ අවසාන මොහොත පමිණ ඇති බව වැටහෙන්නට වැඩි වේලා ගියේ නැත.
සියල්ල සිදුවීමට ගියේ තත්ත්පර කිහිපයක් වුවත් කේසර මේ සියල්ලම කොනක සිට විමසිල්ලෙන් බලා සිටියෙකු බව මැලින්ඩා දැන සිටියේ නැත. ඈ භීතියෙන් සහ විඩාවෙන් මුසපත්ව සියල්ල සන්සුන් වල තුරුම සිටි කේසර මැලින්ඩා වෙත සිය පා ඉක්මන් කරන්නට විය. තමා දෙසට නාඳුනන්නෙකු එන වග දැනගත් මැලින්ඩා, නැවතත් සිය පුරුදු කලබලය කරන්නට විය, සිය වර්ගයාගෙන් වෙනස් කෙනෙකු තමා වෙත එන විට යුවතියක තුල වන බිය මැලින්ඩාව ද වෙලා ගනිමින් තිබිණ.
ටික වේලාවක් ඈ දෙස බලා සිටි කේසර ට සිය නෑසියන් මේ විනම්බෑසිය බලන්නට දැන් දැන් ම නො එන වග කල් තියා දැන සිටියේ ය. සිය සතුරා අඩපන වනතුරු බලාසිටින්නට තරම් ඉවසිල්ලක් සහිත කේසරගේ වර්ගයා ගේ හීතියට පත් කරවන සුලු ඒ ඉවසිලිවන්ත භාවය කේසරටද නො අඩුවම උරුමව තීබිණි.
දෑසේ වූ අසරණ භාවයත් නළලතේ වූ දම් පැහැති කැලලත් නිසා කේසරට මැලින්ඩාව හඳුනාගන්නට අපහසු වූයේ නැත. ඇප්රිකොට් කන එකාගේ කෙල්ල නැතහොත් අර දං පැල්ලං ඉඩකුඩිච්චිය යන නමින් හෝජුරු සහ සිය මව බොහෝ අවස්ථාවල කතා බහ කරන්නේ මැය ගැන විය යුතු යැයි දැන් දැන් කේසරට සිතෙයි. අවිඥ්ඥාණිකව ඈ දෙස බලමින් මේ රුදුරු අමුත්තා අඩිය තබනා පියවරක් පියවරක් පාසා මැලින්ඩාගේ දැඟලිල්ල ඊට අනුලෝම සමානුපාතිකව වැඩිවන ආකාරයෙනි.
එක වරම කේසර ගමන නැවැත්වීය. තමා අසල සිරවී සිටිනා මැලින්ඩාව පැටලී ඇති රැහැන් කීපයක් ම කේසර එක පහරින් කපා දැමීය. එහෙත් මැලින්ඩා වෙත ළං වූයේ ඔහු නොවේ. ඈ වටේ රැහැණින් රැහැණට පනිමින් ඒ රැහැන් කපා මැලින්ඩාගේ උගුල බුරුල් කල කේසර, දැලට මැලින්ඩාව බද්ධව තිබූ අවසාන රැහැණද කපා දමා සිය අතෙකින් මැලින්ඩාවෙත ගස මුලට වැටී විසිරී ඇති ඉදුනු ඇප්රිකොට් ගෙඩි පෙන්වා සිටියේය.
ලද අවසරයෙන් සිය ශක්තිය එක්තැන් කර ගස යටට පියාඹා ඇප්‍රිකොට ගෙඩි කිහිපය සිය නියට තදකරගත් මැලින්ඩා එසැනින් ආපසු ගියද තමා හසුවී සිටි උගුලේ රැහැන් බුරුල් කල ඒ අමුත්තා ගැන මතකය ඈ වෙතින් පහව ගියේ නැත. අසරණිය පැන ගිය පසු සිය නෑසියන් ඇතිරූ දැල ඒ ආකාරයෙන් ම නැවතත් සැකසූ කේසර සිය නිවස්නය වෙත යන්නට ධවල ඇතිරුම වෙතට යන්නට දෑත් පා ඉක්මන් කලේ ය.
සිය දෙමාපියන් වෙත තමා ගෙන ආ ඇප්රිකොට් ගෙඩි කිහිපය දුන් මැලින්ඩා දොරටුව අසල පඩියක් සේ නෙරවිත් තිබූ ලී ගැටය මත හිඳගත්තා ය. ඉදිරියෙන් කිසිවක් නොදත්තා සේ ගලා යන සේන් ගඟ දෙස නෙත් හෙළමින් කල්පනා කරන්නට මැලින්ඩා කුඩාකල සිට ම ආශා කලා ය. ඇරත් ඈ හට කිසිවක් ගැටලු සහගත වූ සෑම අවස්ථාවක ම සේන් ගඟේ රැල්ලෙන් ඉපදෙන ජලබිඳු වැකි මඳ සුළඟ ආසන්නත ම නිවැරදි පිළිතුර ඈ අසලට ගෙනැවිත් කිහිපවරක් ම පෙන්වා දී තිබිණි.
ඔහු ආවේ මට හිංසා කරන අදහසින් වෙන්න බෑ,
අනික එහෙම ආවා නම් ඇයි මම හිරවෙලා දඟළන විදිය පැත්තකට වෙලා බොහොම සන්සුන්ව බලා හිටියේ?
ඊට පස්සේ එකින් එක මගේ බැමි කපා දැම්මේ??
ඒත් ඔහු මා වෙතට ආවේ නෑ, මම කිසිවක් නොපවසාම ගෙදර ආපු එක නං වස වැරැද්දයි,
හෙට උදේ නොවැස්සොත් ආපහු අම්මලාට නොකියා ඒ හරියට ගිහින් එන්ට ඕන.
මැලින්ඩා සිය හදවත සමඟ තනිවන සෑම අවස්ථාවකම ඒ අපූරු සිදුවීම සිහියට නගා ගෙන කල්පනාවේ යෙදේ. වදවෙන්නට කිසිවක් නොමැතිව උස්මහත් වූ සිය සිතට නව මාතෘකාවක් දෛවය විසින් ලබාදී තිබේ. කලයුත්තේ ඒ ගැන මතකය වියැකෙන්නට පෙර වහ වහා ඒ පිළිබඳ ඉදිරි සැලසුම් ක්‍රියාවට නැංවීමයි.
කේසර සිය නිවස වෙත එන විට තමා කල වීරක්‍රියාව ගැන කේසරගේ මවට කණින් කොනින් ආරංචි ලැබී තිබිණි. තමන්ගේ වැඩිමහලු පුත්‍රයා නලලේ දම් පැල්ලම තිබෙන නැට්ටිච්චීව බේරා හැරිය බව ඒ පුත්තරයාගේ මව දන්නවා යනු මුලු කොළනියම ඒ ගැන දන්නා බව හැඟවීමේ එක සලකුණකි.
අසමජ්ජාතියා,
තමන්ගේ අම්මා මුත්තායේ කාලේවත් කල දෙයක්ද බොලා මේ කරලාතියෙන්නේ ඈ? තව ටික කාලෙකින් නෑම්බියක් අතින් අවසන් ගමන් යන්න ඉන්න එකා නේද? තමන්ගේ තාත්තා තමන්ව හදන්න ජීවිතේ දුන්නට මෙහෙම ලැජ්ජ කරලා නෑ, ඒත් බොලාගේන් පස්සේ පරම්පරාවට කියන්නේ අහල පහල උන් අර නැට්ටිච්චිව බේරලා ඇරිය එකාගේ පුතාලා කියලා නේද??
කතා කරපන්, කතා කරපන් යකෝ...! කේසර මම උඹටයි මේ කතා කරන්නේ..!
හොඳ වෙලාවට මම උඹලව බඩට ආ වෙලේ බොලාගේ මහ එකාව කම්මුතු කලේ,
එහෙම නොවුනා නං ඒ අසරණයා මැරෙන්නේ සාංකාවෙන් ඔව් සාංකාවෙන්..
කේසර නිහඬව සිටියේය. කර ඇත්තේ එක අතෙකින් වරදකි, සිය ප්‍රජාවට ආහාරක් ලබාගැනෙමේ අයිතිය පැහැර හැරීමකි. තවත් ගොදුරක් තම උගුලට හසුවන තුරු, කේසරගේ නෑසියන්ට උගුලේ සවිශක්තිය වියැකෙන්නට නොදී තබා ගැනීමේ භාරදූර කාර්යය සියදරුපවුල පෝෂනය කරන අතර තුර ඉටු කල යුතුය.
මැලින්ඩා වෙනදාටත් වඩා වේලාසනින් ඇඟමැලි කඩා කැදැල්ලෙන් එලියට පැමිණියා ය.
මම ඇප්‍රිකොට ගහ පැත්තට ගිහින් එන්නම්,
වෙනදාට තමා යන්නේ කොයිබදැයි කිසිවෙකුට කියා අවසර පතන්නට මැලින්ඩාට උවමනාවක් නොවුනත් තමා කරන්නට යන්නේ වැරදි දෙයක් දැයි සිත තමාගෙන් යළි යළිත් අසන්නට වීම නිසාවෙන් අවසානයේදී තමා යන ඉසව්ව සිය කණ්ඩායමේ සගයෙකු හට පවසන්නට සිතුවා ය.
කේසරගේ කාලය ගෙවුනේ වෙනදාට වඩා උදාසීන ගතියෙනි. තමා ගොදුරක් බේරා හැරිය බැව් සිය නඩයේ සියල්ලන්ම තොරතුරු රූපසටහන් සහිතව දන්නා බව සක්සුදක්සේ පැහැදිළි වූයේ සිය මව බෑඟිරි ගසා දෙස්තියන්නට වූ පසුවය, ඒ අසලින් සිය අටල්ලේ පිරික්සුම් කටයුතු කරමින් සිටි හෝජුරු නැන්දාද සිටීම නිසා ඇයටද මේ විනම්බෑසිය කන වැකෙන්නට ඇත. කාරණා කටයුතු ඒ ආකාරයෙන් ම සිදුවී ඇතිනම් තවත් නිමිත්තේ හෝදන්නට දෙයක් ඉතුරු වී නැති විය යුතු ය. පාලුව සාංකව මකාගන්නට කිසිවෙකු තමා හා කතාවට එන්නේ වත් තමා කා වෙතට හෝ යන්නේ වත් නැති නිසා කේසර සැබෙවින්ම සිතුවිලි අතර පීඩිතව සිටියේය.
කොහෙද සියදිවි නසාගන්ට වත් පුලුවනෑ, පල්ලමකින් පැන්නොත් මට කලින් මගේ කටින් නූල් විසික්කා වෙනවා නෙව. නිදහසේ මැරෙන්නට වත් ඉඩ නැති හැටි, සංසාරේ...
අවසානයේ සිය කල්පනා ලෝකය සැනසුමක් දෙන්නට ආහාර උගුල වෙත ගොස් එහි සිට අවට ඔත්තු බලන්නට කේසර අවසානයේ තීරණය කලේ ය. විනාඩි කිහිපයක දෑත් වෙහෙසවීමකින් පසුව ඇප්‍රිකොට ගස අසලට ළඟාවන්නට මැලින්ඩාට හැකිවිය. ගස වටෙන් ගොස් දකුණු පස කොල නැති අතු අගින් රින්ගා තවත් අතු කිහිපයක් ඉහලට නැඟ ගත් පසු තමා පෙරදිනයේ ගෙඩි කඩන්නට ගිය ඉසව්වට ළංවිය හැකි බව මැලින්ඩා දැන් දනී.
කල්පනාවක නිමග්න වූවෙකුට කල හැකි හොඳම බාධාව නම් ඒ කල්පනා ලොකයට තහංචි දැමීමයි. එකවරම තමාට පහත අත්තකින් ඇසුනු සරසරය කේසරගේ කල්පනාව බින්දේ සැනිනි. එක වරම පහත බැලු විට තමාට පහති තමන් පෙරදා බැමි ලිහා නිදහස් කල රුවැත්තිය කේසර දෙස ඇසිපිය නොහෙළා බලා සිටිනු දැක කේසර තිගැස්සී ගියේ ය.
ඇයි එහෙම කලේ??
මම දන්නේ නෑ, මට හිතුනා ඒකයි,
දැන් මොකද තත්ත්වේ??
කණ්ඩායමේ ඔක්කොම අය දන්නවා මම එහෙම කලා ය කියලා, උන් මාව නොසලකා හැරලා.. මට ඊට කලින් කියන්න ඔබ මෙතන මොකද කරන්නේ?
මටත් අහන්නට තියෙන්නේ ඒ ප්රස්නෙමයි ඔබෙන්??
කමක් නෑ මුලින් ඇහුවේ මම. ඒ නිසා ඔබ මට පිළිතුරක් ණයයි.
හොඳයි, මාව බැමි ලෙහුවට පස්සේ මම ගෙදරට යනකනුත් කල්පනා කලේ ඒ ගැන මට හිතාගන්න බෑ ඇයි එහෙම ඔබ මාව බේරා හැරියේ කියලා, මීට කලින් මට මෙහෙම දෙයක් වෙලත් නෑ, කවුරුවත් මට උදව්වක් කරලත් නෑ. මම ඒකයි අද ආවේ ඔබට කොහොමද කියලා බලන්ට.
හ්ම්ම්, මමත් මීට කලින් එහෙම කරලා නෑ තමා, අපේ මුලු පවුලම ගොඩක් කාලෙකින් මොනවත් ආහාරයට අරගෙන නෑ, අපි දඩයම් දන්න්නේ නෑ, අපි දන්නේ උගුල් අටවන්ට විතරයි, ඒකට කවුරු හරි තමන්ගේ නරක වෙලාවට අහුවුනොත් විතරයි අපිට කෑම ලැබෙන්නේ. ඒකයි මට අපේ කණ්ඩායමෙන් නින්දා අපහස ලැබෙන්නේ.., මම හිතන්නේ ඔබට තේරෙනවා ඇති මම කියනාදේ,
ඔව් මම දන්නවා, මගේ ජීවිතේ බේරපු එකෙන් ඔබ කරලා තියෙන්නේ මට විසාල උදව්වක් උනාට, ඔබේ ගෝත්‍රයට විසාල අසාධාරණයක්.
හ්ම්ම්,
මම යන්නම්, ස්තූතියි නැවතත් මගේ ජීවිතය නොගත්තාට.
අවස්ථාවට ගැලපෙන කුමක් හෝ දෙයක් කියන්නට කේසර සිතනා විට පහතින් යලිත් ඇසුනු සර සරය නිසා කල්පනාව පසෙක තබා පහත අත්ත දෙස බලන විටත් මැලින්ඩා තිතත් වන්ව ඈතට යනවා කේසර දුටුවේ ය.
පරිස්සමින් සිය අත් දෙකකින් වැරගෙන ධවල බන්ධනයේ ඉහල කොටසකට නැඟුනු කේසර සිය කැදැල්ල වෙත පිය මැන්නේ ය. එදා සිදුවීම වාගේ නොව අද සිදුවීම කිසිවෙකු කිසිවන් දැන නොගනීම කේසරට සහනය විය. හැඩරුවෙන්, අදහසින්, භාශාවෙන්, ගෝත්‍රයෙන්, වර්ණයෙන් තමාට වඩා පරස්පර විරෝධී වුවද ඈ හා තමාගේ එකිනෙකා හඳුණන හුරුපුරුදු පොදු ගුණාකාරයක් ඇති බව කේසරගේ සිත් කොනක අදහසක් ඉපදිණ.
මම ඒක කොහොමහරි හොයාගන්නවා,
සුළඟට ගසාගෙන ආ දිරාගිය අත්තක කොටසකින් සිදුරුවූ සිය නිවහනේ වහලය ආවරණය කරන්නට මුදුනට නගිනා ගමන් කේසර සිය සිතට ම සපථ කරගත්තේ ය.
පෑ දින වලට පෙරළිණ, කේසර, මැලින්ඩා සමඟ සිය නිදහසේ කතාව කරගෙන යන්නට බොහෝ තැන්වල සිට උත්සහ දැරුවද, ඒ සෑම අවස්ථාවකදීම කේසරගේ හෝ මැලින්ඩාගේ ගෝත්‍රයේ කවුරුන්හෝ සිය නායකයාට ඒ බව රපෝර්තු කර ඇති බව දෙදෙනාව සිය වරිග සභා මැද්දට ගෙන අවවාද දීම් වලින් දැනගන්නට විය. නිදහස උගහට ය. තමා වෙත බැලුම් හෙළා සිටි තරුණ සෙබලා පවා තමාගේ වරිගයට නොගැලපෙන් සබඳතා වලින් වෙලී ඇති බව දැනගන්නට වීම නිසා මැලින්ඩාගේ හොඳම මිතුරියගේ සහකරුවා බවට පත් කරගෙන ඇති බව ආරංචි විය,
ඒ වාගේම කේසරටද තමා වෙනුවෙන් හෝජුරු නැන්දාගේ දුවණියක ජෝඩු කරන්නට මව දැරූ උත්සහය වරිග සභාවේ අණින් වලක්වා ඒ වෙනුවට කේසරට බ්‍රහ්ම දණ්ඩයද, ජීවිතාන්තය දක්වා සිය සහකාරිය අතින් ලැබෙන ගෞරවණීය මරණය ද අහිමි කරවීය. දින ගණනක නිරාහාරය කේසරව දුර්වල කරන බව දැනෙන්නට විය. අවසානයේ කේසර තමාහට ගත හැකිව ඇති අවසාන තීරණය, එසේත් නැතිනම් සිය වර්ගයා තමාට ගන්නට යැයි බල කර සිටින ඒ තීරණය ගන්නට සූදානම් විය.
මිත්‍රත්වය කෙසේ වුවද බඩගින්න ඊට වඩා කවදාහෝ උග්‍ර වන බැව් කේසර දැන සිටියේය.., සිය අතිජාත මිතුරිය මැලින්ඩා එන තුරු සිය දෑත් යුගල දෙකක් භාවිතා කරමින් දැල වියමින් සිටියේ එහෙයිනි, අඩු ගනනේ අනික් තම වර්ගයේ එවුන්ට දැනෙන්නට හැරියේ එලෙසය. තමාහට ඒ හමුව එක්තරා ආකාරයක අරුමැසි කාරී එකක් බව තමා කෙනෙකුට විස්තර කලොත් ඉන්තේරුවෙන් ම කියනා වග කේසර දැන සිටියේය. මවු සිය සැමියාව ආහාරයට ගෙන සිය ගැබ පෝශණය කරගත් බව කට කතන්දර වලින් කියත්දීත් ඒවා තඹයකට මායිම් කරනොගෙන කෙළිදෙලින් නැන්දලා මාමලාගේ දැල් වලට කාලය ගෙවමින් සිටි කේසරට ඈ හමු වීම පුදුමයක් වූයේ මෙයට කලින් ඈ වැනි කෙනෙකු දැක නැති නිසාවෙනි. තාමත් විටෙක ඈ තරහින් කෑ ගසන විට මුල්ලකට වී බියගෙන සැඟවීම කරත්, කිසිවිටක මෙවර තරම් ඈ දැලේ ලා ගැනීමට බිම් සැලසුම් එලුවේ නැත. අතීත මතකය පසෙක ලා කේසර නැවත දැල වියන්නට ගත්තේ ය. අද ඈ සමහර විට වැස්සට පෙර එන්නට ඉඩ ඇත. කේසර ඒ බව දනී.
මේ කරදර අවසානය කල යුතු තැනට පැමිණ ඇත.
මැලින්ඩාගේ හැසිරීම ගැන ඔත්තු බලන්ට යොදවා සිටි සෙබලාට මැලින්ඩා කැදැල්ලේ නොමැති බව දැනී වහ වහා රපෝර්තු කිරීමෙන් පසුව සෙබල පිරිසක් ඇප්රිකොට් ගස වෙත පියෑඹීම අරඹන විටත් මැලින්ඩා ගස අසලට ළඟාවී සිටියේ ය. සිය මිතුරා තමාව කොටු කරගන්නට දැල් එලාගන්නට ප්‍රජාවට අවකාශ දී ඇති බව මැලින්ඩා වෙත ඊට පෙර දින සුළං රැල්ලක් කොඳුරා කීව්වත්, තමා ඊට එඩිබලව මුහුණ දෙන වග තම සිතේ සටහන් කරගත් වග මැලින්ඩා කිසිවෙකුට කියා නැති.
එක වරම අමු ගෙඩි අතර දිදුලමින් කිසිවකුගේ අවධානයක් නොලබා තීබෙන ඇප්රිකොට් ගෙඩිය වෙත ඈ සිය අවධානය යොමු කලේ ය. එ සමඟම තමාගේ එක තටුවක් පැටලුනු ධවල දැල කිසිවෙකුගේ බලපෑමක් මත පැටලී අනෙක් දැල් වෙත හා වෙන්නට යන වග මැලින්ඩාට සිහිවිය, ඇප්රිකොට් ගෙඩිය තමාව උගුලේ වට්ටන්නට කල ඇමක් බව මැලින්ඩාට පැහැදී අවසාන ය. ඈ සිය උත්සහයන් අතහැර මිතුරාගේ පාත්‍රවර්ගයා වෙත ආහාරය වේවා යන අදහසින් සිය පියාපත මත හිස ගසා ගත්තා ය.
සිය මිතුරිය ආහාරයට ගන්නට සූදානම් වන සිය නෑසියන් දෙස බලා සිටින්නට නොහැකිව අසරණ කේසර ඇප්රිකොට් ගස පිහිටා තිබූ තැනින් පහලට පනිද්දී එකවරම සිය එක අඬුවකින් අල්ලාගත් කවුරුන්හෝ ඉහළට ඔසවාගෙන යන බව අවටින් ගලායන සුළං වැල් වලින් කේසරට දැනෙන්නට විය, ඒ සමඟම ඇප්රිකොට් ගසේ පරම්පරා ගණනාවක් විරාජමානව තිබූ මකුළුදැලේ ගොදුරක් බවට පත්වන්නට ගිය මැලින්ඩාගේ බැමි සෙබල කුරුල්ලන් දෙදෙනෙකුගේ නිය පහරින් විසුනු කර දමා නැවතත් සේන් ගඟ අස කැදැල්ලට කැඳවාගෙන යන්නට විය. එකවරම සෙබල කුරුල්ලෙකුගේ හොටයක් අග එල්ලී සිටින අමුතු ආකාරයේ සත්ත්වයා දැක මැලින්ඩා හට තමන්ගේ ජීවිතය ගැන නව බලාපොරොත්තුවක් දලුලන්නට විය. කේසරත් තමාට පහතින් සෙබලුන්ගේ උදව්වෙන් තමාදෙස බලමින් පියාසලන සිය කිරිල්ලිය දැක මැලින්ඩාට ඇතිවූ සංවේදනාව ම ඇතිවන්න ට විය.
උඹලෑයේ බාප්පා අර සේන් ගඟ අහ, දං පැල්ලං ඉසකුඩිච්චිය එල්ලගෙන අපේ පරම්පරාව දැලි ගෑවා,තමන්ට නොගැලපෙන ගෝත්තරේකින් උඹලා පෑහෙන්න හදන්ට එපා, කෙටියෙන් කියනවා නම් උඹලා කේසර බාප්පා වගේ හැදෙන්න එපා තේරුණාද? උඹලා මේ දැල රකින්න ඕනේ,
හෝජුරු නැන්දා සිය මකුළු පැටවුන් හට කොතරම් අවවාද අනුශාසනා දුන්නද පැටිවියේ ගෙවෙන ඒ මකුළු පැටවුන් හට උද්යෝගයෙන් කතා කරන්නට මනැස් විරුවෙකු ලැබී තිබේ. ඒ කේසර බාප්පා ය.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com7tag:blogger.com,1999:blog-5225450033340027797.post-48291798110258285732014-03-17T04:04:00.002-07:002014-03-17T04:07:42.374-07:00නිර්මාණකරුවාගේ මළගම
නිර්මාණකරුවා සිය පින්සල මෙහෙයවා අලුත් සිතුවමක් නිමකරමින් සිටියේය. එළිමහනක කුවේර පරපුරක ධනය ඉස්මුරුත්තාවට ආ එහි අවසන් පුරුකක බිතක් සරසන්නට නිර්මාණකරුවා හට ලැබුණු ආරාධනයෙන් පසුවයි ඔහු සිය පින්සල මෙහෙයවා අලුත් සිතුවම නිමකරමින් සිටියේ. නිර්මාණකරුවා අවංකය. අව්‍යාජය, මුවට නැඟෙන අවංක අදහස නොබියව පවසයි, ඔහු සිය හැකියාව මෙතාක් කාලයක් ලබා දුන්නේ නොමිලයේ වුවත්, ඔහු සිටියේ තුටෙනි, සැනසිල්ලෙනි. මේ නිසා ගමේ නගරයේ තුල පමණක් නොව, පත්තර වල පවා ඔහුගේ හැකියාවන් නිරන්තරයෙන් ඇගයුමට ලක් විය.
නිර්මාණකරුවා බිතුසිතුවමේ අවසන් රේඛා කිහිපය නිමකරමින් සිටිනා විටෙක බිත අද්දරින් අශ්ව කරත්තයක නැඟී යන්නේ, රටේ මාධ්‍ය කුවේරයාය. අසුගේ කුර ගැටෙන සරින් හැරී බැලූ නිර්මාණ කරුවා එහි ඇති කුඩා කවුලුවෙන් ඉතා අපහසුවෙන් තමන් නිම කල සිතුවම දෙස බලමින් යන පුද්ගලයා දැක ඔහු මුව සිනාවකින් සැරසිණ.
පුදුම දුකක් විඳින්නේ, බිත්තිය දිහා බලන්ට..,
මොකෝ වෙන්නේ නිදහසේ කරත්තේ නවත්තලා බැහැලා බැලුවා නම්..?
අව් රැල්ලට වහ වහා වියැලෙමින් යන අවසානයක් නොදුටු රේඛාවක් සිය ගමනාන්තය බලා පින්සලය මතින් ගමන් කරවූ නිර්මාණකරුවා සිතන්නට විය. සිය නිර්මාණ කාර්යය අවසාන කර තනිකඩ කුවේරයාගේන් පඬුරුත් රැගෙන මහා මන්දිරයේ සිට සිය නිවස බලා යන්නට දින දෙක තුනක් ගත වුවත්, සිලිමක් හෝ දෙකක් වැය කර කරත්තයක නැඟී යන්නට හැකියාව තිබියදීත් නිර්මාණකරුවා පාගමනින් නිවස වෙත යන්නට පටන් ගත්තේ ය. අවට ඇති ඇසට ප්‍රිය සූන්දරතා සහ උකහාගතයුතු යමක් වේද එසැනින් ඔහු අත වූ සටහන් පොතේ පැන්සලයෙන් සටහන් කරගන්නට අවැසි විය, කෙටියෙන් කිවහොත් ඔහු සිය නිර්මාණ වල ගුරු කොට සැලකුවේ ස්වභාවධර්මයයි.
නිවසට ළඟාවන විට දින දෙකකුත් වරු දෙකකුත් පසුවී තිබිණි. මල් පෝච්චිය යටින් සුපුරුදු ලෙසින් ම සඟවා තැබූ තැනින් එළියටගත් යතුරින් නිර්මාණකරුවා නිවසේ දොර හැරියේය.., කවුරුන් හෝ නිවසේ දොර යටින් දමා ගොස් තිබූ පාචිමන්ට් කඩදාසියෙන් කල ලියුම් දෙකක් නිර්මාණ කරුවාගේ ඇස ගැටිනි. තවමත් ඇලෙමින් පැවති ලාකඩ දෙස බැලූ නිර්මාණ කරුවා ලියුම් දමා ගොසින් එතරම් වේලාවක් ගත නොවී ඇති බව වටහාගන්නට තරම් දක්ෂ වීය.
සුහ පැතුම් සමඟින්, මහාමාන්‍ය, දේශ හිතෛෂී, ජාතිමාමක, ජනමූල..
ගෞරව නාමයන් අතහැර තමන්ට අවැසි දේ පමණක් කියවන්නට ලියමන පුරාවට ඇස් යැවි නිර්මාණ කරුවා එක වදන් පෙළක් අස නැවතිනි. එය මෙසේ විය..,
දින කිහිපයකට ප්‍රථමයෙන් අප අධිපතිතුමාණෝ සිය සුදු අසුන් බැඳි කරත්තයෙන් ගමන් කරනා විටෙක ඒ මඟ අසල බිතක සිතුවමක් නිම කරමින් සිටි ඔබ දැක ඔබේ නිර්මාණ කාර්යය පිළිබඳව නොසෑහෙන්නට පැහැදී ඔබ පිළිබඳව සොයා, වහාම ඔහු සේවම මඬුල්ලට බඳවා ගතයුතුය, ඔබේ නිර්මාණ ධාරිතාවයට සැලකුම් කලයුතුය යන සුධර්මවත් චින්තාවේන් සැදී මේ ලියමන ඔබ වෙත එවන්නට මුල් හේතුව බවට පත් වීය.
පලි:
අනෙක් ලියුම් කවරය තුල ඔබේ ගමන් වියදමට සරිලන ප්‍රමාණවත් මුදලක් තැම්පත් කර ඇත. මෙවැනි අවස්ථාවක් යලිදු ඔබට නොලැබෙනු ඇති. ඔබ මීට ඉදිරි දින දෙක ඇතුලත ප්‍රතිචාර දක්වනු ඇති වග අපේ විශ්වාසයයි. දිනදෙක අවසන අපගේ නොයෝජිතයෙක් ඔබ නිවස අද්දරට පැමිණෙනු ඇත. ඔබට ඇත්තෙ ඔහු සමඟ පැමිණීම පමණි.
ලැබී ඇත්තේ කිසිවෙකුට නොලැබෙන අවස්තාවකි, දුකින් අඟහිඟින් පිරි ජීවිතයට නැවතීමේ තිතකි. කුමක් කල යුතුදැයි,සිතන්නට විය. සිත මනස කියන්නේ තනතුර භාර ගතයුතු බවයි, එහෙත් සිය ස්වාධීනත්වයට වන හානිය මතකවන නිසාදෝ හදවත ඊට එරෙහි වෙයි. උයාගත් සිය ආහාර අනුභවයෙන් පසුව සිය මනසට සිතුවිලි හා වාද කරන්නට ඉඩ දී නිර්මාණ කරුවා නින්දට වැටිණි.
අවාසනාවක මහත! උදෑසන වන විට හදවත පරදා මනස ජයගෙන තිබිණි.
උදෑසනම අවදිවී ගත පැනින් නහවාගෙන, අලුත් ඇඳුමින් සැරසී, තමා රැගෙන යන්නට පැමිණෙන්නා එනතුරු දොරකඩ සිට නිර්මාණකරුවා මඟ බලා සිටියේය. බොල්කටු දෙකක් එක හා වැදෙන සරින් ගල් ඇතිරූ පොලවේ ඈතින් ඇසෙන හඬ නිර්මාණකරුවාගේ මනස් චින්තාව විලිපිසර කරවීමට සමත් විය. දෙතොලට උඩින් නැඟෙන දාඩිය බිඳ මහපොටැඟිල්ලෙන් තවරාගත් හේතෙමේ.., සිය අඩුමකුඩුම ඇහිරූ මල්ල කරට ගෙන පෙරමඟට ගියේ තමන්ව දියුණුවේ හිණිපෙත්තට තබන්නාගේ ගමන් සඟයා පිළිගැනුමට ය.
දින සති මාස වසරින් ගතවී ගියේය. කුවේරයාගේ සෙවණේ සේවා කරනා නිර්මාණකරුවා කරනා නිර්මාණ, වාණිජත්වයෙන් පිරී තිබිණි. පෙර මෙන් මිනිසුන්ගේ සුහ පැතුම් ප්‍රසංශා වෙනුවට ඔහුට තම නිමා කරනා නිර්මාණ වලට දෝත පුරා මුදල් ලැබෙන්නට වී. වනය අද්දර නිස්කාංසුවේ සිටි නිවස අත හැර ඔහු නගරයේ ධනවතුන් වෙසෙනා පලාතට යාබදව නව පන්නයේ නිවසකට පදිංචියට ගියේය. පෙර දේශ දේශාන්තර වල මිනිසුන් තුඩ තුඩ රැවුදුන් කරුණාවන්ත නිර්මාණශීලී නිර්මාණකරුවා සිය වාසය අසලම ජීවත් වන බව අසා ධනවතුන් ආඩම්බරයට පත් විය. වැඩි වැඩියෙන් කුවේරයාගේ සේවාස්ථානයට ඇනවුම් ලැබුන අතර, නිර්මාණකරුවාගේ නාමය ප්‍රතිභාව ගණිකා වෘත්තියේ යොදවා කුවේරයා යහමින් හම්බ කරනවා යන්න බොහොමයක් දෙනාගේ මතය විය.
•ඔහුට ඕනේ අපේ තත්ත්වයට එන්න.
•නෑ නෑ ඔහු දැනටමත් ඉතා ඉහළ මිලක් සිය නිර්මාණ වලට අය කරනවා, ඒත් පෙර තරම්ම ඒ නිර්මාණ ප්රශස්ත නැතිදෝ මංදා..?
•මම ඔහුගෙන් මීට වසර කීපයකට කලින් කඩ පිලකදී චිත්‍රයක් අන්දවාගත්තා, ඊට ඔහු මිලක් ලෙස අය කලේ සිලිං 5යි, එදා මම තව 10ක් ම දුන්නා. අපේ නිවාස අසලම ජීවත් වන නිසා මා ඔහුගෙන අන්දවා ගන්නට ගිය විට චිත්‍රයක් ඔහු ඊට අය කල මිල රන්පවුම් පහළොවක්!
බොහෝ සමාජීය හමු වල ඔහුගේ පැමිණීම කැපී පෙනෙන්නට විය. එහෙත් ජනතාව අතර පැතිරී ගිය මත, කට කතා නිසා සිය සම පන්තියේ ජනතාව ඔහුගෙන් නිර්මාණ කරවාගන්නට පැමිණිම පෙරට වඩා අඩුවිය. එහෙත් ධනය රිසි සේ විය පැහැදම් කරන්නන් වෙත සිය සේවාව පෙර සේම ලබාදෙන මේ නිර්මාණකරුවා තවමත් ධනවත් පංතිය හා උරෙනුර ගැටෙමින් ජීවත් වන්නට විය.
පෙර නිදහසේ, නිර්මාණ සඳහා වෙලාව ගෙන පරිපූර්ණ නිර්මාණ බිහිකලද මේ වන විට ගිවිසගත් මුදලට එක පැන්සයකුදු අඩුනම් සිය පින්සලය සෙලවීම හේ ප්‍රතික්ෂේප කලේය. එමතු නොව තමන්ට එන ඇනවුම් සියල්ලම භාරගෙන කුළියට ගත් සිත්තරුන් යොදවා නිර්මාණ කරවා ඒ අවසන සිය අත්සන පමණක් යොදා අලෙවි කරන්නට ද ඔහු මැලි වූයේ නොවේ.
මඟ දිගට නෙත ගැටෙනා ස්වරූප අකුරු කල සටහන් පොත කාවන්ගේ ග්‍රහණයට වී දිරායමින් තිබීණ. බොහෝ දින වල නිවසට සාදවලට ගොසින් බීමත් ව එන නිර්මාණ කරුවාගේ හදවත තුල වූ නිර්මාණශීලීත්වය මේ සියල්ල දෙසම වේදනාවෙන් බලා සිටියේය. තමාගෙන් උදව් නොගෙන තමා අතට එන මුදල් නැමැති පසමිතුරාගේ පහස ලබා කෙමෙන් කෙමෙන් විනාශය බලා දිව යන නිර්මාණ කරුවාගේ ජීවිතය තුලින් නිර්මාණශීලීත්වය කෙමෙන් කෙමෙන් පිටතට කාන්දුවිය. එක් අඳුරු දිනයක නිර්මාණකරුවා අවදිවන විට ඔහුගේ හස්තය සතුව පින්සලය හසුරවාගන්නට තරම්වත් හැකියාවක් නැති වන තරමට හේ දුර්වල විය, යාබද කාමරයට සිය ඇනවුම් නිමවමින් සිටි සේවකයින් දෙදෙනා දෙස බලා සිය පින්සල අතට ගත් නිර්මාණ කරුවාගේ අත පණතිබුනේ සිය අත්සන තබාගන්නට පමණි. කාමරමුල්ලේ කොලගොඩකට යටවී තිබූ සිය සටහන් පොතේ අවසාන පිටුවත් කාවුන්ගේ ආහාරයක් බවට පත්වී තිබු ආකාරය දුටු නිර්මාණකරුවාගේ මනස බියෙන් හැකිලීයන්නට වී.
මගේ ඇතුලේ හිටපු මම කෝහිද?
ඔහු තුල සිටි තමාව, ඔහු සොයනා විට ඔහු සිය ආත්මය අත හැර බෝ දුර ගොස් අවසාන බව නිර්මාණකරුව දැන නොසිටියේ ය. ඒ වන විට නිර්මාණ කරුවා බොහෝ ප්‍රමාද වී තිබිණ, ඇත්ත වශයෙන්ම නිර්මාණකරුවාගේ මළගම වී තිබුනේ මෙයට වසර කිහිපයකට ප්‍රථමයෙන් සිය මනසට හදවත පරාජය වූ ඒ කරුමක්කාර දිනයේදී ය.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com8tag:blogger.com,1999:blog-5225450033340027797.post-24993391189178796772013-11-15T05:01:00.000-08:002013-11-15T05:01:34.621-08:00චාමර
නෝක්කාඩු සමාගමය පිළිබඳව කුඩා චාමර තුල තිබුනේ හිත් නොහොඳකි. දෙමාපියන්ගේ සහ පන්ති භාර ගුරුතුමිය අතර හුවමාරු වන අමුතුම ආකාරයේ වාග්මාලා සහ තමාදෙසට එල්ල වන හදිසි රවා බැලීම් වලින් හෙම්බත්ව සිටි චාමර ආපසු පන්තිය දෙස බැලුවේ නිතර තමන් අකමැති යමපල්ලන් සිටින අපායක් වැනි වූ තමන්ගේ පන්තිය, ගුරු දෙමාපිය සමාගමය අස්සේ දෙවුලොවක් ලෙස පෙන්නට වූ බැවිනි.
මේකාව ගහලා හරි හදන්න මිසිස් අපෝන්සු..
වැඩක් නෑ මිසිස් කීර්ති මගේ අත රිදෙන එක විතරයි දැන් කියලම කී පාරක්ද?
ඒ වුනාට මැඩම් එහෙම බෑනේ, මේ ළමයව අපි සයිකෝලොජිස්ට් කෙනෙක්ගාව අරන් ගියොත් රට්ටු හිතයි මයේ කොල්ලට පිස්සු කියලා..
නෑ මිසිස් කීර්ති බලන්න මේ ළමයා අද උදේ ගර්ල්ස් ටොයිලට් ගාවට ගිහින් කලිසම අස්සේ අත දාගෙන ඉන්නවා..,
අපේ ප්රීෆෙක්ට් කී ගමනක් නම් කිව්වද ඔහොම ඉන්න එපා කියලා..,
කෝ ඒත් ඇහුවායැ..,
තව ඉස්සරහට ඔය එක එක බාල අපරාධ වලට එකතු වෙන්නේ මේ වගේ ළමයි තමා.,
මම නම් කියන්නේ මේ ළමයා මේවා කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද කියලා හොයලා බලන්න..,
දෙමාපියෝ විදියට මේ ගැන මීට වඩා බරපතලව හිතන්න මිසිස් කීර්ති,
නැති නම් නැතිවෙන්නේ ඔයාලට ඔයාලගේ ළමයාවමයි.
කීර්ති මහත්මිය පන්තියට ගොස් ඉස්කෝල බෑගය රැගෙන එන විටත් චාමර සිටියේ පන්තියේ කොරිඩෝවේ දන ගස්වාය.., මේ ඔහුගේ එසේ මුල් වතාව නිසා කඳුලු පිරි දෙනෙතින් හාත්පස බලමින් සිටියේ තමාව බේරන්නට කවුරුත් නැද්දෝ යන සිතුවිල්ලෙනි..,
එනවකෝ යන්න අද මම අප්පච්චිට කියලා හොඳ ගුටියක් ඉල්ලලා දෙන්නං...
පාසැලෙක් ඇවිදින දුරක තිබූ කීර්ති මහත්මියගේ නිවස, දෙන්නා දෙමහල්ලෝ පස්වසරකට පෙර බදුගත්තේ චාමරව පාසලට ඇතුලත් කරගන්නට පාසල අසල නිවෙසක් තිබීම තෝරාගැනීම් ලැයිස්තුවේ ඉහළට එන්නට වැඩි ලකුණු එකතුවන්නට ඇති හොඳ අවස්ථාවක් බව විශ්‍රාමික ගුරුවරියක් කීර්ති යුවල දැනුවත් කලාට පසුව ය.
මොන රාස්සයෙක් වැහිලද මන්දා මෙයාට..,
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
උගන්නන්නේ මොනවද කියලා මතක නෑ,
ගෙදර එන්නේ කොහේ හරි තුවාල කරගෙන එහෙම නැත්තං නාවර පෙරාගෙන
ඔහොමද ළමයි හැදෙන්නේ..,
ඒකට මිසිස් කාරියකරවනගේ ළමයා ජසින්ත..,
"කා" එකෙන් බහින්නේ කිරිකොකා වගේ,
ගෙදර යනකොටත් එහෙමමයි,
ඇඟේ කුණුපොදක් නෑ,
ඒක අපේ එවුන්, මුන් ළමයි නෙවෙයි යක්කු..!
අම්මා මොනවාදෝ තනිවම කියා ගනිමින් තමන්ගේ සපත්තු මේස් බුරුල් කරන දුටු චාමර වෙනදාටත් වඩා නිහඬය. සිරුර දොවා, අකුත් ඇඳුම් අන්දවා වෙනදාට බත් ගුලි කර කවනා අම්මා, අද තමාව ඇඟසෝදවා තමා යලිදු ඔහු දෙස ගස්සා බලා කාමරයෙන් එළියට ගිය ආකාරය දුටු චාමරට හැඬුම් ආවේ ය. ප්‍රථම වරට අම්මා තමාව නොසලකා හැරිය බව දැනී.., බැරිමරගාතේ සාලුව උනා දමා ඇඳ උඩ පිළිවෙලට තබා තිබූ ඇඳුම් එකිනෙක ඇඳගන්නට වීය.
මේසය මත තබා තිබූ කෑම පිඟානේ වෙනදාට දකින බත් ගුලි වෙනුවට තැනින් තැන හොදි මාලු දමා ඇති ආකාරය දුටු කුඩා චාමරට අත්තම්මාගේ බත් පිඟාන සිහිවිය..,
අත්තම්මා හිටියා නං කවාගන්න තිබ්බා..,
එයා බාප්පලෑ ගෙදරනේ..,
සඳුනිට කවනවා ඇති දැන් එයා..!!!
සඳුනි යනු චාමරගේ අප්පච්චීගේ සහෝදරයාගේ දියණියයි. චාමරත් සඳුනිත් එක වයසේ නිසා දෙදෙනාට එකම ආකාරයෙක් කවනා අත්තම්මා දෙදෙනාගේම ප්‍රියතම චරිතය වන්නේ නිරායාසයෙනි. අත්තම්මා නිවසේ සිටින විට එකින් එක බත් ගුලි හදමින් සුරංගනා කතා කියමින් කෑම කවනා ආකාරය චාමරට මතක් විය.., අත්තම්මා බාප්පාගේ ගෙදර නිවාඩු ගන්නා බව අප්පච්චී අම්මාට කියනවා චාමර අසා සිටියේ පෙරදා ගෙදර වැඩ කරන අතර වාරයේ ය.
අම්මා තමා මෙයාලව නරක් කරන්නේ..,
ඔහොම කැව්වම කොහොමද ළමයා බත් අනන්නවත් අත හුරු කරගන්නේ..?
අත්තම්මා චාමරට කවනා විට කීර්ති මහතා සිය මවගෙන් කීප විටක් ම අසා ඇත.
උඹට අවුරුදු දොළහ වෙනකම්ම මම කැව්වා..,
කෝ උඹට බත් අනාගන්න දැන් හූරු නැද්ද??
අත්තම්මා අසන්නේ එපමණකි. කීර්ති මහතා හැකි වේගෙන් සිය තර්කය හකුලා ගන්නේ මුණුපුරන් සිටිනා මිත්තණියන් හා තර්ක කරනවාට වඩා සිය බිරිඳට අවකලණය උගැන්වීම ලෙහෙසි බව අත්දැකීමෙන් දන්නා නිසා ය.
කෑම කා අවසන් වූ පසුව චාමර, සෙමින් පිඟාන කුස්සියෙන් තබා පැමිණ ඇඳට ගොඩවිය..!
අප්පච්චි කුමන වේලාවක හෝ එනු ඇත. අම්මා ඉස්කෝලේ විස්තරය කියූ පසු අප්පච්චීගෙන් ගුටි ලැබෙනු ඒකාන්තය..!
චාමර දෑස් තදකර පියා ගත්තේ ය.
අප්පච්චි වෙනදාට අරන් එන චොකෝ අද ගෙනෙයිද?
ගෙදර වැඩ කරන්නට උදව් වෙයිද?
ඉස්කෝලේ වූ දේ අම්මා කී පසු ගුටි කන්නට වේවිද?
මේ ආකාරයේ නා නා විධ වූ සිතුවිලි චාමරගේ හිත තුල හොල්මන් කරත්දී.., නිදි දෙව්දුව චාමරගේ දෑස මත නිදිදැල් අතුරන්නට විය..
එක වරම කවුරුන්දෝ සිය හිස සිපගනු දැනුනු චාමර එකවරම ඒ සුවඳ කාගේදැයි තහවුරු කරගත්තේ දෑස වරක් වත් හැරීමෙන් තොරව ය.
සුපුරුදු ආකාරයට තමන් කෑම කා නින්දට වත් ම, චාමර අවදිවන්නේ අප්පච්චීගේ සුපුරුදු හාදුව මඟිනි.
ඉන්නවාකෝ අප්පච්චි එනකම් හොඳ ගුටියක් ඉල්ලලා දෙන්න..!
අම්මා පාසලේ සිට ගෙදර එත්දී කියූ දේ එක වරම මතක් වී චාමර කොට්ටයට මූහුණ තදකරගෙන එක වරම හඬන්නට විය..,
චූටි පුතා මොකෝ මේ අඬන්නේ?? මේ බලන්න මම පුතාට චොකෝ ගෙනාවා..,
කෝ මේ පැත්ත හැරෙන්න..,
මොකෝ මේ අඬන්නේ?? හ්ම්..?
එන්න එන්න අපි චොකෝ එක කාලා කිරි එකක් බොමු හොඳේ??
චාමරගේ උත්තරයක් පිට නොවූවද අප්පච්චී චාමරව වඩාගෙන සාලයට ආවේ කිරි ජෝගුවද අතින් රැගෙන ය.
කෝ මේහේ බලන්න???
චාමර දෑස් හැරියේ එවිට ය..,
පුතාට අද ටීච මගේ පුතාට ගහලා එලියේ දන ගස්සලා තිබ්බද? හ්ම්?
කුඩා චාමර හිස වැනුවේ නිරුත්සාහකව ය.
දෑසින් කඳුළු ගුලි කඩා හැලෙන්නට වීම කීර්ති මහතාගේ හිතට පුදුමයක් වූයේ.., වෙනදාට වරදක් කල පසු මුහුණ රතු කරගෙන හොර බැල්මක් දමාගෙන සිටිනා සිය දරුවා, අද ඉකි ගසමින් අසරණව හඬන්නට වීම නිසා ය. කොතනක හෝ වරදක් සිදුවී ඇති බව කීර්ති මහතා හට ඉවෙන් මෙන් දැනෙයි. වෙන කවරදාකටත් වඩා කීර්ති මහතා චාමරට දයාබර විය..,
චූටි පුතා දන්නවද, ඉස්සර අප්පච්චි පොඩි කාලේත් චූටි පුතා වගේ මයි. කරන්නේම දඟ වැඩ. අත්තම්මා ගහනකෝ අප්පච්චි දුවන්නේ වත්ත පුරාවට.., එතකොට අත්තා මොකද්ද කරන්නේ කියලා දන්නවද?
චාමර නිහඬව හිසින් තමන් නොදන්නා බවට සන් කලේය.
අත්තා අප්පච්චීව වඩාගෙන මුලු රෑ පුරාම කතා කියනවා..!
ඉතින් අත්තා වගේ මගේ චූටි පුතාත් මට ඉස්කෝලේ මොනවද උනේ කියලා කිව්වොත් ඔයාගේ අප්පච්චීත් ඔයාට දවස පුරාම වඩාගෙන කතා කියලා දෙනවා තේරුනාද?
අද උදේම ඉස්කෝලේ ගියාම මම කැන්ටිමට ගියා ටොෆි ගන්න..,
සියල්ල අවසන බ්‍රහ්මදණ්ඩය දුරුකරමින් චාමර වචන එකින් එක අමුණන්නට වී..
ඉතින්?
ඉතිං මම කැන්ටිම ඉස්සරහ ඉන්නකොට ලොකු අයියලා දෙන්නෙක් මට කතා කලා. කතා කලලා මට කිව්වා
ඔව් මොකද්ද කිව්වේ??
කිත්සිරි මහතාගේ සිත නොසන්සුන් ය.
මට කිව්වා. අක්කලාගේ ටොයිලට් එක ගාවට වෙලා කලිසම ගලවගෙන පෑන්ටි එක ඇතුලට අත දාගෙන හිටියොත් රුපියල් 10ක් දෙනවා කිව්වා.., මම බෑම කිව්වා.., එතන හිටපු ලොකු අයිය කෙනෙක් කිව්වා එහෙම කලේ නැත්තම් නැටුම් කාමරේට දාලා දොර වහනවා කියලා..!
මම ටීචවත් හෙව්වා.., ඒ වෙලාවේ ටීචත් හිටියේ නෑ. පස්සේ මම ඒ කිව්ව විදියට හිටියා.
ඔයා ඇයි ඒක ටීචට කීවේ නැත්තේ??
මම කියන්න හදනකොට තමා අප්පච්චී, ටීච මට ගැහුවේ.., මේ???
චාමර සිය අතේ තවමත් උඩට මතුවී තිබූ ඉරටු පහරක් අප්පච්චීට පෙන්වී ය.
එතකොට ඔයා ප්‍රිෆෙක්ට් අයියා කෙනෙකුට කීව්වේ නැද්ද??
ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් තමා අප්පච්චී මට එහෙම ඉන්න කියලා කිව්වේ...!!
එතකොට ඔයා අම්මට කිව්වේ නැත්තේ ඇයි?
අම්මට කියන්න හදනකොට මට කෑ ගහන්න එපා කියලා බැනලා ටීච එක්ක කතා කර කර හිටියා..,
එතකං ඔයා කොහෙද හිටියේ..,
ටීච කිව්වා එළියෙන් දණ ගහගෙන ඉන්න කියලා..!
චාමරට නොදැනෙන පරිදි කීර්ති මහතා චාමරගේ දෙදන දෙස නෙත් හෙලීය. උදේ වැලි පිරුණු පැසේජයේ දණ ගසාගෙන සිටිනා කුඩා චාමර ව මැවී පෙනෙන්නට විය.
හිස සිප, සිය සාක්කුවේ වූ චොකලටය චාමර අත තැබූ කීර්ති හුන් තැනින් නැගිට්ටේ සියලු තතු නිරාවරණය කරගෙන ය. ඈතින් සිට චාමරට නොදැනෙන පරිදි සියල්ල අසාගෙන සිටි කීර්ති මහත්මිය දෙස බැලූ ඈ සැමියා, සුසුමක් හෙලුවේ.., දරුවා ගැන වූ අනුකම්පාවෙන්ද, තමාගේ අදූරදර්ශී බවනිසා සිය පුතුට දුන් සිත්වේදනා ගැන කල්පනා කරදැයි නොදත් ඈ, සැමියාගේ දෙනෙත් මඟ හැර මුලුතැන්ගේ වෙත පා ඔසවන්නට වුවත් චාමර පාසලට ඇතුලත් කරන වෙලේ විදුහල්පති තමා හා සැමියාට කී දේ දෙසවන රැවු දෙන්නට විය.
"මිස්ට ඇන්ඩ් මිසිස් කීර්ති බය වෙන්න එපා දැන් දරුවා ගැන, අපිට ඉන්නේ දරුවගේ හදවත අම්මලට වඩා තේරුම් ගත් ගුරු මණ්ඩලයක්, ඒ වගේම තමන්ගේ සහෝදර සහෝදරියන්ට වඩා තමන්ගේ බාල සහෝදරයින්ට ආදරේ කරන ශිෂ්‍ය නායක කණ්ඩායමක්.!! "
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com9tag:blogger.com,1999:blog-5225450033340027797.post-6725748148781330682013-08-09T08:21:00.000-07:002013-08-09T08:25:50.110-07:00යුක්තාණුව | zygote
සංස්කාරක තුමා සිතනා පරිදි කවිය
ලියන්නට හේතු භූත වූවා යැයි කියන්න නිමිත්ත කවියේ මඟක් ලියාගෙන යන විටෙක
රචකයා තුලින් අද්භූත ලෙස අතුරුදන් වන්නට ගනිද්දී රචනාව කියවන්නා තුල ඇති වන
අහ්ලාදයද ඒ ආකාරයෙන්ම අතුරුදන්වන බව කීප විටකම ඔහුගේ හිතවත් රචකයන්
කීපදෙනෙකුටම කියා ඇති බව එතුමා හට මතක්වන්නේ ඔහුගේ සංස්කාරකත්වයෙන්
එළිදකින මාසික සාහිත සඟරා කලාපයක හෙතෙම කවි ලෙස නොසලකන ඒ වැකි කොටස් ඇස
ගැටෙන විටදී ය. කොලයේ වූ අකුරු මඳක් හුරුපුරුදු වුව කාගේදැයි එකවරම හිතට
නංවා ගන්නට සංස්කාරක තුමා තවමත් අපොහොසත්ය.
මිස් ප්‍රේමා..,
කවුද මේ කවි දාන්න කියලා දුන්නේ..?
මේවා කවිද?
මේවාට කියන්නේ කුකවි කියලා.
අපේ සඟරාව වටේ නමක් රැඳුනානම් රැඳුනේ අපි පලකරන ලිපිවල ගුණාත්මක භාවය නිසා මිසක් මේවගේ මෙලෝරහක් නැති කවි කෑලි නිසා නෙවෙයි.
කවි පිටුව කරන අරවින්දට මගේ ඔෆිස් එකට එන්න කියන්න
වහාම මේ දැන්!!
සඟරාවට එවනා පාඨක ලිපි කියවා බලන්නී ප්‍රේමා නම් වන්නීය. ඕ සඟරාව නමට
ලැබෙන සියලු ලිපි කියවා බලා අදාල අංශ වලට යොමු කරයි. වගකීම කවිපිටුවේ
සංස්කාරකට වන නමුදු කිසිත් නොදත් ප්‍රේමා වෙත සංස්කාරක තුමා කියූ ඒ ඒ වදන්
මතක් වන විට "කියෙව්වා සැර වැඩිද මන්දා" කියා හිත කොතරම් කියන්නට වූවත්
ඔහු දරනා මතය වෙනස් කරන්නට සූදානමක් නොවීම විටෙක ඔහුගේම කනස්සල්ලට හේතුවේ.
එනමුදු මේ "උද්දච්චකම[?]" නිසා සංස්කාරක තුමන් ළඟාකරගත් දේ අපමණය. ඒ නිසා
අහිමි වූ දේද නැත්තේ ම නොවේ, ඒවා අතුරු කතාය. සංස්කාරක තුමා එවන්
අවස්ථාවලදී සැනින් පරාජික අතීතය අමතක කර ඇතුලු හිතට හැරෙන බව කවුරුත් දන්න
දෙයකි. ඒ "අමුතු හිතේ" ඉඩ ඇත්තේ ජයග්‍රහණයට පමණි.
සර් මට එන්න කිව්වේ?
අරවින්ද කාර්යාල කුටිය තුලට එබී ඇසුවේ සංස්කාරක තුමා කල්පනාවේ උඡ්ඡස්ථානය අසලදී ය..
කම් අරවින්ද ටේක් අ සීට්..
තෑංක්යූ සර්..,
අරවින්ද කවරදාටත් වඩා කලබලය, වයස සතලිසකට මඳක් අඩු බවින් පෙනුනද අරවින්ද සැබෙවින්ම හාෆ් සෙන්චරියේ අග එල්ලී සිටින්නෙකි, ඔහු පෙනුමෙන් සුදු මැලි ය.. රිටක් සේ උස බටහිර චිත්‍රපටවල එන ගොපල්ලෙකු [Cow Boy]බඳු ඔහු ඉන් වෙනස් වෙන්නේ නිතර අත රැඳි ස්මාර්ට් ෆෝනය, අපිලිවෙලට යටකල කමිසය සහ එයටම ගැලපෙන හමගිය ඩෙනිම, බොකුටු කොණ්ඩය, නිතර පළඳින ගීක් උපැස් යුවළ සහ බාගෙට කැපූ රැවුල වැනි වූ අරවින්දට ම ආවේණික හඳුණා ගන්නා ලක්ෂණ නිසාවෙනි.
ඔහුගේ මේ අනිසි කලබලය සංස්කාරකතුමාගේ මුවට නිති සිනහා නංවන නමුදු ඒ සිර කරගෙන අරවින්ද වෙතට හැරිණ.
මොනවද මේ දාලා තියෙන කවි?
මේවා කවිද?
ලියන්න දෙයක් නැති කමට ලියලා තියෙනවා කියලයි මට නං හිතෙන්නේ..,
අරවින්ද
ඔයා මේ සඟරාවේ වගකීමක් දරන කර්තෘ කෙනෙක්, එහෙව් එකේ මෙහෙම එක එකා ලියලා
එවන මේ වගේ පල් හෑලි දාන්න එපා මේකට.., එහෙම උනොත් අර ෆේස් බුක් එකෙයි
මේකෙයි වෙනසක් නැති වෙයි.
කවියක් උනාම අර්ථයක් තියෙන්නේ ඕනේ එළිසමය එළිවැට ගලපන්න හැකිවෙන්නේ ඕනේ
ඒ ඔක්කෝටම වඩා අර්ථයක් තියෙන්න ඕනේ.. ඒත් මෙහෙම උනාම ඔටුවන්ටත් කවි ලියන්න පුලුවන්නේ..,
තාලයක් නෑ රාමුවක් නෑ, පද බෙදීමක් නෑ, තේරුමක් නෑ.
අනේ මන්දා..,
හා අරවින්දම කියන්න මා කියන එක වැරදිද හා??
නෑ සර් වැරදිම නෑ.
ඒත් මේ දැම්මෙත් තොරලාමයි.
සතියකට කීදාහක් නං එනවද කවි කියලාම..,
ප්‍රේමා මිස් කරන්නේ ඒ ලියුම් කඩන්නෙත් නැතුව මගේ මේසෙට එවන එකයි..,
ලියුම් හාරපන්දාහකින් කවි විසිපහක් තෝරනවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි සර්.
සර්ම දන්නවානේ ඒ ඩ්‍රිල් එකකටත් වඩා වෙනම ප්‍රොජෙක්ට් එකක් වන බව...
මම ඒක නොදන්නවා නෙවෙයි.
ඒක කරන්න මට පස්සේ ඉන්න හොඳම කෙනා අරවින්ද බව මම දන්න නිසා තමා මේ වැඩේ අරවින්දටම මම බාර දුන්නේ.
අර කවි සංගං වලින් එක දිගටම කවි එනකොට හැමදාම ඒවා දැම්ම ම කියවන අයට ඒකාකාරී වෙන නිසා තමා පත්තරේ දැන්වීමක් දාලා පාඨක කවි දාමු කියලා කිව්වේ...,
ඒක වැරදුනේ නෑනේ, දැනටත් වැඩිම ඇඩ්ස් තියෙන්නේ ඒ පිටු දෙකටනේ.
එහෙම නේද?
අරවින්ද සංස්කාරක තුමා දෙස බලා සිටියේ විමතියෙනි.
ඒත් සර් මේ කවි..
අ..අ..අ..!
තව එක වචනයක් කතා කරන්න එපා අරවින්ද,
අරවින්දම
දන්නවා නේ අරවින්දට කවිපිටුව බලාගන්න දුන්නේ ඒ ගැන හොඳ විශ්වාසේ තියලා කරගෙන
යන බවට වෙච්චි මගේ හිතේ තියෙන ෂුවර් එක නිසා කියලා,
ඉතින් ඒ විශ්වාසේ කඩා ගන්න එපා,
මම නැති කාලෙකත් මේ සඟරාව තියෙන්නේ ඕන,
ඔයාලව මම මේ පුහුණු කරන්නේ අන්න ඒ තැනට එන්න තේරුනාද?
ඔව් සර් ඒත්...
ඒත් මේත් කියලා වෙච්චි දේට නිදහසට කාරණා කියවන්න හදන්නෙපා අරවින්ද,
ඔයා ඔය කරන්න හදන්නේ මගේ යකා අවුස්සන වැඩක්.
මොකද මම කැමති නෑ මා කතා කරනකොට මැදට පනින බොරු පණ්ඩිතයින්ට.
අරවින්ද කියන්න හැදු දේ එක වරම ගිලගත්තේ ය.
මේ
මෝඩ පෝතකයාට කියා පලක් නැති වග අරවින්දට දැන් දැන් වැටහී යමින් පවතී..,
මීට පෑ දෙකකට පෙර අහසේ සිට හේමලයා පෑගෙන්නට අව්ව දුන් රවී අවරට යන්නට
තනන්නේ සිය වැඩ කොටස අදට අවසන් බව පවසන්නට මෙනි. අරවින්ද සයිඩ් බෑගයට ඉතුරු
වූ කොල සියල්ල දමා ගත්තේ කාර්යාලයෙන් ඉවතට යන අතරමඟ තවත් ලිපි කිහිපයකට ම තොරතුරු ගන්නට ඒ ඒ තැන් වලට වේලාසනින් යායුතු නිසා ය.
අතපසුවීමකින් අවසාන කොලය මේසය මතට වැටුන සැනින් ඒ දුටු අරවින්ද කොලය අහුලා සිය පැසට ඔබාගන්නට සදනාවිට ඇස් කොණකට මීට දින කීපයකට පෙර "ඈ" ගෙන් ඉල්ලාගත් ඡායාරූපය ඇසට හසුවිය,
පුදුමයක් නෑ අර කෙල්ල අරෙහෙම දුක් විඳින එක....
දුරකතනයට ආ කෙටි පණිවුඩයක් නද දෙනු දැක ඒ අතට ගත් අරවින්ද, තිරයේ වූ දෑ දැක මුවගට සිනහවක් නඟාගන්නට විය.
Ain't no one in my place to night, If you''re free, Hop in..
තිබූ හදිසිය දෙගුණ තෙගුණ වී අරවින්ද කාටත් හොරා අඩවන් කර තිබූ දොරෙන් කාර්යාලයෙන් එළියට පනින විටත් සංස්කාරක තුමා සිටියේ මේසයට හිස ඔබාගෙන කුමක්දෝ ලියමිනි.
අරවින්ද හඬක් නොනැගෙන සේ දොර වසා දැමීය.
රාත්‍රී
ආහාරයෙන් පසු "මධූ" හා සයනයේදීත් අරවින්දට, අද සිටින්නේ වෙනදා තමා පැමිණි
පසුව නොනවත්වා සිනහා සලන මධූ නොවන වග දැනුනේ නිරායාසයෙනි. කැරලි වූ
කෙහෙරැල්ලින් ආවරණය වූ කන් පෙත්ත මත හාදු තැවරූ අරවින්ද, මධූව තමාගේ පැත්තට
හරවා ගත්තේ ය.
මොකෝ ඔයා බර කල්පනාවක වගේ??
මම?
ඔව්?
අද ඩිනර් එකේදීත් එහෙමයි, හිතට ඔච්චරම වද දෙනවා නම් කරන්න තියෙන්නේ ශෙයා කරගන්නා එක නේද?
you can tell me anything n you know that.
අපි එක්නෙකාට අමුත්තෝ නෙවෙයි නේ.
මොකෝ අම්මා ආපහු ලෙඩ වෙලා ද?
නෑ අරවින්ද, එහෙම එකක් නෙවෙයි, අපේ මහත්තයා ගැන.,
what about'em?
ඉස්සර වගේ නෙවෙයි අරවින්ද, දැන් එයාට පොඩ්ඩ බැරි වෙන්න බෑ තරහා යනවා.
සමහර වෙලාට මම දෙන ටී එක වත් නොබීයි යන්නේ..,
දවල්ට කෝල් එකක් නෑ, හවසට කෑමට එනවද කියලා අහන්න කෝල් කරනකොට ආන්සර් කරන්නේ නෑ.
අනේ මන්දා මෙයාට මොනා වෙලාද කියලා..,
ඔයාගෙන් ඩිවෝස් උනට පස්සේ මම හිතාගෙන හිටියේ අම්මලත් එක්ක ඉන්න නේ..,
ඒත් එයාම මාව අහගෙන මගේ පස්සෙන් එනකොට එනකොට, කරන්න දෙයක් නැති කමටයි මම කැමති උනේ..,
හ්ම්.., දන්නවා ඒක.
අද මම කෝල් කරලා එනවද කියලා අහන්න කෝල් කලාම එක පාරට කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා.,
මම කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ අරවින්ද?
වෙලාවකට හිතෙනවා වහ ටිකක් බීලා මැරෙන්න..
නිරායාසයෙන්ම ඇස් කෙවෙණි තුලින් ගලා කම්මුල් දිගේ පහලට බට කඳුලු රාත්‍රී නිදි ගවුමේ පදාස තෙත් කරන්නට විය.
මැරෙනවා කියන එක උත්තරේ නම් ඔයාට වහ බෝතලයක් මුලින් ම  ගෙනල්ල දෙන්නේ මම.
ඒත් එහෙම කලා කියලා කිසිම දෙයක් විසඳෙන්නේ නෑ නේද මධූ?
ඔයා මාත් එක්ක ඉඳපු කාලේ ආපු කරදර වලට උත්තර හෙව්වේ අපි දෙන්නම කතා කරලා..,
මතකද?
මධූ උත්තර දුන්නේ හිස වැනීමෙනි.
ඉතින්
ඒ වගේ එයා කූල් එකේ ඉන්න වෙලාවක් බලලා පොඩ්ඩක් ස්මූත්ලී පොඩි ට්‍රීට් එකක්
එහෙම දීලා කතාවට අල්ලගෙන එයා එක්ක කතා කරන්න, සමහර විට එයාට මොනා හරි
ඔෆිස් එකේ ප්‍රශ්ණ තියෙනවද කියලා කවුද දන්නේ?
ඕන මිනිහෙක් ආසයි තමන්ගේ වයිෆ් ආදරෙන් ළඟට වෙලා කතා කරමින් ඉඳලා ඕනම ගැටලුවකට සොලූශන් හොයන්න.
එයත් එහෙම වෙයි..
හ්ම්ම් බලමුකෝ..,
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...
අරවින්ද දෑස පියාගත්තේය..
ආදරය
කල දෑත වෙන එකෙකු හා සරණ බැඳ, යහන්ගත වූ කල ඒ දැකීම ඉවසන්නට බැරිව තමාගේ
අතීත වැලි තලාවේ වැළලී ඈ පිළිබඳ වූ සිය පෙම අද වන විට නිත්‍යානුකූල සැමියා
තනතුරින් මිදී "හොරමිනිහා" නම් කුප්‍රකට තනතුර හොබවන්නට වූ විට අරවින්ද ගේ
අවර පසට ඒ ගැන සතුටක් වුවත්, යහ පසට, මනස
දුකින් පුරවාලන නිමිත්තක් විය.
මඳ
විවෘතව තිබූ ජනේලය හරහා හිමිදීරියේ ලා හිරු එබිකම් කලේද අරවින්ද අවදි
වූවේද එකටම ය. සිය පොරෝනය ගත දවටාගෙන උරහිසට හේත්තු වී නිදන මධූ දැක මෙයට
වසර කීපයකට පෙර අතීතය මතකයට නගන්නට උත්සහ කලද, ඊට පෙර සිය දුරකතනයේ සීනුව නද දෙන්නට වූයේ "දැන් හිටියා ඇති ඔෆිස් යන්න ලෑස්ති වෙයන්" කියන්නාක් මෙනි..
අරවින්ද කාර්යාලයට එන විටත් කාර්යාල සහයක සුන්දරම් පාන්දරම කාර්යාලයේ දොරටු හැර අවසානය..
අන්න ලොකු සර්, අරවින්ද මහත්තයා එනකම් බලා ඉන්නවා..,
ඊයේ රෑ දවසම වැඩ. ලොකුසර්ට හරි අප්සෙට් ඊයේ අරවින්ද මහත්තයාට කෑ ගහපු එකට,
මම උදේ තේක දෙන්න ආවම ලොකු සර් මේසේට ඔලුව තියාගන නිදි,
මම ඇහැරවන්නේ නැතුව යන්න හැදුවම මට කතා කරලා ඇහුවා අරවින්ද මහත්තයා ආවද කියලා...,
ඉතින් තමුසේ මොකෝ කිව්වේ?
මම මොනා කියන්නද ? මම නෑ කිව්වා. පස්සේ මට කිව්වා අරවින්ද මහත්තයා ආව ගමන්ම ලොකුසර්ගේ කැබින් එකට එන්නය කියලා කියන්නය කියලා.
හුම් ඒකත් එහෙමද? මොකෝ දන්නෑ
අරවින්ද කාමරයට යනවිටත් සංස්කාරක තුමා කුමක්දෝ ලියමින් සිටිනවා දැකීය. මුලු රැයක් පුරා නිදිවරා ලියු බොහෝදේ ගුලිවූ කොල ලෙස මේසය වටේ විසුරුවා හැර ඇති බවත්, මේසය මත කොල 200 පමණ බන්ඩලයකුත් ඊට අමතරව අවුල් වූ හිසකේ සහිතව පොඩි වූ කමිසය සහ නාස තුඩින් වැක්කෙරෙන්නට ඔන්න මෙන්න තිබෙන්නා වූ කණ්නාඩිය ද රඳවාගෙන සිටි හේ, එකවරම හිස ඔසවා අරවින්ද දෙස බැලීය,
ආහ්
අරවින්ද එන්න වාඩි වෙන්න
මට සමාවෙන්න අරවින්ද
මම ඊයේ ගොඩක් ටෙන්ෂන් එකෙන් හිටියේ,
මම ඒ ප්‍රේෂර් එක යැව්වේ අරවින්ද පිටින්..,
ෆොර්ගිව් මී ප්ලීස්..!
අනේ සර් එකට මක් වෙනවද මම එහෙම ඕවා මතක තියා ඉන්න කෙනෙක් නෙවෙයි සර්..,
ඒ ගැන හිතන්න එපා..,
අරවින්දගෙන් මම පර්සනල් මැටර් එකක් අහන්නද?
අහන්න සර්?
අරවින්ද මැරීඩ් ද?
ඩිවෝස් වෙලා ඉන්නේ සර්.., ඒක දිග කතාවක්..,
හ්ම් මගේ කතාවත් ටිකක් එහෙමයි, රස්සාව ගැන හිත යොමු කරලා, ජීවිතේ හදාගන්න උත්සහ කලා, ජීවිත හදාගෙන ගෑණියෙක් ගන්න බලනකොට මට ඒකට වයස වැඩියි.
පස්සේ මම බැන්දෙත් ඩිවෝස්ඩ් ලේඩි කෙනෙක්ව.,
මගේ තනිකම මකාගන්න.
ඒත් එහෙම කලාට ම ඒ තීරණේත් අවුල් කියලා හිතෙනවා,
කසාද බැන්දට මොකෝ අරවින්ද මේ ලයිෆ් එක ඇතුලේ පොඩි පොඩි අවුල් තියෙනවා,
ඒක තමා මෙච්චර මම ටෙන්ෂන් එකෙන් ඉන්නේ.
පවුල් ජීවිතේක තියෙන්නේ ඕනේ ප්‍රධානම දේ අවංක කමයි අරවින්ද, එක්කෙනෙක් හරි ඊට පිටු පානවා නම් එතන ජීවිතයක් නෑ..., නිකමට හිතන්න තමන්ගේ පාට්නර්ගේ කලින් මැරේජ් එකේදී කාවද බැන්දේ කියලා නොදන්න හස්බන්ඩ් කෙනෙක් ඉන්න පුලුවන්ද අරවින්ද?
හ්ම්ම්
කරුමේ කියන්නේ අරවින්ද මම තනිකම මකාගන්න කසාදයක් කරගත්තට අපේ පවුලට තෙවැන්නෙක් ඕන බව තේරුනා ටික කාලෙකින් ම.
මගේ වයස එක්කලා තියෙන ප්‍රස්නේ එක්ක තියෙන එක දුක දරුවෙක් නැති එක.
ඉතින් සර් ඕෆනේජ් එකකින් දරුවෙක් ව හදාගන්න ගන්න ඇහැකිනේ?
බෑ අරවින්ද මට ඕන මගේම ලෙයින් උපන් දරුවෙක්.. විජේවර්ධන නම ගෙනියන්න පුලුවන් මගේම ලෙයින් උපන්න දරුවෙක්..,
මේවා මෙහෙම කතා කරන්න බෑ අරවින්ද.., දැන් යන්න ඔයාගේ කැබින් එකට අපි  හවසක අපේ ගෙදරදී හමුවෙමු..,
අපි ඩ්‍රින්ක් එක්ක් එහෙම දාගෙන කතා කරමු..
අරවින්ද කිසිත් නොකියාම කාමරයෙන් පිටවිය.
මේසය අසලට වී පෙරදින බෑගයට ඔබාගත් කොලමිට දිගහරිමින් අරවින්දගේ මතකය පෙරදින රාත්‍රියේ සයනය වෙතට හැරෙන්නට විය.. වෙනදා නුරා කෙඳිරුම්, ප්‍රේම ආලප් වලින් පිරි ඒ සයනය ඊයේ පිරී තිබූයේ අරවින්ද හා එකට සයනය බෙදාගත් ඒ කාන්තාවගේ සෝ දුක් රිසි සේ ගලන්නට ඉඩ දුන් පාදමක් ලෙසය.
එයා ඔයා වගේ ෆ්ලෙක්සිබල් නෑ අරවින්ද..,
ඒ රූඩ් ගතිය මට තේරුනේ බැන්දට පස්සේ..
අනික මේ ඔක්කොටම හේතුව වෙන කතන්දරයක් අරවින්ද...
ඉතින් මොකද්ද එයා එහෙම වෙන්න හේතුව?
මට දරුවෝ නෑලු එයා කොච්චර උත්සහ කලත් මගෙන් කිසි රෙස්පොන්ස් එකක් නෑලු
ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියේ නැද්ද?
ගියා..,
ඒ අය කියන්නේ මෙයාගේ වයස නිසා මෙහෙම ගැටලු එන්න පුලුවන් කියලා..,
ඒත් එයා හිතන්නේ ඒක මගේ වරදක් කියලා..,
ඒකේ පලිය ගන්නේ මගෙන් මේවගේ වැඩ කරලා..,
හ්ම්ම්...
මම මොනා කරන්නද අරවින්ද?
මට ඔයා වගේ මනුස්සයෙක් කසාද බැඳලාත් ඉන්න බැරි උනා නම් මෙයා ගැන මොන කතාද?
මම හරි පවු කාරියක් අප්පා,
මේ ජීවිතේ මහ කරුමයක්
විජේවර්ධනගේ ජීවිතය සබැඳි හුය පිළිබඳව අරවින්ද මුල සිටම දැනෙගෙන සිටියද, විජේවර්ධනගෙන් මේ හෙළිදරව්ව වන තුරු මේ ගැන කිසිවක් ම දැන සිටියේ නැති. මේ උභතෝකෝටිකය ගැන ඇති ගැටලුව තුල දෙපසම සමබර කරන්නට තමා වෙතින් වියයුතු යුතුකම කුමක්දැයි අරවින්ද ගේ මොළයට දැනෙමින් නොදැනෙමින් තිබුණද, ඒ පිළිබඳ අවසාන නිගමනයකට එන්නට තමා වේලාසන වැඩි යැයි අරවින්දට සිතුනු වාර ගණන අනන්තය. සත්‍ය වශයෙන්ම අරවින්දගේ විඳුමට ගියහොත්, හදිසියේ හෝ විජේරත්න ඒ පිළිබඳව දැනගතහොත් ලැබෙන ප්‍රතිචාරය කෙබඳුදැයි අරවින්ද නොදැන සිටියේය.
සර් ඔලුව කැක්කුමද? පැනඩෝල් දෙකක් දෙන්නද?
තමාට පිටුපසින් ඇසුන සුන්දරම්ගේ හඬ නිසා හිස එසවූ අරවින්ද සුන්දරම් දෙසට හැරෙන්නට වන.
යමුද ප්ලේන්ටියක් ගහන්න?
යමු.
සුන්දරම් අරවින්දගේ පසුපසින් වැටින.
ප්ලේන්ටි දෙකයි වඩේ 4යි..
අරවින්ද මිල ගෙවා අවසාන වන විටත් සුන්දරම් වඩේ තැටිය සහ ප්ලේන්ටි දෙක රැගෙන මේසය මතින් තබා අවසාන ය.
සුන්දරම් උඹ බැඳලද?
ඔව් සර් අවුරුදු 4ක් විතර
බබාලා?
දෙන්නෙක් ඉන්නවා සර්
හ්ම්ම්..,
ඇ..ඇයි සර්..?
නෑ පොඩි අදහසක් දැනගන්න?
කියන්ඩ සර්, තේරෙන දේකට නං හෙල්ප් දෙන්නා.
දැන් මේම හිතපන්.
උඹ කෙල්ලෙක්ට ලවු කරනවා, කාලයක් යනකොට උඹේ ලවු එකට කෙල වෙලා, ඒ කෙල්ල වෙන මිනිහෙක් කසාද බඳිනවා,
ඒත් උඹ ඒ කෙල්ලව ආස්සරේ කරනවා,
අවුලක් තියෙනවා කෙල්ලට,
ඒක තමා.., මිනිහගෙන් කෙල්ලට ලමයි නෑ.
තනි අවුල,,
මිනිහා හිතන්නේ කෙල්ලගේ අවුලක් කියලා.
කෙල්ල හිතන්නේ මිනිහගේ අවුලක් කියලා.
කෙල්ල මේ සීන් එක උඹට කිය කිය අඬනවා,
උඹ මොකෝ කරන්නේ?
මම වෙන මොකෝ කරන්නද මහත්තයා
ගෑණිට කියනවා මිනිහව ඩිවෝස් කරන්න කියලා..,
එතකොට සුන්දරම්, අර මිනිහා පවු නැද්ද?
ඒත් මහත්තයා මිනිහට ළමයි හදන්න බැරිනං අර ගෑණිටනේ සමාජෙන් සෝලි වැටෙන්නේ..?
හ්ම් ඒකත් එහෙමද?
ඇයි මහත්තයා එහෙම ඇහුවේ එකපාරටම?
නෑහ් නිකං
සුන්දරම් නොඉවසිලිමත් ය. අරවින්දගේ සිතේ කුමක් හෝ වද දෙන බව සුන්දරම්, අරවින්දගේ අතැඟිළි තේ කෝප්පයේ රාමුව වටා පිරිමැදෙන ආකාරයෙන් දනී. අවසානයේ කිසිවක් නොකියාම අරවින්ද නැගී සිටියේය.
අපි යමු.., කරන්න වැඩ ගොඩ ගැහිලා...!
තමන්ට ඇති වැඩ ගැන කිසිදා කා හටවත් චෝදනා නොකරන අරවින්ද ගෙන් මීට විනාඩි කිහිපයකට පෙර එසේ ඇසුවේ ඇයි දැයි කියා අසන්නට සුන්දරම්ට උවමනා වුව, ඔහු ඒ කිසිවක් නොඅසා ම අරවින්ද පසුපසින් වැටිණ.
ගෙවී ගිය කාලය තුල සඟරාවේ ඉදිරි කලාපයේ වැඩ අතර සිරවී සිටි අරවින්දට මධූ හා ගෙවූ කාලය සහ වර්තමානය අතර පරතරය සති දෙකක්ට වඩා වැඩි වුව, ඒ බව එතරම් නොදැනුනේ අරවින්දගේ වැඩ වල හිරවීම ඉතා ඉහල වූ නිසා වෙනි. කිහිපවාරයක් මධූගෙන් අරවින්දට ඇමතුම් ලැබුනද ඒවාට උත්තර දෙන්නට ලද අවස්ථා කුමනාකාරයකින් හෝ අතහැරීම නිසා මේ දැනීම තවත් අඩු විය.
නිවාඩු පාඩුවේ හෙමීට කෝල් එකක් දෙනවා..
අරවින්ද එක් දිනයක දෙකක එසේ සිතුවද, ඒ ඇමතුම, මධූගෙන් කෙටි පණිවුඩයක් අරවින්දට ලැබෙන තුරුම සිහිණයක් විය.. වැඩ කරන දවසක කෑම පැයට ස්වල්ප වේලාවකට ඉහතදී ආ ඒ කෙටි පණිවුඩය මධූගෙන් වීම අරවින්දට පුදුමයක් නොවුනද එහි ඈ ලියා තිබූ දේ ගැන ඇතිවූයේ පුදුමයකි..
Thanks a lot my love...
හදිසියේ තමාට ස්තූති කර එවා තිබූයේ කුමක් නිසාදැයි ඇසීමට අරවින්ද සිය ජංගම දුරකතනයෙන් මධූට ඇමතුමක් ගන්නට විය..
අරවින්ද මහත්තයා, අන්න ලොකු සර් මහත්තයාට එන්න කිව්වා,, හදිස්සියක්ලු, දැන්ම ම එන්න කිව්වා..,
සුන්දරම් කලබලයකින් මෙන් දිවැවිත් කියූ දේ නිසා මධූට ගත් ඇමතුම විසන්ධි කර සංස්කාරක තුමාගේ කාමරයට අරවින්ද යන්නට විය.
අරවින්ද එන්න එන්න.
ඔව් සර්, හදිස්සීයක්ද?
නෑ හදිස්සියක්මත් නෙවෙයි.
පොඩි ආරංචියක් කියන්න. හිත හොඳ මනුස්සයෙක්ට මේක මට මුලින්ම කියන්න ඕනේ උනා.., ඒකයි..,
කියන්න සර්, ඕනෑ දෙයක් කියන්න..,
අරවින්ද මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ..,
මගේ වයිෆ් දැන් මට කෝල් කරලා කිව්වේ..,
අරවින්ද දන්නවා නේ මම මේ ගැන මොන තරම් දුක් වෙවීද හිටිය කියලා..,
අන්තිමටම දෙයියෝ මට නිවැරදිම උත්තරේ දීලා තියෙනවා..,
දිලිසෙන නෙතින් යුතුව පියෙකුගේ බරසාර බව නෙතින් දරන්නට පේවී සිටිනා අහිංසක පියෙකුගේ ඡායා සංස්කාරක තුමා වෙතින් දිස්විය..
මගේ උණුසුම් සුභ පැතුම් සර්.., නිවැරදි මිනිස්සුන්ට දෙයියෝ වැරදි කරන්නේ නෑ..
ඒක හරියටම හරි අරවින්ද..,
අරවින්ද මම දැන් එන්නැයි කීවේ,
මම ඔෆිස් එකෙන් යනවා එතකම් මේ වැඩ ටික පොඩ්ඩක් බලාගන්න පුලුවන්ද?
හරි සර්..,
තෑංක්ස් අරවින්ද තෑංක්ස් වෙරි මච්..!
සංස්කාරකතුමා පිටව ගියපසු සිය කාමරයට පැමිණි අරවින්ද..,
මධූ ගේ කෙටි පණිවුඩයට පිළිතුරු කෙටුවේ සියුම් මඳහසකින් යුතුව ය.
You're Welcome :)
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com17tag:blogger.com,1999:blog-5225450033340027797.post-25996696925879225492013-05-26T09:25:00.002-07:002013-05-26T21:14:19.416-07:00(අ)නිසි කතා හතක්
01. සෙවීම
ෂ්.. අර බලපන්!!
මොකද්ද??
දොරෙන් එලියට යන කෑල්ල..,
හ්ම්!!
හුග් ගාන්නේ,ඔය මාකටින් සෙක්ෂන් එකට අලුතින් ආපු කෑල්ල දන්නවද?
මැනේජරයගේ කැච් එකක්ලු...,
අර කලු මහත එකාගේ..?
ඔව් ඔව් බොල.., කෝමද වානරයා වගේ ඉඳළා ලයින් කරන කෑලි..ඈ?
අපි තමා මේ වහතු පස්සේ ගිහිල්ලා බැඳලා ළමයි හදාගෙන ඉන්නේ..,
ඒකට ඉතින් මොනවා කරන්නද තොපේ හදිස්සියට..,
හා හා ඒකෙන් කමක් නෑ නෑ.., යං යං අර එවෙන්ට් එකට ඕනේ කරන ෆයිල් ටික තියෙන්නේ මගේ මේසේ උඩ..,ඒ ටික සෝටවුට් කරමු
හුම්..!
02. කාමය ලෝභකම් ඇතිකරයි
එක්ස්කියුස් මී සර්, මේ අයි කමින්?
යෙස් යෙස් නයනා., ටේක් අ සිට්..,
සර් මම අර ෆයිල් වලට දාන්න කිව්ව, ලෙටර්ස් ටික ප්‍රින්ට් කරලා ඉවරයි., සර්ගේ සයින් එක ඔනේ ඒවා ෆයිල් කරන්න කලින්...,
කෝ දෙන්න..,
ඉතින් ඉතින් නයනා.., කොහොමද අලුත් තැන?
වැඩ කරන තැන එහෙම ගැටලුවක් එහෙම නෑනේ??
කරදරයක් නෑ සර්.., ඒත් පොඩ්ඩක් වැඩ වැඩියි, වරදක් නෑ, ස්ටාෆ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ලී,
හරි එහෙනම්, මොනවා හරි ප්‍රෂ්ණයක් එහෙම තියෙනවා නං කියන්න ඕනේ.., ඕකේ? මම මගේ මැනේජර්ස්ලාට එහෙම කියලා තියෙන්නේ ඔයා ගැන ස්පෙශල් ඇටෙන්ෂන් එකක් දෙන්න කියලා, තේරුනාද?
ඔව් සර්, තෑංක්ස්.., එහෙනම් මම යන්නම් සර්..,
මේ නයනා වන් මිනිට්?
ඔව් සර්??
අර වැඩේ හෙට ඊවිනිං දාගමු..,
හ්..හා සර්..,
ඇයි නයනා මොකුත් ප්‍රශ්ණයක් ද? ඔයා කැමති නිසා මම ඒ එපොයින්ට්මන්ට් එක දාගත්තේ.., ඔයා ට ප්‍රශ්ණයක් නෑනේ??
මම යන්නම් සර්..
03. රියදුරු දෑතට දෙවි පිහිටයි
උඹ දන්නවද මචන්, අපේ ලොකු සර් මට බුවාගේ කාර් එක එලවන්න ගත්තේ මිනිහගේ ලොකු රහසක් මම දන්න නිසා..., මිනිහා සමහර වෙලාවට එක එක සැම්පලේ කෑලි දාගෙන එන්න කියලා මට කෝල් කරලා කියනවා..,
උඹේ ලොක්කා අපේ ලොකු සර් එක්කත් වලි දාගෙන තියෙන්නේ ඔය කෑල් ප්‍රස්නේකට කියලා මට දවසක් එකවුන්ට් එකේ මිස් කෙනෙක් කිව්වා..?
උඹ එක්කලා මිස්ලා සෙට්ද එකවුන්ට් සෙක්ශන් එකේ??
ඩයිවර්ලා වෙච්චි අපිත් එක්කලා අඟෑලුම් පාන්නේ ඉතින් මොකක් හරි වැඩක් කරගන්න මිසක් වෙන මොකටද බන්.., මයුරි රට ගිහින් ඒකි අර අරාබි කාරයා එක්කලා ජීවත් වෙන්න පටන් ගන්නවාය ආයේ එන්නේ නෑය කියලා ලියලා එව්ව දවසේ ඉඳලා මට ගෑනු අරහං බන්..
වේ* හැතිකරේ..!
ඉතින් උඹ කියන්න ගියපු කතාව කියපන් කෝ..,
ඉතින් සර් ගොඩක් වෙලාවට සර්ගේ ගොඩගම ගෙදර තමා රෑ වැඩ වැටුනම ඉන්නේ.., සමහර පාටි එහෙම තියෙන දවසට සර් එක්ක කාරෙකට එන කෑලි ආපහු යන්නේ උදේ ගෙදරින්.., හික්කා ගිහිල්ලා අපේ ලොක්කා රෂියන් කෑලි දෙකක් එක්ක නටනවා හායි එකේ දාලා තිබ්බා මම දැක්කා.., උඹ දන්නවද, එදාට පස්සෙන් පහු ඒ කෑලි දෙක වීක් එන්ඩ් එකම හිටියේ අපේ ලොක්කා එක්ක..,
ඉතින් ලොක්කාගේ අවටියල් වැඩ මැඩම් දන්නෑද්ද??
දන්නවා ඇති බන්.., ඒත් ඉතින් ඒ ගෑණි කියලා මක් කරන්නද? දෙනදේ කාලා වෙනදේ
බලාගෙන ඉන්නවා ඇති.
හහ් හරි මම යන බේබිව ඉස්කෝලෙන් ගන්න.., දෙකට කාලයි..,
හරි මමත් යනවා සර්ගේ බත් එක කාර් එකේ, මිනිහට ඔපිස් එකට ගෙනියන්න අමතක වෙලා මට කෝල් කලා..,
04. මූණුපොතේ සිංහ පැටව්
දන්නවද අර කෑල්ලගේ නම?
මොකද්ද??
නයනා බං නයනා..,
පේස්බුක් ඉන්නවද?
ඉන්නවා ඉන්නවා.., මම රික්වෙස්ට් එකක් දැම්මා මේකි මාව ඇක්සෙප්ට් කලේ නෑනේ..,අද උදේ මම වැඩට එනකොට ඒකි නැනෝ ටැක්සියකින් බැහැලා ඔපිස් එකට එනවා, මම හෙලෝ ගුඩ් මෝනින් කිව්වා.., මේකි ගස්සලා ගියේ නැද්ද ඇතුලට.., මමත් ඉතින් අනේ හුකේ කියලා ඇතුලට ආවා.., මොන හු**ක්ද? මුං නලලේ තියාගේන ඉන්නේ.., අපි හායි කිව්වම තමා හෙන ගනකම.., ලොක්කෝ දැක්කම විලුඹේ ඉඳන්ම නවනවා..,
වෙලාවකට මටත් හිතෙනවා මාකටින් සෙක් එකට පැනගන්න බන්.., එතකොට ලොක්කෝ සැප ගන්න කෑලි එක්ක අඩු ගානේ කතාවක් වත් කලෑකිනේ.., මේ අවුට සෙක්ශන් වල ඉන්න කොටතමා මුන් අපි දිහා මහ අමුතු විදියට බලන්නේ..
හා හා කෑ ගහන්න එපා බන්..,
කෑ ගහන්න නෙවෙයි බන්.., උන්ගේ තියෙන බොරු උස්නේ.., වේ* හැත්ත.
මේ ඕක අමතක වෙලා යන්නත් එක්ක මේ රිපෝට් එක හදන්න උදවු වෙයන්..,
ආ.... තව දෙයක් ඕනේම කරන එක කියන්න අමතක උනා.., මම කාර් පාක් එකේ ටොයිලට් එකට යනකොට, ලොක්කගේ ඩ්‍රයිවරුයි, අපේ එකවුන්ටන් මහත්තයාගේ එකයි බර කතාව..,
මොකා ගැනද?
වෙන කා ගැනද බන්.., අරකී ගැන.., ලොක්ක හවසට ඒකිට ට්‍රැවලින් දෙන්නම් කියලා ගෙදර යන්න..,
ලොක්කා අච්චුව තියයි වගේ..,
අර තඩි බඩ එක්ක කෝම කොරන්නද බන් ඕක..,
බඩත් අවුලක්ද මල්ලී කිව්වලු..!
05. කාම සූත්‍ර
ඔයා නම් මාරයි නයනා...,
අපිටත් ගෑනු ඉන්නවා, උන් ඉන්නවාම විතරයි..,
සර් අපි ඒ ගැන කතා කරන එක නවත්තමු..,
හ්ම් ඔයාගේ කැමැත්තක්.., ඔයා අකමැති නැතිනම් මම කෑමතියි මේ ගේ දෙන්න.., වැඩට යන්න එන්නත් ලේසිනේ.., අනික අපි දෙන්න්ටම ලේෂර් ටයිම් එක පීස්ෆුලි ස්පෙන්ඩ් කරන්න පුලුවන්නේ..,
නෑ සර් මම යන්නම් ගෙදර,
ඕකේ.., ඉන්න මම කියන්නම් ඩ්‍රයිවර්ට ඔයාව ඩ්‍රොප් කරන්න කියලා..,
සර්..?
ඔව් නයනා කියන්න..?
අර මම කිව්ව වැඩේ..,
ආහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.., ඒක හරි කියලා හිතාගන්නකෝ..,
තෑංක්ස් සර්.., මම යන්නද එහෙනම්..?
ඕකේ සී යූ ටුමාරෝ ඇට් දි ඔෆිස්.., බායි..,
බායි ස... සර්..!
06. නිර්වානය
ටක් ටක් ටක්..!!!
කවුද........
මේ මම නැන්දේ නයනා..,
කොහේ යනවද ළමයෝ කියද බලන්න දැන් වෙලාව..,
ඔෆිස් එකේ වැඩ තිබ්බා නැන්දේ ඒකයි ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකෙන්ම ආවේ..,
තේකක් හදන්නද මං?
එපා නැන්දේ මම කාලා ආවේ.., ඇඟට වතුර ටිකක් දාගෙන නිදාගන්න ඕනේ, හරි මහන්සියි, ඊටත් එහා හිතේ තෙහෙට්ටුව
ආ..මේ.., නයනා..?
නැන්දේ..?
මේ ඔයාට ලියුමක් ආවා..,
හ්ම්..,
ගෙදරින්ද?
ඒ වගේ..,
07. ආරම්භය වෙත සෙනෙහසින්..
ආදරණීය ලොකූ වෙත,
එවාපු ලියුම ලැබුනා.., දුව හොඳින් ඇතැයි හිතනවා, ඔයා එවපු සල්ලි වලින් අර බඩු ටික බේරගත්තා, ඔයා මේ ගෙවන්නේ අමාරු කාලයක් කියලා දන්නවා දුවේ, ඉන්න එකම ළමයා වෙච්චී ඔයට මේ දේවල් කියන්නේ නැතුව මම වෙන කාට කියන්නද? ඔයාට මම මේ ලියුම ලියන්නේ හොඳ ආරන්චියක් කියන්නත් එක්කයි. අප්පච්චීට පැන්ෂන් එක හදලා කියලා ලියුමක් ආවා.., දෙයියනේ කියලා ලබන මාසේ ඉඳන් මේ කරදර ටික ටික අඩුවේවි.
ලොකු නැන්දා ඊයේ අපේ ගෙදර ආවා.., ඇහුවා ඔයා එකලාසයක් වෙන්නේ නැද්ද කියලා.., මම කිව්වා ඔයා කිව්වය කියලා ලොකු දුවම එයාගේ දේවල් බලාගන්නවාය. අපි හොයන්න ඕනේ නැතිය කියාලා., මට පේන්නේ උන්දෑ හදන්නේ ලොකු එකාව ඔයාට ජෝඩු කරන්න වගේ.., මම නං ඒ හැටි මනාපයක් නෑ.., ඒත් අප්පච්චි තමා හරි බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒ ගැන. ඔයා මේවා කියවලා හිත කලබල කරගන්න එපා.., මම නිකමට ලිව්වේ ඒ ගැන.,
අප්පච්චි පැන්සන් එකේ වැඩ ටික කරගන්න එහෙම ළඟදී කොළඹ එන්න ඉඩ තියෙනවා, ඒ අස්සේ ගෙදර උකසට ඊයේ පෙරේදා රතු කොල ඇවිල්ලා අප්පච්චි කෝලේ දැකලා ප්‍රෙසර් පෙත්ත දිව යටින් තියාගනී කියලා මම බය උන්නේ. ඔයා අර ටික එව්වොත් අපිට උකසේ පොලී වාරිකයක්වත් බැන්කුවට බැඳගන්න පුලුවන් වේවි වෙලාවට..,මට මේවා කියන්න හිතෙන්නේ නෑ දුවේ ඒත් මම සල්ලි කොහෙන් කියලා හොයන්නද? මම තවත් ලියුම දික් කරන්නෑ..,
මට බෑ තවත් මේවා ලියලා දුක් දෙන්න..,
මම නවතිනවා.
බුදු සරණයි..,
මීට,
අම්මා.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com22tag:blogger.com,1999:blog-5225450033340027797.post-42100954467629091302013-04-30T05:59:00.000-07:002013-04-30T08:16:25.423-07:00පිල්ලේ රෙසිඩන්ස්
පණ්ඩිත්. ඒ ඔහුට රසිකයින් විසින් අරූඪ කර තිබූ නාමයයි.., නිතර අඳින කපු කූර්තාව සහ පපුතුර දක්වා හැලෙන අලු වර්ණිත රැවුල ඔහු හඳුණන සලකුණු වී. විටෙක ඔහු පිළිබඳව පුවත්පතක පලවන ලිපියක සිය උවනත වෙනුවට දමා තිබුණේ ඒ අපූරු රැවුලයි..,
මා පිළිබඳ රසිකයන් ඉතා සැලකිළිමත්, ඔවුන් මගේ හුස්ම තියා කෙස් ගසකින් වුවත් මා වෙන්කර හඳුණගන්නට දන්නවා..,
පණ්ඩිත් විකල්ප පුවත් පතකට සිය අනන්‍යතාවය ගැන සැලකර තිබුණේ එසේයි.
අධ්‍යාත්මික නායකයෙකු සේම, ඉහළ රසවින්දනයකින් යුතු ගීත රචකයෙකු වූ පණ්ඩිත් ගේ ගීතයන් යූටියුබ් වැනි සමාජීය රසවින්දනාත්මක අඩෙවි තුලින් එළිදකින තුරු ඔහු රසිකයින් බලාසිටියේ ඇඟිළි ගනිමින්.
පණ්ඩිත්ගේ ගීතයක් කියන්නට අවස්ථාව ලැබෙනවා කියන්නේ කොයිතරම් භාග්‍යක් ද?
සිනමා ගීත සක්විති ලෙස කිරුළු පලන් අසේල පද්මවර රූපවාහිණී සාකඡ්ඡාවකදී කියනවා කුඩාදරුවෙකු ලෙස මගේ මතකයේද ඇඳී තිබේ.., පණ්ඩිත්ගේ රසිකාවියක වන මගේ අම්මා මා හට අකුරු කියවන දින හෝඩිපොතට ඉහළින් සේයාරූ හතරක් තබා තිබෙන සේයාරුවක් මට ලැබුනේ මෑතකදී ය. තාත්තා, ගණදෙවියන්, සරස්වතිය සහ පණ්ඩිත් ගේ රූප දිටි මට හිතැතුලින් මඳක සංතෝශ ජනක සිතුවිලි පහල වුනද, මා ඒවා සිත තුලම සඟවාගෙන සේයාරුව කබාය තුලරඳවා ගත්තේ කිසිඳු අදහසකින් තොරව ය. වසර ගණනකට පෙර දුටු පුද්ගලයාග්ෆේ වර්ථමාන කෙලෙසද කියා දැන ගැනීමේ නොතිත් කුහුල මා වෙත විය.
ඔයාට අර ඉන්ටර්විව් එකට යන පරක්කුවෙනවා නේද?
පල්ලෙහා කෑම හදලා තියලා ඇති.
අද ඉනෝකා ආවේ නැති නිසා මම මොකවත් ඉව්වේ නෑ..,
නටේලා ටිකක් ගාගෙන පාන් කන්න..,
අමතක කරන්නේ නෑතුව බටර් එකයි, නූටෙලා එකයි ෆ්‍රිජ් එකෙන් දාන්න.
කොල පිරුණු බෑගය මගේ අතටදෙමින් එසේ කියන්නේ මා බිරිඳයි.., වසර පහළොවකට පෙර සරසවියේදීත් මා පසුපස හිඳිමින් මාගේ අමතක වන දෑ මතක් කරනා ඈ අදද ඒ කාර්යය කරන්නේ නොපැකිලව ය.
අමතක කරන්න එපා ඔය දකුණු කබා සාක්කුවේ ඇති අර බඩු ලිස්ට් එක..,
වෙලා තිබ්බොත් ශ්යාමාස් එකට ගිහින් ඒටිකත් අරගෙන ම එන්න.
අංක 444/4, අමන්ටේ පැලස්, නෝර්මැන්ඩි ඇවිනියු, කොලඹ.
ඇඩ්රස් එකේ හැටියට නං මේක තමා තැන ඒත් කවුරුවත් නෑ වගේ..,
කාවද සර් හොයන්නේ??
අර ජනප්‍රිය කලාකාරයෙන් ඉන්නේ පණ්ඩිත් කියලා එයාගේ ගේ මේක ද?
ඔව් සර්.., ඒ අපේ පණ්ඩිත මහත්තයා.., ලොකු මහත්තයා ඉන්නවා ඇතුලේ කවුද පත්තෙරෙන් මහත්තයෙක් එනවා කියලා, ලෑස්ති වෙලා ඉන්නවා අටේ ඉඳන්..,
අහ් එහෙනං මටත් කලින් පණ්ඩිත් ලෑස්තිවෙලා වගේ මේකට.
යමු සර් ඇතුලට.., මේක ලොක්කරලා තියෙන්නේ මම මේ එහා පැත්තේ මුඩුක්කුවල ඉන්න වේස කොල්ලෝ ඇවිල්ලා මේ වත්තේ ගස් වල තියේන ගෙඩි කඩලා වනසලා යනවා නෙව..,
එතකොට තමුන්නැහේ..?
මගේ නම ජාසින්. සර් නං මට කතා කරන්නේ පිල්ලේ කියලා. පොඩි කාලේ ඉඳන් මම හැදුනේ මෙහෙ. මම තමා සර් පණ්ඩිත මහත්තයාගේ හැමදෙයක් ම බලාතියාගෙන ඉන්නේ.., මේ කොරිඩෝ එක දිගේ ම ගියාම අන්තිමට ම තියෙන කාමරේ ලොකු මහත්තයාගේ කන්තෝරු කාමරේ.., මේ වෙලාවේ මහත්තයා පත්තරේ බලනවා ඇති.., අවුලක් නෑ.., මහත්තයා යන්න.
පිල්ලේ ගේ මඟ කියවුම අනුව ඉදිරිට යනවිට සාලය පසුකරන විටම හමුවන්නේ මැදමිදුලක් මත පිහිටුවා ඇති විසාල හිටිපිළිමයකි. බිමට නැවුනු හිස් ඇති විසාල වටා පතකින් පවන් ගසනා ලංදේසි කාරයෙකුගේ හැඩයක් නිරූපිතය. තනිකම පාලුව මෙන්ම නිසල බව තුල සැඟවී ගත් ධෛර්යය ඉන් නිරූපිතවන බව මග හැඟෙන්නට වෙයි. ඉන් දකුණු පස පිහිටුවා ඇති කොරිඩෝවේ අවසානය ලකුණුවන තැනින් පිහිටුවා ඇති කාමරයේ පහන දැල්වී ඇති නිසා ඒ තුල කවරෙකු හෝ සිටින බව දැනේ.., නොවැරදීම ඒ පණ්ඩිත් වියයුතුය.
මඳක් හැර තිබූ දොරටුව වෙතට යත්ම ඇහුලේ සිටි කිසිවෙකු මා එන බව දුටු නිසා දෝ අවට කිසිදු සුළං රොදක් නොමැතිව ම මහ හඬක් නැගෙමින් වැසී ගියේය..,
වැසුනු දොරෙන් පිටවූ ශබ්දය කෙතරම් ද යත් පහල තට්ටුවේ සිටි පිල්ලේ ද උඩට දුවගෙන ආවේ එක හැල්මේ ය. ප්රෂ්ණාර්ථය මුව නඟාගෙන පිල්ලේ දෙසට මා හැරෙත් ම..,
කරන්න දෙයක් නෑ මහත්තයා...,
ඔහොම දොර වහනවා කියන්නේ පණ්ඩිත සර් ආපහු වරුවකටවත් එළියට එනවා කියන එක නෙවෙයි..,
හ්ම් ඒකත් එහෙමද??
ඔය කාමරේ සුද්ද පවිත්‍ර කරන්නේත් පණ්ඩිත මහත්තයාමයි.., කෑම කන්නේ වගේම ලියන කියන වැඩත් ඔක්කෝම කරන්නේ ඔහේ ඉඳන්.., මම හිතන්නේ පල්ලෙහා මැද සාලේට මේ අවුරුද්දටම ගිහින් ඇත්තේ දෙතුන් පාරද කොහෙද..,
එතකොට පණ්ඩිත සර් කෝමද වැඩ වලට එළි පහළියට යන්නේ???
ඇයි කුස්සියේ දොරෙන්.., වාහනේ එලවන ඩැයිවර් ට කියලා තියෙන්නේ මොනව හේතුවකටවත් ඉස්සරහ ඉස්තෝප්පුව ගාවට වාහනේ ගන්න එපා කියලයි.., අනේ මන්ද??
අපි මෙව්ව තේරුම් ගන්න තවම මෝරලා නැද්ද මන්දා ඒත් මහත්තයාට කියන්න මටත් දැන් අවුරුදු 60ක් වෙනවා මේ එන ජනේරුවට..,
හරි අපි මෙහෙම කරමු..,
කෝමද සර්...??
මං ආවේ ඉන්ටර් විව් එකකට ඔහේලාගේ ලොකු මහත්තයාව මුණ ගැහෙන්න.., දැන් මොකද උනේ කියලා අපිදෙන්නම දැක්කනේ.., ඉතින් මට ඔහේගෙන් උදව්වක් ඕන..,
ඒ මක්කේ??
මම අහන ප්‍රෂ්ණවලට උත්තර පිල්ලේ දන්න විදියට කියන්න ඕනේ හරිය...?
ඒත් මහත්තයා බැරි වෙලාවත් මම තමා උත්තර දුන්නේ කියලා ලොකු මහත්තයා දැන ගනිතොත්..?
ඒක ඉතින් පිල්ලේගේ වැඩ අනුව තමා තීරණේ වෙන්නේ..,
ඒ කියන්නේ??
ඒ කියන්නේ පිල්ලේ පත්තරේ ගිහිල්ලා දුන්නොත් නේ ලොකු මහත්තයා පත්තරේ බලන්නේ..,
ඔව්?
ඉතින් කරන්න තියෙන්නේ මේ ආටිකල් එක තියෙන පත්තර කොපිය එදාට ලොකු මහත්තයාට ගෙනිහිල්ලා නොදෙන එකයි..,
හරි හරි ඒක බලගමුකෝ සර්.., දැන් මහත්තයාට මොනවද මගෙන් අහගන්න තියෙන්නේ???
පණ්ඩිත මහත්තයාගේ ඉස්සර කාලේ ගැන පිල්ලේ මොනවද දන්නේ??
අනේ එහෙමට කියන්න දෙයක් දන්නේ නෑ මහත්තයා, ඉස්සර අපේ අම්මා නං කියනවා පණ්ඩිත මහත්තයා ගේට්ටුකඩේ හන්දියේ සමූපේ මැනේජර් වෙලා උන්නය කියලා.
මේ මා කිසිදාක අසන්නට තබා සිතන්නටවත් නොවූ විරූ නිමිත්තකි, පිල්ලේ නොනවත්වා කියවගෙන යයි.
ඒත් ඉතින් එහෙම කෝමද සමූපකාරෙක මැනේජර් කෙනෙක් වෙලා හිටියයි කියන්නේ, අද කාලේ වෙනකොට මේ ගෙවල් දොරවල් යාන වාහන කොහොමද එහෙම මැනේජර් කෙනෙක් ගන්නේ..,
ඕක මමත් හිතුවා මහත්තයා, මහත්තයට ඔලුව හරවලා බැලුවම දකුණු පැත්තේ රාක්කේ කොනටම වෙන්න පොඩි රවුම් ලොකු කාසියක් වගේ එකක් පේනවද?
ඉතින්?
ඕකට කියන්නේ පුලිස්ටර් ද පුලිට්සර් ද කොහෙද කියලා අඳුන්වන තෑග්ග.., ඕකත් අපේ මහත්තයාට ලැබුනා කියනවා නේ..., ඊට පස්සේ තමා මේ ඔක්කොම කරමයෙන් කරමයෙන් ලැබිලා තියෙන්නේ..., පිළිගැනීම වැඩිවෙනකොට එක එක වාසි වගේම එක එක පාඩුත් වෙනවා නේ..!!
හුම්
කෝමහරි එක දෙයක්!!!
අපේ පණිඩිත මහත්තයා උදලු තලත් මීයෝකාලා කියලා ඉන්වැන්ට්රියේ දාලා තමා මේ තත්ත්වෙට ආවේ කියලා අපේ බජාර් එකේ පොඩි කසු කුසුවක් ඒ දවස් වල තිබුණා.., ඒදවස් වල අපි ඉස්කෝලේ යන හිච්චි කෝල්ලෝ
ඕනෑම දීප්තිමත් කෙනෙකුගේ අඳුරු අහුමුලු තිබිය හැකි බව පිල්ලේගේ කතාවෙන් පසු අවබෝධ විය.., පණ්ඩිත්ගේ ජීවිත කතාවට දීර්ඝ රසවත් ඉතිහාසයක් ඇත්තේ වුව ඔහුගේ සාහිත්‍ය ඉතිහාසය ඉන් බිඳුවක් වත් නියෝජනය නොවන බව මට සිතෙන්නට වී..., මේ අමුතු පුද්ගලයාගේ ගුණ වරුණ මා සිත තුල දැන් ඇත්තේ අඳුරේ ය.
පණ්ඩිත්ගේ පොත්පත් මම කියන්නේ ලියන කරනවැඩ වලදී කාලය සහ අදහස් එහෙම හොයාගන්න මොනවගේ මූලයන් ඒ කියන්නේ මොනවගේ සාධක පාවිච්චි කරනවා ඇති කියලා පිල්ලේ හිතනවද?
සමහර වෙලාවට අපේ මහත්තයා අමුතු වැඩ කරනවා.., සර් දන්නවද මේඝමාධිනී මැඩම්ව? අර ළඟදී විපක්සේට පැන්න ඇමති තුමාගේ නංගී..???
මේඝමාධිනී අධිකාරිවසම්, ජොකිම් අධිකාරිවසම්ගේ සහෝදරියයි.., මේ කතාවට කොතරම් සම්බන්දයක් නැත්තේ වුව අධිකාරිවසම් නාමය සාහිත්‍ය ඉතිහාසය තුල නාමගතව ඇත්තේ රන් අකුරිනි. සාහිත්‍යට කරන ලදේ සේවය සඳහා වූ නෝබල් ත්‍යාගයට මෙයට දශක කිහිපයකට පෙර නාමයෝජනාවන් තුලට ඇතුලත් වූ සිරිලක පළමු රචකයා ඇක්මන් අධිකාරිවසම් ය.. මේ ඉහත නම් සඳහන් වූ අධිකාරිවසම්වරු දෙදෙනා ඇක්මන් අධිකාරිවසම් ගේ සුජාත(?) දරු දෙදෙනා ය. ජෝකිම් තරුණකල සිටම ක්‍රියාකාරී දේශපාලනය බට අතර මේඝමාධිනී සාහිත්‍යට පෙම පුදකලාය, එ මතු නොව ඈ ප්‍රකට කාන්තා විමුක්තිවාදිනියකි,.., මෑතකදී පෞද්ගලික සංචාරයක් සඳහා විදේශගතව සිටි අවස්ථාවකදී ජෝකිම් හෝටල් කාමරයක බැල්කනියකින් බිමට ඇද වැටීම කලකට පෙර පුවත් පත් වල ප්‍රධාන පුවතක් බවට පත් වූ බව මා මතකයේ ඇත.
ඔව් දන්නවා ඉතින්???
ඔය මාධිනී මැඩම් එනවා සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර මෙහෙ, ඒ ඇවිත් දවස් දෙකක් තුනක් ඉඳලා යන්නේ.., ඒ බවලතා බැඳලත් නෑනේව.
ඉතින් මොනවද අමුතු වැඩ කියලා කිව්වේ??
මැඩම් එනකොට එන්නේ එක එක අමුතු එව්වා අරන්..,
වේවැල්, බොල දංවැල්, ගාංචු, මාංචු එහෙම අරගෙන...,
මහත්තයට කියන්න එක දවසක මම රෑ ලයිට් නිවන්න බැල්කනියට යනකොට අපේ මහත්තයාගේ කාමරේ පැත්තෙන් කෙඳිරියක් ඇහෙනවා, මම හෙමීට ඔලුව දාලා බැලුවා..,
බලනකොට රතු පාට ලෝගුවක් වගේ එකක් ඇඟේ දාගෙන මැඩම් වේවැල අරගෙන මොනාදෝ ඉංගිරිසියෙන් කියනවා,
අපේ මහත්තයා ඇඳේ දණ ගහගෙන "යැස් මැඩම් යැස් මැඩම්" කියනවා..,
මම තව ටිකක් ඔලුව දාලා බැලුවා..,
ඉතින්??
බලනකොට හත්වලාමේ අපේ මහත්තයාව අර ගෑණි ඇඳට තියාලා මාංචු දාලා..!
වෙන්නට යන සිදුවීම සිතේ මවාගන්නට අපහසු නැත, මුවට සිනහවන් නැගෙතත් පිට කිරීම අපහසුය. රෙකෝඩරය කැරකේ.., මම පිල්ලේ වෙතට තව ප්‍රෂ්ණයක් විද්දෙමි.
පිල්ලේ මොකෝ කලේ??
මම කෝම අරවගේ දෙයක් බලා ඉන්නද මහත්තයා; තාත්තෙක් වගේ මනුස්සයා..,
මම පැනලා මහත්තයාව කවර් කරගෙන හිටියා.., ඒකට බය වෙච්චි මැඩම් එක පාරටම පුටුවේ වනලා තිබ්බ රෙද්ද අරන් ඇඟේ දාගෙන එහා කාමරේට දිව්වා...,
ඉතින්??
එතනින් පස්සේ තමා හොඳම හරිය..,
අපේ මහත්තයාව බේර ගත්ත එකේ ගොන් කම තේරුනේ පස්සේ..,
මට මොනාදෝ කියලා කියලා බනින්න ගත්තා මහත්තයා..,
අම්මපා මම ඒ වචන අහලත් නෑ තේරුනෙත් නෑ..,
මම එදයින් පස්සේ මහත්තයාගේ කාමරේට යන එක නතර කලා මහත්තයා..,
ඔයාකාරෙට බැනුම් අහන්න පුලුවන් ය ?
ඊට පස්සේ මොකෝ උනේ??
මම පහුවදා උදේ මැඩම්ට තේක දෙන්න කාමරේට යනකොට මැඩම් කොම්පියුටරේ මොනාද කරනවා මම හෙමීට කනප්පුව උඩින් තේක තියාලා යන්න හැරෙනකොටම මැඩම් කතා කලා..!!
පිල්ලේ???
ඇ..ඇයි මැඩම්??
ඊයේ වෙච්චි දේ අමතක කරලා දාන්න...,
මෙතන පොඩි තෑග්ගක් තියෙනවා මමයි මහත්තයයි දෙන්නම කතා කරලා තමා මේ තීරණේට ආවේ,
මෙහෙම දෙයක්  ඊයේ උනේ නෑ කියලා හිතා ගන්න..,
හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා...,
ඒකෙන් වෙන්නේ පිල්ලේගේ රස්සාවට කරදර වෙන එක
තේරුනාද??
ඔ...ඔව් මැඩම්!!
හොඳයි දැන් යන්න පුලුවන්..!
ආහ් තවදෙයක්
ඔව් මැඩම්??
එකෝලහමාර වෙනකොට පොර්ච් එක ගාවට වාහනේ ගන්න කියන්න.., මම ආපහු නුවරට යන්න ඕනේ..,
සර් එක්ක මැඩමුත් එදා නුවර ගියා, මම මේක කාටවත් එදා ඉඳන් කිව්වෙත් නෑ.., මහත්තයට ඇරෙන්න.
මිනිසුන් තුල හැඳින ගත යුතු ගති ලක්ෂණ ඇතත් ගරු කටයුතු චරිතයක ලෙස කුඩා කල සිටම මාහට අකුරු කියවන්නට පවා ඔහු රුව යොදාගත් අයුරු මගේ මතකයට එයි. මිනිසුන් කොතරම් සිවිල් චරිත ලෙස සමාජය තුල අධිනිෂ්චය වුවද කිසිවෙකු නොදකින අඳුරු අගාධ උන් තුල ද නැත්තේ නොවේ.., පිල්ලේ මා ඉදීරියේ නිරුත්සාහකව වමාරන්නේ මේ තිත්ත ඇත්තයි.
මොනවා උනත් අපේ සර් මට හරි ආදරෙයි..,
අවුරුද්දට, වෙසක් එකට, නත්තලට පවා එක එක ලැබෙන එව්වා මට දෙනවා..,
ඒත් මේ බංගලාව ඇතුල හරි පාලුයි මහත්තයා..,
කිසිම නෑදෑ කියන කෙනෙක් පණ්ඩිත මහත්තයා ආස්සරේ කරන්නේ නැති නිසා උන්නැහේ නැති කාලේක මේවට මොනවා වෙයිද මන්දා..,
අපිට මොනව වෙයිද මන්දා??
ඇයි පිල්ලේට මොනවා වෙන්නද?
ඇයි සර් මම ඉන්නෙත් මෙහෙ නෙව. පවුලක් හවුලක් තියෙන එකක් යැයි??
හිතේ රඳවාගෙන පැමිණි කතිකාවක් කෙසේ වෙතත් ඉන් එහා ගිය තොරතුරක් සොයාගෙන, ගඳගහන අතීතයක් පටිගත කරගෙන, මා හට මේ මන්දිරයෙන් යන්නට සිදු වී තිබේ. මම පිල්ලේ හට මුදලක් අත තබා, නැගී සිටියෙමි. පිල්ලේ කුමක් හෝ මතක් වී නිවෙස තුලට දිව ගියේය.
සර් මේ පොත් දෙක තුන අරන් යන්න ඕනේ නම්..,
අපේ පණ්ඩිත මහත්තයා කුරුටු ගාපු එව්වා..,
මේවා මගේ අතට දීලා කිව්වේ ගිණිතියලා දාන්න කියලා..,
ඒත් මොනාහරි වැදගත් දෙයක් ඇති කියලා හිතලා මම මෙව්වා අරන් තිබ්බා..,
ඇයි පිල්ලේ කියෙව්වේ නැද්ද?
මට සිංහල අකුරු කියවන්න බෑනේ මහත්තයා.
නිවෙසට පැමිණ ඒ පොත් වල මුල සිට අග දක්වා එකිනෙක කියවා බැලුවද සාහිත්‍යමය කටු සටහන් හැරෙන්නට කිසිවක් සොයාගත නොහැකිවිය. එහෙත් මගේ ලිපියට අවැසි තොරතුරු අවැසි පමණටත් වඩා ඒ තුල අන්තර්ගත වීමතුල මට වූයේ වාසියකි. ලියමන ලියා අවසාන වූ පසු හොඳින් ආවරණය කල එම පොත් කිහිපය මගේ පොත් රාක්කයේ වඩා සුරක්ෂිත ස්ථානයක තැන්පත් විය.
දින සති මාස අවුරුදු ගෙවීම තුල ලෝකය තිරිහන් වීමත් ඒ තුල ජීවත් වන්නන්ගේ වියපත් වීමත්, විප්පයෝගයන් සහ එක්කාසුවීම් වැනි මානුෂ බන්ධන අනෙක් සියල්ලන්ටම වගේ මගේ ජීවිතය තුලත් වන්නට විය.
ලේඛකත්ව සන්නිවේදනය පිළිබඳ ශිෂ්‍යත්වයක් ලැබී මා හට විදේශගත වන්නට වූ කාලය තුල පණ්ඩිතගේ වියෝව ගොසිප් අඩවියකින් දකින්නට හැකිවිය, වෙබ් පිටු පුරා පණිඩිතගේ අතීතය අවුස්සන සොඳුරු මතකයන් සතු කිහිපයක් පුරාවටම සටහන් විය, යාවත් කාලීන විය. ඕනෑම දෙයක අවසානයක් පවතින බවට වූ නියමය සත්‍ය කරමින් පණ්ඩිත ගේ මතකය ද මා තුලිනුත්, මා හදවත තුලිනුත් ඉක්මනින් මැකීගියේ නැති. ලියමනකට උහු අදහස් ගන්නට ගිය මතකයත් ඔහු හමුවන්නට තිවූ ඉඩකඩ කෙස්ගසින් මඟහැරුන අයුරත් මකන්නට සිතුවිලි වලට නොහැකි විය.
එහෙව් අතීතය මතකයට ආ ඇසිල්ලක, ඒ අමතකවන්නට නොදී මෙසේ පරිගණකයක් ඉදිරිපස හිඳ, මේ සියල්ලම ලේඛනගත වන්නේ යලි මේ මතකයට නො ඒ යැයි හිත තුල පවතින අඩමානය නැති කරගන්නට ය. තව දින කිහිපයකින් මා මවුරට බලා යායුතුය. ලේඛකත්ව සන්නිවේදන ශිෂ්‍යත්වයේ මේ ගෙවන්නේ අවසාන දින කිහිපය නිසා පණිඩිත ගැන මතකය ඉවතලා එදිනෙදා දේට සිත යොමු කලෙමි.
ලංකාවට පැමිණ දින කිහිපයකට පසුව රැකියාවේ වූ නිරාකරණය කරගැනීම් කිහිපයක් කරගන්නට කොළඹ යන්නට අවැසි වීම නිසා මගේ අනෙකුත් අවැසිතා ද ඒ දිනයටම යොදාගතිමි. ඒ අතර තුර අමන්ටේ පැලස් වෙත ගොස් පිල්ලේගේ දුක සැප බලා එන්නට ද උවමනාවක් මාතුල වී.., අමන්ටේ පැලස් ඉදිරිපස වූ රථගාලේ මා රථය නවතා යන විටත් අමන්ටේ පැලස් හි වෙනසක් වී ඇති බව මා හට පසක් විය.
මන්දිරය ඉදිරිපස පසෙකට වන්නට සිය ව්‍යාපාරය කරගෙන යන සපත්තු මසන්නා වෙත ගිය මම,
දැන් මේ අපේ පණ්ඩිත මහත්තයාගේ ගෙදර කවුද ඉන්නේ උන්නැහේ??
ඇයි පණ්ඩිත මහත්තයා ගාව හිටපු පිල්ලේ..,
ඒ යකා තවම ඉන්නව නේ..,
ඌ වාසනාවන්තයා..! පණ්ඩිත මහත්තයාගේ මරණෙන් පස්සේ ඔක්කොම දේපල පිල්ලේට අයිති උනා, මහත්තයාගේ අන්තිම කැමතිපත්තරෙන් පවරලාම තියෙලු..,
මහත්තයා මැරිලා තුන්මාසේ යන්න හම්බුනේ නෑ පිල්ලේ කාරයා කසාදෙකුත් බැන්දා..,
ඒ කාවද?
ඇයි අර අධිකාරිවසම් ඇමතිතුමාගේ කසාද බැන්දෙ නැතිව ගෙදෙට්ටම නාකිවෙලා හිටි නංගිව..,
ඒ කටයුත්ත බෝම රහසිගතව උනේ අපි දන්නෙත් එදා උදේ බංගලාවේ ගේට්ටු ඇරලා තියේනකොට..,
පත්තරේකවත් ගියේ නෑ මයේ හිතේ..!
අනික මහත්තයා මිනිහා ඒකෙන් නැවතුනේ නෑ.., මිනිහා බංගලාවේ නමත් වෙනස් කලා..!!
කතාව අතරතුර සේවාදායකයෙකු පැමිණීම නිසා සපත්තු මසන්නා කාර්යබහුල විය..,
මම දකුණුකුළුණේ ඉහත්තාව දෙස නෙත් හෙලුවෙමි.
බැසයන හිරු එළියට කුළුණේ වූ "පිල්ලේ රෙසිඩන්ස්" නමින් යුතු පිත්තල තහඩුව පෙර නොවූ විරූ අයුරින් දිලෙන්නට විය.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com25tag:blogger.com,1999:blog-5225450033340027797.post-6026556044067758252013-04-09T07:48:00.000-07:002013-04-09T07:48:14.299-07:00කඩදාසි බරුව
අපි සෙට් එක කතා කර කර
ඉන්නකොටත් මිනිහා හිටියේ පත්තරේ බලාගෙන, හරියට පත්තරේ අකුරු ටික ඇස් දෙකෙන්
උරාගන්න උත්සහ කරනවා වගේ.., ඒ දිහාටම නැවිලා යොමුවෙලා..! හවස සෙට් වෙන
වෙලාවක මුහුදු හුළං වැදෙනකොට නිකම්ම වටේ අමතක වෙනවා උනාට මේ මනුස්සයා ගේ
ඇටිටියුඩ් එක ලේසියෙන් ඔලුවෙන් අයින් කරන්න පුලුවන් උනේ නෑ.., ඒ තරමට ම ඒ
මනුස්ස ප්‍රාණියා මගේ හිත තුල ආකර්ශණීය චරිතයක් වෙලා තිබුනේ...,
පත්තරේ
පල්ලෙහාට හදිස්සියේ ම ගත්තට පස්සේ තමා මම දැක්කේ අතේ මැණික් කටුවට අඟලක්
විතර යටින් ලොකු තරුවක් ටැටූ කරලා.., අර කලින් ගත්ත චිත්ත විනිශ්චයන් එක්කම
මම මේ මනුස්සයා එක්කෝ විප්ලවවාදියෙක්ද එහෙමත් නැතිනම් සාතන් අදහන්නෙක් ද
කියන උභතෝකෝටිකයට මැදිවුනා.
බයිට් පොඩ්ඩක් දීපන්.., සැන්ඩි මදි නේද? අබේ අපි ගෙනාපුවා ඉවරද?
බාගේට අලු කැඩුන සිගරට් එක කටේ තියාගෙන නිස්සා බෝතලේ අතේ තියාගෙන අහනවා.,
මම ආපහු කල්පනා ලොව මල්වනේ..,
ඒ
එක්කම මේ මනුස්සයා මගේ දිහා නුරුස්සනා ස්වරයෙන් හුස්මක් පිට කරලා පත්තරේ
පැත්තකින් තියලා එහා පැත්තේ කබායකින් වහලා තිබුණ පොත අතට ගත්තා.., කෆ්කා
මුහුදු වෙරලේ.., මුරකමි ගේ පොත් කියලා කියවලාම තිබ්බ එකම පොත මේක උනාට
මිනිහා මැද තිබ්බ පොත් සලකුණ පැත්තකින් තියාලා මා දිහා ආඩම්බරයෙන් බලලා පොත
පෙරළගත්තේ නිකං
උඹලා බෝතලේටම යට වෙලා ඉඳපල්ලා.., මේ වගේ පොතපතක් කියවන්න එහෙම එපා
වගේ
ලුක් එකකින්..! මම බයිට් අහුරක් අතට දාගෙන වෙරළ පැත්තට හැරුණා.., උණවටුන
වෙරළ හවසට හරි ලස්සනයි.., වටේම රෙස්ටුරන්ට් වල එළියේ තියලා තියෙන ටේබල් යට
චිමිනි මැද ගහපු ඉටිපන්දම් දැල් වෙන කොට පෙන්නේ ලස්සන මුතු පොටක් වගේ..,
සවස හතට පොඩ්ඩක් කලින් ඔරලෝසුව බැලුනත් එක්ක මට මේ මනුස්සයා ගෙදර යන්නේ
නැත්තේ ඇයි කියන සිතුවිල්ල එනකොටත් හෝ ගාලා කොල්ල පොත කියෝනවා.!!
ලස්සනට
ඇඟිළිතුඩු වලින් පිටුවෙන් පිටුව වෙරළමින්.., කියවන වචනයක් පසා තමන්ගේ මුලු
සිතම ඒදෙසට යොමුකරමින් මහා බැරෑරුම් විදියට ඇහිබැම කණ්නාඩියෙන් උස්ස උස්සා
කියවන ගමන් එක පාරටම මේ මනුස්සයා ආපහු මගේ දිහා බැලුවේ මහ නුරුස්සන
බැල්මකින්.., මම අහක බලාගත්තා.., මේ යකා මට බනින්න එයිදමන්ද??
මූණට
වැටෙන ලයිට් එළියත් බයිට් පිඟාන චරියා ගාවම තියෙන නිසා මම චරියාට මුවා වෙලා
බයිට් පිඟාන ගාවින් වටෙන් ඇවිත් වාඩි වුනේ මේ මනුස්සයාට මම අවිඥාණිකව බුවා
දිහා බලනකොට පෙනුනොත් මේ මනුස්සයා ගේ හැසිරීම වෙනස් වෙයි කියන අදහසත්
එක්කමයි..,
මොකෝ බන් මගේ පිටට මුවා වෙලා කරන්නේ??
චරියා ඇහුවේ මගෙන් වෙන්න ඇති..,
නෑ බන් ලයිට් එක මූණට වැටෙනවා එකයි..!
මම වේටර් මල්ලී එවෙලෙම ගෙනැල්ලා තියාපු සොසේජස් කෑල්ලක් කටේ දාගන්න ගමන් කිව්වා..!
කෙටියෙන්
කියනවා නම් මිනීහා මැදිවයස් වෙච්චි පොඩ්ඩක් පෝස්ට් කොලෝනියල් ලුක් එකක්
තියෙන ඒත් අර ටැටූ එක නිසා පොඩි රැඩිකල් ගතියක සේයාවක් ගෑවිලා තියෙන බවක්
තේරුනා.., මිනිහෙක් දිහා බලාගෙන මෙහෙම විස්තර කියන එක මහ කැත වැඩක් තමා ඒත්
විස්වාසෙට ගන්ඩ, මිනිහාව ඒ තරමට කියවන්න හිතෙනවා..,
මම ආපහු මිනිහා දිහා බලාගෙන,
පොත
කියාවාගන යන ගමන් ම මේ යෝදය එක පාරටම අන්තිම පිට පෙරළුවා.., ඒත්
ප්‍රයෝජනයට ගන්න තරම් දෙයක් ඒ කොටසේ නැති නිසා වෙන්න ඇති ආපහු තමන් අර
කියවගෙන ගිය කොටසටම ආපහු ආවා..!! නවලා තිබ්බ කබායේ සාක්කුවෙන් ගත්තු අමුතු
තාලේ පෙට්ටියෙන් එළියට ගත්තු පයිප්පේට දුම්කුඩු දාගත්තට පස්සේ උඩු සාක්කුවේ
තිබ්බ අලියා ගිණිපෙට්ටියෙන් ගහපු ගිණිකූර පයිප්පේ කටට ඔබාගෙන උගුරු කීපයක්
උරාපුවාට පස්සේ ඇස් දෙක පියාගෙන යටි තොල බෙරි කරලා වැහිලා තියෙන කට
දෙපැත්තෙන් දුම් යවනවා හෝ ගාලා..,
වළල්ලක් යවපන්කෝ..,
මගේ හිත මේ උන්නැහේ ට කෑගහනවා, කොහෙද ඒවා වචන කලෝත් මට වෙන්නේ ගුටි කන්න. මම සද්ද නැතිව උන්නා.
ටික වෙලාවකින් මම අතේ තිබ්බා වතුර එක ටේබ්බල් එක උඩින් තියලා සෙට් එකෙන් මිදිලා එළියට ආවේ ගෙදරින් ආපු කෝල් එකට ආන්සර් කරන්න..,
කතා කරල ඉවර වෙලා එනකොට අර මනුස්සයා අතුරුදන් වෙලා..,
අපරාදේ
මගේ රීසර්ච් එක.., මම ආපහු හැරෙනකොට අපේ හිටපු මොටේල් එකේ කොනේම ටේබ්ල්
එකට කපල් එකක් ඇවිල්ලා ඒ අයගේ ටේබල් එලට සර්ව් කරන්නේ සුරංග අපේ එදත් අදත්
මිත්‍රයා.., මම සුරංගට කතා කලා..,
මචන්.., අර අපේ සෙට් එක සෙට්
වෙලා ඉන්න කබානා එක එපා පැත්තේ හිටියා පොරක් තඩි පොතකුත් තියාගෙන පයිප්පයක්
පත්තු කරන් පැත්තකින් පත්තරේකුයි කෝට් ජැකට් එකකුයි නවාගෙන උඹ දන්නවද බුවා
ගැන..,
ඔය සර් කියන්නේ.., ඩස්ටින් මහත්තයා ගැන.., එයා
හැමදාම මෙහෙට එන කස්ටමර් කෙනෙක්.., හැබැයි එයා ගන්න ප්ලේන්ටියක් විතරයි..,
හැමදාම මෙතෙන්ට වෙලා පහේ විතර ඉඳන් ඇඳිරි වැටෙනකම්ම ඉඳලා.., මේ වගේ වෙලාවට
යනවා.., දැනට අවුරුදු විස්සකට විතර කලින් ඉඳම්ම මෙහෙට එනවාලු අපේ ලොකු
සර්ගේ ෆිට් එකක්.., අපි කා එක්කවත් කතා කරන්නේ නෑ. ලොකු සර් කියල තියෙන්නේ
ඉල්ලන ඕනෑම දෙයක් සර්ව් කරන්න සල්ලි ඉල්ලන්න යන්න එපා කියලා.., අපි අහන්න
ගියෙත් නෑ ඒ ඇයි කියලා ලොකුසර් කිව්වෙත් නෑ ඒ මොකෝ කියලා..,
පෙනුමෙන් නම් මිනිහා හෙන උගතෙක් වගේ නේහ්???
අනේ නෑ සර් ඩස්ටින් මහත්තයට අකුරු බෑ.., උන්නැහේ පත්තරේ අරන් එන්නේ දාඩිය දානකොට පවං ගහගන්න, ලොකු පොත අරන් එන්නේ ඒ පත්තරේ හුළඟට යනවට තියාගන්න.!
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com17tag:blogger.com,1999:blog-5225450033340027797.post-44167971056581526072013-04-02T12:58:00.000-07:002013-04-02T12:58:12.182-07:00අනියම් සමූල ඝාතනය
එකමත් එක රටක් අභියස දූපතක් තිබුණා.., මේ දූපතේ කවුරුවත් හිටියේ නෑ, සශ්‍රීක බවින් අනූන මේ දූපතට අසල තිබූ රටේ මිනිසුන් විශාල ප්‍රමාණයක් එදිනෙදා අවැසිතා සපුරා ගන්නට ආවේ මේ දූපතටයි. ඒත් මේ දූපතේ හිටපු වැඩිම ගහණය වුනේ මීයන්, සේලරුවන් දෙන ඕනෑමාපද්රව්යක් ආහාරයට ගන්නට මේ අපූරු මී බලකාය පුරුදුවෙලා හිටියා. ඒ නිසාම වෙරළේ අතහැර දමායන කෑම බීම සියල්ලම ආහාරයට ගන්නා මේ මීයන් පෙනුමින් මහත වගේම හැසිරීමෙන් නොරිස්සුම් බවක් උපතින් ආරූඪ කරගෙන තිබුණා.
කාලයක් යනවිට වෙරළේ නවතන බෝට්ටු වලට පවා මේ මී ගහණය අරියාදු කරන තත්ත්වෙට පත් වූ නිසා ම සමහර මිනිසුන් මේදූපතට යන එන එක පවා අත හැර දැමුවා. එත් මෙහෙම කාලයක් යනවිට එක්තරා මිනිහෙකු තමන්ගේ කුමක්දෝ අවශ්‍යතාවක් සපුරා ගන්නට අවාසනාවකට වගේ මේ දූපතට ආවා.., ඔහු අමු කපටියෙක්.
බැලූ බැලූ අත හැමදෙයකින් ම පිරිපුන් මේ දූපත දුටුවිට ඔහුට ඇති වන්නේ පුදුමයක්,
ඇයි මම මේ දූපතට මෙච්චර කාලයක් ආවේ නැත්තේ..? අපරාදේ ඒ නො ආ කාලය.
ඔහු සිතන්නට වුනා.
මේ මී කරදරේ නැතිනම් කිසිම ආරවුලක් නෑ නෙව.., අම්මපා මට බෑද මේ කරදරේ දුරු කරගෙන දූපත මගේ කරගන්න, මීයන්ටම ගිය දූපත වෙච්චි,, වටේට වැට ගහලා මායිම් ටික සලකුණු කරගත්තානම් මමත් ඉඩම් හිමි වැවිලි කරුවෙක්
සිය දුඹුරුවන් වූ සම මත පැලවූ රැවුල් ගස් පිරිමදිමින් සිතන්නට වුණා
එදා සිට මේ මනුස්සයා ගෙවන හැම තත්ත්පරයක් ම ගෙවුනේ මේ දූපත අයිති කරගන්නට තැනෙන සැලසුම් සකස් කරමින්..,
අවසානයේ ඔහු තීරණයකට ආවා..,
සමූල ඝාතනයක්!!!
දූපත අසබඩ රටේ ලොකුම කේජු මුදලාලිගෙන් කේජු ණයට ගත් මේ මනුස්සයා ඒවා පටවාගෙන බෝට්ටුවෙන් දූපතට ආවා.., මුලින්ම කලේ දූපතේ වෙරළ වටේටම වැලි වල කේජු ඇතිල්ලෙන ලෙස කුඩු කරගත් වියලූ කේජු විසුරවාගෙන යාමයි. වෙරලේ දකුණ පස ගල් ගුහාවක සිට මේ මනුස්සයා කරන දේ ගැන විමසීල්ලෙන් හිටපු එක් මීයෙක් හෙමීට වෙරළට සේන්දු වුණා..,
හප්පා!! මේ තියෙන්නේ අවුරුද්දකට කන්න තරම් කේජු..!! කන්න නෙවෙයි නාන්නත් ඇති!!
මීයා ඒ තරම් ආහාර ගොඩක් එකපාර දැක්කමයි..,
ගත වුනේ හෝරා කිහිපයයි, මුලු මී ගහණයම වෙරලේ පොරකමින් කේජු කන්නට පටන් අරගෙන. මිනිසා බෝට්ටුවට වී මේ සියල්ලම බලාගෙන..!
ඔහු නිහඬවම බෝට්ටුවේ ගොඩගසා තිබූ කේජු කුට්ටි කුඩු කරන්නට ගත්තා.
දෙවැනි දවස උදා වුනා, මේ වෙනකොටත් කේජු ආහාරය ගෙන පුරුදු මීයන් ඊළඟ දිනයේදී තමන්ගේ පංගුව ලැබෙන තුරු බලාසීටියේ නොඉවසිල්ලෙන්. එදා අර කපටි මනුස්සයා වෙරළට ආවේ අමුතුම තාලේයේ පෙට්ටියකුත් ඔසවාගෙන කෑමත් අරගෙන, එය වානේ වලින් නිම වූවක්..., එක කරකින් පෙට්ටිය ඔසවාගෙන යන අතරම අනික් කරෙන් එල්ලා ගෙන ආ කේජු මල්ලෙන් වරින් වර අත දමා කුඩු කරගත් වියලි කේජු වෙරළ පුරා විසිරුවා හැරියා. වෙරළ පුරා කේජු විසුරවීමෙන් පසුව උන්නැහේ පෙට්ටියත් ඔසවාගෙන කැලය තුලට ගියා..!
මීයන්ට පෙට්ටිය ගැන වගක් නෑ, රංචු පිටින් වෙරළට විත් මේ කේජු කෑමට ගන්නට ඒ වෙනකොටත් මේ මෝඩ මී රැල පුරුදු වෙලා හිටියා.,
දින කිහිපයක් ගත වෙන්නට ඇති, අඩුම ගානේ සතියක් දෙකක්වත්!!
මේ වෙනකොට සීග්‍රයෙන් මීයන්ගේ බර වැඩිවේලා තිබුණා.. දිනපතා ලැබෙන කේජු සලාකය දෙස නෙත් යොමාගෙන සිටින මේ මී කැල එදත් බලාගෙන සිටියා අර මනුස්සයා එනකම්.., බලාපොරොත්තූ වූ විදියට ම ඈත කේජු පටවං එන බෝට්ටුවදැකලා මීයන් සතුටින් ඉපිලුනා..!
ඒත් අනේ අර මනුස්සයා එදා වෙනදා වගේ කේජු වෙරළ පුරා විසිරුවේ නෑ.., ඔහු ඒ වෙනුවට කලේ බෝට්ටුව අසල සිට වෙරළටත්, වෙරළ අසල සිට කැලය තුලටත් උරයේ තිබූ මල්ලේ තුබූ කේජූ විසුරවමින් කැලය තුලට යන්නට වුනා.
කලබල වූ මී ගහණය, උන්නැහේගේ හදිසි වෙනස් වීම නිසා වෙරළේ වූ කේජු ටික අත හැරලා කැලෑ පාර දිගේ හලාගෙන යන කේජු ටික පස්සෙන් මී රැලත් වැටෙන්නට වුණා.., කවදාවත් කැලයාට ගොසින් නැති මේ මී රැල අර මනුස්සයා විසිරවන කෙජු කමින් ඒ මඟ දිගේ යන්නට වුණා. ඒ වෙනකොටත් ඈත හිමය තුලට රිංගූ මිනිසා අතුරුදන් වෙලයි හිටියේ.., ඒ වෙනුවට ඔහු ආ මඟේ කේජු ඇති පදමට කන්නට තිබුණා. කැලෑ මඟ දිගේ කේජු කමින් ආ මී රැලට නියම නිධානය පහල වූයේ ඉන් පසුවයි..,
නිධානය; කේජු වලින් අඩක් පිරවූ යකඩ පෙට්ටියක්!!!
දෙවරක් නොසිතාම මේ කේජු ගොඩට කෑදර වූ මී රැල පෙට්ටියට පැන්නේ කේජු ඔක්කොම කන්න හිතාගෙන..!!
මිනිසා හිතුවේ පෙට්ටිය මදි වේවි කියලයි, මීයන්ගේ අවාසනාවට උන් සියල්ලටම ඒ පෙට්ටියේ ඉඩ සෑහුනා.., මූසිකයින් කේජු මත පිණුම් ගසමින් කේජු කන්නට වුණා. දූපතේ එකෙකුවත් මීයෙක් වෙරළේ තිබෙන කේජු කන්නට ගියේ නෑ උන් සියල්ලම පෙට්ටියේ කේජු වලට ලෝල වූණා.
එකවරම මහා භයානක දෙයක් වුණා..!! මහා හඬක් නඟම්න් පෙට්ටියේ පියන වැසී ගියා..!!
අසල ගසට වී මේ දෙස බලාගෙන සිටි මිනිසා සිතා සිටියේ මීයන් සියල්ලම කලබල වී මහා කලබලයක් ඇතිවේවි කියලයි.., ඒත් එවැන්නක් පුදුමයකට වාගේ වුනේ නෑ..,
බාග වෙලාවට උන් ඔක්කොම කේජු කනවා ඇති..!
කපටි මිනිසා සිතුවා..!!
ඇත්තෙන්ම වී ඇත්තේ එයමයි,
මුව කොනකින් සිනාවක් නඟාගත් කපටියා බෝට්ටුවට නැඟී සිය රට වෙතට හබල මෙහෙයවා බෝට්ටුව පදවන්නට වුණා..!!
සති දෙක තුනක් යනතුරු වත් අර කපටි මනුස්සයා දූපත පැත්ත පලාතේ ආවේ නෑ, පිත්තල ඉබ්බෙක් වැටුනු අර යකඩ පෙට්ටිය තවමත කැලේ ඇතුලේ මූසිකයින්ට රැකවරනය සැපයුවා..!!
අදට පෙට්ටිය වැසී මාසයකුත් දින කිහිපයක් ගතවෙලා..,
මහ වැස්සක පෙර නිමිත්තක් එක්කම අකුණක් අහස පුරා හොල්මන් කරද්දී ඈතින් දූපත දෙසට බෝට්ටුවක් පාව ආවා..!
ඔව් ඒ අපේ කපටි මනුස්සයා තමයි..!!
පාඟිලි අස්සෙන් මඩ වතුර මිරිකෙන වැස්ස අස්සේ ම නිහඩවම මේ මනුස්සයා කැලෑව තුලට ඇවිද යන්නට වුනා..,
ඔහු වෙරදමා පෙට්ටිය අගුලු ලා තිබූ ඉබ්බා ගලවා වසා තිබූ පෙට්ටියේ දොර හැර දැම්මා..! මිනිසාගේ බලාපොරොත්තු වූ විදියටම සියල්ල ඉටු වෙලා..!! තැනින් තැන පෙට්ටිය පුරා විසිරුණු මී හම් කැබලි සහ ඇට කැබලි අතරේ කපටියා හෙව්වේ කුමක්ද??
එක වරම මී හම් ගොඩ හෙලවෙන්නට ගත්තා.., එකවරම කෑස් කෑක් හඬක් නඟමින් එළියට පැන්නේ මීයන් දෙදෙනෙක්.., උන් වෙනදා කේජු කන්නට වූ කාලේ මෙන් නොව ඇට ගැසී දෙනෙත් රතුවූ ලොවි තරම් වී තිබුණා බලන්නටත් බයයි!
මීයන් දෙදෙනා එකවරම දෙදෙනාට දෙදෙනා දෙස බලා සිටින්නට වී, එකවරම එකිනෙකාට විරිත්තා ගස් දෙකකට නගින්නට වූවා.., පෙර තිබූ සංවර බවවත් එකමුතුව වත් උන් වෙත ආපසු ලැබී තිබුණේ නෑ.., උන් එකිනෙකාට වෛර කරන්නට අරගෙන..!
පෙට්ටිය වැසීමෙන් පසුව ඇතුලත වූ කේජු අවසන් වන්නට වුනාම ආහාර නොමැතිව හෙම්බත් වූ මීරන්චුවට ඉතිරි වී තිබුනේ එකම විකල්පයයි..!! ඒ එකිනෙකා මරා කෑමයි, කෙටියෙන් කියනවා නම් දුර්වලයාව ආහාරයය ගැනීමයි, සිය පැවැත්ම වෙනුවෙන් අකමැත්තෙන් හෝ කල ඒ දේ පසුව කල් යනවිට පුරුද්දකට වඩා අවශ්‍යතාවක් වුනා..!! කෙමෙන් කෙමෙන් සිරවූ පෙට්ටියක් තුල අසරණව පරිහාණියට මීරැල යන්නට වුණා..!! එකවරම නිදහස ලැබුනත් ඒ නිදහස භුක්ති විඳින්නට තරම් මී ගහනය ශක්තිමත් නෑ, පෙර කීවා මෙන් ඒ තුල ඉතූරු වී සිටියේ මීයන් දෙදෙනෙකු පමණයි..!!
කපටියා තමා අත වූ කේජු කැබැල්ල උන් දෙදෙනාට කඩා බෙදාදුන්නා..!!
අවාසනාවට.., උන් තවදුරටත් කේජු කෑවේ නෑ..!!
උන් දැන් කන්නේ මී මස්..!!!
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com9tag:blogger.com,1999:blog-5225450033340027797.post-55761404114423663692012-11-15T05:16:00.002-08:002012-11-15T05:19:58.396-08:00රුපියල
කෙළවරක හිඳිනා මනුස්සයා දිහාවේ බලන්නට තරම් වත් මගේ හිත එකලාසයක් කරගන්න බැරුව හිටියේ..,
යටි හිත මට තවමත් දොස් පවරනවා..!
මෝඩයා.. ඒ කෙල්ල උඹට කැමතියි කියලත් උඹ අහක බලාගත්තා..,
ඉතින් මම මොකෝ කරන්නේ..?? මම ඒ කෙල්ලට අකමැති නිසා, මගේ හිතට බොරු කරන්න බැරි නිසා මම අකමැති වුනා..,
ඒත් ඒ කෙල්ල උඹේ පස්සෙන් කොච්චර ආවද??
ආවා කියලා එහෙමත් කැමති වෙන්න පුලුවන්ද? ලව් කියන්න උඹට ඩීල් එකක් උනාට මට ඩීල් එකක් නෙවෙයි..,
කෙටියෙන් කිව්වොත් උඹ කියන්නේ මම උනාට මම උඹට වඩා වෙනස්..!
මම මගේ හිතට කියා ගත්තා..
පුතා ඇහැලියගොඩට නේද ටිකට් ගත්තේ..?
කෙළවර හිටපු මනුස්සයා මගෙන් ඇහුවා..!
ඔව් ඇයි..?
මම දෙන්න ඕන උත්තරේ වෙනුවට ප්රෂ්ණේකින්ම උත්තර දුන්නා..,
නෑ මේ පහුවෙන්නේ කුරුවිට හරිය...ඒකයි..!
සීට් දෙකතුනකට එහායින් කොන්දා මතුවෙලා මගේ දිහාට එන්න ගත්තා.., සමහර විට ඇහැලියගොඩට ටිකට් අරන් කුරුවිට පහු කරන නිසා වෙන්නෑති.., මම පනහේ කොලයක් සාක්කුවෙන් ගත්තා..,
රත්නපුරේ එකක්..!
කොන්දා මගේ දිහා අමුතු විදියට බලලා ටිකට මැශිම එහාට මෙහාට කරකවන්න ගත්තා..,
"ඕක ජපනා හදලා මෙහෙට එව්වේ හොරයක් බොරුවක් වංචාවක් කිසිම කොන්දෙක්ට කරන්න බෑ කියලා ශුවර් කරලා., ගෙනැල්ලා සතියයි.., ඕකේ හිලකට ගිණිකූරු ඔලුවක් ඔබලා ටිකට් අඩුවෙන් කැඩෙන්න අපේ එකෙක් සෙට් කරා..! "
දවසක් අපේ තාත්තා වැඩ කරන මනුස්සයෙක් එක්කලා කියනවා මම අහගෙන..,
ටිකට් එක විතරක් දුන්නු කොන්දා එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු නෝනට ටිකට් දෙන්න ගියා..,
කෝ ඉතුරු?? මම ඇහුවේ කොන්දගෙන්
ගාණ බලන්න..?
49යි
දුන්නේ??
50ක්
රුපියලට මොන ඉතුරුද මහත්තයා..,
කට කොනකින් හිනාවෙන ගමන් කොන්දා කියද්දී.., අර තොල් රතු කරපු ගෑණි කට වහගෙන හිනාවුනා..,
නොසන්ඩාල යක්කු.., ඉතුරු දෙන්න දන්නේ නෑ.., ඊට හපන් උන්ට උඩගෙඩි දෙන්න ඉන්න ගෑණු.., ගෑණු ඉස්සරහ පොර වෙන්න උන් ඉතුරු දෙන්නෑ, ඒ මදිවට පඬි ටෝකුත් දෙනවා
මම මට ම කියාගත්තා..!
පස්සේ ඉන්න මිනිස්සුන්ට ටික දීලා ආපහු ටික වෙලාවකින් කොන්දා මා ඉන්න තැනට ආවා..,
අර ඉස්සරහ ඉන්න නෝන ට මම රුපියල් දෙකක් වැඩිපුර දීලා ආවා.., කැමතිනම් ඉල්ලගන්ඩ..,
මේ ඕයි මම ටිකට් ගත්තේ තමුසේගෙන් මිසක් ඒ නෝනගෙන් නෙවෙයිනේ..,
ඒ වුනාට මහත්තයා, මහත්තයාගේ දිහා බලලා හරි නෝනා ටිකට් එකක් දෙන්න කැමති උනොත්???
මං දන්නෑ..,
දන්නේ නෑ නෙවෙයි මම ඒ නෝනට සල්ලි දුන්නම ඒ නෝනා කිව්වා මට වැඩිපුර රුපියල් දෙකක් ඇවිල්ලා කියලා.., මම කිව්වා රුපියලක් අඩුවෙන් දුන්නු කවුරුවත් ආවොත් මම නෝනා ගාවට එවන්නම් නෝනා එයාට රුපියලක් දෙන්න කියලා.
මූ මහ අමුතු කොන්දෙක්..,
තව හෝල්ට් එකකින් ඒ නෝනා බහිනවා මහත්තෙයා එතෙන්ට දැම්ම ම ගියොත් හොඳයි
මම නැගිටිනකොට මගේ එහා සීට් එකේ හිටපු තොල් රතු කරපු ගෑණි මම ඉන්න තැනට එන්න වටේ තියා ගෙන ඉන්න බෑග් ටික එකතු කරන්න පටන් ගත්තා..,
මහත්තයා මක්කටැයි යන්නේ?
මම යන්නේ රුපියලක් ඉල්ලගන්න..,
මොකටද?
ඒ මගේ ඉතුරු..,
රුපියලට ඔච්චර කෑදරවෙන්න එපා..,
රුපියල උනත් ඒ මගේ සල්ලිනේ, තමුන්ට ඕනේ නෑ ඒ ගැන වද වෙන්න
මමත් මේ මහ කතන්දර කිව්වට මටත් රුපියලක් කියන්නේ මහමෙරක් මහත්තයා..,
තමුන් මොනවද කලේ රුපියලකින් හා කියමු බලන්න.., මම ඒ බවලත් ඇත්තීගෙන් ඇහුවේ වදෙන් බේරෙන්න බැරි තැන.
මොනවද තමුන් කලේ ඒකෙන්..?
රුපියලකින්ද?
ඔව්
රුපියල පාවිච්චි කරලා තමා මම සමහර වෙලාවට අපේ ගේ ඉස්සරහා තියෙන බොක්ස් එකෙන් කෝල් ගන්නේ අපේ රට ඉන්න මහත්තයට..,
රුපියලකින්???
ඔව් ඒ පෝන් පෙට්ටියේ මුලින් රුපියල් පහක් දාලා පස්සේ තව රුපියලක් බාගෙට දාලා වට්ටගන්නේ නැතුව හිට්යම ඕන තරම් වෙලා කෝල් ගන්න පුලුවන්..,
වෙන???
මම මහත්තයා ගැන දන්නේ නෑ.., ඒත් මගේ ජීවිතේට රුපියලක් කියන්නේ මහ මෙරක් වගේ..,
ඒ මොකෝ..?
මම ඉස්සරහ ඉන්න ගෑණුකෙනා ගාවට යන්නේ නැතුව මෙයා ගාවින් ඉඳගත්තේ මේ කතාව අහගන්න උවමනාවෙන්..,
මගේ ළමයට අවුරුදු එකහමාරේදී වලිප්පුව හැදෙන්න ගත්තා.., පස්සේ මම ළඟම තියෙන ඉස්පිරිතාලේට දරුවව වඩාගෙන දුවලා ගිහින් දොස්තරට පෙන්නුවම කිව්වා ඉක්මනට ගිහිල්ලා මේ බේත අරන් එන්න කියලා.., පස්සේ ළමයව ඇඳේ තියලා ගියා බෙහෙත අරන් එන්න.., තුන්ඩුව පාමසියට දීලා බේත ගන්න සල්ලි දුන්නම ඉතුරු දුන්නා මට ඒ මනුස්සයා රුපියලක් වැඩිපුර..,
මම ඒක දැක්කෙත් එළියට ආවට පස්සේ, පස්සේ ඉස්පිරිතාලෙට එනගමනේ මම යනකොට ඔන්න ඉන්නවා සුවිප් කාරයෙක්, මම ටිකැට් එකක් ගන්න පර්ස් එක අදිනකොට සල්ලි තිබ්බේ සන්තකේට ම රුපියල් දහනවයයි.., මොනවා කරන්නද මම ආපහු අකුලගෙන එන්න හදනකොට මට මතක් උනා බේත් තුන්ඩුව අස්සේ රුපියලක් එක්ක නේද මම පපුව අස්සේ ගහගත්තේ කියලා.., පස්සේ ඒක ඇදලා ඒ රුපියත් එක්ක රුපියල් විස්සක් කරලා මම ගත්තා ටිකැට් එක..,
"මේ ගෑනි කියන්නේ බේගලයක්ද මන්දා" මගේ හිත එහෙම කියනවා උනත් මේ කතාව අහන්නේ නැතුව යන්න මොකද්ද වගේ..,
ඉතින්????
ගෙදර ඇවිල්ලා ඉතින් වෙනදා වගේම වැඩ කරගෙන ගියා.., මට ටිකැට් එක ගැන හාංකවිසියක්වත් මතක් උනේ නෑ, දවසක් මම මම පපුවේ ගහං යන හැඹිලිය අරං කඩේට යන්න සල්ලි ගනින්න හදනකොට ඒක අස්සේ තිබිලා වැටුනා මේ ටිකැට් එක.., කඩේට යන ගමන් බැලුවා පත්තරෙන් දිනුම් ඇදීමේ ප්‍රතිපල.., මයේ හිත වාවන්නේ නැතුව ගියා මහත්තයා.., මට ඉංගිරිසි අකුර නැතුව අංක හතර ගැලපිලා..,
හරියටම කෝමද දන්නේ??
ඇයි මාත්තයා ටිකැට් එකේ පස්සේ ගහලා තියෙන්නේ විස්තර..,
ආහ් ඔව් නේද?
ඉතින් ඊට පස්සේ..?
මම ජීවිතේ ගොඩ දාගත්තේ ඊට පස්සේ.., මේ ඔක්කොම මට ඊට පස්සේ ලැබුණ එව්වා.., මනුස්සයෙක්ට පළවෙනි ලස්සේ හම්බු කරන්න තමා අමාරු මහත්තයා, ඊට පස්සේ ඒ මිනිහා දන්නවා කොහොමද ඉතුරු ටික ගොඩ දාගන්නේ කියලා..!
කෝ තාම මහත්තයා අරයාගෙන් සල්ලි ඉල්ලගත්තේ නැද්ද??
ඇහැ කොනට වගේ කිලුටු කහ පාට කමිසය අස්සේ තියෙන ටිකට් මැසිම දිහා බලන්න හදනකොටම මගෙන් කොන්දා එහෙම ඇහුවා..,
එක්කෝ ඕන්නෑ.., මොකටද කියලා හිතුනා..,
කෝමත් මාත්තයාට ඒ නෝනාගෙන් සල්ලි ඉල්ලගන්න ලැබෙන්නේ නෑ,
ඇයි ඒ..?
ඒ නෝනා මීට හෝල්ට් දෙක තුකනකට කලියෙන් බැස්සා.,
ඔහ්! මොනවා කරන්නද..? එහෙනම් තමුසේ වත් දෙනවා මට මගේ රුපියල..,
ආපහු ඉල්ලනවා..,
රුපියල දෙන්න මා ගාව මාරු කාසි නෑ..,
තමුසේලා ඔහොම එන නගින හැම කෙනාගෙන්ම රුපියල සත පනහා ගත්තාම තමුසේලට හාම්පුතාලගෙන් ලැබෙන 10% ට වඩා වැඩි ගාණක් ලැබෙනවනේ ඕයි..,
හීන් හිනාවකුත් එක්කලා කොන්දා මා දිහා බැලුවා..,
මහත්තයා, මේ රුපියලේ වටිනාකම තනියෙන් තියෙද්දී බොහොම අඩු උනාට රුපියලේ ඒවා ගොඩක් එක්කාසු කලාම බොහොම වැඩියි.., ඔහේලාට දැන් මෙහෙම රුපියල ගැන මතක් උනාට, මේ බස් එකට නගින සමහර ඈයෝ රුපියල් 10 අමතක කරලා බහින වෙලාවල් තියෙනවා, ඉතින් අපේ දරු පවුලුත් රැකෙන්නේ ඕකෙන් නිසා තමා අපි මේ රස්සාව තවමත් කරන්නේ..,
මං කිව්වේ මාත්තයා.., දැක්කා නේද රුපියලේ වටිනාකම..,
අපි දන්නේ නෑ සමහර වෙලාවට.., ලොකු ලොකු කෝටි වචන හැන්දෙන්නේ මේ වගේ පොඩි පොඩි රුපියල් වලින් තමා මහත්තයා..,
හා මහවත්ත හෝල්ට් බහින්න.., කෝ කෝ ඉක්මනට බහින්න..,
බස් එක නවත්තපු තැනින් මිනිස්සුන්ව ගන්න කොන්දා එහෙම්මම ඉස්සරහට ගියා..,
මම ආපහු අර බවලත් ඇත්තී පැත්තට හැරුණා.
ඒ මනුස්සයා කියාපු එකෙත් ලොකු ඇත්තක් තියෙනවා මහත්තයා.., අතේ සල්ලි ගැවසෙන සමහර වෙලාවට ඔය රුපියල අපේ පොකට් එක බර කරන නිකම්ම නිකම් කාසියක් උනාට, ඔය රුපියල නිසා මිනිස්සු කීදාහක් නං අද ජීවත් වෙනවද?
හ්ම් ඒක නම් එහෙම තමා.., මම රුපියල ඉල්ලන්නේ නෑ ඒත්, මේ ඔහේ කියාපු කතාව හින්දා මට රුපියල නැව බහින්න හිත්දෙන්නේ නෑ..,
ඒකත් එහෙම වෙච්චි.., මම කියන්නද මහත්තයා, එහෙනං මෙන්න මේ රුපියල තියාගන්න.., ආපහු මේ ගෙන්දගං පොලවේ කොහේදි හරි අපි මුලිච්චි වෙන්නේ නැතෑ.., එතකොට මට මහත්තයාට මාව මතකේ තිබ්බොත් ආපහු මේ රුපියල දෙන්න.., අද මට රුපියල නූමනා උනාට එදාවෙනකොට මට ඔය රුපියල කෝටියකටත් වඩා වටීද කවුද දන්නේ..ඈ??
එහෙනං මං ගියාවේ..,
බුදු සරණයි.
කෙලින් කතා කරන්න බැරිවෙච්චි මගේ දෙබිඩි හිත, බස් එක, ටිකට් එක, සල්ලි, කොන්දා, ඉතුරු සල්ලි, රුපියල, රතු හැට්ට ඇත්තී, ඉතුරු සල්ලි, හොල්ට් එක, සුයිප් එක, සල්ලි, දිනුම, සල්ලි, හෝල්ට් එක, බහින තැන, සල්ලි, ඉතුරු සල්ලි, කොන්දා, රුපියල, රතු හැට්ට ඇත්ති, සල්ලි, රුපියල, ඉතුරු..,
මෙහෙම එක එක හිතුවිලි මයේ ඔලුව අස්සේ හොල්මං කරන්න ගත්ත නිසා මම ඉස්සරහ සීට් එක ඔලුව ගහ ගත්තා.., ගෑණිගේ හැට්ටේ අස්සෙන් ගහගත්තු ලේන්සුවේ බාගෙට එලියට ආපු කොනේ තැවරිච්චි කියුටිකිරා වවුඩර් වල පුසුඹ අස්සේ මගේ සිහිය මේ අමුතු රුපියල වටා කේන්ද්‍රාපසාරීව කැරකෙන්න ගත්තා.., අයියෝ සල්ලී..,
මට අරින්න බෑ ඇස් දෙක, ගඩොල් දෙකක් පිල්ලම් වල එල්ලලා වගේ..,
මහත්තයා, මහත්තයා.., කෝ කිසි සද්දයක් නෑ නේ.., තාම තද නින්දේ..,
මහත්තයා, මහත්තයා කෝ නැගිටින්නකෝ,
අපි ඩිපෝවට දාන්න යන්නේ බස් එක..,
ඈ මම මේ කොහෙද?
රත්නපුරේ.., ඩිපෝවේ.., කෝ අර රතු ගෑණි මෙතන හිටපු..,
මොන ගෑණියෙක්ද? මෙතන එහා පැත්තේ තිබුනේ අපේ අයියගේ කඩේට දාන්න මම අවිස්සාවෙල්ලේන් ගත්තු කොහුමිටියක්.., මම දැක්කා මාත්තයා කොහුමිටිය අස්සේ රිංගලා මොක්ද්දෝ හක්කලමක් කරනවා.., මට මොකෑ ඉතින්..,
ඒ කියන්නේ මෙතන රතු අත්කොට හැට්ටයක් ඇඳන් ගෑණියෙක් හිටියේම නෑ..?
නෑ නෑ හත්තිලව්වේ හිටියේම නෑ.., හැමදාම උදේට රෙන මයේ පුක පල්ලා මෙතන තිබ්බේ කොහුමිටියක්.., ඒ අස්සේ මහත්තයා රිංගන ගමන් රුපියලක් ගැන මොකක් හරි කියනවත් ඇහුනා.., අනේ මන්දා මට මොකුත් තේරුණෙත් නෑ..,
මිනිස්සු පිරිලා හිටපු නිසා මම බලන්න වෙලා ගත්තේ නෑ..,
හ්ම් ඒකත් එහෙමද?
හරි හරි අපිට යන්න පරක්කුවෙනවා..,
මහත්තයාට ඉතුරු සල්ලි එහෙම ගන්න තියේද?
ආ ටිකට් එක බලනවා..,
රුපියලක් තියෙනවා.., ආ මෙන්න..,
රුපියලක්..?
ඔව්.
තමුසේම තියා ගන්නවා ඔය බම්බු රුපියල මට එපා..,
ඕක මහ අමුතු රුපියලක්..!
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com23tag:blogger.com,1999:blog-5225450033340027797.post-45849715879359425732012-09-30T05:20:00.003-07:002012-10-01T07:08:47.233-07:00සාධුවරයෙක් හා නග්නව
සාහිත්‍ය කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ, බොහොම වගකීමෙන් වගේම බොහෝම පිළිවෙලින් භාවිතාව කරගෙන ගියොතින් මින් ලැබෙන ප්‍රතිඵල නිමක් නෑ..! මගේ පොතේ අට වැනි පරිච්ඡේදයේ ආරම්භය වෙන් වෙලා තියෙන්නේ මේ සංවේදනාව කියවන්නා අතරට රැගෙන යාම සාක්ෂාත් කරගැනීම සඳහා.
සිය පොත අත තබා ගෙන ලේඛකයා ඔහේ කියවාගෙන යයි.., පොත් කියවීමේ හමුවට පැමිණි බොහෝ අය ඇල්මැරුණු ස්වභාවයෙන් ලේඛකයාගේ කතාව අසාගෙන සිටිති. ඔහු ලියන්නේ මොනවාද, කියන්නේ මොනවාද කියා දන්නා සේ කතාව අසාගෙන සිටිති.., මා අසල සිටින අයිරා පොතින් කට වසාගෙන ඈණුමක් යවනවා මා හොරැහින් දිටිමි. මේ ඔහුගේ දෙවැනි හමුවයි. හිතවතියක වන අයිරාගේ නිවසේ පැවැත්වූ පළමු හමුව සාර්ථක වූයේ නැතත් ආරිරූබන්ගේ දෙවැනි පොත් කියැවුම් හමුවට අනුග්‍රහය සපයන්නට මා වෙත පැවරිණ. එහි ඇති නීරස බව දන්නා නමුදු සමාජය තුල රැඳී සිටින්න නම් මා ඒ කල යුතුය.
කොළඹ ප්රබුද්ධ සම්මත සමාජයේ පවතිනා මේ අලුත් සම්ප්‍රදායන් වෙත ආශක්ත වීම කෙසේ වෙතත්, මා නිවසේ ඉස්තෝප්පුවේ දිවානයට වී මේ පොත කියවන්නට උත්සහ දැරීමෙන් ලේඛකයා කියනවාට වඩා එහි ප්රස්තුතය ගැන අවබෝධයක් ලබාගත හැකි බව මම අත්දැකීමෙන් ම දනිමි.., අටවන පරිච්ඡේදය අවසන ලේඛකයා කියූ ඇල්මැරුණු විහිළුවකට සිනාසුනු මම නව වන පරිච්ඡේදය පෙරළා ගතිමි.
කොහොමද අනුරාධා බුක් රීඩිං එක?
හොඳට ගියාද?
හේවා මා එක්කලා කිව්වා අද ප්‍රෙස් ක්ලබ් එකේදී එයා ගිය බුක් රීඩිං වලින් හොඳම එක්ස්පීරියන්ස් එක ලැබුවේ මේකෙන්ලු.
මිසිස් ජයතිලක මිනිහගේ ෆ'ද ක්‍රියේශන් වලට කියලා හාෆ් ලැක් චෙක් එකක් ඔෆර් කලා ලු..!
මිනිහගේ හොඳ කාලේ..,
ඒ අස්සේ ලේක් හවුස් එකේ චීෆ් බන්දුල, මිනිහට සිළුමිණේ කොලම් එකක් කරන්නත් ඉන්වයිට් කරලා.
ඒත් මිනිහා ගැන විස්තර මම දන්නවා ඒ නිසා පරිස්සමින්.. ඕකේ..?
ඇල්මැරුණු ස්වභාවය ගැන මා සැමියා වන අරුණ ට කිසිත් නොකියන්නට තීරණය කලත්, මාසික පොත් කියවුම් සැසිය සංවිධානය කිරීමේ වගකීම මා හට පැවරුණු දා සිට මටත් වඩා උනන්දුවෙන් ඒ පිළිබඳ සොයා බලන්නට වීම නිසා, කිසිවක් නොකියා සිටීමට මට සිත් දෙන්නේ නැත. මා අකමැතිම දේ කරන්නට වෙන මේ කාලය ඉතාම කුරිරුය.
එහෙත් ප්‍රවේසම් වෙන ලෙස කීවේ කාගෙන්ද?
අසා පලක් නැත ඒ නිසා මම ඉවසමි.
වරදක් නෑ..,
රීඩිං එකට ආපු අයගෙන් ගොඩක් අය පොත් හරියට රිෆර් කරලා තිබුනෙත් නෑ අරුණ..,
අපරාදේ කියලත් හිතෙනවා වෙලාවකට අපි සරසවි එකට කියලා කොපීස් තිහ හතලිහක් ඕඩර් කෙරෙව්වේ..,
වෙනදා වගේ උවමනාව තියෙන අය පොත කෝහෙන් ගන්න කියලා එන්න කිව්වා නං අගේට රිෆර් කරලා එයි..,
මෙදා පොත ෆ්‍රීනේ අපි දුන්නේ,
ඒ නිසා අගයක් නෑ..!
හ්ම්..,
ඒකත් එහෙමද? කමක් නෑ මේ ඔයා ඕගනයිස් කල පළවෙනි බුක් රීඩිං එකනේ..,
ඊළඟ එක මීට වඩා කල්පනා කරලා කරමු.
සැමියෙකු බිරිඳකට සියලු දේට නොවලහා උපකාර කරයි නම් ඔහු දේවත්වයෙන් සැලකිය යුතුයැ.., ඒ දේවත්වයටත් වඩා ඉහලින් කෙනෙකු සිය ප්‍රියම්බිකාවට උපකාර කරයි නම් ඒ සැමියාව බිරිඳට "මල කරදරයක්" වන්නට වැඩි කාලයක් ගත වෙන්නේ නැත. මා හට අදවන විට සිදු වී ඇත්තේ ද එයයි.
කෙනෙකුට අතීතය තුල පදනම් වෙලා අනාගතය හෝ වර්තමානයක් ගොඩන්ගන්න උත්සහ කරනවා නම් ඒක කවදාවත් යථාර්තයක් බවට පත් කරගන්න හමු වෙන්නේ නෑ.., අපිට කාලාර්ථ වලින් කරන්නට පුලුවන් වෙන්නේ පෙර කල ක්‍රියාකාරකම් වලින් උගත් පාඩම් වල හරය අනාගතය සාක්ෂාත් කරගැනීම සඳහා භාවිතා කර ගැනීමයි.
කලකට පෙර මම පොතක් නොලියා ඉන්නවැයි කියා තරයේම හිතාගෙන හිටපු කාලයක මගේ එක්තරා දයාබර රසික කියවන්නියක් ඇයගේ පෞද්ගලික ධනපරිත්‍යාගයෙන් එක්තරා කාලයක මට මගේ සාහිත්‍ය කටයුතු ගැහැටකින් තොරව කරගෙන යන්නට ඉඩ ප්‍රස්ථාව සැපයුවා. මම අද මෙතැන ඉන්නවා නම් ඒ ගෞරවයෙන් සියයට අසූවකටත් වඩා ඇයට හිමිවිය යුතුයි.., වාසනාවකට අද ඒ මගේ මිතුරියත් ඔබ අතර ම..
නිදා වැටෙමින් සිටි අසන්නන් නො එසේනම් කියවන්නන්[?] එකවර ගැස්සී ඇහැර එකිනෙකා දෙස බලන්නේ අනුනගේ ඇස් තමා දෙසවත් යොමු වී ඇතිදැයි සැකයෙනි.
මම ගැනද දන්නේත් නෑ අනූ මෙයා මේ කියන්නේ.., මමත් දවසක් එයාගේ ලිට්රසි වැඩ වලට හෙල්ප් එක්ක වෙන්න කියලා පොඩි දෙයක් ඔෆර් කලා ඒක ගැනද දන්නේ නෑ මේ කියන්නේ...
අයිරා පොතේ කියමින් සිටිනා පරිච්ඡේදය සොයා ගැනීමට නොහැකිව ලතැවෙමින් මා දෙස බලා කියන්නී, මම ඈ දෙස බලා සිනහවක් පෑවෙමි.
අයිරා උපතින්ම රත්තරන් හැන්ද මුව තබා ආ ගැහැණියකි. මුදලින් ආඪ්‍යව සිටින ඈ මාපියන්ගෙන් වෙන්ව ස්වාදීන දිවියක් සිය පරම්පරා සමාගමේ මාසික වේතනය ලබමින් සුවසේ වෙසෙන්නී, සිය වයසට වසා අඩකිනුත් ලාබාල පුරුශයෙකු සිය ස්වාමිපුරුෂ තැන්හි තබාගෙන ජීවත්වන්නියකි. එ මතු නොව මේ ශාලාවේ සිටින කාන්තාවන්ගෙන් අඩකටත් වඩා ප්‍රේමය නම් සංවේදනාව අනියම් සබඳතා නම් විශ පෙවූ සැතකින් කපා කෑ වුන් වෙති..,
මේ පොතේ නම විදියට "සාධුවරයෙක් හා නග්නව" කියලා දාන්න මම හිතුවේ මේ තුල සිටින ප්‍රධාන චරිතය තුලින් මම එළියට ගන්න හැදුවේ චරිතය තුල අපි හැමගේම ජීවිතවල රහස් කතා පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා කියන අදහස දෙන්නයි..,
ඇත්ත මමත් පිළිගන්නවා මම මේ ගේවන්නේ මගේ තෙවන පෙම්වතිය හා කාලය. පෙර පෙම්වතියන් අදටත් මා එක්ක සබඳතා තිබෙනවා, වැරදි ආකාරයේ නොවේ.., බොහෝම සමාජ සම්මත ලෙස, ඔවුන් හා එක්ව ජීවිතය බෙදා ගැනීමේදී මම ජීවිතය වින්ද හැටි තමා මේ ඊළඟ කොටසෙන් පළවෙන්නේ.., කතාවේ ඊළඟ කොටසට මම මගේ ජීවිතයේ කොටසක් කියෙව්වාට සමාවෙන්න.., ඒත් ඒ අත්දැකීම ඔබට ඊළඟ කොටස කියවන්නට හොඳ ප්‍රවේශයක් වේවී.
මම ඊළඟ පරිච්ඡේදය පෙරලීමි.
මීට දින කිහිපයකට ප්‍රථමයෙන් මා නිවසේ මා සයනය මතම මේ මොහොතේ සිය පුස්තකය ගෙන විස්තර කරමින් සිටින මේ මිනිසා විසින් බරවූ කෙහෙරැලි පිරිමදිමින් කියැවූ මා හා කියැවූ දේ මතකයට එන්නට විය.., "අනියමක් අස" නම් මා පෙරළාගත් පරිච්ඡේදය තුල කියවන්නට හිත යොමු නොකර අකුරුතුලින් අතීතය සිහිකරවන්නට වී.
අපි මෙහෙම ඉන්න වග අරුණ දැනගත්තොත් කොහොම වෙයිද ආරි..?
කමක් නෑ, ඔයා ආවේ අපේ බුක් රීඩින් එකට එන ඉන්වයිටීස්ලාට දෙන පොත් ගන්නවා කියලානේ..,
අවුලක් නෑ මම කියන්නම් අරුණට ඔයා මා එක්ක බුක් එම්පෝරියම් එකට ගියා කියලා,
කොහොමත් අරුණ තමා මට කීවේ ඔයාව අද උදේ බ්‍රෙක්ෆස්ට් වලට කලින් මීට් වෙන්න කියලා.,
අනික, අරුණ එහෙම නැරෝමයින්ඩඩ් මිනිහෙක් නෙවෙයි අනූ..,
ඔයා අරුණව මැරි කරන්න කලින් මිනිහට මම කවුන්සිලින් කරලා හිටං තියෙනවා..,
ඒ කොහොමද?
ඔයාව මැරි කරන්න කලින් කැම්පස් ඉන්න කාලේ එයාට වෙන එෆෙයාර් එකක් තිබ්බා..,
ඔව් මම දන්නව ඒක.
ඒකේ ඉවර උනාට පස්සේ පරණ මතකයන් එක්ක අරුණට ඩීල් කරන්න අමාරු තත්ත්වයක් තිබ්බා..,
මට මතකයි දවස් තුන හතරක්ම සුමිත්‍රයෝ එකදී මීට් වෙනවා.
සෙක්ස් ලව් වගේ ෆීලින්ග්ස් එක්ක අපිට මේ සිටුවේශන් එකේ දී ප්ලේ කරන්න හරි අමාරුයි ආරි.., එක්කෝ මම අරුණව අත අරින්න වෙනවා, එහෙම නැතිනම් ඔයාටයි මටයි මේක නවත්තන්න වෙනවා.
උරහිසට අත තබා කෙනෙකු මා හා ඈත සිට කතා කරනවා දැනුණ හෙයින් මම දෑස් හැරියෙමි...
අනූ අනූ ඔයාට නින්ද ගියාද..? අහන්න..,මේ චැප්ටර් එක තමා ලස්සනම.., මිස්ටර් ආරිරූබන් ඔයා දිහා විනාඩියක් විතර බලාගෙන හිටියා.., ඔයා ඇස් ඇරියේ නැතුව හිටියම මම හිතුවේ නින්ද ගිහින් කියලා..,
මොකෝ උනේ? වට් හැපන් ටු යූ..?
මම මුහුණට බරවී වැටී තුබූ කේශ සකසා ගතිමි.., තෙතට කම්මුල වටා පැතිරුණු දෑ මම අතින් ගතිමි.., ඒ කඳුළුය. සැමියෙකු සිටියදී ඊට එරෙහි වී අනියමකට පෙම් බඳින්නට තරම් ගල් වූ හිතක් මා සතු වුව, ඒ උමතු සංවේදනාවට එරෙහිව මා දෑස මටත් හොරා සංවේදී වී ඇති බව දැණින.
කෙහෙරැල්ලකින් මුව සඟවා රහසින් දෑස් පිසදාගතිමි.
ඔයාට බෑ කියල කිව්වට මට ඔයා වෙනුවෙන් තියෙන ෆීලින්ග්ස් ඔයා ඉස්සරහ දී මෙහෙම් හංගගෙන ඉන්න අමාරුයි අනූ.., මම ඔයාට වඩා මැචුව බව ඇත්ත.., ඒත් මම දන්න විදියට මම අරුණට වඩා ඉස්සරහින්.., ඒකට කමක් නෑ.., ඉන් අනිද්දට තියෙන බුක් රීඩින් එක මගේ ක'රියර් එකට හියූජ් හෙල්ප් එකක් වෙනවා.., හොඳ වෙලාවට අරුණ මට ස්පොන්සර් කරන්නම් කිව්වේ.., ඒ නිසානේ මට ඔයාවත් හම්බුනේ..,
ඒ උනාට මම මේකට කැමති නෑ.., මේක නවත්තන්න ඕනේ.., වී හැට් වූ ස්ටොප් දිස්, වී මස්ට්
ඒත් මම තව දවසක් ඔයාව මීට් වෙන්න කැමතියි..,
බෑ.., මට බෑ..,
හ්ම්ම්.., ඒකත් එහෙමද?
අනූ මේකට අකමැතිනම් මම හවසට අරුණව ක්ලබ් එකේදී මීට් උනාම ඔයාගේ හිඩ්න් ඩිසයර්ස් ගැන අරුණට කියලා දෙන්නම්.., මම හිතන්නේ නෑ අරුණ ඒවා දැනගන්න අකමැතිවේවි කියලා..!
රාත්‍රියට මා සනසවන එකම සංවේදනාව අරුණගේ ආදරය වුවත් අද දහවලේ මේ උමතු වයෝවෘධයා සිය දස්කම් පාමින් පාරම්බායි. අද අසල වූ පිහිය ලාච්චුවට දමා වැසිය යුතුය.., නො එසේනම් මටත් හොරා මා දෑත් මේ මුග්ධ නාකියාගේ හිස සැත්කම් කරනු නියතය.
නිමක් නැති රාගික රාත්‍රීන් ඈ වෙත ආශක්ත වන්නට මා හිත මටත් නොදැනීම භාවිත කලත් ඒ තුල ප්‍රේමය නැති වග හැඟිණි.., මසට මසක් එක්වන සමට සමක් සංස්පර්ශ වන ඒ උමතු රමණය නවතා දමන්නට මම කෙතෙක් උත්සහ කලද.., ඈ ඊට සූදනම් නැති වග හැඟේ.., මා සාධුවරයෙකි ඈ රාගිණියකි.., කාමයෙන් උමතුව සිරුරේ තැනින් තැන සලකුණු තැබුවද, පසුදින ඒ දකින මා සිත වෙලන්නේ සංතෝශයකින් නොව වේදනාවකිනි, අපුලකිනි, මා ගැන මාතුල ඇති වූ අප්‍රියජනක හැඟීමකිනි.
මෙන්න මේ ඉහත මම කී කොටස මම ලියන්නට හේතු වුන අත්දැකීම මම නිර්මාණයට උවමනා ආකාරයට නවා ගත්තත් එහි හරය සත්‍ය නිමිත්තක් පාදක කරගෙනයි තැනී තිබෙන්නේ.., කාන්තාව කියන්නේ පිරිමියාගේ අවැසිතා සපුරන්නට මේ ලොවට ජනිත වෙච්චි මනුසතෙක් කියලා පුරුෂ මූලික මේ සමාජ ක්‍රමය කොතෙක් කිව්වත් මගේ පෞද්ගලික හැඟීම එහි විලෝමයයි.
තවත් දරා සිටින්නට නොහැක.., මේ අමනුෂ්‍යයා රහස් ජීවිතයක හරය අකුරු කර එය විකුණා ජීවත් වෙන්නට තැත දරයි, එයට විරුද්ධ වූ මා රාගිණියක බවට පත් කර ඔහු සාධුවරයෙකු කිරීමෙනි.., වේදනාව තුවාලය ඇත්තා සතුය.., රමණය තුල ප්‍රේමය නැතත් එහි කොතැනක හෝ සෙනෙහෙ සටහනක් හෝ ඇති බව ඇදහුවෙමි.., එහෙත් එයද කිසිදු හරයක් නැති පුස්සක් බව මට සැනෙකින් අවබෝධ විය.
මේ ශාලාව තුලින් වහාම ඉවත් විය යුතුය..,
නිලංකාර වූ මනසක් සහිතව එළියට වන් මා ඈතින් මෝටර් රථයට හේත්තු වී දුරකතනය උත්තර දෙන අරුණව දුටිමි..,
මොකෝ උනේ වැඩේ ලස්සනට යනවද?
මම දන්නේ නෑ ඔයා එළියේ ඉන්නවා කියලා., මම ටැක්සියක් කෝල් කරලා ගෙන්න ගන්න ගියේ..,
ඕනේ නෑ, මම අද ටිකක් අ'ර්ලි ආවා.., ස්නැක්ස් වගයක් කාර් එකේ ඇති අපි යනගමන් කොහෙන් හරි ටී එකක් බොමු.., අද ඔයාට මහන්සි දවසක් වගේ..,
ඔයා මට මොකෝ උනේ කියලා කිවේ නෑනේ..??
ආරිගේ පොත හොඳයි ද?
මොන හොඳක්ද? ඒක ඒ යකාගේ සෙක්ස් ලයිෆ් එක එලියට දාගන්න ලියාපු එකක්..,
මට එපා උනා ඒක අහං ඉඳලා.., ඒ යකා මානසික ලෙඩෙක් ද කොහෙද..,
ඇයි ඔයා හිනා වෙන්නේ..?
නෑ මට හිනා ගියේ ඔයා ඒ මනුස්සයාව කියවපු විදිය හරියටම හරි කියලා හිතුන නිසා තමා.., ඔව් ඔයා කිව්වා වගේ මිනිහාට පොඩි අව්ලක් තියෙනවා තමා..,
ඉස්සර මම කැම්පස් ඉන්න දවස් වල මගේ ෆස්ට් ලව් එක බ්රේක් උනාම මම සුමිත්‍රයෝ එකේ මගේ යාලුවෙක් එක්ක එන අයට කන්සල්ට් කරන්න පාට්ටයිම් සෙට් උනා..,
ඒ දවස් වල ඔය ආරිරූබන් ආවා තෙරපි වලට..,
මිනිහගේ ගෑණි එක්කලා අවුලක් වෙලා..,
මම තමා මිනිහට තෙරපි සෙශන්ස් දුන්නේ..,
ඒත්...මිනිහා...මිනිහා කිව්වේ..?
මිනිහා කිව්වද මම මිනිහගෙන් කවුන්සිලින් ගත්තා කියලා..?
ඔ...ඔව්..?
ගණන් ගන්න එපා. මිනිහා හිතා ඉන්නේ එහෙම තමා..,
මම ඒකයි කිව්වේ මිනිහාගේ පොඩි අවුලක් තියෙනව කියලා.
ඒකයි මම කීප සැරයක්ම කිව්වේ පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියලා..!
ඒ යකාට සයිකෝ...!!!!
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com12tag:blogger.com,1999:blog-5225450033340027797.post-79889547760056812402012-09-20T05:50:00.003-07:002012-09-20T07:17:02.528-07:00කටඋත්තර හතරක්
සාගරිකාගේ කට උත්තරය:
ඒ වෙලාවේ අපිදෙන්නා ආවේ එකම බස් එකේ..,
ගෙදරට පන්ති යනවැයි කියලා ආවට එයා මාව බස්සගත්තේ බස් එකෙන් පන්තියට හෝල්ට් දෙකක් මෙහයින් තියෙන මිනොල්ටා රෙස්ට් එක ගාව හෝල්ට් එකෙන්..,
අපි දෙන්න ඇතුලට ගියා..,
මම එයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් නිසා.., එයා කැෂියර් ඉස්සරහදී
"අක්කේ මම අයිඩෙන්ටිය ගෙනවේ නෑ.., අක්කා අයිඩෙන්ටිය දෙන්න" කිව්වා
මට ඒ වෙලාවේ තමා මේ මිනිහා එක්ක තරහා ගියේ..,
ඇයි වදේ වැඩිමල් නං මගේ පස්සෙන් ආවේ මොකෑ..,
ඉන්න තිබ්බනේ තමන්ගේ පාඩුවේ..,
අනික වයස කියන්න ඕනෑයෑ..!!
අනිකා කාමරේ ඇතිලට ගිහිල්ලත් මේ මිනිහා පොත් ටික ඇඳ උඩින් තියන්නේ නැතුව එහෙ මෙහෙ යනවා..,
මට බලාගෙන ඉන්න බැරිම තැන තමා පටන්ගත්තේ..,
ඇයි හත්තිලව්වේ ආවනං තැනකට ඒක හරි හෝ වැරදි හෝ කොරලා ඉවර කරන්න එපෑය..,
පෑ එකහමාරකට පස්සේ අපි කාමරෙන් එලියට ඇවිල්ලා මම ම සල්ලිගෙවලා පන්තියට ආහම තමා පොලීසිය අපිව හොයාගෙන පන්තියට ආවේ.,
අනික එදා කාමරේ අස් කරලා තිබ්බෙත් නෑ..!
සුමේදගේ කට උත්තරය:
ඉස්සර මට මතකයි එයා අපේ ගේ ඉස්සරහ හිටපු සුමනසේකර අංකල්ලැයේ ගෙදර එනවා.,
නාලිකා අක්කත් එක්කලා සෙල්ලං කරන්න..,
අපේ අයියා ඒකාලේ ඕලේවල් කරලා හිටපු නිසා හවසට හවසට සේකර අංකල්ලගේ ගෙදරය යනවා..,
ඒත් මම අයියා මෙයා එක්කලා සෙල්ලං කරනවා දැක්කේ එක පාරයි.., මම කාටවත් කිව්වේ නෑ..,
හැබැයි අයියා දන්නවා මම සීන් එක දැක්කා කියලා..,
මම ඒලෙවල් පන්තියට යනකොට තමා ඊට පස්සේ කාලෙදී එයාව දැක්කේ, මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කෙල්ලෙක් පන්ති එන්නේ ඇයි කියලා මට පුදුම හිතුනත් මම කවදාවත් ඒක අහන්න ගියේ නෑ..,
එදා වෙනකල් ම. මම කෝම හරි ට්‍රයි කරලා එයා එක්ක යාලු වුනේ අපේ අයියා ඒ දවස් වල කියන එව්වා අහගෙන ඉඳලා..,
ඒ උනාට යාලු උනාට මොකෝ මට එහෙම කරන්න එහෙම තිබ්බ ඕනෑකම එහෙම්ම ම යටපත් උනා..,
අපේ යාලුවෝ නං කිව්වේ මූ පරමාදර්ශී වෙන්න යනවා කියලා..!
වෙනදා වගේම අපි පන්තියට යන්න කියලා බස් එකට නැග්ගට එයා මාදිහා හරි අමුතු විදියට බලනකොට මටත් මොකුත් නොවුනාම නෙවෙයි.., ඒත් මම පෙන්නුවේ නෑ.., කොල්ලෙක් උනාම පොඩ්ඩක් රැස්පොට් එකට ඉන්න එපෑය.
ඒත් කොන්දා "මිනෝල්ටා බහින්න" කිව්වම එයා මා දිහා බලලා අමුතු විදියට හිනාවෙලා අහක බලාගත්තා,
මම දෙපාරක් හිතුවේ නෑ.., එයාගේ අතින් අල්ලගෙන හෝල්ට් එකෙන් බැස්සා.
සල්ලි ගෙවන්න යනකොටයි මම දැක්කේ මගේ අයිඩෙන්ටිය නෑ කියලා.., මම එයාගෙන් ඒක ඉල්ලුවා..,
ඒ වෙලාවේ තමා එයාගේ මූණ නාලු වෙලා කලුතලා වැටිලා තියෙනවා දැක්කේ..,
මා එක්කලා තරහද දන්නෙත් නෑ..,
මම පොත්ටික අරගෙන කාමරේ එහා මෙහා යනකොටත් එයා ඇඳේ ඉඳගෙනත් ඉවරයි.
එයා ඉඳගෙන ඉන්න විදිය දැක්කම් මට මතක් උනේ අපි ඕලෙවල් කරද්දී බලපු සුමනා ගෝමස්ගේ ඇගේ වෛරේ තුන..,
මොකෝ පටන් ගන්නෑද්ද??
එයා මගෙන් ඇහුවේ ගහන්න වගේ..,
ඇඳුං ටික තියලා මම ඇඳගන්න සරමක් හෙව්වම රැක් එකේ දාලා තිබ්බ සරම දිග ඇරියම මට සංසාරේ එක්ක එපා උනා..,
කාඩ්බෝඩ් වගේ, සරම බිත්තියට හේත්තු කලෑකි..,
පස්සේ මම කෝම හරි ඒ දෙවල් එහෙම වෙලා එලියට එනකොට ක්ලාස් එකේ ලන්ච් බ්රේක් එක..,
මම කෙලිම්ම එයා එක්ක පන්තියට ගියා..,
පැයකින් තමා පන්තියට පොලීසියෙන් ඇවිත් අපි දෙන්නව අරන් ගියේ.
අනික මගේ පර්ස් එක වැටිලා කොහේ හරි..!
අම්ම දැනගත්තොත් මාව කයි..!
ටියුශන් ගුරුවරයාගේ කට උත්තරය:
මම පන්තිය පටන් ගන්නකොට ළමයි ගාන බලලා තමා පටන් ගන්නේ..,
ඒත් ඉතින් අලුතින් රිවිශන් වලට ගත්තු නිසා මම අද ගාණක් තියාගත්තේ නෑ..,
මම ඔය කියන ළමයි දෙන්නම ගන දන්නවා..,
බොහෝම වැඩගත් දෙමාපියන්ගෙන් පැවත ගෙන එන දෙන්නෙක්. විශයන් වලටත් කිසිම අදක්ෂ කමක් නෑ..,
හොඳට වැඩ කරනවා..,
ඔය සිද්ධිය වෙච්චි වෙලාවේ මම සිගරට් එකක් බොන්න එළියට ඇවිත් හිටියේ.,
ඒත් ක්ලාස් එකේ වීදුරුව අස්සෙන් මම දැක්කා කොල්ලා කලිසම හද හදයි,
කෙල්ලෙක් අවුල් වෙච්චි කොන්ඩේයි හැට්ටෙයි හද හදා දුවගෙන එනවා..,
මම ඒක එච්චර හිතුවේ නෑ..,
අද කාලේ වෙනස් තාලය අලුත් නෙව.,
ලන්ච් අවර් එකට එලියට යන ළමයි ඕන තරං ඔහොම එනව ඒක අමුතුදෙයක් නොවෙයි.
පස්සේ මම සැලලිහිණිය කවි 108 පාඩම් ගන්න ඔන්න මෙන්න කියලා ඉන්නකොට තමා පොලීසියෙන් ආවේ..,
සැළලිහිණිය වදු කැළණිය පුරවරට
කියලා කොල්ලා කවිය අවසාන කොරනකොට තමා මේ රාළහාමි ඇවිත් අහවලා ඉන්නවද කියලා ඇහුවේ..,
මම හිතන්නේ මේක ළමයින්ගේ වැරැද්ද නොවේ, මේ සිස්ටම් එක සමාජයට යන පාර කපන විට වෙච්ච වැරැද්දක්..,
එක්ස්කියුස්..,
මේ මම සිගරට් එකක් බිව්වට කමක් නැද්ද??
(සිගරට්ටුවක් දල්වාගනිමින් )
you know mister, ඔය රෙස්ට් එකේ සර්විස් එක අන්තිමයි..! you have to trust my word..
බොරු නං සාගරිකාගෙන් අහලා බලන්න..!
තානායම් සේවකයාගේ කට උත්තරය:
මම මෙහෙම හිටියට හතර පෝයටම සිල් ගන්නවා..,
මට අපේ අපුච්චා කීවේ කවදාවත් දුන්වෙනි සිල්පදේ කඩන්න එපාය කියලා..,
මම කලේ ඒ නෝනගේ අයිඩෙන්ටිය අරන් නම ගම ලියාගෙන ආපහු කාමරේ යතුරත් එක්ක දුන්න එක විතරයි..,
අපේ ලොකු සර් නං මේ වගේ ඒවා අත අරින්නෑති උනාට මොකෝ මම නං ඔය හිල්මන් සීන් වලට කැමතිම නෑ..,
ඒ ආපු නෝනා මීට කලිනුත් මෙහෙට ආවා.., ඒත් ඒ ආවේ තනියම..,
මයේ හිතේ නම සාගරිකාද කොහේදෝ.., නොනා කාමරේ යතුර ඉල්ලං ගියාට පැයකට විතර පස්සේ මහත්තයෙක් දෙන්නෙක් එනවා පෑ දෙක තුනක් ඇතුලත..,
මම හොයන්න ගියේ නෑ ඒ ඇයි කියලා..,
එදා ආවේ පොඩි මල්ලි කෙනෙක් එක්කලා..,
අනේ පොඩි එකා හරි සීදේවි පාටයි..,
ඒ මහත්තයා පොඩ්ඩක් එහාට ගියාට පස්සේ මම ඇහුවා මල්ලිද කියලා..,
නෝනා ඇහැක් ගහලා සද්ද නැතුව ඉන්න කිව්වා..,
පස්සේ මම මහත්තයාට කාමරේ යතුර දීලා මගේ වැඩ ටික කරගත්තා..,
පෑ එකාමාරහින් විතර නෝනයි මහත්තයයි දෙන්නම් කලබලෙන් වගේ සල්ලිත් ගේවලා ගියා..,
පස්සේ මම කාමරේ අස් කරන්න යනකොට කාමරේ ඇතුලේ පර්ස් එකක් වැටිලා තිබුණා..,
සල්ලිත් තිබ්බ නිසා මම එලියට ඒක දෙන්න එනකොට ම ඉස්සරහ ට්‍රැපික් ලයිට් එක ගාව එස් අයි මහත්තයෙක් හිටියා
මොකෝ තමුසේ..??
නෑ මේ පර්ස් එකක්,
පර්ස් එකක්, කෝ ගන්නවා මෙහාට..?
මේක කොහේ තිබිලාද හම්බුනේ..?
රෙස්ට් එකේ කාමරේක තිබිලා.., මේ දැන් නෝනා කෙනෙකුයි මහත්තැන් කෙනෙකුයි ඇවිල්ලා ගිය එකක.
මම එහෙම කිව්වම එස් අයි මහත්තයා මාවත් දාගෙන ජීප් එකේම තමා පන්තියට ආවේ..,
අහ් කියන්න අමතක උනා.., ඇඳේ පොලු දෙකක් කැඩිලා.., ඒකේ අලාබෙත් අරන් දෙන්ට සර්.., අපේ ලොකු සර් දැනගත්තොත් මං ඉවරයි..!
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com11tag:blogger.com,1999:blog-5225450033340027797.post-64556601544793348972012-09-10T03:44:00.000-07:002012-09-10T03:44:33.682-07:00ඇය මම සහ අපේ අවසන් නොවූ කතාව
අද අහස දැක්කද?
ම්හු නෑ!
හඳ නැති උනාට අහසම එක එක තරු රටා වලින් පිරිලා
යමුද බලන්න??
ඈ මගෙන් ඇසුවා..,
හා.
උඩුකයට මගේ කමිසය ඇඳ සිටි ඈ පඩිපෙළ නගිනයුරු බලා හිටපු මම ඈ පස්සෙන් ගියා.
සීතලයි නේ..?
ඔව් මේ හුළඟ කියන්නේ වැස්සක් අතළඟ..!
කවුද කියන්නේ එහෙම..?
මම හිනාවකින් මුව සරසාන ඇගෙන් ඇසුවා.
අපේ අත්තා, එයා මාව පොඩිකාලේ උකුල උඩින් තියාගෙන තරු රටා කියා දෙනවා..!
ආසයි නේ?
හ්ම්...
අත්තා ගිය අවුරුද්දේ නැති උනානේ?
ආහ් එහෙමද?
හ්ම්..!
මට තාම මතකයි ඒ කවි..,
හිරු අසලින් මඳ නැමුණු
බඳට මිණි තුනක් අල්ලපු
දුන්න අතින්ගෙන අහසේ
සරයි තුටින් දඩයක්කරු
පොඩි පැටවුන් සමඟින්නේ
අම්මා පියමඟ මැන්නේ
වළස් පවුල ඇත ගගනේ
සොයන් මපුත තරු අරණේ
මම ආසම කපු ගවුමත් ඇඳගෙන අත්තාගේ පපුවට තුරුල් වෙලා නිදියනවා අහස දිහා බලාගෙන..,
කාමරයට ගිය මම ඇඳ උඩ දමා තිබූ කබාය ගෙන ඈ උරහිස වටා එතුවා..,
තෑංක්ස්..!
සීතලද ?
මම උත්තරය දැන දැනත් ඇගෙන් ආයෙමත් ඇහුවා
නෑ!
එදා ඔයා අහස තරු ගණන් කලේ අත්තා ගාව ඉඳගෙන.., ඒත් අද?
ඔව් මම ඔයා ගාව..?
ආසද?
ගොඩාක්..!
සමහර වෙලාවට අපි ජීවිතේ ඇතුලේ හොයන්නේ තරුද කියලත් හිතෙනවා, පොඩි කාලේ ඉඳළම ඕනම ළමයෙක් ආසයි දිළිසෙන්න.., කොල්ලෙක් නං ඊටත් වඩා ආසයි තරුවක් වගේ දිලිසෙන කෙල්ලෙක්ව යාලු කරගන්න..
කවුරු වගේද?
හරියටම ඔයා වගේ..!
මිතූ..?
හ්ම්?
මට සීතලයි.., මාව කබාය එක අස්සෙන් අත දාලා බදාගන්න??
එන්න අපි තරු ගනිමු..!
ඒ දිග කෙස් අස්සෙන් තරු වලට ළං වෙන්න බැරි දිව්‍යමය සුවඳට මගේ ගත ඈ වෙත බැඳුණා
කවදා හරි දවසක නුඹ
පුන් සිරුරක පෙම් හදකට
තුරුලුවෙලා තරු ගනීවි
සුබ සිහිනය මඟ කියාවි
අපේ අත්තාගේ කවි පෙළේ අන්තිම කවිය..,
මට හිතෙනවා ඒ කවිය කියන්න ඇත්තේ කවදා හරි මට ලැබෙන ඔයාටමයි කියලා..!
අහසේ තරු කෝටි ගාණක් පායලා,
අපිට ජීවිත කාලය පුරාම කතා කරන්න දේවල් තියේවි..,
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com6tag:blogger.com,1999:blog-5225450033340027797.post-37043667233519626602012-08-25T23:17:00.000-07:002012-08-25T23:17:51.061-07:00දඩයක්කාරයාගේ මරණය
දඩයක්කරුවා ගසේ කරුව අතුරින් තුවක්කුව තබා ගත්තේය.., හේ නිහඬ ය, විමසිලිමත් ය, අවට පරිසරයේ වෙන හැම වෙනසකට සිය ඉන්ද්‍රීයන් සංවේදනය වන බව දඩයක්කරුවා දනිතත්.., තමා සිටිනා ගසේ ඉහත්තාවෙන් අයියානායක දෙවියන් වෙතට පිදූ රුක්අත්තන අත්ත තවම තිබේදැයි වෙඩිලන්නට ප්‍රථම දැනගන්නට මෙන් දඩයක්කරුවා හිස ඔසවා ගස දෙස බැලුවේය.
"දෙයියෝ මාව ආරස්සා කොරනවා"
ගැඹුරු හුස්මක් පහතට හරිමින් දඩයක්කරුවා සිතීය. ගස මතට වී සිටින්නට තවමත් කල් වෙලාසන වූවත් වේලාවට කලින් තම ඉලක්කය සරි කරගන්නා දඩයක්කාරතෙමේ සියල්ල පරිපූර්ණව සාර්ථක දඩයමකට සියල්ල ලැහැස්තිදැයි නැවතත් පරික්ෂා කරන්නට මෙන් මුලසිට සියල්ල පිරික්සන්නට පටන් ගති.
අදවත් දඩයමක් කරගෙන එන්න බලන්ට,
අපුච්චාගේ ඉලව්ගෙදෙට්ට ගත්ත කාසිවලට තෝරමල්ලිනානාට තවමත් මං මුදලක් ණයයි..,
ඒ ටික දෙන්න බැරි උනොත් මට වෙන්න ඌ එක්ක ඒ හිලව්වට නිදිවදින්න..,
මම ඒම කොරන්ට ආස නෑ දෙයියෝ,
අයියනායක දෙයියන්ගේ පිහිටෙන් අදවත් සතෙක් එලාගන්ට බලන්ට..,
පැලෙන් තුවක්කුවද රැගෙන පිටවෙන්ට කලින් දෙපා වැඳි සිය බිරිඳ වූ "අසා" සිය දෙපාමුල රැඳී කියූ දේ දඩයක්කරුවාගේ හිතේ නටන්නට වන්නේ, කන්ද ඉහත්තාවේ පිහිටි යෝධ රුක් අත්තන ගසට නැගුණේ වෙන කිසිඳු විසඳුමක් නොවූ තැන ය. දඩයක්කාරයාගේ ජීවිතයේ වටිනාම වස්තු දෙකකි. එකක් පිය උරුමයෙන් තමන්ට ලැබි තුවක්කුවය. අනෙක පිය උරුමයෙන් ලැබුණු තුවක්කුව උරුක් කර නිවසින් බලෙන් පන්නගෙන ආ "අසා" ය.
මස් මරන එවුන්ට දෙන්න මේ පැලේ කෙල්ලෝ නෑ.., තෝ ආ අතක් බලාගෙන පල..,
හැරමිට්ට උරුක් කර තමා වෙතට බිනූ මහල්ලා වෙතට කිසිදු හිතක් පපුවක් නැතිව තුවක්කුව උරුක් කර බලහත්කාරයෙන් අසාව කැන්දගෙන ආ හැටි මතක් වෙද්දී දඩයක්කාරයාගේ මුවඟට නැගෙන්නේ සිනහවකි.
මට තොගේ නාකියට මොල කෑලි යන්න තියන්න පුලුවන් අම්මපා.., ඒත් මම එහෙම කරන්නේ නෑ,
මං තොට මනාප නිසා..,
අම්මා අප්පලගේ වටිනාකමක් මම දන්නේ නෑ බොල,
මාව වදලා අපේ අම්මා වැදූගෙයි සන්නියෙන්ම මියෑදිලා,
කිරි අම්මා තමා මයේ අම්ම උනේ..,
තුවක්කුව අරන් අපේ අපුච්චා කැලේ යද්දී ඌරෙක් හදිගැහිලා බඩ හංකඩේ ඉරෙන්නම අඟෙං පාර දීලා..,
එහෙම තමා මයේ අම්මා අප්පා දෙන්නම මියෑදුනේ..,
මම තොගේ මහ එකාව තොලොංචි කරලා තෝව ඇන්න ආවොත් තෝත් මං වගේම අනාත එකෙක් වෙනවා,
උඹ මට ඇත්තටම මනාප නං මා එක්ක වර. අයියනායක දෙයියං පල්ලා මම උඹව ආරස්සා කොරනවා, මයේ ඉසේ පණ අති තුරාවට..,
මං මූට මනාපයි අපුච්චා..,
මට මහ ලොකු ආරච්චි පුත්තුන්ගෙං කාරි නෑ.
මං යනවා මූ එක්ක..!
එවකට සොළොස් වියවත් සපුරා නැති අසා, නමක් ගමක් නොදත් තමා සමඟ ආ හැටි මතක් වී දඩයක්කාරයාගේ සිතේ අසා ගැන ඉපැදුනේ නොසිඳෙන සෙනෙහසකි.
අසා තමා සමඟ කරකාර විත් දෙවසරකට පමණ පසු අසාගේ අපුච්චා මියගියේ ලේ මාපිලෙකු දෂ්ඨ කිරීමෙනි.
සේතුං පිල්කඩේ ඇලවෙලා ඉන්න වෙලාවේ තමා මේක වෙලා තියෙන්නේ..,
පැලේ වහලේ දිගේ එල්ලිච්චි මාපිලා සේතුංගේ පපුතුරටමයි දස්ට කරලා තියෙන්නේ...,
දස්ට කොලාම විසට නින්ද යනවා, ඊට පස්සේ මාපිලා ලේ උරලා වහලෙන්ම කැලේට තොලොංචි වෙනවා.
මේක වෙලා ටික දොහක් වෙන්න ඇති, අපි සේතුවාගේ පැලෙන් සද්දයක් නැති නිසා,
පැලේ කුණු ගඳ ගහනකොට තමා ඇවිත් බැලුවේ..,
එතකොටත් වෙන්න ඕනේ හරිය වෙලා..!
අසාගේ පියා වල දැම්මේ මලගමක් නොමැතිවය.., එහෙත් හත්දොහේ දානයට දඩයක්කාරයා අත වූ මුදල නොසෑහුනු නිසා ඊට සහයට ආවේ නානා ය. වලත්තකමේ උපත ලෙස හැඳින්නූ ඇලෙන් එගොඩහේ හම්බවලානටම සිටි ධනවතා වූ තොරමල්ලි නානා ඇලහැර මැණික් වෙළඳාමෙන් සහ මුදල් අතමාරුවට දීමෙන් දිවිය සරු කරගත්තෙකි, බිරින්දෑවරුන් පස් දෙනෙකුට සැමියෙකු වූ නානා හට ඇලහැර ද තවත් පවුලක් සිටිනා බව රට්ටු කතා වෙනවා දඩයක්කාරයා ඇසී ඇත. එහෙත් අසාගේ අපුච්චාගේ මලගමට තමා අත වූ රුපියල් හතට මදිපාඩුව සපුරන්නට ඉතිරු රුපියල් තුන පංගාත්තු කරේ තොරමල්ලී නානා ය.
නානාට මං දඩයමක් එලාගත්තු ගමන් මුදල පියවන්නං..,
හදිස්සි නෑ හදිස්සි නෑ,
මම ළඟදී ඒ පැත්තේ ඇවිත් යන්නං කෝ..,
පිය වියෝවෙන් වැලපෙන අසා දෙස බලමින් නානා දඩයක්කාරයාට කී හැටි තවමත් මතකය..,
දින කීපයකට පසුව ගංතුලානේදී
ඕන්න බලපන්, මසාගේ ගෑණිව මං සහේට ගත්තේ නැත්තං මං තොරමල්ලිනානා නොවෙයි
ලෙස කියනවා, දඩයක්කාරයාගේ කණට කාන්දු වූ වාර එමට ය.
වලත්තයා.., ඕකට මම
දඩයක්කාරයා තුවක්කුව වැරෙන් තද කරගන්නා විටම ඇසුනේ කොල අතු සැලෙන් හඬකි. වඩාත් විමසිලිමත්ව බැලූ කල දඩයක්කාරයා මෙතෙක් වෙලා බලා සිටි දඩයම තමා වෙතට එන බව හැගුනේය.
අසල වූ වල්ගසේ දලු කමින් සිටි පිරිපුන් සිරුර සහිත මේ සත්වයා එලා ගනිතොත් තමන්ට නානාගේ ණයෙන් බාගයකටත් වඩා ගෙවාදමන්නට හැකි බව මනසේ හොල්මන් කලේය.., දෙවරක් නොසිතූ දඩයක්කරු සත්වයාගේ හිස මානා කොකා ගැස්සුවේය. අතුණුබහන් සුද්ද කර මස් කඳ පැලට ගෙනියන්නට සිය ඉණෙහි වූ කිණිස්ස ඇදගත් දඩයක්කාරයා ගසෙන් පැන්නේ එක වරම ය.
නොසිතා තැබූ පය වැරදී යාම නිසා අත්ත පසු කර පහත වූ ගල් උලේ සිය දෙපරැන්ද වැදුන දඩයක්කාරයාට කිසිවත් සිතන්නටත් ප්‍රථම හිරිවැටුන යටිකයෙන් කුමක්දෝ උණු දියරයක් දෙපරැන්දෙන් ගලනවා දැනෙන්නට විය.., නිලංකාර වූ දෙනෙතින් කිසිවක් බලන්නට හැකියාවන් නැතිවුව උකු දියරින් පෙඟි සිය සරම අත ගෑමෙන් ඒ ගලන්නේ මොනවාදැයි ගලපාගන්නට දඩයක්කරයා උත්සහ දැරීය.
වෙඩි වැදි හිසින් යුතුව ගෝණ මව මරුවිකලෙන් දඟළනායුරු ඇසුන දඩයක්කරුට ඉන් පසුව රක්ත වූ දෑසින් දුටුවේ පණ අදින මව වටා ඉවලන කුඩා ගෝණ පැටවුන්ගේ සරසරයයි.
ඒ වන විටත් දරුවන්ගේ මවු අහිමි කල පවට බිරිඳට දාව සිය වර්ගයා බිහි කිරීමේ අයිතියද දඩයක්කාරයාට ස්වභාව ධර්මයා විසින් සදාකාලයට අහිමි කර අවසාන ය.
හිණ තුරේ වූ බුලත්පයියෙන් තමා සන්තක වූ අන්තිම මූණිස්සමත් තුවක්කුව දමාගත් දඩයක්කාරයා අවසන් වරට තමා දෙසට දෑස් යොමුකර සිටින ගෝණදෙනගේ සුවිසල් නිසල සිරුර දෙස බලා දෙනෙත් පියා ගති.
එවිටම නිකට යටට තුවක්කු මුව තැබූ දඩයක්කරයාගේ ඇඟිල්ල, තුවක්කුවේ කොකා පසුපසට කර අවසාන ය.
Lishan Puwakovitagehttp://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.com10